Divaina - කවුද මේ සුලෝ ටීචර් ?

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 දිනේෂ් විතාන


 ‘‘නුවර ගියහම තමයි දැනගන්නේ සනුක ගේ මියුසික් වීඩියෝවක් කියලා..

 

teacher444
 
 සුලෝ ටීචර් මේ දිනවල හරි ජනපි‍්‍රය චරිතයක්. ගොඩක් දෙනෙක් හොඳ කියනවා වගේම ගොඩක් දෙනෙක් දොස් කියනවා. මේ දිනවල විකාශනයවන Inter නැෂනල් ටෙලි නාට්‍යයේ ‘සුලෝ ටීචර්. කිව්වට ඇගේ සැබෑ නම වගීෂා සල්ගාදු. ලාබාල වියේදීම රංගනයෙන්” නිවේදනයෙන් වගේම වෙළෙඳ දැන්වීම් නිරූපණයෙන් දස්කම් දක්වන ඇයට අප මේ ඉඩකඩ වෙන් කළා.
 
 * වගීෂට වඩා සුලෝ ටීචර්ට ප‍්‍රතිචාර වැඩියි නේද?
 
 ඇත්තට ම ඔව්. ඒ වගේම අවසන් සටනටත් ඒ හා සමානව ප‍්‍රතිචාර ලැබෙනවා.
 
 * චඑ සුලෝ ටීචර්ට බනින්නේ නැතිද?

teacher455
 
  සුලෝ ටීචර් මේ වෙද්දී ටීචර් කෙනෙකුට අයිති දෙයක් නෙමෙයි කරන්නේ. අනෙක් අයගේ ප‍්‍රශ්නවලට මැදිහත් වෙනවා. මට ලැබෙන චරිතය තිර රචකයා ලියලා තියෙන විදිහට තමයි මම කරන්නේ. පුද්ගලිකව මම ඒ දේවල් ගැන හිතන්නේ නැහැ. කතාව ඇතුළේ අම්මලාගේ ප‍්‍රශ්න ටික වගේම රොෂාන්ගේ ප‍්‍රශ්න ටික එහෙම එළියට එන්නේ සුලෝ් ටීචර් හරහාය’ි පේ‍්‍රක්ෂකයා ඒ ගැන හිතන්න ඕනෑ. මොකද මේක කතාවක්.
 
 * අධ්‍යක්ෂ සුජීව සමග වැඩ කරද්දී මොන වගේ අත්දැකීමක්ද ලැබුණේ?
 
 මගේ වයසත් එක්ක ගොඩාක්ම අභියෝගාත්මක චරිතයක් තමයි සුලෝ ටීචර් කියන්නේ. මගේ වයසට වඩා ගොඩක් හාත්පසින්ම වයස චරිතයක් තමයි රඟපාන්නේ. මට තවම අවුරුදු 18 යි. නමුත් මම රඟපාන්නේ අවු. 23 ක වගේ චරිතයක්. සුජීව අයියා මගේ අතට පිටපත දුන්නම මම කියවලා බැලූවෙත් නැහැ. ඔහු මට කිව්වා මේ වගේ චරිතයක් තියෙන්නේ කියලා. නමුත් මම ළමයි සමග වැඩ කරලා තිබුණ නිසා ඒ චරිතයට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් වුණා. මේ චරිතය මේ තරම් දුරට සාර්ථක වෙන්න මට ලොකු අත්වැලක් වුණා අධ්‍යක්ෂක සුජීව අයියා.
 
 teacher555* වගීෂා රඟපෑමට එකතු වෙන්නේ වේදිකාවෙන්?
 
 මම රංගනය ගැන දැනගන්නේ මට වයස අවුරුදු එකොළහේදී. ඒ වෙද්දී මම නර්තනය හදාරා තිබුණාට රංගනය ගැන හදාරා තිබුණේ නැහැ. නමුත් මම 2015 දී රාජ්‍ය ළමා නාට්‍ය උළෙලට ඇතුළත් වෙනවා. එතැනදී මට හොඳම නිළියට සම්මානයක් ලැබෙනවා. එහිදී චාන්දනී සෙනවිරත්න මහත්මිය මාව හඳුනාගෙන මට කියනවා දිගට ම මේක කරගෙන යන්න කියලා. ඒත් සමගම මට මුණගැහෙනවා මහේන්ද්‍ර පෙරේරාව. ඔහු මම වේදිකාවේ රඟපානවා දැකලා ස්වාධීන රූපවාහිනියේ විකාශනය වුණ එළිය කන්ද නාට්‍යයේ අධ්‍යක්ෂක මාලක නන්දන මහත්මයාව. ඒක තමයි මගේ පළමු රඟපෑම. එදායින් පස්සේ මම දිගටම රඟපාන්නේ.
  * සිනමාව ගැනත් කතා කරමු නේද?
 
 සිවගුරුනාදන් මහත්මයාගේ පහ සමත් චිත‍්‍රපටය වගේම පාලිත පෙරේරාගේ තාල චිත‍්‍රපටයටත් රංගනයෙන් දායක වෙනවා. ඒකත් මට වෙනස්ම අත්දැකීමක්. කෙටි කාලයක් ඇතුළත මම මේ ක්‍ෂේත‍්‍රයේ සිනමාව” ටෙලිනාට්‍ය” වගේම නිවේදනය” වෙළෙඳ දැන්වීම්” වැනි සියලූ ක්‍ෂේත‍්‍රවලට දායක වෙනවා. ඒ හැම දෙයකට ම මම සම්බන්ධ වුණේ පොඩි කාලවකවානුවක් ඇතුළත. මේ ක්‍ෂේත‍්‍රය ඇතුළේ මම ගොඩක් දේවල් කළා.
 
 * ෂබඑැර නැෂනල් දර්ශන තලය මොන වගේද?
 
 හරිම සුන්දරයි. හරියට එක පවුලක් වගේ. ප‍්‍රශ්න ගැටලූ නැහැ. හරිම විනෝදකාමීයි. දර්ශන තලය පේ‍්‍රක්ෂකයන්ගෙන් පිරෙන අවස්ථාත් තියෙනවා.
 
 * සනුකගේ අවසන් සටන මියුසික් වීඩියෝවට සම්බන්ධ වුණේ කොහොමද?
 
 ඒක තමයි මගේ පළමු මියුසික් වීඩියෝව ලංකාවේ ඉන්න හොඳම ගායකයෙක් සහ හොඳම මියුසික් වීඩියෝ අධ්‍යක්ෂවරයෙක් යටතේ තමයි අවසන් සටන මියුසික් වීඩියෝවට සම්බන්ධ වෙන්නේ. සනුක අයියා ගේ වැඬේට කලින් මම තිසර ඉඹුලන අධ්‍යක්ෂකවරයා සමග වැඩ කරලා තියෙනවා. මම ඔහු යටතේ සහාය අධ්‍යක්ෂණය වගේම කැමරාකරණය ගැනත් හදාරලා තියෙනවා. ඒකත් එක්ක ඔහුට ලොකු වුවමනාවක් තිබුණා මාත් සමග වැඩක් කරන්න. මට කිව්වේ වැඩක් තියෙනවා. නුවර තමයි රූගත කිරීම් සිදුකරන්නේ කියලා. නුවර ගියහම තමයි දැනගත්තේ සනුක අයියාගේ මියුසික් වීඩියෝවක් කියලා.
 
 * රංගනයට එන්න ලැබීම ගැන මොකද හිතන්නේ.
 
 හරිම සුන්දරයි. හැබැයි මම හැමදාම කියනවා වගේම රංගන ජීවිතය කියන්නේ ෆැන්ටසි එකක් නෙවෙයි. අපි රඟපාන්නේ ෆැන්ටසි දේවල් වෙන්න පුළුවන්. හැබැයි හරිම අමාරුයි. මෙතැනට ඕනෑම කෙනෙකුට එන්න පුළුවන්. රැුඳිලා ඉන්න එක තමයි අමාරු. රැුඳිලා ඉන්න නම් මේක හරියට ඉගෙන ගන්න ඕනෑ. තමන්ගේ හැකියාව හඳුන ගෙන ඒ හැකියාවට සරිලන දේවල් කරන්න ඕනෑ. රඟපාන්න හම්බ වෙන එකත් ලොකු වාසනාවක්. මගේ වාසනාවකට තමයි මටත් රඟපෑමට එන්න ලැබුණේ.
 
 * සුලෝ ටීචර් හැබෑ දිවියේ තවමත් පාසල් සිසුවියක් නේද?
 
 මම උසස් පෙළ ලියා අවසන්. දැන් වැඩිදුර අධ්‍යාපනය හදාරනවා.
 
 * ඔබ ජාත්‍යන්තර සම්මාන උළෙලකදී නිර්දේශිත නාම අතරටත් එක් වෙනවා කියන්නේ ඇත්තද?
 
 ඔව්. මම කෙටි චිත‍්‍රපටයක මේකප්ආර්ටිස් කෙනෙක් විදිහට වැඩ කළා. එය ඇමෙරිකාවේ ඛසඓ දෙෙ ඨකදඉ්ක ්අ්රාිවලට නිර්දේශ වුණා. එහිදී මම හොඳම නැඟී එන වේශ නිරූපණ ශිල්පිනියට වගේම හොඳම නැඟී එන නිළියට නිර්දේශ වුණා. ඉන්දියානු පිරිසක් එක්ක තමයි මම මේ කෙටි චිත‍්‍රපටයට සම්බන්ධ වුණේ.
 
 * සුලෝ ටීචර් නිසා රඟපෑමටත් හරියට ආරාධනා ලැබෙනවා කියන්නේ?
 
 ඔව්. මේ වෙද්දී සුලෝචනා ටීචර් සහ අවසන් සටන මියුසික් වීඩියෝව නිසා ගොඩක් දෙනෙක් මගේ රංගනය පැති දෙකකින් දුටුවා. ඒ නිසා මට මේ වෙනකොට නිර්මාණ හතරකට ආරාධනා ලැබුණා. අදටත් රඟපෑමට ආරාධනා ලැබෙනවා.
 
 * ඉස්සරහට රංගනයෙන් ඉදිරියට යන්නද සූදානම?
 
 නැහැ. මගේ වෘත්තීය වෙනස්. නීතිය සහ මනෝ විද්‍යාව තමයි මගේ විෂයයන්. මට ඕනෑ මනෝවෛද්‍ය විද්‍යාඥවරියක් වෙන්න. නමුත් රංගනය මට ලැබුණ තෑග්ගක්. මගේ ටැලන්ට් එක මම කවදාවත් අතහරින්නේ නැහැ. ඒකටත් මට එක හා සමානව කැප වෙනවා. මේ පත්තු වෙලා මේනිවිලා යන පහනක් වෙන්න මට වුවමනාවක් නැහැ.
 
 * සුලෝ ටීචර් නිසාම වගීෂා ට ආදර යෝජනාත් එමටයි නේද?
 
 ඔව්. පොඩි එහෙම එකක් තියෙනවා. සමාජ මාධ්‍ය හරහා ගොඩක් දෙනෙක් විශේෂයෙන් පිරිමි ළමයි මගෙන් ආදරය ගැන අහලා පණිවිඩ එවනවා. මම ඒවා අම්මටත් පෙන්වලා තියෙනවා. මට හරිම ආදරණීය රසිකයෝ පිරිසක් ඉන්නවා. ඔය අතරේ ඔය වගේ යෝජනා අරගෙන එන පිරිසකුත් ඉන්නවා. තවම මම පොඩියිනේ. ඒ දේවල් මම වැඩිපුර ගණන් ගන්නේ නැහැ.
 
 
 

 
 
 
  

විශේෂාංග

sikuru

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles