Divaina - රුහුණෙන් සිංහ පැටව් තිදෙනෙක්... රිදියගම සෆාරි උද්‍යානයේ ප‍්‍රථම සිංහ පැටව් උපත

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 සටහන හා සේයාරූ -  මත්තල - දිලීප් එන්. ජයසේකර
 
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ලංකාවේ සෆාරි උද්‍යාන සම්පූර්ණයෙන්ම වසා දැමීමට කටයුතු කෙරුණි. මේ හේතුව නිසා සෆාරි උද්‍යානවල සේවකයන් හැරුණුකොට කිසිදු සංචාරකයකු මේ දිනවල දැකිය නොහැකිය. සංචාරකයන්ගේ නොපැමිණීම නිසා සෆාරි උද්‍යානවල ආදායමද මේ වන විට සියට සියයක්ම පහත වැටී තිබේ. රටේ පවතින අයහපත් තත්ත්වය හමුවේ සෆාරි උද්‍යාන පිළිබ`දව ජනතා මතකයෙන්ද ඈත් වෙමින් යද්දී පසුගිය දින හදිසියේම හම්බන්තොට රුහුණු රිදියගම සෆාරි උද්‍යානය පිළිබ`දව කතාබහට ලක්වන්නට විය. ඒ අන් හේතුවක් නිසා නොව කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සෆාරි උද්‍යානය වසා තිබූ මොහොතේ රුහුණු රිදියගම සෆාරි උද්‍යානයේ සිංහ කලාපයේ සිටි ”ෂීනා” නැමති සිංහ ධේනුව පසුගිය 17 හා 18 දෙදින තුළදී සිංහ පැටවුන් තිදෙනකු බිහිකිරීමය.


 

sinha500

පසුගිය 17 වන දින සවස 4.30ට පමණ ”ෂීනා’’ පැටවුන් දෙදෙනකු බිහි කළ අතර 18 දින අළුයම් කාලයේදීද තවත් පැටවකු බිහිකර තිබේ. අප‍්‍රිකානු සිංහ ධේනුවක වන ෂිනා ලංකාවට පැමිණියේ මීට වසර හතකට පෙරාතුවය. ඒ 2013 වසරේදී ජර්මනියේ සිටය. ලංකාවට පැමිණෙන විට වයස අවුරුදු දෙකක් වූ ”ෂීනාට’’ මේ වන විට වයස අවුරුදු නවයකි. මේ කාල පාරාසය තුළ ”ෂීනා” බිහිකළ පැටවුන් ගණන 07කි. මෙවර ”ෂීනා’’ බිහිකළ පැටවුන් තිදෙනාගේ පියා ”ෂූලා’’ ය. චීනයේ සිට ලංකාවට රැගෙන ආ ‘‘ෂූලා’’ද ”ෂීනා’’ මෙන්ම අප‍්‍රිකානු සිංහයෙකි.
 
 රිදියගම සෆාරි උද්‍යානය ආරම්භයටත් පෙර මෙහි සිටින සිංහයන් පිළිබ`දව පළමුවෙන්ම කතාබහට ලක් වූයේ 2015 වසරේ අග භාගයේදීය. ඒ සෆාරි උද්‍යානයට මුදාහැරීම ස`දහා සිංහයන් 08 දෙනකු රැගෙනවිත් රිදියගම සෆාරි උද්‍යානයේ කූඩු තුළ ර`දවා තබා සිටි අතර මින් වයස අවුරුදු පහක් වූ දිගින් අඩි පහමාරක් තරම් වූ එක් කේසර සිංහයකු 2015.12.04 දින එක්වරම මියගියේය. එලෙස මියගියේ සත්වෝද්‍යාන සත්ව හුවමාරුව වැඩසටහන යටතේ දකුණු කොරියාවේ සිට මෙරටට ගෙන්වන ලද ”බොලී’’ නැමති කේසර සිංහයෙකි.
 
 එදායින් පසු නැවතත් රිදියගම උද්‍යානයේ සිංහයන් පිළිබ`දව කතා බහට ලක්වූයේ 2016 වසරේදීය. ඒ සෆාරි උද්‍යානයේ සිටි දකුණු කොරියාවේ සිට මෙරටට රැගෙන එනු ලැබූ ”සහරා’’ නැමති සිංහ ධේනුවට හා මහජන චීන සමූහ ආණ්ඩුවෙන් මෙරටට ලැබී තිබූ  ”සූලා’’ නැමති සිංහයාටත් දාව සිංහ පැටවුන් දෙදෙනකු උපත ලැබීමත් සමගය. ”සූලාගේ’’ ප‍්‍රථම දරු උපත මෙය වූ අතර එය 2016.07.12 වන දින රිදියගම සෆාරි උද්‍යානයේදී සිදු විය. මෙය රිදියගම සෆාරි උද්‍යානයේ සිදුවෙන ප‍්‍රථම සිංහ පැටවු උපත හේතුවෙන් උද්‍යානයේ පශු වෛද්‍යවරු ඇතුළු පිරිස සිංහ ධේනුව පිළිබ`දව දැඩි අවධානයකින් පසුවිය. නමුත් මෙම සිංහ පැටවුන් දෙදෙනා ජීවත් කර ගැනීමට නොහැකි විය. ඒ සිංහ ධේනුව විසින් සිය පැටවුන්ට කිරි දීම ප‍්‍රතික්ෂේප කර අතහැර දැමීම හේතුවෙනි.
 
 ඉන් පසු දෙවන සිංහ උපත රිදියගමදී සිදුවන්නේ 2017 වසරේදීය. ඒ ”ෂීනා’’ නැමති සිංහ ධේනුවට හා ”සූලා’’ නැමති සිංහයාට දාවය. එහිදී ”ෂීනා’’ පිරිමි පැටවුන් තිදෙනකු හා ගැහුණු පැටවුන් එක් අයකු ලෙස පැටවුන් සිව් දෙනකු බිහිකළාය. රිදියගම සෆාරි උද්‍යානයේ සිදු වූ පළමු සිංහ උපතේදී සිංහ ධේනුව විසින් පැටවුන් අතහැර දැමීම නිසා එම පැටවුන් දෙදෙනා ආරක්ෂා කර ගැනීමට නොහැකි විය. මේ හේතුව නිසා දෙවන සිංහ උපතේදීද එය එලෙසම සිදුවිය හැකි බැවින් උද්‍යානයේ කාර්ය මණ්ඩලය ”ෂීනා’’ පිළිබ`දව දැඩි අවධානයකින් පසුවිය. කෙසේ නමුත් ”ෂීනා’’ ”සහරාට” වඩා බොහෝ සෙයින් වෙනස් වූ සිංහ ධේනුවක් බවට පත් විය. ”ෂීනා’’ සිය දරුවන් ප‍්‍රතික්ෂේප නොකර කිරිදී ඔවුනට රැකවරණය ලබා දුන්නාය. අද වන විට එම පැටවුන්ගේ වයස අවුරුදු 03කි. මෙම පැටවු සිව් දෙනාගෙන් ගැහුණු පැටවා සහ පිරිමි පැටවුන් දෙදෙනකු මේ වන විටත් රිදියගම සෆාරි උද්‍යානයේම පසුවෙන අතර ඉන් ”කූගර්’’ නැමති පිරිමි සිංහ පැටවා අඹේපුස්ස සිංහ රෙජිමේන්තුවට පරිත්‍යාග කෙරුණු අතර එහි සුරතලා විදිහට ”කූගර්’’ ඇති දැඩි වෙමින් සිටින බවයි රිදියගම සෆාරි උද්‍යානයේ සහකාර අධ්‍යක්ෂ කසුන් හේමන්ත සමරසේකර මහතා පැවසුවේ. එමෙන්ම ”ෂීනාට’’ දාව උපන් ගැහුනු සත්වයා වන ”මීරා’’ මේ වන විට ගැබ්බරව තමයි ඉන්නේ. ඉදිරි සති කිහිපය තුළදී එම සිංහ ධේනුවත් පැටවුන් බිහි කිරීමට නියමිතයි.”මීරාගේ’’ දරු උපතත් සමග ”ෂීනා’’ මිත්තනියක් බවටද පත්වෙනු ඇති බවයි සහකාර අධ්‍යක්ෂවරයා පැවසුවේ. එමෙන්ම සෆාරි උද්‍යානයේ සිටින ”ලාරා’’ නැමති සිංහ ධේනුවද මේ වන විට ගැබ්බරව තමයි ඉන්නේ. ඇයත් ඉදිරි දින කිහිපය තුළදී පැටවුන් බිහි කිරීමට නියමිතය.
 
 රිදියගම සෆාරි උද්‍යානයේ සිංහ කලාපය තුළදී තුන් වන වරටත් සිංහ පැටවු බිහි වීමක් සිදු වුණා. ඒ 2018 වර්ෂයේදී. එහිදී ”සහරා’’ නැමති සිංහ ධේනුව විසින්ම නැවතත් පැටවුන් දෙදෙනකු බිහි කරනු ලැබුවා. පෙර පරිදිම මෙවරත් ”සහරා” විසින් සිය පැටවුන් දෙදෙනාම අතහැර දැමීමක් සිදු වුණා. එහිදී එක් පැටවකු මියගිය අතර එක් පැටවකු පශු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ කිරි පොවා ඇති දැඩි කිරීම සිදුකර ගත්තා.
 
 එහෙම තියෙද්දී තමයි රිදියගම සෆාරි උද්‍යානයේ නැවතත් 2020.11.17 වන දින යළි ”ෂීනා’’ විසින් පැටවුන් තිදෙනකු බිහි කරනු ලැබුවේ. මෙය රිදියගම සෆාරි උද්‍යානයේ සිදුවුණු සිව් වන සිංහ දරු උපත. මේ වන විට සියලූම පැටවුන් ඉතාමන් නිරෝගී සුවෙන් ඉන්නවා. ”ෂීනා’’ විසින් එම පැටවුන් නියම විදියට බලා ගැනීම හා කිරි දීම සිදුකරනු ලබනවා. ඉතින් ඒ නිසා අපි මේ සතුන් ස`දහා පශු වෛද්‍යවරුන් යොදවා අනවශ්‍ය ඇ`ගිලි ගැසීමකට යන්නේ නෑ. මොකද අපි මේ පැටවුන්ට ලංවෙන්න උත්සාහ කිරීම හා අනවශ්‍ය ලෙස අතපතගෑමට යෑම තුළින් සිංහ ධේනුව විසින් පැටවුන් ප‍්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒ නිසා අප සතුන් පිළිබ`දව නිරතුරුවම නිරීක්ෂණය කරනවා. කලින් වතාවේදීත් ”ෂීනා’’ සිය පැටවුන් නිරුපද්‍රිතව රැකබලා ගත්ත නිසා මේ වතාවේදී අපට බිය වන්න කිසිදු හේතුවක් නෑ. මේ වන විට පැටවුන් සමග සිංහ ධේනුව ඉතාමත් ආරක්ෂිත කලාපයක් තුළ සිටිනවා. මාස තුනකින් පමණ පසුව තමයි පැටවුන් සමග සිංහ ධේනුව සාමාන්‍ය සිංහ කලාපය වෙත මුදාහැරීම සිදුකරණු ලබන්නේ. මෙම සිංහ පැටවුන් උපත සිදුවන අවස්ථාව වන විට සෆාරි උද්‍යානය සංචාරකයන් ස`දහා වසා තබලයි තිබුණේ. කොරෝනා දෙවන රැල්ලත් සමග සෆාරි උද්‍යානය 2020-10-12 වන දින වසා දැමීම සිදුකරනු ලැබුවා. ඒ කෙසේ වෙතත් සත්ව සුබසාධන කටයුතු සුපුරුදු පරිදිම කාර්ය මණ්ඩලය විසින් සිදු කරගෙන යනවා. කිසිදු හේතුවක් නිසා බිය වෙන්න දෙයක් නෑ සත්ව සුබසාධනය පිළිබ`දව. මේ වන විට දැනට සෆාරි උද්‍යානයේ සිටින සේවකයන් සේවා මුර ක‍්‍රමය යටතේ තමයි සේවයට වාර්තා කරන්නේ. ඉතින් එක් කණ්ඩායමක කෙනකුට යම් ආසාධිත තත්ත්වයක් ඇති වුවත් දෙවන කණ්ඩායම යොදා ගනිමින් මෙහි කටයුතු නිසි පරිදි සිදුකරගෙන යෑමට හැකියාව පවතින බවයි සහකාර අධ්‍යක්ෂ කසුන් හේමන්ත මහතා වැඩිදුරටත් පැවසුවේ.
 
 මෙවර උපන් සිංහ පැටවුන් තිදෙනාද සමග රිදියගම සෆාරි උද්‍යානයේ සිටින මුළු සිංහයන් ගණන 14ක් බවට පත් වෙනවා. ඉන් 07 දෙනකුම රිදියගම සෆාරි උද්‍යානය තුළදීම උපත ලැබූවන් වීමද විශේෂත්වයකි. සිංහ ධේනුවකගේ සාමාන්‍ය ගැබ්බර කාලය ලෙස දැක්වෙන්නේ මාස තුනක් හෝ තුනහමාරක පමණ කාලයකි. වසරකදී දෙවතාවක් පැටවුන් බිහිකරන සිංහ ධේනුවක වරකට සිංහ පැටවුන් තිදෙනකු හෝ සිව් දෙනකු ලෙස බිහි කරයි. රටේ පවතින අයහපත් වතාවරණය පහව යෑමත් සමග ජනතාව ස`දහා මෙම සෆාරි උද්‍යානය විවෘත වන අතර එහිදී මෙහි පැමිණෙන සංචාරකයන් ස`දහා මෙම සිංහ පැටවුන් තිදෙනාගේ මෙන්ම තවත් සිංහ පැටවුන් කිහිප දෙනකුගේම සිංහ සුරතල් බැලීමට සංචාරකයන්ට අවස්ථාව හිමිවනු නොඅනුමානය.

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles