Divaina - Can You Hear Me මෙගා වැඩක් ද? අධ්‍යක්‍ෂ සුනිල් කොස්තා උත්තර දෙයි

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

here1
 
 පසුගියදා නිමාව දුටු රයිගම් ටෙලි සම්මාන උළෙලේදී වැඩිම සම්මාන ප‍්‍රමාණයකට හිමිකම් කියූ සුදු ඇඳගෙන කළු ඇවිදින් ටෙලි නිර්මාණය කළ සුනිල් කොස්තා නමැති නිර්මාණවේදියාගේ නවතම නිර්මාණ තමයි Can You Hear Me ඇත්තටම මෙය සුදු ඇඳගෙන කළු ඇවිදින් හි දිගුවක්ද? නැතිනම් වෙනස්ම වැඩක් ද? ඇයි මේ වගේ නමක් දැමුවේ. ඔය ප‍්‍රශ්න ටික අපි අධ්‍යක්‍ෂ සුනිල් කොස්තා වෙත යොමු කළා. මේ ඔහුගේ කතාවේ පෙළ ගැස්මයි.
 
 රයිගම් ටෙලි සම්මාන උළෙලේ වැඩිම සම්මාන ප‍්‍රමාණයක් ලබාගත් සුදු ඇඳගෙන කළු ඇවිදින් නිර්මාණය කළ ඔබේ නවතම නිර්මාණය තමයි කැන්යූ හියර් මී. ඒ ගැන මුලින්ම කතා කළොත්?
 
 සුදු ඇඳගෙන කළු ඇවිදින් නාට්‍යයෙන් ඇති වුණ සමාජ විශ්වාසය. සම්මාන ලැබෙන්නට පෙර ඒක ලොකු- අපිට ලොකු- බලපෑමක් ඇති කළා. අපි මේ නිර්මාණයට යන්නෙත් මාස එකොළහක විතර නිදහස් කාලයක් ඉඳලා. පිටපත ලියන්න යමක් ගත්තොත් මාස තුනකට පෙර සිට මම මාස නවයක් නිකං ඉඳලා තමයි මේ අලූත් නිර්මාණයට ආවේ. ඇත්තටම සුදු ඇඳගෙන කළු ඇවිදින් මම විශාල අභියෝගයක් ඇති කරල තියෙනවා. ඒ තමයි ඊළඟ නිර්මාණය සුදු ඇඳගෙන කළු ඇවිදින් ට වඩා නිර්මාණයක් වෙන්නේ ගොඩක් වෙලාවට වෙන්නේ ඒකෙම තව වර්ෂන් එකක් නිර්මාණය වීමනේ.
 
 ඔබ උත්සාහ කළා සුදු ඇඳගෙන කළු ඇවිදින් හි දිගුවක් නිර්මාණය නොකරන්න?
 
 ඒක තමයි මගේ මූලිකම අභිප‍්‍රාය වුණේ. මොකද තිර කතා රචකයා මම. අධ්‍යක්‍ෂවරයා මම. රඟපාන නළු නිළියන්ගෙන් සියයට අනූපහක්ම ඒකේ අය. ඒකම වෙනවා නම් වැඩක් නැහැනේ.
 
 හැබැයි සුදු ඇඳගෙන කළු ඇවිදින් නළු නිළියන් තමයි මේ නිර්මාණයෙත් ඉන්නේ?
 
 here3එකක් තමයි මේ චරිතවලට ඔවුන් සුදුසුයි. සුදු ඇඳගෙන කළු ඇවිදින් හි පිටස්තරව හිටියේ රොජර්, දිල්හානි, පි‍්‍රයංකර, ගිහාන්, අජිත් ලොකුගේ සහ ගෙවින් අභිෂේක් කියන තරුණ ළමයෙක් හිටියා. අනික ඔවුන්ටත් මට චැලෙන්ජ් කරන්න වුවමනාවක් තිබුණා. ඔවුන් චරිතාංග නළුවෝ නම් සුදු ඇඳගෙන කළු ඇවිදින් නිර්මාණයෙන් පස්සේ ඔවුන් කොහොමද වෙනස් වෙන්නේ කියන කාරණාව මට පෙන්වන්න වුවමනා වුණා. අනික සුදුසු චරිත ඔවුන්ට තිබුණා. අනික අපි අතර ලොකු- බැඳීමක් තිබුණත් ඔය කාරණා සියල්ලම මට බලපෑවා. තවත් සමහරු කිව්වා පරණ කට්ටිය ගත්තොත් පරණ දේම මතක් වෙයි කියලා. ඒ අභියෝගය ජයගන්න තමයි මම ඔවුන්වම ගත්තේ. සමහර තැන්වලදී ඒ අභියෝගය දැන්මම අපි ජයගත්තා කියලයි මට හිතෙන්නේ.
 
 ගියවර ඔබේ නාට්‍යයෙන් හොඳම නළුවා ආනන්ද කුමාර උන්නැහේ සහ නැඟීඑන නිළිය මිෂෙල් දිල්හාර කියන චරිත ඉස්මතු වුණා නේද?
 
 ඇත්තටම මහා ලොකු උත්සාහයක් නෙමෙයි. ඔවුන්ට සුදු ඇඳගෙන කළු ඇවිදින් හි සුදුසු චරිත තිබුණා. ඒ දෙන්නම අලූත් නාට්‍යයේ පෙනී ඉන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් චරිත දෙකකට. මහීමිගේ චරිතය මිෂෙල් රඟපානවා. ජයසිංහගේ චරිතය ආනන්ද රඟපානවා. මට හිතෙනවා මේ දෙන්නම සුදු ඇඳගෙන කළු ඇවිදින් හි චරිතවලට කරපු සාධාරණයම මේ නාට්‍යයෙත් ඉෂ්ට කරනවා කියලා. අර චරිතයම මතක් වෙනවාද නැතිද කියලා තීරණය කරන්න ඕනෑ, මම නෙමෙයි පේ‍්‍රක්‍ෂකයා. ඒක ඉදිරියට බලමු.
 
 කැන් යූ හියර් මී. අහන්න කෙනෙක් නෑ කියලා අදහස් දෙකක් මේ තුළින් දෙන්න හදනවා ඇයි ඒ?
 
 කැන් යූ හියර් මී කියන එකේ පරිවර්තනයක් නෙමෙයි අහන්න කෙනෙක් නෑ කියන්නේ. කැන් යූ හියර් මී කියන එකේ සිංහල පරිවර්තනය ඔබට මාව ඇහෙනවාද කියන එකනේ. කැන්යූ හියර් මී තමයි මේ නාට්‍යයේ නම. එතකොට මේක මම කඩනවා සීසන් තුනකට. ඒ කියන්නේ කොටස් පනහේ අදියර තුනකට. එතකොට ඒ කොටසේ නම තමයි අහන්න කෙනෙක් නෑ. දෙවැනි කොටසට එනකොට කැන් යූ හියර් මී 2 ඒකේ තව නමක් වෙන්න පුළුවන්. තුන්වැනි කොටසට එනකොට තවත් නමක් එන්න පුළුවන්. නමුත් මූලික නම කැන් යූ හියර් මී.
 
 ඇත්තටම මේ නාට්‍ය කොටස් කීයක් කරන්න බලාපොරොත්තු- වෙනවාද?
 
 කොටස් පනහේව තුනක්. ඒ කියන්නේ කොටස් 150 ක්. ඒක සමහරවිට අවුරුදු තුනකට වෙන්න පුළුවන්. නැතිනම් අවුරුදු දෙකකට වෙන්න පුළුවන්. ඒක ඉතිං අපි මේ නාලිකාවත් සමඟ ඉදිරියේදී ගනුදෙනු කරන විදිහ අනුව තීරණය කරාවි.
 
 ඒ කියන්නේ ඔබ මේ අතගහලා තියෙන්නේ මෙගා වැඩකටද?
 
 මම එහෙම නිර්වචනය කරන්නේ නැහැ. ඇත්තටම මෙගා කියන්නේ මෙගා නාට්‍ය. ලෝකයේ හොඳ දිගු නාට්‍ය තියෙනවා. දැන් සීසන්1, සීසන් 2, සීසන් 3 කියලා නාට්‍ය තියෙනවා. මම හැබැයි කරන්නේ කොටස් 150 ක් විතරයි. ගිය සැරේ කොටස් 99 ක්ම ගියා. මේ සැරේ කොටස් 150 ක් විතරයි. ඒක එක දිගට නෙමෙයි. හැබැයි ඒ වගේම එක නමක් තියෙනවා. කොටස් දහසක් විතර කරන්න අදහසක් නැහැ. ඒ විදිහට ගියොත් මගේ නිර්මාණ ජීවිතයම කණකොකා හඬලනවා. වෙන දෙයක් කරන්න අදහස තියෙනවා මිසක් සල්ලි හම්බවෙන හින්දා ඒකේම එල්ලි එල්ලි ඉන්නා අදහසක් නැහැ.
 
 ඔබ ටිකක් වෙනස් විදිහේ නිර්මාණ කරන අධ්‍යක්‍ෂවරයෙක්. මේ වැඬේ හින්දා ඔබට පෙර තිබුණ වටිනාකම නැතිවෙලා නැද්ද?
 
 නැහැ. මම කොහොමත් එහෙම හිතන්නේ නැහැ. අනික මම එහෙම කරන්නෙත් නැහැ. පනහේ තුන කරන්නෙත් වෙනස්ම විදිහට පනහත් කරලා මම ටික කාලයක් නිකං ඉන්න ඕනෑ කියන තැන ඉන්නවා. මම දන්නේ නැහැ නාලිකාව මොනවා කරාවිද කියලා. මමමනේ කොටස් ලියන්නේ. ලියමින් කොටස් සියයක් එක දිගට කරනවා කියන්නේ හරි පීඩනයක්. මම දැනට පොඩි අදහසක ඉන්නවා අවුරුද්දකට කොටස් පනහයි කියලා. අවුරුදු තුනට කොටස් 150 යි. සමහර විට ඒක වෙනස් වෙන්න පුළුවන් ඉල්ලූම වැඩි වුණොත්.
 
 ගියවර වගේ මෙවරත් දැවැන්ත සම්මාන ප‍්‍රමාණයක් ඉලක්ක කරගෙන ඉන්නවද?
 
 නැහැ. මගේ අරමුණ ඇත්තටම සම්මාන නොවෙයි. මගේ අරමුණ නොමිනේට් වෙන්න. නොමිනේට් වෙච්ච නාට්‍ය තුන හතරේ අපි ඉන්න ඕනෑ. ඒ තැන ඉඳන් තමයි මම නාට්‍ය කරන්නේ. නැතිනම් ජනපි‍්‍රය නාට්‍ය තෝරද්දි ඒකෙන් පළමු දහයේ අපි ඉන්න ඕනෑ.
 
 
 
 දිනේෂ් විතාන

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles