Divaina - ක්‍ෂෙත‍්‍රයේ සමහරු කුලී වැඩ හොයාගෙන ගිහින්...

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

preksha1
 
 අද සංවිධායකවරයෙක්
 කතාබහ- - ප‍්‍රියන්ත රංජන්
 
 කබලෙන් ලිපට
 
 කලාකරුවො දෙවතාවක්ම දැන් අමාරුවේ වැටිල ඉන්නෙ. විශේෂයෙන්ම වේදිකා නාට්‍ය කණ්ඩායම්. පාස්කු ප‍්‍රහාරය වගේම කොරෝනා වලිනුත් හොඳටම බැට කන්න සිද්ධවෙලා.
 
 වියදම් වැඩියි
 
 පුද්ගලිකව මට මේ තත්ත්වය තදින්ම බලපාලා තියෙනව. මගේ අසනීපයත් එක්ක වියදම් වැඩිවෙලා. පහුගිය කාලෙ උදව් කළ කිහිප දෙනෙක් හිටියා. නමුත් ඔවුන්ටත් දැන් එහෙම කරන්න අපහසු වෙලා.
 
 අභියෝගය
 
 ස්ථිර වෘත්තීය පදනමක් නැතිකම ලොකු අභියෝගයක්. ටෙලි නාට්‍යයට, සිනමාවට රැුකවරණයක් තියෙනව. නමුත් නාට්‍ය සංවිධායකවරුන්ට කිසිම සහනයක් නෑ.
 
 preksha2එකමුතුකම
 
 නාට්‍ය සංවිධායකවරු ඉන්නෙ අතේ ඇඟිලි ගානට වගේ. ඔවුන් අතරවත් එකමුතුකමක් නෑ. තනිතනිව අපිට හ`ඩක් නගන්න බෑ. ඉන්න ටිකදෙනා හරි එකතු වෙන්න ඕන.
 
 වගකිවයුත්තන්ට වගක් නෑ
 
 අපි රජයෙන් නිතර නිතර උදව් ඉල්ලල කරදර කරල නෑ. මේ වෙලාවෙත් වගකිවයුත්තන්ට අමතක වෙලා අපි වගේ අයත් මේ ක්‍ෂේත‍්‍රයේ ඉන්න බව.
 
 වැටුණ තැන
 
 එක නාට්‍යයකින් පවුල් සියයක් විතර යැපෙනව. පෝස්ටර් ගහන අය, ලයිට්, සවුන්ඞ්, මේඩප්, සංගීත ශිල්පීන් වගේ විශාල ප‍්‍රමාණයක්. මේ අය සල්ලිකාරයො නෙවෙයි. සමහර වෙලාවට බස් ගාස්තුව විතරයි ඔවුන් ළඟ තිබුණෙ. තේ එකක්වත් බොන්න මුදල් නෑ. අද ඔවුන් කරකියාගන්න දෙයක් නැති තත්ත්වයකට පත්වෙලා. සමහරු කුලී වැඩ හොයාගෙන ගිහින්.
 
 පොලූ තියපු තැන්
 
 එක දවසක් සූරියවැව ගියා පාසල් ළමුන්ට නාට්‍යයක් පෙන්නන්න. අපිට ආරාධනා කළ අය ටිකට් පොතක්වත් ගහල තිබුණෙ නෑ. මම ඇහුව ඇයි මෙහෙම කරන්නෙ කියල. නෑ ඒක ප‍්‍රශ්නයක් නෑ කිව්ව. නාට්‍ය පටන් ගන්න තියෙන්නෙ අටට. නමුත් අපිට මුදල් ලැබුණෙ නැති නිසා දොළහ වෙනතුරුත් පටන්ගත්තෙ නෑ. අන්තිමට ලිපියක් ලියල අත්සන් කරගත්ත මුදල් පස්සෙ දෙනව කියල. නාට්‍යය අවසන් වෙද්දි ඔහු අතුරුදන් වෙලා. තිබුණ ලිපිනයට ගිහින් බැලූවත් ඒකත් බොරු එකක්. අන්තිමේ මගේ අතින් රංගන ශිල්පීන්ට මුදල් ගෙවන්න වුණා. මේ වගේ සිදුවීම් කොතෙකුත් වෙලා ඇති.
 
 හොඳ සම්බන්ධතාවක්
 
 මල්වඩම් අනවශ්‍යයි, රූකඩ රාජ්ජේ, අන්තප්පුරය හොරු කඩයි, රයිගමයයි ගම්පලයයි සහ කෝලංපුරය යන නාට්‍ය නිෂ්පාදනය සහ අධ්‍යක්‍ෂණය කළේ මම. ඒ වගේම නව නිෂ්පාදනයන් 25ක් විතර කරල තියෙනව. මේ නිර්මාණයන් එක්ක නාට්‍ය සංවිධායකවරයෙක් විදිහට රංගන ශිල්පීන් එක්ක හොඳ සම්බන්ධතාවක් වගේම විශ්වාසයක් ගොඩනගා ගන්න හැකියාව ලැබිල තියෙනව.
 
 අඩුපාඩු
 
 අපේ මරණෙට මගුලටවත් සහයක් වෙන්න වගේම අපි ගැන හොයල බලන්න ආයතනයක් නැති එක ලොකුම අඩුපාඩුවක්. රටපුරා තියෙන ශාලා රඟහල් බවට පත්කරන්න ඕන. නියමිත විදිහට හැදුවොත් කුලියට දීල අමතර මුදලක් හොයාගන්නත් පුළුවන්. මකුණන්ට කන්න මිනිස්සු නාට්‍ය බලන්න එන්නෙ නෑ. රට පුරා පාසල්වල තියෙන බොහොමයක් ඒවායේ ලයිට් නෑ, වතුර නෑ, පුටු නෑ, වැසිකිළි පහසුකම් නෑ. මේ දේවල් හැදුනොත් නාට්‍ය පෙන්නන්න අපහසු වෙන්නෙ නෑ.
 
 පිළියම්
 
 අඩුපාඩු හදන්නනම් රජය මූලිකත්වය ගතයුතුයි. අමාත්‍යංශයක් වෙන්කරල තියෙන්නෙත් ඒකටනෙ. එහෙම නැත්නම් පුද්ගලික අංශයට ලබාදෙන්න ඕන. මුදල ටිකක් වැඩිවෙයි. නමුත් පිළිවෙළට වැඩකෙරෙයි.
 
 පේ‍්‍රක්‍ෂකයා
 
 නාට්‍ය බලන්න පේ‍්‍රක්‍ෂකයො හදාගන්න පුළුවන්. අවශ්‍ය පහසුකම් ටිකයි හැදෙන්න ඕන.
 
 පසුගිය දවස්වල තිබුණ පේ‍්‍රක්‍ෂා නාට්‍ය උළෙලෙදි අපිට ඔවුන්ගෙ තිබුණ උනන්දුව පැහැදිළිවම දැකගන්නට ලැබුණ.
 
 අප රැකගත් දේ
 
 මම ක්‍ෂේත‍්‍රයට ඇවිත් අවුරුදු 25ක් වෙනව. මේ කාලය තුළ අපි කිහිප දෙනෙක් බොහොම අමාරුවෙන් නොයෙක් ගැහැට මැද රැුකගත්ත දේ තමයි අද මේ තත්ත්වයෙන් හරි ඉතිරිවෙලා තියෙන්නනෙ. වෙලාවට කෑමක් බීමක් නෑ. සමහර වෙලාවට වතුර ටිකක්වත් නෑ. ලොකු කැපකිරීමක් කළා. අපි මේකට ආදරෙයි. ඒ නිසයි අදටත් අතහරින්න බැරි.
 
 ඖෂධයක්
 
 නාට්‍ය කියන්නේ ඖෂධයක්. ඒක ටෙලි නාට්‍යයෙන් හෝ සිනමාවෙන් ලබාගන්න බෑ. ඒ වටිනා දේ
 
 රැකගන්න මිනිස්සු උනන්දු වෙන්න ඕන.
 
 අංකුරයක්ෟ
 
 මේ අවුරුදු විසිපහටම අලූතෙන් කෙනෙක් මේ ක්‍ෂේත‍්‍රයට ආවේ නෑ. සමහර අය ඉන්නව වෙන රැුකියාවක් කරන ගමන් ඉඩක් ලැබුණ වෙලාවට මේ වැඩත් කරන. නමුත් පූර්ණකාලීනව කැපවෙන්න කෙනෙක් බිහිනොවෙන එකයි ගැටලූව. අපි මැරෙන්න කලින් හරි මේ ක්‍ෂේත‍්‍රය යහපත්ව පවත්වාගෙන යන්න පුළුවන් තත්ත්වයක් උදා වුණොත් ඇති.
 
 ලිව්වේ මහේෂ් එදිරිසිංහ

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles