Divaina - * ගීයක වරුණ... ජන්මෙන් ජන්මේ රැව්දීලාඔබ මා නෙතෙග් රැඳුණා - ජීවන් මෙන්ඩිස්

 Udaya Gammanpila new

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px




jeewanතරුණ පරම්පරාවේ කෙනෙක් හැටියට ජීවන් කැමතිම ගීතය සරල ගීතයක්

ඔව්. මේ ගීතයේ පදරචනය ගායන විලාශය සංගීතය එකකට එකක් අඩුත් නැතිව වැඩිත් නැතුව බොහොම හොඳින් ගැලපීම තමයි ඒකට හේතුව. බොහොම නිස්කලංකව ගැයෙන ගීතය තේරුමත් ඕනම කෙනෙකුට සරලව තේරුම් ගන්න පුළුවන් විදියට ලියැවිලා තිබීම හරිම අපූරුයි.

සාමාන්‍යයෙන් තරුණ පරම්පරාව කැමති ඝෝෂාකාරී සංගීතයට

ඒක ඉතින් කෙනෙකුගෙන් කෙනෙකුට වෙනස් වෙන දෙයක්නෙ. මාත් එහෙම වෙන අවස්ථා ඕන තරම් තියෙනවා. දැන් මම පාටි එකකට ගියොත් මගේ ප‍්‍රියතම ගීතය මේක කියලා මේ ගිීතයට අනුව අපට ඩාන්ස් කරන්න බැහැනෙ. ඒ වෙලාවට වේගරිද්මයේ ගීතවලට මමත් කැමතියි.

එතකොට නිම් හිම් සෙව්වා ගීතය අහන්නෙ

ගෙදර දොරේ වගේම කි‍්‍රකට් කිියන මගේ රැුකියාවෙන් ඒ හා සම්බන්ධ පුහුණුවීම්වලින් මට විවේකයක් වගේම හිතට නිදහසක් ලැබෙන්නෙ මොන වෙලාවෙද ඒ වේලාවට මම මේ ගීතය වැඩියෙන් අහල රස විඳිනවා.

ආදරය විවාහය ගැන කියවෙන නිසා ගීතයට සවන් දෙද්දි බිරිඳව නේද මතකෙට එන්නෙ

සිංදුවක් අහල මම බිරිඳව මතකෙට නගාගන්න උත්සාහ කරන්නෙ නෑ. ගෙවෙන හැම තත්පරයකම ඇය මගේ හදවතේ ජිවත් වෙනවා. සිංදුවකින් කියවෙන කිසිම අර්ථයක් කවදාවත්් මගේ ජීවිතේට සම්බන්ධ කරගෙන නැහැ.

ඇය ඔබත් සමග මේ ගීතය රසවිඳින්න එකතු වෙනවද

ඇයට සිංහල ගීත ගැන වගේම ඒවායේ තේරුම ගැන ලොකු දැනීමක් නැහැ. ඒත් මම කැමැත්තෙන් අහගෙන ඉන්නව කියලා දන්න නිසා දැන් ඇයත් මේ ගීතයට ඇලූම් කරන බව පේනවා. මේ ගීතය දැන් උමාරියාගේ හඬින් ගැයෙන අවස්ථා තියෙනවා. ඒ හඬින් මේ ගීතය අහන්න තමයි ඇය වඩාත් කැමැත්තක් දක්වන්නෙ.jeewan

ඔබ ගීතය වැඩිපුරම අහන්නෙ

මම හිතන්නෙ ඩ‍්‍රයිව් කරන වෙලාවට මොකද මම දවසේ වැඩියෙන් රැඳෙන තැන් තුනක් තියෙනවා. එකක් ක‍්‍රීඩා තරග හෝ පුහුණුවීම් කටයුතු නිසා ග‍්‍රවුන්ඞ් එක. එතනදී සිංදු අහන්න බෑනෙ. අනික මගේ ගෙදර එතෙන්දී ඉතින් ගෙදර වැඩවලට මුල් තැන දෙන්න ඕන නිසා සිංදු අහන්න වෙලාවක් නැති තරම්. හැබැයි මම මොන කටයුත්තකට එළියට ගියත් කිසිම බාධාවක් නැතුව වාහනේ යන ගමන් නිදහසේ ගීතය රසවිඳින්න පුළුවන්.

සිංදු අහන වෙලාවට දරුවන්ගේ බාධා එල්ලවෙනවත් ඇති නේද?

එහෙමමත් නැහැ. මේ ගීතයට එයාල නමකුත් දාගෙන ‘‘තාත්තීස් සෝන්ග්.. කියලා. ඒ මම නිතර අහන බව එයාලත් දන්න නිසා. ලොකු පුතාට නම් හොඳට සිංදු කියන්නත් පුළුවන්. ඉංග‍්‍රිසි මාධ්‍යයෙන් ඉගෙන ගන්න නිසා ඉංගී‍්‍රසි සිංදු තමයි වැඩිපුර කියන්නෙ. සිංහල සිංදු කියන වෙලාවල් ටිකක් අඩුයි.

යන යන තැනදි ‘‘නිම් හිම් සෙව්වා.. රසවිඳින්න ඔබ ළග මේ ගීතය ඇතුළත් සී. ඞී පට බොහොමයක් තියෙන්න ඕන නේද?

ඔව්. ඒ ගීතය ඇතුළත් සීඞී පට වගේම පෙන් ඩ‍්‍රයිව් කීපයක් ගෙදර කැසට් රෙකෝඩරය ළගත් මගේ වාහනෙන් තිියලා තියෙනවා. ඊට අමතරව මගේ හෑන්ඞ් ෆෝන් එකටත් මම මේ ගීතය ඇතුළත් කරගෙන ඉන්නවා. එතකොට අවශ්‍ය වෙලාවට අහන්න පුළුවන්නෙ.

ජීවන් මේ ගීතයේ කැමතිම කොටස දැනගන්න රසිකයො කැමති වේවි

ඉරහඳ සේ මා පැතුමක් පැතුවා

සැනසුම් සයුරේ සුසුමන් හෙලූවා

අතරින් පතරේ වියැකීලා

සටනින් අද මා දිනුවා



ඉරහඳ සේ මම ඔබව පතාගෙන ආවේ සැනසුම් සුසුම් හෙළමින්. ඒ එන ගමනේදී අතරින් පතර පුංචි පුංචි බාධකවලට මුහුණ දුන්නත් ඔබේ අත අරගෙන පේ‍්‍රම සටනින් මම දිනුවා කියන එක ඒ කොටසින් ලස්සනට කියැවෙනවා.

රන් හුයකින් බැඳුණා කියලා කිව්වට සැබෑ ජීවිතේ එහෙම වුණේ නෑ නේද

අපි දෙන්නම කතෝලික භක්තිකයන් නිසා විවාහය සිදු වුණේ පල්ලියේනෙ. එතනදී අපි අල්තාරය ඉදිරියේ විවාහ වුණා. ඒකත් රන් හුයෙන් බැඳුන වගේම තමයි.





ධම්මික හේවාවසම්

 

විශේෂාංග

sikuru

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles