Divaina - මොකක්ද මේ සනුකගේ අවසන් සටන

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

sanuka1
 
 සනුක වික‍්‍රමසිංහ. තාරුණ්‍යයේ අලූත්ම බලාපොරොත්තුව, සනුකගේ අලූත්ම වැඬේ තමයි අවසන් සටන, මේ කතාබහ සනුකගේ අවසන් සටන ගැනයි.
 
 * සනුක මොකක්ද මේ අවසන් සටන ?
 
 අවසන් සටන මනුරංග විජේසේකරගේ තමයි අදහස. පේරාදෙණිය සරසවිය සම්බන්ධව වෙන්න පුළුවන් පොදු සිද්ධියක් අනුව තමයි මේ ගීතය නිර්මාණය වෙන්නේ. මනුරංග විජේසේකර තමයි සිංදුව ලිව්වේ. තනුව සහ සංගීතය මගේ. මේ සින්දුවට මියුසික්වලට මාත් එක්ක වැඩකළා සුගත් හෙට්ටිආරච්චි, සේනාංග දිසානායක, නුවන් ලියනගේ, රුසිරු රත්නායක, අමල මිහිරංග, ලහිරු පෙරේරා වැඩකළා. මේ ගීතයේ වීඩියෝව අධ්‍යක්ෂණය කළේ තිසර ඉඹුලාන කියන අධ්‍යක්ෂවරයා. සිනෙමොටෝග‍්‍රැෆි හසිත වර්ණසූරිය. රංගනයෙන් දායක වුණා රන්දික ගුණතිලක, වගීෂා සල්ගාදු සහ දෙව්දුනී පෙරේරා.
 
 * අවසන් සටනට මේ වෙනකොට ඔබට ලැබෙන ප‍්‍රතිචාර ?
 
 මට ඇත්තටම ඉතාම හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. එ්ක ඕනෑම කෙනකුට බලාගන්න පුළුවන් මගේ යූ ටියුබ් නාලිකාවට ගියහම සහ මගේ මුහුණුපොතට ගියහම. මම හිතන්නේ මගේ රසිකයෝ මේ වගේ ගීතයක් මගෙන් බලාපොරෝතතු වුණේ නැහැ කියලා තමයි මට කියන්න තියෙන්නේ. වෙනස් ආරක ගීතයක් කරන්න මම උත්සාහ කළා.
 
 * විරහබර ගීතයත් එක්වරම කරන්න අදහස් කළේ ඇයි?
 
 මම ගීතයන් කිහිපයක් හදාගෙන යනකොට මේ ගීතයේ සියයට පනහක් විතර නිෂ්පාදනය කරලයි තිබුණේ. මට හිතුණා මේ ගීතය දැන් එළිදැක්වූවා නම් හොඳයි කියලා. මේ ගීතයේ සංගීතය කරන්න කලින් වචන ලියලා තියෙනකොට ගිය වසරේ 2019 අග වසන්තයේ අග කියන ප‍්‍රසංගයට සහභාගි වුණා. තිබුණෙ පේරාදෙණීය සරසවියේ. එ් ප‍්‍රසංගයේ හිටියා දසදහසක් විතර ප‍්‍රමාණයක්. සියලූම දෙනා සරසවි සිසුන්. ඉතිං මට හිතුණා මේ ගීතය ගායනා කළා නම් හොඳයි කියලා. සිංදුව රිලීස් කරල තිබුණෙත් නැහැ. එදා ඉඳන් අද දක්වා මේ ගීතය ඉක්මනට එළිදක්වන්න කියලා හැමෝම ඉල්ලනවා. ඉතිං මම හිතන්නේ එ්කත් රුකුලක් වුණා එළිදක්වන්න.
 
 * මේ ඇත්තටම පුද්ගලික අත්දැකීමක්ද?
 
 නැහැ. නැහැ. පුද්ගලික අත්දැකීමක් නෙමෙයි. හැබැයි මනුරංග අයියාගෙන් අහන්න ඕනෑ මේක පුද්ගලික අත්දැකීමක්ද කියලා.
 
 * හදිසියේ ඇයි මේ අවසන් සටන එළිදැක්වූයේ ?
 
හදිසියේ නෙමෙයි. මට කොහොමත් අවශ්‍ය වුණා ගීතයක් එළිදක්වන්න. 2019 සහ 2020 කියන අවුරුදු දෙකක මුළු ලෝකයටම බලපෑ අවුරුදු දෙකක්. එන්ටර්ටේන්ට්මන්ට් කියන විෂයට මේ දේවල් තදින්ම බලපෑවා. එතැනදී මම දැක්කා ගොඩක් සහෝදර කලාකරුවන් නොසැලී ඔවුන්ගේ කලා නිර්මාණ එළිදැක්වූවා. ඉතාම අමාරු කාලසීමාවක. මට පුළුවන් විදිහට මම මේ වසරේ ගීත දෙකක් එළිදැක්වූවා.
 
 * සනුකට ප‍්‍රසංග වේදිකාව වෙනුවෙන් ලැබෙන්නේ මොනවගේ ඉඩක්ද?
 
 මට මතක විදිහට ජූලි මාසයේ මුලින්ම ඩ‍්‍රයිව් ඉන් කොන්සර්ට් එකක් තිබ්බේ. භාතිය සන්තුෂ්, උමාරියා, වස්ති සහ යොහානි සමග මටත් එකතුවෙන්න අවස්ථාවක් උදාවුණා. එහි ප‍්‍රතිඵලයක් විදිහට දැන් ප‍්‍රසංග පවත්වන්න අදහස් කරලා තියෙනවා.
 
 දිනේෂ් විතාන

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles