Divaina - ගුවන් හමුදාවට නව නියමුවෙක්.... ඇතුළෙන් සහ පිටින් දියත්වූ කුමන්ත‍්‍රණය... ශවේන්ද්‍රගේ තහනම ගැන පොම්පියෝ දුන් පොරොන්දුව...

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 

shawendra

* ගුවන් හමුදාවට නව නියමුවෙක්

මනෝජ් අබයදීර

මයික් පොම්පියෝ ආගමනය දේශපාලනයේදී පමණක් නොව ජාතික ආරක්ෂාව කෙරෙහි ද සංවේදීභාවයක් දරනු ලබයි. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා පමණක් නොව ආරක්ෂක ලේකම්වරයා ද ශ‍්‍රී ලංකාවට පැමිණෙන බව සමහර පාර්ශ්ව සඳහන් කිරීමත් සමග ආරක්ෂාව යන මාතෘකාව සඳහා තවත් බර තැබීමක් පොම්පියෝ ගමනට එක්විය. එසේ වුවත් කොළඹ එක්සත් ජනපද කාර්යාලය විසින් නිකුත් කරන ලද නිවේදනයකින් කියාසිටියේ, තම රටේ ආරක්ෂක ලේකම්වරයා ශ‍්‍රී ලංකාවේ සංචාරය සඳහා එක් නොවන බවය. මයික් පොම්පියෝ ගමන ශ‍්‍රී ලංකාව සඳහා තීරණාත්මක භාවයක් දරන ලද්දේ යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙත එක්සත් ජනපදය විසින් පනවන ලද සංචාරක තහනම සමගය.

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානි ධුරයේ කටයුතු කරමින් සිටි සමයේදී ඔහු විශ‍්‍රාම ගැන්වීම සඳහා යුද හමුදා අභ්‍යන්තරයේ මෙහෙයුමක් දියත් විය. ඒ සඳහා සඳහා නායකත්වය දෙනු ලැබුවේ, එවකට යුද හමුදාපති ලෙස යහපාලන ආණ්ඩුව විසින් ආනයනය කර, පත් කරන ලද මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකය.


ඇතුළෙන් සහ පිටින් දියත්වූ කුමන්ත‍්‍රණය

යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානි ධුරය 2018 වසරේ දෙසැම්බර් මාසයේදී හිස් වන්නේ එම තනතුර එතෙක් දරමින් සිටි මේජර් ජෙනරාල් දම්පත් ප‍්‍රනාන්දු විශ‍්‍රාම යෑම නිසාය. ඒ සඳහා හමුදාපති මහේෂ් සේනානායක විසින් නම් කරන ලද්දේ මේජර් ජෙනරාල් සත්‍යප‍්‍රිය ලියනගේය. හමුදාපතිවරයා විසින් කරන ලද නම් කිරීම ඉවත දමමින් ජනාධිපතිවරයා විසින් යුද හමුදාපති වෙත දන්වා යවන ලද්දේ අදාළ තනතුර සඳහා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨයන් දස දෙනාගේ නම් තමා වෙත එවන ලෙසය. හමුදාපතිවරයා විසින් අදාළ නාම ලේඛනය යැවීමෙන් පසු ජ්‍යෙෂ්ඨත්වය අතින් ඉහළින්ම සිටි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානි ලෙස ජනාධිපතිවරයා විසින් නම් කරන ලද්දේය. ශවේන්ද්‍ර සිල්වා හිස් අතින්ම ගෙදර යැවීම සඳහා මහේෂ් සේනානායක දරන ලද පළමු උත්සාහය අසාර්ථක වූයේ එසේය.

ශවේන්ද්‍ර සිල්වා ගෙදර යැවීම සඳහා මහේෂ් සේනානායක දරන ලද ඊළඟ උත්සාහය වූයේ යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානි ධුරයේ සිටි ශවේන්ද්‍ර සිල්වා විශ‍්‍රාම යැවීමය. අනිකුත් සියලූ මේජර් ජෙනරාල්වරුන්ගේ අදාළ විශ‍්‍රාම ගැන්වීමේ ලේඛන හමුදා මූලස්ථානයෙන් ජනාධිපතිවරයා වෙත කල් වෙලා ඇතිව යොමු කරන ලද යුද හමුදාපති මහේෂ් සේනානායක, එම සාමාන්‍ය පටිපාටියෙන් බැහැරව මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විශ‍්‍රාම ගැන්වීම පිළිබඳව වන ලේඛන, ආරක්ෂක අමාත්‍යාංශය වෙත යොමු නොකළේය.

පකිස්ථානයේ යෑමට පෙර ජනාධිපති අතට ලිපිය

ජනාධිපති මෙත‍්‍රිපාල සිරිසේන මහතා වෙත කල් වෙලා ඇතිව ශවේන්ද්‍ර සිල්වා විශ‍්‍රාම ගැන්වීමේ ලිපිය යොමු කළහොත්, ඔහු වෙත සේවා දීර්ඝයක් ලබා ගැනීම සඳහා අවස්ථාව මාස ගණනාවක සිටම ඇති වේ. එම අවස්ථාව ශවේන්ද්‍ර සිල්වා වෙත අහිමිකර, තම චක් ගෝලයෙකු යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානි ධුරය සඳහා පත් කර ගැනීම මහේෂ් සේනානායකගේ උපාය විය. 2019 වසරේ ජුනි දස වැනිදා උදෑසන යුද හමුදාපතිවරයා විසින් ඉතාම රහසිගත ආකාරයෙන් ලහි ලහියේ හමුදා මූලස්ථානය තුළදී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විශ‍්‍රාම ගැන්වීමට අවශ්‍ය ලේඛන සකසන්නට පටන් ගත්තේ, පසුදා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පකිස්ථානය වෙත රාජ්‍ය තාන්ත‍්‍රික සංචාරයක් සඳහා යෑමට සූදානම්ව සිටියදීය. එම හදිස්සිය අතරේ ජනාධිපතිවරයා වෙත ශවේන්ද්‍ර සිල්වාගේ විශ‍්‍රාම යෑමේ ලේඛන යවා අත්සන් තබා ගැනීම යුද හමුදාපතිවරයාගේ උපාය විය.

දේශපාලනයෙන් අතිශයින්ම තෙම්පරාදු වී සිටි ජනාධිපති මෙත‍්‍රිපාල තමා වෙත ලැබුණු ලිපි ගොනුව පසුවට අත්සන් තබන බව පවසා සිය සංචාරය සඳහා පසුදා පිටත්ව ගියේය. සංචාරය නිමවා පැමිණි ජනාධිපතිවරයා මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා තවදුරටත් සක‍්‍රීය හමුදා සේවයේ තබා ගැනීම සඳහා වන අනුමැතිය ලබා දෙන්නේ, මහේෂ් සේනානායකගේ සියලූ සැලසුම් ව්‍යර්ථ කරවමිනි. ඒ වන විටත් සේවා දීර්ඝ දෙකක් ලබා සිටි මහේෂ් සේනානායක සිය තුන් වෙනි සේවා දිගුව සඳහා ඉව අල්ලමින් සිටියේය. ඒ සඳහා පරහට සිටියේ යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාය. මානුෂිය මෙහෙයුමේ මහා සෙන්පතියෙකු වූ ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති වීම ජාතියේ එක් බලාපොරොත්තුවක් විය. බුද්ධි අංශ වනසා ජාතික ආරක්ෂාව අබල දුබල කරන ලද යහපාලන ආණ්ඩුව ද පාස්කු ප‍්‍රහාරය හේතුවෙන් ඒ වන විට හොඳ පාඩමක් ඉගෙන ගෙන තිබිණි. ක‍්‍රිශාන්ත සිල්වා, මහේෂ් සේනානායක පන්නයේ හමුදාපතිවරු පත් කර ගැනීමේ ප‍්‍රතිඵල තමන් විසින් තමන්ටම කසයෙන් තලා ගන්නා සේ යහපාලනයට අත්දකින්නට ලැබිණි. මේ හේතු නිසා ජනාධිපති මෙත‍්‍රිපාල සිරිසේන මහතාගේ අවශ්‍යතාවය වූයේ ද ශවේන්ද්‍ර සිල්වා වෙත යුද හමුදාපති තනතුර ලබාදීමය.

 

save666

ජනපති මෛත‍්‍රිට එතෙර බලපෑම්

මේ අවස්ථාව වන විට දෙස් විදෙස් බලවේග ගණනාවක්ම ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති තනතුර සඳහා පත් නොකරන ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත නොනිල ආකාරයෙන් දැනුම් දී තිබිණි. කිසිදු හදිස්සි තත්ත්වයක් නොමැතිව එක්සත් ජනපද තානාපතිනි අලයිනා බි. ටෙප්ලිස් මහත්මිය ජනාධිපති මෛත‍්‍රි හමුවීම සඳහා පැමිණියේ නව හමුදාපතිවරයකු පත් කර ගැනීමට ඔන්න මෙන්න තිබියදීය. සති අන්තයේ පැමිණෙන ඇයගේ අවශ්‍යතාවය හදුනාගෙන සිටි ජනාධිපතිවරයා ටෙප්ලිස් පන්දුව දැමීමට පෙර. සාකච්ඡාව නිමා කළේ කතාව ලිස්සා යවමිනි. එසේ වුවත් බලපෑම අඩුවක් නොවිය. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, ජනාධිපති ලේකම් උදය ආර්.සෙනවිරත්න මහතා සමග දීර්ඝ වේලාවක් කතා බහ කළේය. එවකට ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩගේ මතය වූයේ මහේෂ් සේනානායක වැනි අකාරයක්‍ෂම හමුදාපතිවරයෙකු තව දුරටත් සේවා දීර්ඝ ලබා දෙමින් රඳවා නොගෙන, ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති බවට පත් කළ යුතු බවය. මෙම මතය ගෙන හැර දැක්වූ ජනාධිපති ලේකම්වරයා ද දිගින් දිගටම පේනවා දෙන ලද්දේ. අපේ රටේ හමුදාපති ඇමරිකාවට අවශ්‍ය ආකාරයට පත් කරන්නේ ඇයිද යන්නය. එම සාකච්ඡාවෙන් පසු ජනාධිපති මෛත‍්‍රී දැඩි තීරණයක් ගෙන 2019 අගෝස්තු 19 වෙනිදා ශී‍්‍ර ලංකා යුද හමුදාවේ විසි තුන්වෙනි හමුදාපතිවරයා ලෙස ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කළේය.


යුරෝපා සංගමය සහ ඇමරිකාවේ විරෝධය


එම පත්කිරීම සම්බන්ධයෙන් එදිනම සිය දැඩි අවධානය යොමුවී ඇතැයි අමෙරිකා එක්සත් ජනපදය එදින පැවසු අතර කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත්කරමින් පැවසුවේ විශේෂයෙන් සංහිඳියාව හා සමාජ සමගිය සඳහා වන අවශ්‍යතාව අතිශය වැදගත් වන අවස්ථාවක අදාළ පත්වීම ශී‍්‍ර ලංකාවේ කීර්තිනාමය යුක්තිය සහ වගවීම ප‍්‍රවර්ධනය කිරීම සඳහා වූ කැපවීම් හෑල්ලූවට ලක් කරයි යනුවෙනි.

ඊට පසුදින එනම් අගෝස්තු 20 වෙනිදා රටවල් හයක දූත මණ්ඩලවල එකඟතාව ඇතිව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළ යුරෝපා සංගමය. මේ පියවර නිසා සාධාරණත්වය සහ වගවීම තහවුරු කිරීම සඳහා 2019 මාර්තු මාසයේදී ශී‍්‍ර ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැක්වූ සහයෝගය පිළිබඳව ගැටලූ මතුවන බව පවසා සිටියේය.

එසේ මතුවෙමින් ආ ජාත්‍යන්තර ප‍්‍රතිචාරවලට පිළිතුරක් දෙමින් අගෝස්තු 20 වෙනිදා නිවේදනයක් නිකුත් කළ විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටියේ විදේශීය පාර්ශ්වයන් මඟින් ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය සේවයේ උසස් කිරීම් පිළිබඳ තීරණ හා අභ්‍යන්තරික පරිපාලනමය ක‍්‍රියාවලීන්ට බලපෑම් කිරීමට උත්සාහ දැරීම යුක්ති සහගත නොවන අතර එය පිළිගත නොහැකි ක‍්‍රියාවක් බවය. චෝදනා මත පදනම්ව ඇතැම් ද්විපාර්ශ්වික හවුල්කරුවන් සහ ජාත්‍යයන්තර සංවිධාන විසින් මෙම පත්කිරීම සැලකිලිමත් විය යුතු තත්ත්වයක් ලෙස පෙන්වා දෙනු ලැබීම කනගාටුවට කරුණක් වන අතර එය ජාත්‍යන්තර ප‍්‍රජාවේ සියලූම වගකිවයුතු සාමාජිකයන් විසින් අනුගමනය කරනු ලබන ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට පටහැනි වේ” යනුවෙන් ද විදේශ කටයුතු අමාත්‍යාංශය සිය නිවේදනයෙන් කියා සිටියේය.


ශවේන්ද්‍රට පොම්පියෝගෙන් තහංචි

මෙසේ මුල සිටම එක්සත් ජනපදය ඇතුළු බටහිර බල ඇණිය. ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති තනතුරට පත් කිරීමට එරෙහිව අවි ඔසවා කටයුතු කරන විට ඒ සඳහා එක්සත් ජනපදය සිය බලහත්කාර ප‍්‍රයත්නය මුදුනට නංවන ලද්දේ 2020 ආදරවන්තයන්ගේ දිනයේදීය. දේශයට අසීමිතව ආදරය කරන ලද යුද සෙන්පතියෙකු, යුද හමුදාපති ලෙස එක්සත් ජනපද අණ නොතකා පත් කිරීමේ වරදට 2020 පෙබරවාරි 14 වෙනිදා ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි සහ යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඔහුගේ පවුලේ සියලූ දෙනා වෙත එක්සත් ජනපදයට ඇතුල්වීම තහනම් කිරීමට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබිය. ඒ සඳහා නෛතික ලෙස අත්සන් තබන ලද්දේ, පසුගිය බදාදා ශී‍්‍ර ලංකාවට පැමිණි එක්සත් ජනපද රාජ්‍යය ලේකම් මයික් පොම්පියෝය.

ශී‍්‍ර ලංකාවේ පැවති යුද්ධයේ අවසන් අදියරේ දී යුද හමුදාවේ 58 වෙනි සේනාංකය විසින් මානව හිමිකම් කඩකරන ලදැයි එල්ල වූ චෝදනාවලට අදාළව එම සේනාංකයේ අණදෙන නිලධාරියාව සිටි වත්මන් යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප‍්‍රසිද්ධියේ නම් කරන ලද බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය නිවේදනයෙන් පවසා සිටියේය.

පවුලටත් තහංචි

නිවේදනයක් නිකුත්කරමින් එම දෙපාර්තමේන්තුව කියා සිටියේ 58 වෙනි සේනාංකය විසින් අධිකරණමය ක‍්‍රියාදාමයකින් තොර මනුෂ්‍ය ඝාතන ආදී බරපතළ මානව හිමිකම් කඩකිරීම්වලට අදාළව එහි අණදෙන්නාගේ වගකීම හරහා ශවේන්ද්‍ර සිල්වාගේ ඇති සම්බන්ධය පිළිබඳ විශ්වාසදායී තොරතුරු හේතුවෙන් විදේශ මෙහෙයුම් සහ ඒ අදාළ වැඩසටහන් විසර්ජන පනතේ 7031 (ජ) වගන්තිය ප‍්‍රකාරව එම පියවරට එළඹුණු බවය.

ඒ අනුව විදේශ නිලධාරීන් බරපතළ මානව හිමිකම් කඩකිරීම් හෝ සැලකිය යුතු දූෂණවල යෙදී ඇතැයි යන්න ගැන විශ්වාසදායී තොරතුරු රාජ්‍ය ලේකම්වරයා සතු වන විට එවැනි පුද්ගලයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ එක්සත් ජනපදයට ඇතුළුවීමට සුදුසුකම් නොලබන හෙයින් එම නීති ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් රාජ්‍ය ලේකම්වරයා විසින් ප‍්‍රසිද්ධියේ හෝ පුද්ගලිකව නම් කරනු ලබන බවත්, ඒ අනුව ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට අමතරව ඔහුගේ පවුලේ සාමාජිකයෝ ද එක්සත් ජනපදය සඳහා ඇතුල්වීම තහනම් කර ඇතැයි එක්සත් ජනපදය අවධාරණය කළේය.

මෙසේ දේශීය සහ විදේශීය කුමන්ත‍්‍රණ ගණනාවක ප‍්‍රතිඵල මත ශවේන්ද්‍ර සිල්වා වෙත බලපෑම් දිගින් දිගටම එල්ල විය.

පොම්පියෝගේ ශී‍්‍ර ලංකා සංචාරය ආසන්න වෙත්ම මේ පිළිබදව කතා බහ යළිත් උණුසුම් වූ අතර විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විසින් ඒ ගැන පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්න කරන ලද්දේ ‘‘ඇමරිකානු රාජ්‍ය ලේකම් අපේ රටට එන බව කියා තිබෙනවා. එහිදී එතුමා විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාවත් හමුවේවි. ඒ නිසා මම ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා අපේ හමුදාපතිට ඇමරිකාව විසින් පනවා තිබෙන. -ට‍්‍රැවල් බෑන්ඞ් එක සම්බන්ධයෙන් පොම්පියෝ මහතා සමඟ කතා කර එය ඉවත් කරන්න ක‍්‍රියා කරන්න කියාය. ‘‘එය සමස්ත රණවිරුවන් වෙනුවෙන්ම කළ යුතු දෙයක්” යැයි ප‍්‍රකාශ කරමිනි.

ආණ්ඩු පක්ෂ - විපක්ෂ සියලූ දෙනා ශවේන්ද්‍ර වෙනුවෙන් මේ සඳහා පිළිතුරු ලබාදෙමින් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ ඒ කියපු කාරණය අපි අද නොවෙයි මුල් පැය 24 තුළම අදාළ බලධාරීන් කැඳවලා කළා. රට වෙනුවෙන් පියවර ගත්තා. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට මේ බව දැන්වූවා යනුවෙනි. ඒ සඳහා ප‍්‍රතිචාර දක්වමින් විපක්ෂ නායකවරයා නැවත වරක් විදේශ ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියේ මුහුණට මුහුණ හමුවෙන නිසා ඒ ගැන පවසන ලෙසය.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ විදේශ අමාත්‍යාංශයේ ලේකම්, විශ‍්‍රාමික අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා මුහුණට මුහුණ හමුවී ද්වි පාර්ශික සාකච්ඡා පවත්වනු ලැබුවේ බදාදා දහවල්ය. දැන ගන්නට ඇති පරිදි එම අවස්ථා විදේශ අමාත්‍යවරයා මේ පිළිබඳව එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයාගෙන් විමසා ඇති අතර, තම රජය ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සම්බන්ධයෙන් ගත් තීරණය ආපසු සලකා බැලීම සඳහා සූදානම් බව රාජ්‍ය ලේකම්වරයා විසින් පවසා තිබේ.


තහනම යළි සලකා බලනවා

සිය සංචාරය අවසානයේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමඟ ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වූ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයාගෙන් මාධ්‍යවේදීහු, ශවේන්ද්‍ර සිල්වා වෙත පැනවූ එක්සත් ජනපද ගමන් තහනම. පිළිබදව විමසා සිටියහ. එය එක්සත් ජනපදයේ නීතිමය ක‍්‍රියාවලියක් වන අතර එය සැමවිටම සමාලෝචනය කෙරෙනවා. එය තාක්ෂණිකව සත්ය වශයෙන්ම සහ නීත්‍යානුකූලව නිවැරදි බව තහවුරු කර ගැනීමට අපට අවශ්‍යයයි යනුවෙන් රාජ්‍යය ලේකම් පොම්පියෝ කියා සිටියේය.

ගුවන් හමුදාපති විශ‍්‍රාම යයි

පොම්පියෝ ක‍්‍රියාදාමය අතරේ ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට නව අධිපතිවරයෙක් පත්වීමට නියමිතය. එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් සිය ගුවන් හමුදා සේවා කාලය නිමවා විශ‍්‍රාම ගැනීම ඊට හේතු විය. මෙරට 17 වන ගුවන් හමුදාපතිවරයා ලෙස පත්වූ එයාර් මාර්ෂල් සුමංගල ඩයස් පසුගිය දින කිහිපයේ ජනාධිපති, අගමැති, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි සහ නාවික හමුදාපති හමුවී සිය සමුගැනීම සඳහා වූ සම්ප‍්‍රදායික හමුදා චාරිත‍්‍ර අනුගමනය කළහ. විශ‍්‍රාම යන සුමංගල ඩයස් එයාර් චිෆ් මාර්ෂල් ධුරය සඳහා උසස් කිරීමට නියමිත අතර ඒ මහතා සඳහා රජය විසින් තානාපති ධුරයක් ලබාදෙනු ඇතැයි ආරංචි මාර්ග පවසයි.

 

newguwan500395

නව ගුවන් හමුදාපති සුදර්ශන

ශී‍්‍ර ලංකාවේ 18 වෙනි ගුවන් හමුදාපතිවරයා ලෙස පත්වීමට නියමිතව ඇත්තේ දැනට ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානි ලෙස කටයුතු කරන සුදර්ශන පතිරණය. 1985 වසරේ අංක 14 කැඩෙට් නිලධාරී පාඨමාලාවේ නිලධාරියකු වශයෙන් ගුවන් හමුදාවට එක්වූ සුදර්ශන 1987 වසරේ ජනවාරි මස 2 වන දින නියමු පොදු රාජකාරී ශාඛාවේ පයිලට් ඔෆිසර් නිලයේ අධිකාරීත්වයට පත්වෙමින් නිරීක්ෂණ ගුවන් යානා නියමුවෙකු ලෙස ඔහු සිය මෙහෙයුම් ජීවිතය ආරම්භ කළේය. අනතුරුව ශී‍්‍ර ලංකාවේ සුපර්සොනික් ප‍්‍රහාරක ජෙට් යානා පියාසර කරන ලද ගුවන් නියමු කණ්ඩායමේ ප‍්‍රහාරක ජෙට් යානා නියමුවකු වශයෙන් කටයුතු කරන ලද සුදර්ශන පතිරණ ප‍්‍රහාරක ගුවන් යානා නියමුවකු වශයෙන් ශී‍්‍ර ලංකාවේ උතුර හා නැගෙනහිර ත‍්‍රස්තවාදී ඉලක්කයන් වෙත සාර්ථක ප‍්‍රහාරක මෙහෙයුම් රාශියක් සඳහා සිය දායකත්වය සැපයුවේය.

එයාර් වයිෂ් මාර්ෂල් පතිරණ අංක 5 ප‍්‍රහාරක බලඝණයේ අණදෙන නිලධාරීවරයා වශයෙන් කටයුතු කරන ලද අතර පසුව අංක 10 ප‍්‍රහාරක බලඝණයේ කෆීර් සී2/සී7 ප‍්‍රහාරක ජෙට් යානා නියමුවෙකු වශයෙන් කටයුතු කරන ලදී. ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානි ලෙස කටයුතු කරන ලද ඔහු මහනුවර ධර්මරාජ විද්‍යාලයයේ ආදී ශිෂ්‍යයෙකි.

ශී‍්‍ර ලංකාවේ 18 වෙනි ගුවන් හමුදාපතිවරයා ලෙස නොවැම්බර් 02 වෙනිදා එයාර් මාර්ෂල් තනතුරට උසස් වෙමින් සුදර්ශන පතිරණ පත්වීමට නියමිතව ඇත.
 

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles