Divaina - සේවය අනවශ්‍යයි... තානායම්පල්ලාගේ සටහන

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

tanayam1
 
 ‘‘...මම බලංගොඩ ආනන්ද මෛත‍්‍රිය හාමුදුරුවන්ගෙ ධර්ම ග‍්‍රන්ථ ගොඩක් කියවපු කෙනෙක් රත්නායක අයියා... මම පුනරුත්පත්තියත් ගොඩක් විශ්වාස කරනවා...
 
 ඉතින් මම රාජිණීව ළ`ගින්ම ඇසුරු කෙරුවෙ මේ ආත්මෙ බැරි වුණත් ලබන ආත්මෙකදි වත් එයාගෙ සැමියා වෙලාම උපදින්න හිතාගෙන...
 
 එහෙම බැරි වුණත් අඩුතරමින් එයාගෙ සහෝදරයෙක් එහෙමත් නැත්නම් දරුවෙක්වත් වෙලා උපදින්න හැකි වේවිය කියලා හිතාගෙන...’’
 
 කොවිඞ් වසංගතය නිසා තාවකාලිකව වසා දමා ඇති තානායමේ සිකුරිටි රත්නායකගේ පාලූ කැපීමට දැන් ඉතිරිව ඇති එකම රාජකාරි සගයා දසුන් පමණ ය.
 
 පහළොවකට අධික කාර්යමණ්ඩලයක් සේවය කළ තානායමේ සියලූ සේවකයන් අනිවාර්ය නිවාඩු යවා ඇති මේ මොහොතේ කොවිඞ් වසංගතය නිමා වන තුරු තානායම රැුක බලා ගැනීමේ කාරියට දැන් කැපවී සිටින්නේ සිකුරිටිවරුන් දෙදෙනා පමණය.
 
 වයස තිහක්වත් සම්පූර්ණ වී නැති, ගමේ මධ්‍ය මහා විද්‍යාලයකින් කලා විෂය ධාරාවෙන් උසස් පෙළ ලියා ඇති දසුන් පාසල් අධ්‍යාපනය අතහැරීමෙන් පසුව සිකුරිටි රස්සාව තෝරා ගන්නේ අමිහිරි රාජකාරි අත්දැකීම් රැුසක් පසු කිරීමෙන් අනතුරුවය.
 
 අස්වැද්¥ කුඹුරු යායකට මුහුණලා තරමක් නැමී දිගහැරී දිගට ඇදී යන නුවරපාරේ කොරෝනා ඇ`දිරිනීතිය නිසා ඉ`දහිට ගමන් ගන්නා වාහනයක යතුරු පැදියක හ`ඩින් පමණක් බාධා වන තානායමේ මුරකුටිය තුළ සිදුවන මෙම කතා බහ සමාජය දන්නේ නැත.
 
 කොහොමත් ඕනෑම මාතෘකාවක් සම්බන්ධයෙන් කටකමිස්සිලියාවක් නැතිව දොඩවන දසුන් දැනට දින කීපයක සිට කතා කරන්නේ ඔහු සමග දුරකථන කතා බහෙන් පවා ඉතා අමානුෂික අයුරින් ඈත් වූ තම පෙම්වතිය රාජිණී ගැනය.
 
 ‘‘...පිස්සුද රත්නායක අයියා... මම කලින් සිකුරිටි වැඬේ කරපු කර්මාන්තපුරේ මං වගේ රතු පෙනුම තියෙන කොල්ලකුට කෙල්ලන්ගෙන් කිසිම හි`ග පාඩුවක් නෑ... පැක්ටරියක කෙල්ලෙක් ඉන්න බව දැන දැනම වුණත් තමුන් කැමති මොනවගේ
 
 කොල්ලෙකුටද ඒ ඕනම මාදිලියෙ කොල්ලෙක් කර්මාන්තපුරේ වැඩ කරන කෙල්ලෙකුට සොයා ගන්න එක ටොයිස් වගේ සිම්පල් වැඩක්....’’
 
 තානායම හරහා ඈත ක`දුකරය පිස හමා යන්නේ වියළි සුළ`ගකි. සිකුරිටි දසුන් තම වියපත් රාජකාරි සගයා රත්නායක අයියා වෙත හැරී නැවතත් කටහ`ඩ අවධි කළේය.
 
 ‘‘...ඒ වගේම මමත් හො`දාකාරවම දැනගෙන හිටියා මේ ආත්මයෙදි රාජිණී මගේ බිරි`ද නොවන බව... ඒ නිසාමයි මම එයා කටහ`ඩින් ළ`ගින්ම ඇසුරු කළේ... මට ඕන වුණේ එයාගෙ හැම රහසක්ම දන්න එයාගෙ හො`දම සමීපතම මිතුරා බවට පත්වෙන්නයි...’’
 
 දසුන්ගේ හ`ඩ හැ`ගුම්බර ය. පෙම්වතියකගෙන් ඈත්වීමේ විස්සෝපය දරාගැනීමට ඇති හැකියාව පෙම්වතාගේ
 
 පාර්ශ්වයට තීරණය වන්නේ ඔහු ඊට දැක්වූ අවංක භාවය මතය.
 
 ‘‘...එහෙම නැතිව මගේ හිතේ එයා ගැන තිබුණෙ නරක අදහසක් නෙමෙයි. මොකද නරක කෙල්ලො අවශ්‍ය නම් ඒකටම සෙට් වෙච්ච ජරා කෙල්ලො ඕසෙට හිටියා රත්නායක අයියා...’’ .
 
 සිකුරිටි රත්නායක හට ඔහු ඉදිරියේ සිටිනා රාජකාරි සගයා මේ සැරසෙන්නේ තම හදවතේ බුර බුරා නැගෙනා විරහ වේදනාව තමා හට හෝ පවසා දුක තුනී කරගන්නට බව දැන් සක්සුදක් සේ පැහැදිළි ය.
 
 ‘‘...එතකොට මොකක්ද මල්ලි ඒ කිව්ව අරුම පුදුම මගුල් කපුවගෙ කතාව...’’
 
 රත්නායක අයියා එවර තරුණයා විමසන්නේ දැඩි කුතුහලයෙනි.
 
 ‘‘... කොහොමින් කොහොම හරි දැන් රාජිණී ට යෝජනාව ගෙනා කපු මහත්තයා යෝජිත මනමාලයාටත් වඩා එයාට කැක්කුමයි ලූ... නිතර නිතර දුක සැප අහනවලූ රත්නායක අයියා...’’
 
 ‘‘....අම්මපා මාරම කපුවොයි මනමාලියොයි නේ මල්ලි...’’
 
 රත්නායක අයියාගේ සමච්චල් ස්වරයෙන් දසුන්ගේ හදවත කීරි ගැසී ගියේය.
 
 ‘‘... ඒ වුණාට එහෙමම සවුත්තුවට කතා කරන්නත් එපා රත්නායක අයියා...’’
 
 දසුන්ගේ වේදනාව මුසු බි`දුණු කට හ`ඩ රත්නායක අයියාගේ ද හදවත මොහොතක් සසල කළේය.
 
 ‘‘...හරි හරි දසුන් මල්ලී... මට ඔය කියන ගෑනු ළමයටවත් ඔය කියන මනමාලයාටවත් කොහේවත් යන කපුවෙකුටවත් අපහාසයක් කරන්න කිසිම උවමනාවක් නෑ...’’
 
 ‘‘...ඔව්... ඔව්... රත්්නායක අයියා... රාජිණී ෆැක්ටරියක කෙල්ලක් බව ඇත්ත... නමුත් ඉහළ විවාහයක නාමයෙන් ඕනම කෙනෙකුට වස`ග වෙනවය කියන තරමට ඒ ළමයව පහත දානවට මම කැමති නෑ...
 
 මම ඒ කපු මහත්තය ගැන රාජිණීට දොස් කියපුු නිසා දැන් එයා ඒ කසාදෙ දෙකෙන් එකක් වෙන තුරු බොරු වැරැුද්දක්
 
 අල්ලගෙන මා එක්ක කතා නොකරන්න තීරණය කරපු එකත් වෙනම කතාවක් රත්නායක අයියා... නමුත් මට අයියව අවශ්‍ය වුණේ මගේ කතාව කියලා ඒ දුක බෙදාගන්නයි...’’
 
 රත්නායක අයියා සුසුමක් හෙළුවේ ඔහුගේ අතින් තම රාජකාරි සගයාගේ සිත පෑරුණා නොවේදැයි දැඩි කනස්සල්ලෙනි.
 
 ‘‘...දසුන් මල්ලි මුහුණ දීපු ඔය කාරණාව සම්බන්ධයෙන් මෙන්න මේ දේ හො`දට මතක තියාගන්න මල්ලී... සමහර වාහන ඞීල් වලදි තමුන්ම ඞීල් කරන්න සෙට් කරපු වාහනේට ගැනුම්කරුවට වැඩිය බ්‍රෝකර්ගෙ හිත යන වෙලාවල් එනවා මල්ලී ...’’
 
 ‘‘...ටී‍්‍රක්්... ටී‍්‍රක්්... ටී‍්‍රක්්...’’
 
 සංවාදයට බාධා කරමින් සිකුරිටි රත්නායකගේ ජංගම දුරකථනය එසැණින් නින්නාද වන්නට පටන් ගත්තා.
 
 ‘‘...අඬේ සර් කතා කරන්නේ...’’
 
 සිකුරිටි රත්නායක දසුන්ට රහසින් මෙන් කීවා.
 
 ‘‘...ගුඞ් මෝනිං රත්නායක...’’
 
 තානායම් ප‍්‍රධානියාගේ කටහ`ඩ දුරකථනය පුරා දෝංකාර දුන්නා.
 
 ‘‘...රත්නායක කොතනද මේ වෙලාවේ ඉන්නේ...’’
 
 ‘‘...මේන් ගේට් එකේ පොයින්ට් එකේ සර්...’’
 
 ‘‘... හරි... සිකුරිටි පොයින්ට් එකෙන් පොඞ්ඩක් එළියට ඇවිත් කතා කරන්න...’’
 
 ‘‘... ඕකේ..සර්... තත්පරයක් දෙන්න...’’
 
 සිකුරිටි රත්්නායක එසේ කියමින් මුර කුටිය තුළ සිටිනා දසුන් හට එහි රැු`දී සිටින ලෙස ඉ`ගි කරමින් දුරකථනයත් කනේ රුවා ගෙන මුර කුටියෙන් තානායම් මිදුලට ඇවිද ආවා.
 
 ‘‘...රත්නායක... කෝ අර අලූතින් ආව සිකුරිටි දසුන්.... මෑන් ළ`ගක නෑ නේද?..’’
 
 තානායම් ප‍්‍රධානියාගේ ඒ නුහුරු විමසීමෙන් සිකුරිටි රත්නායකගේ හද ගැස්ම වැඩි වුණා.
 
 එකත් එකටම ඔහු මේ සැරසෙන්නේ සිකුරිටි දසුන් සිදුකළ කුමක් හෝ රාජකාරි වරදක් පිළිබ`දව තමාගෙන් විමසීමට විය යුතුය.
 
 ‘‘...නෑ සර්.. දසුන් මේන් ගේට් පොයින්ට් එකේ... මං එළියට ආවා සර්... දසුන්ට ඇහෙන් නෑ.... කියන්න සර්...’’
 
 ‘‘...කරුණාවෙන් සවන්දෙන්න... මේ ඔබ අමතන්නේ නගර සභා මහජන සෞඛ්‍ය පරීක්‍ෂක අංශයේ කොරෝනා මර්දන ඒකකයයි...’’
 
 ‘‘...හලෝ...හලෝ... විනාඩියක් ඉන්න සර්... ඇහෙන්නෙ නෑ... අපේ ගේට්ටුව ඉස්සරහ ඉ`දන්ම යූ.සී. පී.එච්.අයි. ලා ගේ කොරෝනා එනවුන්ස්මන්ට් එකක් යනවා...’’
 
 රත්නායක තම ප‍්‍රධානියාට උස් හ`ඩින් කීවා.
 
 ‘‘...ඔව්..ඔව්.. රත්නායක මමත් මේ දෙන්න හදන්නේ අපේ කොම්පැණියෙ ඉහළින් ආපු කොරෝනා එනවුන්ස්මන්ට් එකක් තමයි...’’
 
 ‘‘... අප්පදබොළ... කියන්න සර්... පවුල් පිටින් නිරෝධායනය වෙන්නවත් වැඩ සිද්ධ වෙලාද?...’’
 
 ‘‘...කියලා වැඩක් නෑ රත්නායක... නිරෝධායනය නම් උපරිම ටෙස්ට් දෙකයි... දවස් විසි අටයි... නමුත් මේ තත්ත්වය ඊට වැඩිය භයානකයි රත්නායක...’’ තානායම් ප‍්‍රධානියාගේ සුසුම් හ`ඩ දුරකථනයේ දෝංකාර දුන්නා.
 
 ‘‘...ඇයි සර්... මොකද වෙලා තියෙන්නෙ...’’
 
 ‘‘...සිකුරිටි දසුන් ළ`ග අහලක නෑ නේද...? රත්නායක... මිනිහා මැරීඞ් නේද?..’’
 
 ‘‘...නෑ සර්... අනේ කියන්න සර්....’’
 
 රත්නායක අයියා ඇවිටිලි කරන්නට පටන් ගත්තා.
 
 තානායම් පරිශ‍්‍රය හරහා මහා වියළි සුළ`ගක් ඇදී ගියා.
 
 ‘‘..මේ දැන් ආවා මේල් එක රත්නායක... කොවිඞ් උවදුර නිසා ස්ටාෆ් අඩු කරන්න කියනවා රත්නායක.. නැවත දැනුම් දෙන තුරු දසුන්ගෙ සේවය කනගාටුවෙන් වුණත් අත්හිටුවන්න වෙනවලූ රත්නායක...’’
 
 තානායම් ප‍්‍රධානියා රත්නායකගේ විඥාණයේ එම පණිවුඩය කිදා බසින්නට සාධාරණ නිිමේෂයක් ලබා දුන්නා.
 
 ‘‘...දැන් අපි මේක කොහොමද රත්නායක දසුන්ට කියන්නේ...’’
 
 තානායම් ප‍්‍රධානියා ඔහුට ආවේනික සරල ස්වරයෙන් රත්නායක විමසුවා.
 
 දසුන්ගේ විරසක පෙම්වතියද ඇයට කපුකම් සොයනා මගුල් කපුවා සමග අවුලක පටලැවී සිටිනා මේ මොහොතේ දසුන්ගේ රැුකියාවද අහිමි වී ඇතැයි ඔහුට පවසන්නේ කෙසේද? රත්තනායක අයියා දුරකථනයද මිට මොලවාගෙන අහස පොළව ගැටලන්නට පටන් ගත්තා.
 
 ‘‘...ඩග්... ඩග්... ඩග්...’’
 
 වසා ඇති තානායමේ ගේට්ටුවට කව්දෝ තඩිබාන හ`ඩ ඇසුණා.
 
 ‘‘...හො`දට සුව`ද තියෙන හ`දුන්කූරු සිකුරිටි මහත්තයා...’’
 
 ‘‘...එපා මල්ලි... ගත්ත ඒවා තියෙනවා...’’
 
 ‘‘...මේ වෙලාවෙ හැටියට උදව්වක් කියලා හිතලාවත් ගන්න මහත්තයා...’’
 
 ‘‘...කාට පත්තු කරන්නද මල්ලී...?’’
 
 රත්නායක අයියට එහෙම අහන්න කටට ආවත් ඇහුවෙ නෑ.
 
 
 
 රන්ජන් ගාමිණී ජයවර්ධන

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles