Divaina - නුඹට සිත බැඳි කාරණේ මම තවම සොයන්නෙමී...

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

chandana222

යෝජනාවකට අනුව මුලින්ම ඇයව බලන්න ගිය දවසෙ ඔහුගේ හිතේ ඇය කෙරේ තදින්ම බැඳුණලූ. ඒත් එක්කම හිතෙන් ප‍්‍රශ්න කළාලූ ඇය මට කැමැති වෙයිද කියලා. හිතා ගන්න බැරි විදියට ඇයගේ කැමැත්ත ලැබුණ වෙලාවෙ සතුට වැඩි කමට ‘‘ඔබට සිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නෙමී’’ කියන ගී පදවැල හිතට ආවලූ. අන්න එදා ඉඳලා තමයි මේ ගීතය චන්දන වික‍්‍රමසිංහගෙ පි‍්‍රයතම ගීතය වෙන්නෙ.
 
 ‘‘ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයි ද නොදන්නෙමී’’ කියන ගීතය චන්දන බොහොම ආදරෙන් නිතර මුමුණනව කියන එක කලා ක්‍ෂේත‍්‍රයේ හැමෝම දන්න රහසක් ඒකට හේතුව බිරිඳ දිල්හානි නේද?
 අනිවාර්යයෙන්ම දිල්හානි තමයි ඒකට හේතුව. ඇයව මුලින්ම දැකපු දවසෙ මගේ හිත ඇය කෙරේ තදින්ම බැඳුණා. ඒ ඇයි කියලා කියන්න මම දන්නෙ නෑ. අන්න ඒකයි මම ඔබට හිත බැඳුණේ කිමැයි මා තවම සොයන්නෙමි කියලා නිතර මුමුණන්නෙ.
 
 මේ විදියට ගයන්නේ ඇය වෙනුවෙන් කියන එක දිල්හානි දන්නවද?
 
 මට තේරෙන විදියට ඇයට ඒ්ක තේරිලා තියෙනවා. ඒත් මුකුත් නොදන්නවා වගේ ගාණකට නොගෙන තමයි ඉන්නෙ නම්.
 
 geeyaකතා කරලා කිව්වොත් මම ගයන්නෙ ඔබටයි කියලා ගොඩක් ආස වෙයි. ඒත් ඒක යටපත් කරගෙන බොරු කේන්තියක් මවා ගෙන පිස්සු නැතුව ඉන්න අනේ කියයි.
 
දවසකට කී වතාවක් චන්දන මේ ගීතය අහනවද?
 
මට තනියම වාහනේ ගමනක් යන්න වුණොත් නන්ස්ටොප් මම මේ ගීතය අහනවා. කාර්ය බහුල වුණහම මම ඒ වෙහෙස නිවා ගන්නෙ සින්දු අහලා. එතෙන්දී මේ ගීතය විශේෂයි.

අහල අහල දැන් මේ ගීතය එපා වෙන තැනට ඇවිත් ඇති නේද?
 
මම හිතන්නෙ නෑ මගේ ජීවිතේ තියෙනකන් මේ ගීතය මට එපා වෙයි කියලා. ඒ තරමට මේ ගීතය මාත් එක්ක බද්ධ වෙලා.
 
අහල රස වින්දට ‘‘ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි’’ ගායනා කරන්න බැහැ නේද?
 
පැහැදිලිවම මම ගායකයෙක් නෙමෙයිනෙ. ඒත් රූපවාහිනි වැඩසටහන් දෙක - තුනකදී මම මේ ගීතය ගායනා කරලා තියෙනවා.
 
එතකොට මේ නිතර මුමුණනවා කියන කතාව
 
ඒ කතාව එදා නිර්මාණය කළෙත් අද පවත්වාගෙන යන්නෙත් මගේ ගෝල බාලයොම තමයි.
 
ඒකටත් විශේෂ හේතුවක් ඇති නේද?
 
 තියෙනවා තියෙනවා. ගොඩක් වෙලාවට මම නර්තන කණ්ඩායම්වල ඇඳුම් නිර්මාණය කරන වෙලාවල්වලදී නොදැනීම මේ සින්දුව මගේ කටින් පිට වෙනවා. ඒ නිසා මාත් එක්ක නිතර ගැවසෙන හැමෝ්ම දන්නවා මගේ පි‍්‍රයතම ගීතය මේක කියලා.
 
 නර්තන ශිල්පියෙක් විදියට ඔබේ කැමැතිම ගීතයට රංගනයක් ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබුණොත්?
 
 මේ සාවදානව නිස්කලංකව අහලා රසවිඳින්න ඕන ගීතයක් නිසා මම මේ ගීතයට නර්තනයකින් සම්බන්ධ වෙනවා කියන එක හිතන්නෙවත් නැති දෙයක්. ඒ මම මේ ගීතයට තියෙන ආදරේ වැඩිකමට.
 
 මේ ගීතය ඔබ වැඩසටහනකට ගයද්දි කරුණාරත්න දිවුල්ගනේ මහතා ඒ සඳහා විරෝධය පළ කළොත්?
 
 
 අනේ එහෙම දෙයක් කවදාවත් වෙන්නෙ නෑ. ඒකට හේතුව දිවුල්ගනේ අයියා කියන්නෙ බොහොම උගත් කෙනෙක් නිසා. ඒත් ඔහුට හිනා යයි වන්නමක් නටාගෙන ඉන්නෙ නැතුව චන්දන වැටුණ අමාරුවක මහත කියලා.

විශේෂාංග

sikuru

සිනමා කලා

kumar250

නවලිය

voice250

දියග

wasant250

මීවිත

sesad250

More Articles