Divaina - ලොවක් ජයගත් ජයත්මා... ලොවපුරා අයදුම්කරුවන් 1800ක් අතරින් පළමු තැනට... ජගත් මහ ලේකම්වරයාගේ තරුණ කටයුතු පිළිබඳ ලේකම්වරිය

newluhundu19

e5

965x87px Web Banner Cvd new

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


jayathma2

සාකච්ඡා කළේ
රුවන් ජයවර්ධන

ජයත්මා වික‍්‍රමනායක 30 හැවිරිදිය. මේ වනවිට ඇය රාජකාරී කරමින් සිටින්නේ ලොව බලවත්ම සංවිධානයක් වන එක්සත් ජාතීන්ගේ තරුණ කටයුතු පිළිබඳ ලේකම්වරිය වශයෙන්ය. ඇයගේ කාර්ය භාරය බවට පත්ව ඇත්තේ ලොව පුරා වෙසෙන මිලියන හයසීයකට අධික තරුණ ප‍්‍රජාවගේ අභිවෘද්ධිය පිණිස ප‍්‍රතිපත්ති සම්පාදනය කිරීම සහ ඒවා ක‍්‍රියාත්මක කිරීමය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උසස්ම නිලයක් හොබවන ඇය ඒ සඳහා තේරීපත්වූ ලොව ළාබාලතම තරුණිය ලෙසින් ද වාර්තාවක් තබා ඇත. ශ‍්‍රී ලාංකික තරුණියක් වන ජයත්මා වික‍්‍රමනායක කෙටි නිවාඩුවක් පිණිස ඉකුත් දිනෙක මෙරටට පැමිණියාය. පහත පළවන්නේ ලොවක් ජයගත් ජයත්මා වික‍්‍රමනායක සමඟ අප කළ සාකච්ඡාවක්ය.

jayathma

 

ප‍්‍රශ්නය - මෙවැනිඋසස් තනතුරක් පිණිස යොමුවෙන්න වටපිටාව නිර්මාණය වෙන්නෙ මොන ආකාරයෙන්ද?

පිළිතුර - මෙවැනි තනතුරක් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ මුල්වරට ඇති කරන්නේ වර්ෂ 2013 දී හිටපු මහ ලේකම් බෑන්කින් මූන් මහත්මිය තමයි ඒ සඳහා මූලිකත්වය ගන්නෙ. එතැනදී එක්සත් ජාතීන්ගේ සංගමයේ ලේකම්වරයාගේ තරුණ කටයුතු පිළිබඳ ලේකම්වරයා ලෙස තේරී පත්වන්නේ ජෝර්දාන් ජාතික අහමඞ් අල්හින්දාම්. ඔහු වසර 04 ක් මේ තනතුරේ රාජකාරී කරනවා. හිටපු මහ ලේකම්වරයාගේ ධුර කාලයේ නිමාවත් එක්ක ඔහුගේ තරුණ කටයුතු ලේකම්වරයාගේ ධුර කාලය නිමාවට පත්වෙනවා. ඉන්පස්සෙ වත්මන් මහලේකම් අන්තෝනියෝ ගුත්‍රොස් මහත්මයා ඒ තනතුරට පත්වෙනවා. එතැනදී මහ ලේකම්වරයා ඉල්ලීමක් කරනවා මේ තනතුර සඳහා සුදුසුකම් ඇති අය ඉන්නව නම් ඉල්ලූම් කරන්න කියලා. ඒක විවෘත ඉල්ලීමක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් 193ක් තිබෙනවා. එතුමා මේ ඉල්ලීම කරන්නෙ ඒ ඕනෑම රටක තරුණයකුට හෝ තරුණියකට මේ පුරප්පාඩුව සඳහා අයදුම් කරන්න පුළුවන් කියන පණිවිඩයත් එක්කයි. එතැනදී අපේ රටේ සංවිධාන රැසක්ම මගේ නම ඒ සඳහා යෝජනා කරනවා.

මේ තනතුරට පත්වීමෙන් අනතුරුව මම දැනගත් කරුණුවලට අනුව එම පුරප්පාඩුව සඳහා අයදුම්පත් 1800ක් පමණ ලැබිල තියෙනවා. සාමාජිකත්වය දරන සෑම රටකින්ම ඉල්ලූම්පත් යොමු කරලා තිබෙනවා. එතැනදී මුලින්ම කරල තියෙන්නෙ ඒ අයදුම්පත් අතරින් ඉහළම සුදුසුකම් සහිත අයදුම්පත් පන්සියයක් මුලින්ම තෝරා ගන්න එක. දෙවැනි පියවර ලෙස තුන්සීයක් තෝරා ගන්නවා. ඊට පස්සෙ ඒක පනහක් දක්වා සීමාවකට ගේනවා. ඉන් අනතුරුව ලෝකයේ කලාප හය නියෝජනයවන පරිදි හයදෙනෙකුට සීමා කරන්න කටයුතු කරනවා. අනතුරුව එතැනිනුත් අන්තිමට තෝරා ගන්නෙ දෙන්නවයි. ඒ දෙන්න අතරින් එක් අයෙක් තමයි මම. ඉන් අනතුරුව පැති කිහිපයක් ඔස්සේ මගේ දැනුම, අවබෝධය හැකියාවන් පිළිබඳව කරන ලද පුළුල් අධ්‍යයනයකින් අනතුරුව එක්සත් ජාතීන්ගේ සංවිධානයයේ මහ ලේකම්වරයාගේ ලෝක තරුණ කටයුතු දූතවරිය ලෙස කටයුතු කරන්න මට අවස්ථාව හිමි වෙනවා. ඒ අනුව 2017 ජූලි මස 17 වැනි දින මම ඒ තනතුරේ වැඩ ආරම්භ කරනවා.

ප‍්‍රශ්නය - ඔබට පැවරෙන මුල්ම රාජකාරිය බවට පත්වන්නේ කුමක්ද?

පිළිතුර - මගේ පත්වීම ප‍්‍රදානය කිරීමෙන් අනතුරුව මහ ලේකම්වරයා විසින්ම අනිකුත් සාමාජික රටවලට මාව හඳුන්වා දෙනවා. ඉන් අනතුරුව එතුමන් විසින් මට භාර දෙන්නෙ ලෝකයට ම ගැළපෙන තරුණ ප‍්‍රතිපත්තියක් නිර්මාණය කරන එක. ඒක ලොකු අභියෝගයක්. රටවල් 193ක තරුණ තරුණියන් සියලූදෙනාට ගැළපෙන ආකාරයෙන් ඒ කටයුත්ත නිමාවට පත් කරගන්න මට මාස 09ක පමණ කාලයක් ගතවුණා. මොකද මේ වනවිට ලෝක ජනගහනය ගත්තොත් ඒ අය අතරින් 50%ක් ඉන්නෙ වයස අවුරුදු 30ට අඩු ජනගහනයක්. ඒ 50% ගත්තොත් ඒ අතරින් 90%ක් ජීවත් වෙන්නෙ දියුණු වෙමින් පවතින හා අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන රටවල වීම විශේෂත්වයක්. එහෙම තත්ත්වයක් තුළ ඒ ඒ රටවල සංස්කෘතිය සිතුම් පැතුම් පිළිබඳ කරන ලද අධ්‍යයනයකින් අනතුරුව තමයි ඒ තරුණ ප‍්‍රතිපත්තිය නිර්මාණය වෙන්නෙ.

ප‍්‍රශ්නය - ඔබව මේ තනතුර සඳහා තෝරා පත් කර ගන්නේ ළාබාල වයසින්. එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි දැවැන්ත ආයතනයක රාජකාරියට එය බාධාවක් බවට පත්වුණේ නැද්ද?

පිළිතුර - ඇත්තට ම ඒ වෙද්දී මම ජාත්‍යන්තර සංවිධානයක රාජකාරී කරලා තිබුණෙ නෑ. එතැනදී මේ වගේ දෙයක් කළමනාකරණය කිරීම පිළිබඳව යම් යම් ගැටලූ ඇතිවුණ අවස්ථා තිබුණා. නමුත් කෙටි කලක් තුළ ඒ අභියෝගය ජයගන්න මට පුළුවන්කම ලැබෙනවා.

උදාහරණයක් ගත්තොත් මම රාජකාරී ආරම්භ කරනකොට මගේ කාර්ය මණ්ඩලයේ හිටියෙ සාමාජිකයන් පස් දෙනයි. නමුත් මේ වනවිට කාර්යමණ්ඩලය සාමාජිකයන් තිස්දෙනෙකු ගෙන් සමන්විතයි. ඒ අය රටවල් තිහක් නියෝජනයවන පරිදි තෝරාගත් පිරිසක්. මෙතැනදී සඳහන් කළ යුතු තවත් දෙයක් තිබෙනවා. ඒ තමයි මම මගේ තනතුරේ රාජකාරී ආරම්භ කරද්දී සංවිධානය ඇතුළෙම යම් මූල්‍ය අර්බුදයක් පැවැතීම. නමුත් කෙටි කලක් තුළ අපේ සංවිධානයට අයත් මූල්‍යමය වශයෙන් පොහොසත් රටවල් එක්ක කතාබහ කරලා ඩොලර් මිලියනයක් විතර අරමුදලක් ගොඩනඟනවා. ඒ මුදල් දිළිඳු රටවල තරුණ තරුණියන් ගේ සුබ සිද්ධිය පිණිස යෙදෙව්වා. මේ වනවිට ඒ අරමුදල ඩොලර් මිලියන 03ක පමණ අගයක් දක්වා ඉහළ නංවන්න අපට පුළුවන්කම ලැබිලා තිබෙනවා.

ප‍්‍රශ්නය - ලෝක තරුණ ප‍්‍රජාව පිණිස ඔබ විසින් ක‍්‍රියාත්මක ව්‍යාපෘති සහ සේවාවන් පිළිබඳව ඔබ තෘප්තිමත්ද?

පිළිතුර - ඔව්...... රාජකාරිවශයෙන් වසරකට රටවල් විස්සක විසිපහ වගේ ප‍්‍රමාණයක මම සංචාරය කරනවා. විශේෂයෙනන් අප‍්‍රිකාව හා පැසිෆික් කලාපයේ රටවල තමයි සංචාර බහුලව සිද්ධ වෙන්නෙ.

යුද්ධයෙන්, ද්‍රරිද්‍රතාවයෙන් ඒ වගේම දේශගුණික විපර්යාස ආදියෙන් බැටකන තරුණ ප‍්‍රජාව හොයාගෙන ගොස් ඒ අයගේ ගැටලූවලට විසඳුම් සොයා දෙන්න මට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඊට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාල 130ක් පමණ ලෝකය පුරා ස්ථාපිතව පවතිනවා. ඒ සෑම කාර්යාලයක් සමගම සම්බන්ධ වෙමින් ඒ ඒ රටවල තරුණ ප‍්‍රජාව සමග කටයුතු කරන්න මට අවස්ථාව තිබෙනවා.

ප‍්‍රශ්නය - ජගත් මහ ලේකම්වරයාව සමීපව ඇසු කරන නිලධාරිනියක් ලෙස ඔහුගෙන් ඔබට හිමිවෙන්නෙ මොන වගේ සහයෝගයක්ද?

පිළිතුර - ඇත්තට ම එතුමාගෙ සහයෝගය නැත්නම් මේ වගේ වගකීමක් දරන්න අපහසු වෙනවා. ඕනෑම වෙලාවක මහ ලේකම්වරයාව මුණ ගැහෙන්න මට අවස්ථාව දීලා තිබෙන්නෙ. ඒ වගේම තමයි මාව මේ තනතුරට තෝරා ගැනීමෙන් පසු එතුමා තමයි ලෝකයේ සෙසු රටවලට ඒ වගේම එතුමගෙ කාර්ය මණ්ඩලයේ සෙසු සාමාජිකයන්ට මාව හඳුන්වා දෙන්නෙ. ඒ වගේම තමයි යම් ප‍්‍රශ්නයකදී දැඩි තීන්දු තීරණ ගන්න අවශ්‍ය නම් ඒ සඳහාත් මහලේකම්වරයා මට අවසර දීලා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කැබිනට් මණ්ඩලය හැදිලා තියෙන්නෙ හිටපු රාජ්‍ය නායකයන්, අගමැතිවරුන්, විදේශීය අමාත්‍ය ධුර හොබවන ලද පුද්ගලයන් ඇතුළු සම්භාවනීය පුද්ගලයන්ගෙන්. එවැනි තැනක ශ‍්‍රී ලාංකික තරුණියක් වශයෙන් ඒ වගේම ඒ සංවිධානයේ වසර 75ට ආසන්න ඉතිහාසයක් තුළ එහි උසස්ම නිලයක් හොබවන්නිය ලෙසත් මම වාර්තාවක් පිහිටු වනවා. ඇත්තට ම ඒක මට විතරක් නොවෙයි අවුරුදු 26ක් වෙනකම් මම ජීවත්වූ මගේ රටටත් ලොකු අභිමානයක්.

ප‍්‍රශ්නය - මෙතෙක් ගතකළ ධුර කාලය තුළ ඔබට මුණගැසුණු සුවිශේෂී පුද්ගලයන් කවුද?

පිළිතුර - ජගත් මහ ලේකම්වරයාගේ නියෝජිතවරියක් ලෙස වරක් මට රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් මහතා මුණ ගැසෙනවා. ඒක සුවිශේෂී අවස්ථාවක්. ඒ වගේම 2018 වර්ෂයේදී ලන්ඩන් නුවර පැවැති වැඩමුළුවක් අතර තුර චාල්ස් කුමරු මුණගැසීමට මට අවස්ථාව ලැබෙනවා.

තවත් අවස්ථාවක දකුණු අප‍්‍රිකාවෙ කරන ලද සංචාරයක් අතරතුර නෙල්සන් මැන්ඩෙලාගේ බිරිඳ ඒ වගේම බිල් ගේට්‌ස් හා ඔහුගේ බිරිඳ. ඔය වගේ ලෝක පූජිත පුද්ගලයන් විශාල පිරිසක් ඇසුරු කරන්න මට අවස්ථාව හිමි වෙනවා. මෙතැනදී මතක් කළ යුතු තවත් කෙනෙක් ඉන්නවා. එතුමිය තමයි නවසීලන්ත අගමැතිනිය ඇයත් සමග වැඩකටයුතු කිරීම හරිම පහසුයි. ඇගේ නිරහංකාර බව අගයකළ යුතුයි.

ප‍්‍රශ්නය - වරක් ඔබ නැඟී එන ලෝක නායකයන් සියලූදෙනා අතරින් එක් අයෙක් බවට ලෝක පූජිත ටයිම්ස් සඟරාව මගින් නම් කරනවා. ඒ පිළිබඳව යමක් සඳහන් කරනව නම්.

පිළිතුර - ඒ සඳහා මගේ නම ඇතුළත්වීම පසුපස මොනවගේ වටපිටාවක් තිබුණ ද කියන කාරණය ගැන මම අදටත් දන්නෙ නෑ. ඒ සඳහා මාව තෝරා ගැනීමෙන් අනතුරුව ටයිම්ස් සඟරාවෙන් කතා කරලා මගෙන් විමසුවා ලිස්ට් එකට නම දානව අකමැත්තක් නැද්ද කියලා. එච්චරයි. ඒ සම්බන්ධයෙන් මම දන්නෙ. ඔය වගේම සිද්ධියක් 2020 වර්ෂයේදීත් සිද්ධ වෙනවා. එවරත් වයස අවුරුදු 30ට අඩු අනාගත නායකත්වයේ ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයන් 30 (Fobes)  ‘ෆෝබ්ස්’ සඟරාව මගින් නම් කරනවා. ඒ තිස්දෙනා අතරටත් මගේ නම ඇතුළත් වෙනවා.

ප‍්‍රශ්නය - කෙටි කලක් තුළ මේ තරම් දීර්ඝ ගමනක් යෑම පසුපස ඔබට ශක්තියක් වූ පිරිස කවුද?

පිළිතුර - මගේ අම්මා, තාත්තා රජයේ සේවකයන්. ඒ දෙන්න මටයි නංගිල දෙන්නටයි අධ්‍යාපනය දෙන්න හුඟක් මහන්සි ගත්තා. මම 5 වසර වෙනතෙක් අලූත්ගම සංඝමිත්තා බාලිකා විදුහලේ අධ්‍යාපනය ලබනවා. ශිෂ්‍යත්වය සමත් වීමෙන් අනතුරුව කොළඹ විශාකා විදුහලට ඇතුළත් වෙලා එතැනදී ලබන අධ්‍යාපනය තුළින් සරසවි වරම් හිමිකර ගන්නවා. ඒ අනුව තමයි මම කොළඹ විශ්වවිද්‍යායට ඇතුළත් වෙන්නෙ. මේ හැම තැනකදීම අධ්‍යාපනයට අමතරව බාහිර ක‍්‍රියාකාරකම්වලදී මම මුල්තැනක හිටියා මට මතකයි. 2011 වර්ෂයේදී NIBN එක සහ තරුණ කටයුතු අමාත්‍යාංශය එක්ව පැවැත්වූ තරගයකින් මම දෙවැනි ස්ථානයට පත්වෙනවා. එතැනදී මට අවස්ථාව හිමිවෙනවා තරුණ සේවා සභාව හා සම්බන්ධ වෙමින් කටයුතු කරන්න. ඒ වගේම නැඟ්ී එන තරුණ නායකයන් හඳුනාගැනීමේ සම්මානයක් වරක් මා විසින් දිනා ගන්නවා. විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ සිසුවියක් විදිහට තමයි ඒ සඳහා ඉදිරිපත් වෙන්නෙ. ඊට අමතරව ගත්තොත් 2014 වර්ෂයේදී අපේ රටේ ලෝක තරුණ සමුළුවට එක්වෙනවා. ඒ සඳහා ලෝකයේ තරුණ තරුණියන් 2500ක් පමණ සහභාගි වෙනවා. තරුණ සේවා සභාව හරහා මමත් මේ දේවල්වලට සම්බන්ධ වෙනවා. මෙන්න මේ බාහිර ක‍්‍රියාකාරකම් තුළින් ලද පන්නරය විසින් තමයි මාව මේ තරම් දුරක් අරන් යන්නෙ.

ප‍්‍රශ්නය - අපේ රටේ තරුණ තරුණියන්ට ඔබ විසින් ලබාදෙන පණිවිඩය කුමක්ද?

පිළිතුර - ඇත්තට ම උත්සාහය හා කැපවීම මත තමයි මම මේ ගමන ආවෙ. වරක් එරික් සෝල්හයිම් මට ඇමෙරිකාවේදී මුණ ගැසුණ අවස්ථාවක ඔබ ශ‍්‍රී ලංකා අග‍්‍රාමාත්‍ය රත්නසිරි වික‍්‍රමනායකගෙ දුවද? කියලා අහනවා. අපේ රටෙත් මේ ආකල්පය පවතිනවා. මොකද මේ වගේ තනතුරක් නෙමෙයි ලිපිකරු තනතුරක් ගන්න උනත් අද දේශපාලනඥයන් පසේසෙ යන්න ඕනි. එහෙම සංස්කෘතියක් තියෙන වටපිටාවක තරුණ ප‍්‍රජාව හිතනව තමන්ට ගමනක් නෑ කියලා. ඒක මිත්‍යාවක්. තමන් විසින්ම තමන් යා යුතු පාර හදා ගන්න ඕනෙ. ඊට පස්සෙ ඒ ගමන යන්න කාගෙවත් උදව් අවශ්‍ය වෙන්නෙ නෑ.
 

විශේෂාංග

sikuru

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles