Divaina - ෆීමේල් ස්ටාෆ්... තානායම්පල්ලාගේ සටහන

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

tanayam1
 
 චතුරි කරබාගෙන සින්ක් එක ළ`ග පි`ගන් සෝදනව. ගෙදර උදවිය උදේට කෑම කාපු පි`ගන් දවල්ට උයන්න පටන් ගන්න කලියෙන් සෝදලා දාන්න එපායැ.
 
 ‘‘...ටී‍්‍රක්...ටී‍්‍රක්...’’ නිවසෙ ස්ථාවර දුරකථනය නාද වෙන හ`ඩ කුස්සියෙ ඉන්න චතුරිට ඇහෙනවා.
 
 ‘‘...නෑ...නෑ... චතුරි මිස් මේ වෙලාවෙ ගෙදර නෑ... කවුද කතා කරන්නෙ.... ආ... හරි හරි සර්... චතුරි මේ දැන් පොඞ්ඩක් කිට්ටුව ගෙදරකට ගියා... පණිවිඩයක් තියෙනවා නම් කියන්න... හරි හරි මම ආව හැටියෙම කෝල් කරන්න කියන්නම්...’’
 
 චතුරිට කේන්තිය වැඩිකමට පපුව ගිඩි ගිඩි ගාලා ගැහෙන්න ගත්තා.
 
 අත් දෙකේ වතුර ගවුම දෙපැත්තෙ තෙත මාත්තු කරගෙන චතුරි කේන්තියෙන්ම සාලෙට යන්න හැරුණා.
 
 එසැණින් චතුරිගෙ තරුණ සැමියා නිපුන් සාලෙ කොරිඩෝවෙන් කුස්සියට ඇතුල් වුණා.
 
 ‘‘...අන්න තමුසෙලාගෙ රෙස්ට් හවුස් එකේ මැනේජර් කාරයා කතා කෙරුවා. මෑන්ටත් තමුසෙගෙ කටහ`ඩ අහන්නැතිව ඉන්න බැරිවද කොහෙද දවසට එක සැරයක් හරි මොකක් හරි කියාගෙන කෝල් ගන්නෙ නැතිව ඉන්නම බෑ...’’
 
 නිපුන් චතුරි දිහා රවාගෙන මහ සද්දෙට කියාගෙන ගියා.
 
 තමන් සේවය කරන තානායමෙන් ආපු දුරකථන ඇමතුමට කතා කරන්නත් ඉඩ නොදී ගෙදර නැහැයි කියලා බොරු ගැහුවා මදිවට නැති පදයකුත් හදපු එක ගැන චතුරිට අසූහාරදාහට කේන්ති ගියා.
 
 ‘‘...මොකක්ද නිපුන් ඒ කැත කතාවෙ තේරුම.. ඔයත් ෆීමේල් ස්ටාෆ් එකක් එක්ක බොස් කෙනෙක් යටතෙ වැඩ කරන කෙනෙක් නේද? ඇයි නිකම්ම නිකම් නිකමෙක් වගේ කටට එන වචන කතා කරන්නෙ...?.’’
 
 ‘‘...හරි හරි... මං නිකම්ම නිකමා... අන්න තමුසෙගෙ මහලොකු බොසා කීවා ගෙදර ආ හැටියෙ කෝල් කරන්නය කියලා...මොකටද දන්නෑ...’’
 
 ‘‘...ඉතින් මම ගෙදර හිටියානේ... ඇයි ඔයා මට ෆෝන් එක නොදුන්නේ... අනික බොස් ගෙදර ලෑන්ඞ් ෆෝන් එකට ප‍්‍රසිද්ධියෙ කතා කළේ මගේ මොබයිල් එකට කතා කරන්න බැරුව නෙමෙයිනේ... මොකක්ද නිපුන් ඔයාට වෙලා තියෙන්නේ...’’
 
 ‘‘...හරි... හරි... ප‍්‍රසිද්ධියෙ තමයි නියම මොළ කාරයො එන්නේ... ඔලූවෙන් තමයි ගේම දෙන්නේ්...’’
 
 ‘‘...චික් විතරක්... කට තිබ්බ පළියට කැත කතා කියන්න එපා නිපුන්.....’’
 
 නිපුන් සේවය කළේ් රජයේ ආයතනයක සංවර්ධන නිලධාරියෙක් විදියට. චතුරි තානායමේ ගිණුම් ලිපිකාරිණිය.
 
 නිපුන්ලට වඩා චතුරිලා වස්තු වතුපිටි අතින් දුප්පත්.
 
 බැ`දලා අව්රුද්දක් විතර වුණත් චතුරිටයි නිපුන්ටයි තවම බබාලා නෑ.
 
 විවාහ වෙන්න කලින් නිපුන් චතුරිට කීවේ බැ`දලා ඇනෙක්සියක් අරගෙන වෙනම ඉමු කියලා. ඒත් දැන් හො`දටම තේරෙනවා නිපුන්ට එහෙම අදහසක් තුන් හිතකවත් තිබිලා නැහැ කියලා.
 
 නිපුන්ට අක්කලා තුන් දෙනයි. නිපුන්ගේ
 
 මහ ගෙදරට හැතැක්ම දහයක් විතර ළ`ගින් ඉන්න පොඩිම අක්කා සුභානි තමයි බිරි`ද චතුරිටත් වඩා නිපුන්ගේ ළ`ගම හිතවතිය.
 
 නිපුන්ගේ තාත්තා මිය ගිහින් තියෙන්නේ මීට අවුරුදු කීපයකට ඉස්සර. විශ‍්‍රාමික ගුරුවරියක් වන නිපුන්ගෙ අම්මාට දැන් වයස අසුවකට ළ`ගයි.
 
 ප්‍රෙෂර් කොලෙස්ට්‍රෝල් වලට බේත් කරමින් හිටිය නිපුන්ගෙ අම්මාට දියවැඩියාවත් තියෙන බව දැනගෙන තිබුණේ මේ සැරේ රිපෝට් ගත්තමයි.
 
 චතුරිට මේ ගෙදර සාමාජිකයො එක්ක මේ විදියට සමීප වෙන්න සිදුවුණේ කොවිඞ් දහනමය ව්‍යසන තත්ත්වය නිසා තානායම් සේවකයො අනිවාර්ය නිවාඩු යවපු නිසයි.
 
 හදිසියේ රෝගාතුර වූ නිපුන්ගෙ අම්මාගේ
 
 සාත්තුව සහමුලින්ම අතට ගත් නිපුන්ගෙ සුභානි අක්කා අම්මාගේ
 
 සාත්තුව ගැන චතුරිට උපදෙස් දෙන්නේ හරියට දෛනික කුළියට වැඩට ආපු පුද්ගලික උපස්ථායිකාවකට වගෙයිි.
 
 ‘‘...අයියෝ චතූ නංගි මං ඔයාට කියලා තියෙනවානේ අම්මට නිතරම දෙන්න ඕනෑ ම`ද රස්නෙ උණු වතුරයි කියලා...ඇයි මේ නිවිච්ච වතුර.?..’’
 
 චතුරි සුභානි අක්කාගෙ වචන වලට කිසිම පිළිතුරක් නොදී කරබාගෙන කුස්සියට ගියා.
 
 ඉලෙක්ටි‍්‍රක් කේතලේ වැඩකරන්නෙ නෑ. හීටරේ පිච්චිලා සතියකට වැඩියි. නිපුන්ට කේතළෙයි හීටරෙයි ගැන කොයි තරම් මතක් කළත් ඒක හැර අනික් ඔක්කොම මතකයි.
 
 ‘‘...චතුරි නංගි හෙට අනිද්දාම ලොකු අක්කලත් අම්මා බලන්න ලංකාවට එනවා කීවා... එයාලාට ඔයාලාගෙ වෙඩින් එකටත් එන්න බැරි වුණානේ... ඒකටත් එක්ක...’’
 
 සුභානි අක්කා ඒ කියන්නේ නිපුන්ගේ ලොකු අක්කා ගැන.
 
 ඕස්ටේ‍්‍රලියාවෙ පදිංචි නිපුන්ගෙ ලොකු අක්කා ලංකාවට එන්නේ චතුරිව බලන්න නෙමෙයි. මියගිය එයාලාගෙ තාත්තා වෙනුවෙන් ඒ අක්කා සල්ලි වියදම් කරවලා පන්සලේ හදන මකර තොරණෙ වැඩ ඉවර නිසා ඒක පන්සලට පූජා කරන උත්සවේට.
 
 ‘‘...හැබැයි ඉතින් එයාලත් හෙට අනිද්දා මෙහේ ආවාම නංගිට ගිනි රාමෙට කුස්සියෙ වැඩ තියෙයි... ඒක නෙමෙයි නංගි... මොනවද ඔයා හදන්න දන්න අවුරුදු කැවිලි... ඔයාලා ගමේ නේ... ඔයාලා නම් කැවිලි හදන්න මාරෙට දන්නවා ඇති නේද?...’’
 
 චතුරිගෙ මුවින් සුසුමක් පිටවුණා. මෙයාලා මේ හදන්නේ තමුන්ගෙ මුලූ ආත්මයම නිපුන්ගෙ ගෙදර බැල මෙහෙවරකම් වලට යොදා ගන්න නේද කියලා චතුරිට හිතුණා...
 
 කාටවත් කරදරයක් නැතිව තමුන්ගෙ පාඩුවෙ වැදගත් විදියට තානායමේ රැකියාව කරගෙන ඉ`දපු චතුරිට මේ කොවිඞ් වසංගතයක් නිසා රැුකියාව අවහිර වීමෙන් සිදුවුණේ මොනතරම් බරපතළ කඩාවැටීමක්ද කියලා චතුරි මුලූ හදින්ම වැළපෙන්න පටන් ගත්තා.
 
 නිපුන් එයාලාගෙ අම්මාගෙ හදිසි අසනීප තත්ත්වය නිසා ගෙදරට එන පවුලේ උදවියට සංග‍්‍රහ කරන්න සැදී පැහැදී බලා ඉන්නවා.
 
 නිපුන්ට එයාගෙ අක්කලා ළ`ගදි චතුරි හරියට ගෙදර අත්උදව් කාරියක් ගානයි.
 
 ‘‘...එහෙනම් නංගි ඔයා අද ලන්ච් වලට මොනාද රෙඩි කරන්්නේ... හැබැයි අම්මා නම් තලන බටු වලට... ඉන්නල වලට... මාර ආසයි..’’
 
 ගෙයි මැද සාලෙ නිපුන්ගෙ කටහ`ඩයි අක්කලගෙ හිනා හ`ඩයි ගජරාමෙට ඇහෙනවා. නිපුන්ගෙ අම්මා, අක්කලා, සාල මැදට එකතු වෙලා රටේ තොටේ විවිධ මාතෘකා ගැන බරට බරේ තර්ක විතර්ක.
 
 තානායමේ පිළිගැනීමේ අංශයත් ගිණුම් අංශයත් දෙකම හසුරුවමින් දෙස් විදෙස් සංචාරකයන්ගේ ආයතනික අවශ්‍යතා මැනවින් සපුරන චතුරිටත් ඒ හැම දෙයක් ගැනම මතයක් අදහසක් තියෙනවා. නමුත් ඉතින් ඇයට ඇගේ මතය ඉදිරිපත් කරන්න කෝ ඉඩක්.
 
 චතුරි කුස්සියට වෙලා අතීතය සිහිපත් කරමින් වැළපෙන්නට පටන් ගත්තා.
 
 ඒත් චතුරිට අ`ඩන්නවත් විවේකයක් නෑ.
 
 වතුරි කුස්සියෙ ෆ‍්‍රිජ් එකේ දොර ඇරියා. ඒක නිපුන්ගෙ අක්කලා අම්මා වෙනුවෙන් ගෙනාපු කෑම ජාති වලින් පිරිලා ගිහිල්ලා.
 
 ‘‘...අම්මා තලන බටු වලටයි, ඉන්නල වලටයි හරිම කැමතියි...’’
 
 මද්දු අක්කා චාටු බැල්මෙන් කීවා.
 
 ‘‘... චතුරි ඉන්නල ගෙඩි ටිකකුයි
 
 බටුගෙඩි ටිකකුයි වෙන වෙනම භාජන දෙකකට දාගෙන කුස්සියෙ සින්ක් එක ළ`ගට ගියා.
 
 දැන් ඉතින් කොහොමද මේ බටුයි ඉන්නලයි සුද්ද කරගන්නේ.
 
 චතුරි දෑතේ ඇ`ගිලි දිගු කරලා එයාගෙ ලස්සන නියපොතු ටික දිහාව බැලූවා.
 
 ඒවා තානයමේ රැුකියාව කරද්දි වගේ දැන් ලස්සන නෑ.
 
 මෙච්චර බටුයි ඉන්නලයි ගොඩක් සුද්ද කළාම ඒ අත් දෙකේ තිබුණු ලස්සන කොහොමටත් නැතිවෙලා යාවි.
 
 ඇය සුසුමක් හෙළුවා.
 
 ‘‘...චතුරි නංගී... ඔයාට කෝල් එකක්...’’
 
 නිපුන්ගේ පොඩි අක්කා කුස්සයට
 
 දුවගෙන ඇවිත් කීවා.
 
 තානායමේ වේටර් ස`දුන් දුරකථනයේ එහා කෙළවරේ හිටියා.
 
 ‘‘... මිස් මොබයිල් එක ඕෆ් කරලා... ඒකයි මං ලෑන්ඞ් ෆෝන් එකෙන් ආවේ...’’
 
 වේටර් ස`දුන් රහසක් කියන්න වගේ චතුරි අමතන්න පටන් ගත්තා.
 
 ‘‘...චතුරි මිස් තානායමේ වැඩ කරනවට මහත්තයා දැන් වැඩිය කැමති නැතිලූ නේද?...’’
 
 හෙණ ගෙඩියක් පහත් වුණා වගේ ඇහුණු ඒ වචන වලින් චතුරිගෙ
 
 සර්වාංගයම සලිත වුණා.
 
 ‘‘...නෑ... එහෙමම නෑ... ඒත්... ඒත් ඔයා කොහොමද දන්නෙ ස`දුන්..’’
 
 චතුරි උගුර හිරවෙවී ඇහුවා.
 
 ‘‘...මිස්ගෙ මහත්තයා අද උදේ අපේ සර් ගෙන් කෝල් කරලා අහලා තිබුණා. ඔෆීෂියලි රිසයින් වෙනවා නම් මොකද්ද ප‍්‍රසීඩියර් එක කියලා... සර් ඉතින් කෙරෙන විදිය කියලා තිබුණා...’’
 
 චතුරිගෙ සර්වාංගය ගැහෙන්න පටන් ගත්තා.
 
 ‘‘...පිස්සුද ස`දුන්... මම රස්සාවෙන් අස්වෙන විදිය අපේ බොස්ගෙන් අහන්න ඕන මමයි... මහත්තයා නෙමෙයි...
 
 මගේ තාත්තා ගොඩක් දුක් මහන්සිවෙලා මට හොයලා දුන්න මේ රස්සාවෙන් මට ඕන දවසට අයින් වෙන්නවත් මට අයිතියක් නැද්ද දෙවියනේ...?’’
 
 චතුරි උදේ ඉදන් හිර කරගෙන ඉ`දපු වේදනාව වක්කඩක් කැඩුවා වගේ ඇස් දෙකෙන් දෝරෙ ගලන්්න පටන් ගත්තා.
 
 රන්ජන් ගාමිණී ජයවර්ධන

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles