Divaina - රුසියාවට ගිහිං ආපු දිනිති කොරන්ටයින් වෙනවාලූ...

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

wes1
 
 කට්ටිය බලන් ඉන්නේ මම ෂූටින් එනකම්...
 
 ඇය ගුවන් සේවිකාවක්. ඒ වගේම නිළියක්. රැුකියාවේ කාර්ය බහුලත්වය එක්ක ඇය කොහොමින් කොහොමින් හරි නිර්මාණ කීපයකට දායක වෙනවා. පසු ගියදා වසා දැමුණු ඉන්දියාව හා ඔස්ටේ‍්‍රලියාව වැනි රටවලට ගිහින් ශ‍්‍රී ලාංකිකයන් රැුගෙන ඒමට ඇයත් දායක වුණා. ඔය අතරේ ඇය අවසන් වරට රුසියාවේ සිර වී සිටි සිසු සිසුවියන් රැුගෙන එ්මටද නිරත වෙලා මේ දිනවල ස්වයං නිරෝධායනයේ නිරත වෙනවා.
 
 මේ සියල්ල ගැනයි අපි අද දිනිති වල්ගම සමග කතා බහ කරන්නේ.
 
 දිනිති මේ දිනවල නිරෝධානයන වෙනවා කියන්නේ ඇත්තද?
 
 ඔව්. මම රුසියානු සංචාරයකට සහාගි වුණ හින්දා මේ දිනවල ස්වයං නිරෝධානයේ නිරතවෙනවා.
 
 රුසියානු සංචාරය සිදුකළේ ඇයි ?
 
 රුසියාවේ සිරවී සිටි ලාංකික සිසු සිසුවියන් රැුගෙන එන්න තමයි ගියේ.
 
 ගෙදරින් එ් ගමන යන්න එපා කිව්වේ නැතිද?
 
 නැහැ. අනික මට යන්න බයහිතුණෙත් නැහැ. අනික අපෙන් කොහොත් අහනවා මේ සංචාරය යන්න කැමැතිද කියලා. බලනේ කාවවත් යවන්නේ නැහැ. අනික රස්සාව නිසා මට ගොඩක් දේවල් ලැබුණා. එ් නිසා අපෙනුත් යුතුකමක් මේ වෙලාවේ රටට වෙන්න එපායැ. රස්සාවෙන් මට මේ සියල්ලම ලැබුණේ. එතකොට රස්සාවට මාව ඕනෑවෙලාවේ මම එ් රස්සාවට යමක් කරන්න එපායැ. එ් කැපකිරීම තමයි මම කළේ. අපේ දරුවන්ව ගෙන එන්නනේ අපි යන්නේ. එ් හින්දා මම මගේ යුතුකම ඉටුකළා.
 
 ගුවන්සේවිකාවක් විදිහට පසුගිය කාලේ ගෙවුණු අත්දැකීම මොනවගේද?
 
 පසුගිය දවස්වල දිනපතා ගුවන් ගමන් තිබුණේ නැහැ. විශේෂ ගුවන් ගමන් තමයි තිබුණේ. එ්වාට කතා කරපු ගමන් සහභාගි වෙන්න සූදානමින් තමයි හිටියේ.
 
 කොරෝනා වසංගතයත් සමග ගුවන් සේවිකාවක විදිහට හිතට බයක් සැකක් ඇතිවුණේ නැතිද?
 
 අපොයි නැහැ. මොකද මම මගේ රස්සාව ගැන දැනගෙනයි හිටියේ. අනික මම මේ රස්සාව ගැන දැනගෙනයි මේකට බැඳුණේ. එ් වගේම ලංකාව වෙනුවෙන් අපි අපේ යුතුකම ඉටුකරන්න එපායැ. මොකද අපි ලංකාවට එක්ක ගෙන එන්නේ අපේම මිනිස්සුන්වනේ.
 
 කවදාද නිරෝධායන කටයුතු අවසන් වෙන්නේ ?
 
 දැන් අවසන් වෙමින් තියෙන්නේ.
 
 ෂූටින් දැන්ම පටන්ගන්නවාද?
 
 ඉක්මනටම පටන්ගනීවි. එ් ගොල්ලොත් මම එනකම් තමයි බලාගෙන හිටියේ.
 
 ෂූටින් පටන්ගන්න තියෙන්නේ මොනව ගේ නිර්මාණවලද?
 
 ප‍්‍රියන්ක ප‍්‍රනාන්දුගේ සුසුම් රස්තියාදුවක් ටෙලිනාට්‍යයේ වගේම ධනුෂ්ක රේමන්ගේ රේස් කියන ටෙලිනාට්‍යවල රූගත කිරීම් සිදුකරන්න තියෙනවා.
 
 රූගත කිරීම් නවත්වල කොච්චර කල්වෙනවාද?
 
 මාස දෙකක් විතර වෙනවා.
 
 හදිසියේ රූගත කිරීම් නවත්වන්න සිදුවීම ගැන මොකද හිතන්නේ?
 
 එ් වෙනකොට මම ටෙලිනට්‍ය දෙකක රූගත කිරීම් අවසන් කරලයි තිබුණේ. මම මුලින් කියපු ටෙලිනාට්‍ය දෙක නම් තිරගත කරලා තිබුණේ නැහැ. එ් හින්දා තවම මට මගින් නවත්වලා ආපහු රූගත කිරීම් ආරම්භ කළා කියන හැඟීමක් මට නැහැ. මට හිතෙන්නේ අලූතෙන්ම රූගත කිරීම් ආරම්භ කළා කියන හැඟීම තමයි.
 
 රඟපෑම වෘත්තියක් විදිහට තෝරාගන්න සූදානමක් නැහැ ?
 
 නැහැ. නැහැ. මම කවදාවත් රඟපෑම වෘත්තියක් විදිහට කරන්න කැමැති නැහැ.
 
 ලැබෙන ජනප‍්‍රියත්වයත් සමග හදිසියේවත් ගුවන් සේවිකාවකට සමුදෙන්න වුණොත් ?
 
 අපොයි නැහැ. මම ගුවන්සේවිකාවක ගේ රස්සාවට සමුදෙන්නේ නැහැ. මට එහෙනම් මේ ලැබෙන නිර්මාණටික හොඳටම ඇති රස්සාවෙන් අයින් වෙන්න. නමුත් මම එහෙම කරන්නේ නැහැ. අනික මට මේ ලැබෙන ආරාධනාවලට දිනත් නැහැ දෙන්න. මම ගොඩක් ආසයි ෆලයි කරන්න.
 
 එතකොට දිනිතිගේ හීනය?
 
 මට හීනය තිබුණේ රඟපාන එක නෙමෙයි. මට ඕනෑවුණේ ලෝකය දකින්න. අනික මම ආසා නැහැ එක තැනකට කොටුවුණ රස්සාවකට. ඩෙක්ස් ජොබ් එකකට මම කොහොමත් කැමැති නැහැ. මට ඕනෑ රට රටවලට යන්න, මිනිස්සු අඳුරගන්න තියෙන ආසාව. මට එකතැනකට වෙලා ඉන්න බැරි කෙනෙක්. රඟපෑම මට තාත්තාගෙන් ලැබුණ දෙයක්. මම ආසාවට විතරයි රඟපාන්නේ.
 
 රඟපෑම වෘත්තියට බාධාවක් නේද?
 
 අපොයි නැහැ. වෘත්තියට බාධාවක් නෙමෙයි. මම හැමදාම මගේ රස්සාවට මූලිකත්වය දීලා තියෙනවා. රස්සාවෙන් නිවාඩු ලැබුණ ගමන් තමයි රඟපෑමට යොමුවෙන්නේ.
 
 එතකොට රඟපෑමට කරන්නේ අසාධාරණයක් නේද?
 
 නැහැ. මම එකවරකට එක වැඩයි භාරගන්නේ. අනික මට වැඩ ගොඩක් භාරගන්න වෙලාවක් නැහැනේ. එකසැරයටකට එක වැඩක් විතරක් කරන නිසා මම එක වරකට ඉන්නේ එක චරිතයකයි. එ් කාලය ඇතුළත එ් චරිතය විතරක් කරන්නේ.
 
 දිනිති වැඩ ගොඩක් භාරගන්න චරිතයක් නෙමෙයි ?
 
 අනේ නැහැ. මම කාටවත් අසාධාරණකම් කරන්නේ නැහැ.
 
 හැබැයි අලූත් මුහුණුවලට කැපිලි කෙටිලි තියෙනවානේද?
 
 මට ඔය ප‍්‍රශ්නය නැහැ. මොකද මේක මගේ රස්සාව නෙමෙයි. අනික මට කාත් එක්කවත් තරඟයක් නැහැ. හැමෝමත් එක්ක බොහොම සුහදව තමයි මම මගේ වැඬේ කරන්නේ. එ් නිසා මාව කපාගෙන යන්න කාටවත් වුවමනාවක් නැහැ. මටත් එ් වගේ වුවමනාවක් නැහැ.
 
 ඔබ මෙතැනට ආවේ ජනප‍්‍රියත්වය බලාගෙන නෙමෙයිද?
 
 නැහැ. මම මෙතැනට ආවේ ආසාවට. ජනප‍්‍රියත්වය නිකම්ම හම්බවුණා. නැතුව මට ජනප‍්‍රියවෙන්න කියලා කිසිම වුවමනාවක් තිබ්බේ නැහැ. ඇත්තටම මම දන්නේ නැහැ මම ජනප‍්‍රියද කියලා. මොකද මම ලංකාවේ ගොඩක් තැන්වලට යනවා හරි අඩුයිනේ.
 
 කොරෝනා වසංගතයත් සමග ඔබේ ජීවිතය ගලා ගෙන ගියේ මොනව විදිහටද?
 
 මම අම්මලත් එක්ක තමයි හිටියේ. මම හිතන්නේ අවුරුදු දහයකට විතර පස්සේ තමයි මම අම්මලත් එක්ක එන දිගට හිටියේ. අම්මටත් හරි සතුටුයි. මම හරි කැමැතියි එ් කාලයට.
 
 දැන්ම විවාහය ගැන හිතන්නේ නැතිද?
 
 අනේ නැහැ. එ්ක නම් දැන්ම කරන්න බැරිවේවි. පව්නේ. දැන්ම මනුස්සයෙක් අමාරුවේ දාන්න වුවමනා නැහැනේ. මම ෆ්ලයි කරනවා. ෂූටින් යනවා. හරි කාර්යබහුලයිනේ. ඉතිං තව කෙනෙක් වෙනුවෙන් දින වෙන්කරන්න වෙලාවක් නැහැ.
 
 ආදරයක් ගැන දැන්ම හිතන්නේ නැහැ?
 
 දැනට ඕනෑ නැතිවෙයි කියලයි හිතන්නේ. මට ගැලපෙන කෙනෙක් හම්බවුණොත් එහෙම හිතේවි.
 
 එහෙම ගැලපෙන කෙනෙක් තවම හම්බවුණේ නැතිද?
 
 නැහැ. මට තවම හම්බවෙලා නැහැ.
 
 
 
 දිනේෂ් විතාන

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles