Divaina - ඇය සමග යුග ගීයක් ගයනවා...

 Udaya Gammanpila new

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

atma1

 
 ආත්මා ලියනගේ
 
 
 * අමාලි මට මුණගැහුණේ ප‍්‍රසංගයකදී
 
 * මේ මගේ පළවෙනි යුග ගීතය
 
 * පවුලේ ප‍්‍රසංගයකට ලෑස්තියි
 
 
 ඔහු හඳුන්වන්නට එකම එක ගීතයක මුල් පද දෙක පමණක්ම සෑහේ. ඔහු ගේ නමත් ගීතයත් දහස් ගණනක් හදවත් දිනා ගන්නේ එක් රැුයකිනි. ඔහුටම අවේනික හඬ, ගීතයත් රසික රසිකාවියන්ගේ ආත්මයත් වෙලා ගන්නේ සියලූ උස් මිටිකම්, ජාති ආගම් පසෙකලා කලාව විශ්වීය භාෂාවක් බව කාට කාටත් යළි යළිත් මතක් කරමිනි. භාෂාව හෝ ජාතිය හෝ වෙනත් කිසිවක් මේ ගීතයේ ජනප‍්‍රියත්වයට බාධාවක් වූයේ නැත. ලිය තඹරා ගීතය, එම ගීතය ගැයූ සහ එම ගීතයේ තනුව නිර්මාණය කෙරූ ආත්මා ලියනගේ යනු ආත්ම දෙකක් නොව එකක්මය.
 
 
 
 ඉතිං ආත්මා...
 
 
 
 හොඳින් ඉන්නවා. සංගීත කටයුතු කරගෙන. ඒ වගේම අලූත් නිර්මාණ කිහිපයකුත් කරගෙන යනවා. ඒත් ඒවා ඉතිං මේ තියෙන උවදුරෙන් අපි නිදහස් වුනාම තමයි එළියට දාන්න හිතන් ඉන්නේ. මේ ව්‍යසනය මට මගේ පවුලට රටට විතරක් නෙමෙයි මුළු ලෝකෙම වෙලා ගත්ත ව්‍යසනයක්නේ. ඉතිං කරගෙන ආව කටයුතු අනිත්
 
 හැමෝටම වගේ මටත් ටිකකට නතර කරන්න වෙලා තියෙන්නේ. නමුත් නිර්මාණ කරගෙන යනවා. ආමි එකේ ඉන්න මගේ යාලූවෙක් ලියලා
 
 තියෙනවා ගීතයක්, සඳ පාට මනමාලියේ කියලා. තව මං ලියූ ගීතයක් තියෙනවා මොනාලිසා කියලා. ඒ වගේම නිසල
 
 රැුයක් ඇතුළු අලූත් නිර්මාන හතරක් පහක් විතර එන්න තියෙනවා. මොනාලිසා මං ලියූ දෙවන හෝ තුන්වන ගීතය. මොනාලිසා ගීතය තමයි මං ගොඩක් කැමැත්තෙන් කරන්න බලං ඉන්නේ. ජනතාව අතරට මගේ රසික රසිකාවියන් අතරට යයි කියලා බලාපොරොත්තු වෙනවා ඒ ගීතය.
 
 
 
 සුන්දර 90 සහ ලියතඹරා ගැන කතා කළොත්?
 
 
 
 මුලින්ම මගේ ලියතඹරා ගීතය නන්දන වින්දන වැඩසටහනේ තමයි විකාශය වුනේ. ඒ 89 අන්තිම. 90 දි තමයි ගීතය හොඳටම ජනප‍්‍රිය වුනේ. පද රචනය රෝහණ ජයසිංහ කියලා මගේ යාලූවෙක් කළේ. මගේ සිහින ලොවේ මායා ගීතය ලිව්වෙත් රෝහණ. දෙකේම තනු නිර්මාණය මගේ. අපේ තිබ්බා ඩොට් ඇන්ඞ් ඩෑෂ් කියලා සංගීත කණ්ඩායමක්. මම කණ්ඩායමේ ගීත ගායනා කළා. කී බෝඞ් එක වාදනය කළා. එහෙම ඉන්න අතරේ ඉතිං මට හිතුනා මගේම ගීතයක් නිර්මාණය කරන්න ඕන කියලා. ඉතිං ඒකට මම මුලින් තනුව නිර්මාණය කරලා මගේ මිත‍්‍රයා රෝහණට කිව්වා මෙන්න මේ අදහසට මට ගීතයක් ලියලා දෙන්න කියලා. ඊට පස්සේ අපි එකට ඉඳගෙන ගිටාර් එක ගගහා මම එයාට තනුව හම් කරනකොට රෝහණ ලිව්වා ලිය තඹරා. එහෙම තමයි ඒ ගීතය නිර්මාණය වුනේ. රෝහණ ඇත්තටම බෑන්ඞ් එකට සම්බන්ධයක් නෑ. අපේ මිත‍්‍රයෙක්.
 
 
 
 එතකොට කැසට් එක කළේ?
 
 
 
 මට මගේ යාලූවෙක්, අයියා කෙනෙක් හම්බුනා උපාලි රංජිත් පතිරගේ කියලා.
 
 එයාගේ මාර්ගයෙන් තමයි එයාගෙත් මිත‍්‍රයෙක් හරහා ගීත හයක කැසට් එකක් කළේ. ඊට පස්සේ තමයි කැසට් එක හරහා රූපවාහිනියෙන් ආරාධනා ලැබුනේ නන්දන වින්දන වැඩසටහනට. කැසට් එකේ නමත් ලියතඹරා. නන්දන වින්දන එකේ විකාශය වුන ගමන් ගීතය ජනප‍්‍රිය වුනා.
 
 
 
 ඒත් ලියතඹරා ඔබ ඊට කලින් ගායනා කළා නේද?
 
 
 
 ඇත්තටම මේ ගීතය 77 වගේ හදපු ගීතයක්. බෑන්ඞ් එකේ සිංදු කියන ගමන් තමයි කැසට් එකට මං ගීත ටික කළෙත්. ලිය තඹරා කලින් නිර්මාණය කළත් 89 වෙනකන්ම එලියට දාන්න හම්බුනේ නැහැ. ඔහේ එහෙ මෙහෙ වේවි හිටියා. අපේ බෑන්ඞ් එකේ ගයද්දීත් මං මේ ගීතය ගයනවා. නමුත් ජනතාව අතරට යාමක් තිබුනේ නැහැ. මගේ මිත‍්‍රයා හරහා කැසට් එක කරන්න ලැබීමත්, කැසට් එක නිසා නන්දන වින්දන සඳහා අරාධනා ලැබිලා ගීතය එහි ප‍්‍රචාරය වීමත් තමයි ගීතය ජනතාව අතරට යන්න බලපෑවේ. වයස්, උස් පහත් කිසිම භේදයකින් තොරව
 
 මිනිස්සු මාව බොහොම ආදරෙන් වැළඳ ගත්තා. දැනටත් ඉන්නවා එහෙම රසිකයෝ. ජාති භේද පවා නොසලකා මිනිස්සු ඒ ගීතය වැළඳ ගත්තා.
 
 
 
 ඒ කාලේ ආත්මා පෙම්වතෙක්ද?
 
 
 
 ගීතය ජනප‍්‍රිය වෙන කාලය වෙද්දී මම විවාහ වෙලා නැහැ. ඇත්තටම එහෙම දේවල් අපේ ඒ කාලේ තිබ්බේ නෑ. පෙම්වතියන් ගැන හිතන්න හිත කරදර කරගන්න හිතුවේත් නෑ. බෑන්ඞ් එකේ වැඩ, ක‍්‍රීඩා ඕවා තමයි තිබුන වැඩ. බෑන්ඞ් එකේ වැඩ කටයුතු කරපු පහු කාලයේ සම්බන්ධයක් තිබුණා. ඒවා ඇතිවී නැතිවී ගියා ඒ කාලයේදීම. අනික ඒ කාලේ ගෑනු පිරිමි කියලා නෑ හැමෝගෙන්ම ගනින්න බැරි තරම් ලියුම් එනවා. ගොඩාක් දුරට මං ඒවාට පිළිතුරු ලියනවා. රසික ආදරය උපරිමයෙන් ලැබුන යුගයක්.
 
 
 
 ඔබ චිත‍්‍ර ශිල්පියෙක්ද?
 
 
 
 මම ඉස්කෝලේ යන කාලේ චිත‍්‍ර කළේ. මට සාමාන්‍යයෙන් චිත‍්‍ර අඳින්න පුළුවන්. අපේ ගෙදර ඔක්කොම වගේ සංගීතයට සම්බන්ධයි. තාත්තා උනත් එහෙමයි. සහෝදරයෝ තුන්දෙනයි.එක සහෝදරියකුයි ඉන්නවා මට. එක සහෝදරයෙක් තමයි නන්දන ලියන ගේ. පොම්බුලේ මගේ පොම්බුලේ ගීතය කියන්නේ වේදිකා
 
 නාට්‍යයේ. ඔහු සංගීත
 
 ගුරුවරයෙක්. අපි පොඩි කාලේ ඉඳන් ගෙදර හරියට සංගීත භාණ්ඩ තිබුණා. අපේ තාත්තා ඔපරේටර් කෙනෙක්. අම්මා ගෙදර හිටියේ. ගෙදර ආභාසය නිසා තමයි වැඩිපුරම මේ ක්ෂේත‍්‍රයට යොමු වුනේ. චිත‍්‍ර අඳින වැඬේ ඉස්කෝලෙන් අවුට් වෙද්දීම නතර වුණා. ඊට පස්සේ සංගීත කණ්ඩායම් වලට සම්බන්ධ වුණා. ඉස්කෝලේ යන කාලේ සංගීතයට සම්බන්ධ වුනේ ම නැහැ. ක‍්‍රීඩා කළා, චිත‍්‍ර ඇන්දා, සංගීතය නොකර අනිත් හැමදේම කළා.
 
 
 
 පළවෙනි ප‍්‍රසංගය?
 
 
 
 පළවෙනි ප‍්‍රසංගය මහේෂ් දෙනිපිටියගේ තාත්තා එහෙම ප්ලේ කරපු ප‍්‍රසංගයක්. කොහෙද කියලා හරියට මතකයක් නැහැ මට. ලොකු ගානක් ලැබුනේත් නෑ ඒ ප‍්‍රසංගයෙනුත්. හැබැයි ප‍්‍රසංග වලින් හම්බෙන සල්ලි ඔක්කොම මං අම්මට ගෙනත් දෙනවා. අම්මට දීලා මට ඕනේ වෙද්දී මං
 
 අම්මගෙන් ඉල්ලා ගන්නවා. ඒ කාලේ
 
 ව්‍යාපාරයක් එහෙමත් කළා මම නමුත්
 
 හම්බවෙච්ච යාලූවෝ එක්ක මට ඒ
 
 ව්‍යාපාර හරියට කරන්න බැරිවුණා. ඒක දිගටම ගෙනියන්න බැරි උනා මට. ඒක සමහරවිට මට හුරු නැතිකමද දන්නෙත් නෑ.
 
 කොහොමහරි ඒ මාර්ගය හරියට පෑදුනේ නෑ මට. ඒක එහෙම්ම නතර වෙලා ගියා.
 
 
 
 සුන්දර 90?
 
 
 
 ආයේ 93 වගේ තමයි මං කැසට් කළේ. ලියතඹරා 1,2,3 ආවා. මගේ ඔක්කොම ගීත හතලිස් පහක් විතර ඇති මං හිතන්නේ. කරපු ගීත ඔක්කොම වගේ ජනප‍්‍රිය වුනා. එකක් තමයි පොඩි ප‍්‍රශ්නයක් වුනේ. එතැනදී හරියට ගීත රෙකෝඞ් වුනේ නැහැ. මට ඒ ගීතයේ නමත් මතක නෑ හරියට. අනික මං ඒ ගැන වැඩිය කතා කරන්නත් කැමති නෑ.
 
 
 
 ඔබේ ආදරණීය පවුල?
 
 
 
 මගේ බිරිඳ අමාලි හේරත්. ඇය
 
 ගුරුවරියක්. එයත් කරන්නේ සංගීතය. රංග කලාව වැනි විෂයන්. මගේ ලොකු පුතා මයුර ලියනගේ. පොඩි පුතා කුමරු
 
 ලියනගේ. අපිට දුවෙක් ඉන්නවා ඇය තිලූනි දහම්සා. ඒගොල්ලොත් ඔක්කොම කලාවට ලැදියි. මගේ ගීත මගේ පුතාලත් ගයනවා. එයාලා මගේ ගීත ගැයුවට රී මේක් කලාට මගේ කිසිම ප‍්‍රශ්නයක් නැහැ ඉතිං. මමත් හිතං ඉන්නවා මගේ ගීත ටික, අලූත් සංගීතය මුසු කරලා නැවත පටිගත කරන්න. පොඩි පුතා කුමරු ගේ සියුමැලියේ ගීතය යූ ටියුබ් තියෙනවා අහන්න බලන්න පුළුවන්. එයාලත් වෘත්තීය මට්ටමෙන් සංගීතය කරනවා. ඉස්සරහට අපේ පාඩුවේ වැඩ ටික කරගෙන යන්න තමයි බලාපොරොත්තුව. විශේෂම දේ මම කැමති කාත් එක්කත් හොඳින් නිස්කලංකව කිසි කෙනකුට කරදයක් නැතුව ජීවත් වෙන්න. අනික මගේ රසික රසිකාවියන්ට මම බොහොම ආදරෙයි.
 
 ඒගොල්ලන්ගේ හදවතට අපි දැනිලා තියෙන නිසා සහ ඒගොල්ලෝ නිසා තමයි අපි කලා ක්ෂේත‍්‍රයේ රැුඳිලා ඉන්නේ. ඒ නිසා
 
 ඒගොල්ලන්ට මම ගොඩාක් ලැදියි ආදරෙයි. එදත් එහෙමයි අදත් එහෙමයි. ඉස්සරහටත් මං මගේ රසික රසිකාවියන්ගේ ගායකයා වගේ ඉන්න තමයි කැමති.
 
 
 
 ප‍්‍රසංගයක් ගැන අදහසක් එහෙම හිතේ නැද්ද?
 
 
 
 ඉස්සරහට එහෙම ප‍්‍රසංගයක් කරන්න තමයි අපි බලපොරොත්තුවෙලා ඉන්නේ. අපි දැනට කණ්ඩායමක් හදාගෙන පුහුණුවීම් කරගෙන, සැලසුම් කරගෙන යනවා. ඒක ඉතිං ලොකුවට කරන්නයි හිතනේ ඉන්නේ. ඒ සූදානම අතර තමයි මේ කොරෝනා කරදරයට අපි හැමෝටම මුහුණ දෙන්න වුනේ. මුළු ලෝකෙටම මුහුණ දෙන්න වෙච්ච අර්බුදයක්නේ මේක.
 
 
 
 අමාලිව ඔබට මුණ ගැහුණේ් කොහොමද?
 
 
 
 මා ගී ගැයූ ප‍්‍රසංගයකට ඇවිල්ලා තමයි අමාලිව මට මුණගැහුණේ. ඇය මගේ
 
 රසිකාවියක්. ඇත්තටම ඒ ප‍්‍රසංගය සංවිධාන කළේ ඒගොල්ලෝ. දැනට අවුරුදු දෙකකට විතර කලින් තමයි ඇය මට හමුවුනේ. අපි
 
 දෙන්නා ඉස්සරහට ගීතයක් කරන්නයි හිතං ඉන්නේ. මේ මම මාධ්‍යයට යුග ගීතයක් කරන පලවෙනි අවස්ථාව. ගීතය නං ලෑස්තියි. මේ කරදර ඉවර උනාට පස්සේ රසික රසිකාවියන්ට අහන්න දෙන්නයි හිතං ඉන්නේ.
 
 
 
 යුගන්ති යශෝධරා
  

විශේෂාංග

sikuru

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles