Divaina - රටම ගොඩදාන ඛණිජ සම්පතත් කොල්ලයට හසුවේ

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 

edifea
 
 සමන්තී වීරසේකර
 
miniralmapශ‍්‍රී ලාංකිකයන් යනු මැණික් පුටුවක් උඩ හි`දගෙන හි`ගා කන ජාතියකි. මේ සා සරුසාර රටක ඇති සොබාවික සම්පත් මතින් රට සුරපුරයක් කළ හැකි පසුබිමක, සියල්ල කාබාසිනියා කොට රටේ ආර්ථිකය වළපල්ලට යන්නට ඉඩදී ඇති සෙයක් දැන් පෙනෙන්නට ඇත්තේය.
 
 වසරකට බිලියන පහක ආදායමක් මහා භාණ්ඩාගාරයේ තැන්පත් කළ හැකි පසුබිමක, පුද්ගලික ආයතනයක් මගින් එම මුදල් සම්භාරය ගිල ගන්නා අදිසි බලවේගයන්ගේ ආනුභාවයෙන් අදටත් වැජඹෙන ආයතනයක් පිළිබ`ද වගතුග අද එලිබැස ඇත්තේය. සොබාවික දායාදයක් ලෙස හිමිව රටේ ධනස්කස්ධයක් අමු අමුවේ පුද්ගලික ව්‍යාපාරිකයකු විසින් ආයාසයකින් තොරවම යටිමඩි ගසාගන්නා අන්දම දැන් පෙනෙන්නේය. දඹුල්ල කණ්ඩලම පාරේ වසර ගණනාවක් පවත්වාගෙන යන ඛනිජ වැලි නිස්සාරණ කර්මාන්ත ආයතනය ඒ පුද්ගලික ආයතනයය. මුහුදුබඩ පෙදෙසක ඉදිවිය යුතුව ඇති ඛනිජ වැලි නිස්සාරණ ආයතනයක් රට මැදට ආයේ හුදෙක්ම බලධාරියකුගේ අතපෙවීමක් මත බවට නොරහසකි.
 
 මේ වග සමාජගත වන්නේ, දඹුල්ල කණ්ඩලම සහ ඒ ආශ‍්‍රිත සාමාන්‍ය ජනතාවගේ සිරුරේ කුෂ්ඨ රෝග මතුවීමත් සමගය. දෑතේ ත් දෙපයේත් කළු පැහැති අසාමාන්‍ය කුෂ්ඨ රෝග තත්ත්වයක් ඇති වූ විට ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරු පරීක්ෂණ පැවැත්වූහ. මේ අතර මෙම ප‍්‍රදේශයේ ජනතාව අතර, පෙනහළු රෝග, පෙනහළු ආසාදන වැඩිවෙමින් පවතින තත්ත්වයක් ද දක්නට ලැබිණි. දඹුල්ල ජනාවාසවල ජනතාවට ඉන් සිදුව ඇති ශාරීරික රෝග පීඩා පිළිබ`දව දැන් කවරෙකු හෝ කර ඔසවා බලන්නේ නැත. එහි පාරිසරික සුරක්ෂිතතාවය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා විසින් මැන බලන ලදී. සාමාන්‍ය පරිසරයේ විකිරණශීලීතාවය මැන බලන උපකරණයක් උපයෝගි කර ගනිමින් මෙම කාර්යය සිදුකළ අතර එහිදී එම උපකරණයේ උපරිම මැනුම් රේඛාව ද ඉක්මවන තරමට විකිරණශීලීබවක් එහි වූ ඛනිජ වැලිවල අඩංගු බව එහිදී අනාවරණ විය.
 
 ඛනිජ වැලි නිස්සාරණ කර්මාන්ත ශාලාව වෙත අපද්‍රව්‍ය ලෙස වර්ගීකරණය ලද ඛනිජ වැලි ගෙන එනු ලබන්නේ පුල්මුඬේ ඛනිජ වැලි කර්මාන්තශාලා පරිශ‍්‍රයේ සිටය. 1957 අංක 41 පනතින් ස්ථාපිත කරන ලද ශ‍්‍රී ලංකා ඛනිජ වැලි සංස්ථාව යටතේ 1968 පුල්මුඬේ ඛනිජ වැලි නිස්සාරණ කර්මාන්ත ශාලාව ස්ථාපිත කරන ලදී. අදාළ පනතේ පරමාර්තය වූයේ පුල්මුඬේ වෙරළ තීරයේ තැන්පත් වන ඛනිජවැලි නිධි කැණීම් කොට නිස්සාරණය කර අපනයනය කිරීමය. ඒ හරහා රටට සැලකිය යුතු විදේශ විනිමයක් උපයමින් අදාළ සංස්ථාව උපරිම ලාභයක් ලබමින් රාජ්‍ය ව්‍යවසායක් ලෙස පවත්වාගෙන යමින් තිබිණි. නමුත් ඛනිජ වැලි සංස්ථාව අහෝසි කර ලංකා ඛනිජ වැලි සමාගම පිහිටුවා ඇති බව දක්නට ලැබේ. ඉන් කියාපාන්නේ රාජ්‍ය අංශයේ අකාර්යක්ෂමතාවය. ලංකා ඛනිජ වැලි සමාගම යන නිලනාමය යටතේ පුල්මුඬේ ඛනිජ වැලි නිස්සාරණ කර්මාන්ත ශාලාව ක‍්‍රියාත්මක වන පසුබිමක, දඔල්ල ලංකා මිනරල් සැන්ඞ්ස් ලිමිටඞ් යන පුද්ගලික සමාගම වෙතද මෙරට ඛනිජ සම්පත් අපනයනය කිරීමේ අවකාශ සලසා දී ඇත. පුල්මුඬේ ඛනිජ වැලි නිස්සාරණ කර්මාන්ත ශාලාව තුළ නිස්සාරණය කරන ඛනිජ වැලිවල අපද්‍රව්‍ය ලෙස වර්ගීකරණය කරන වැලි පුද්ගලික ආයතන වෙත මිලදීගත හැකි තත්ත්වයක් ඇතිකර තිබීම හරහායි.
 
මෙම දඹුල්ල පුද්ගලික ආයතනය පුල්මුඬේ ඛනිජවැලි අපද්‍රව්‍ය මිලදීගෙන ඇත්තේ ටෙන්ඩර් ක‍්‍රියාවලියක් අනුවය. එහෙත් අදාළ සමාගම මිලදී ගන්නේ වටිනා ඛනිජ ද්‍රව්‍ය සහිත වැලි තොග බවට ඉකුත් දා තහවුරු කරගත හැකිව තිබිණි. සැබැවින්ම මෙය මහජන දේපල කොල්ල කෑමක් ලෙස හැ`දින්විය හැකිය.
 
 මේ පිළිබ`දව සමාජ කතිකාව ගොඩනැෙ`ගද්දී වත්මන් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ඒ පිළිබ`දව සොයාබලා කමිටුවක් ස්ථාපිත කොට ඇත්තේ ය. ඉකුත් සතියේ අමාත්‍ය නියෝගය අනුව, පුල්මුඬේ ඛනිජ වැලි සමාගම සිට දඹුල්ල පෞද්ගලික ඛනිජ වැලි නිස්සාරණ ආයතනය වෙත අපද්‍රව්‍ය ලෙස වන ඇති ඛනිජ වැලි එවීම අත්හිටුවා ඇත්තේය. අනතුරුව හත්පුද්ගල කමිටුවක් මගින් මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසද දන්වා ඇත. එම කමිටුවේ සභාපතීත්වය උසුලන්නේ, අයි. චමින්ද පතිරාජ මහතාය. සෙසු සාමාජිකයන් වන්නේ මහාචාර්ය අතුල සේනාරත්න, මහාචාර්ය රෝහණ චන්ද්‍රජිත්, එච්. එල්. අනිල් රංජිත්, කේ. එච්. මුතුකුඩආරච්චි උදය ද සිල්වා යන මහත්වරු සහ ජේ. රොඞ්රිගෝ මහත්මියය.
 
 මෙය පාරිසරිකව අන්තරාදායක කටයුත්තක් බව මහාචාර්යය අතුල සේනාරත්න මහතා කියා සිටින්නේය.
 
 ”මෙවන් ආයතන පවත්වා ගෙන යා යුත්තේ මුහුදුබඩ ප‍්‍රදේශවල සිටයි. මොකද ඛනිජ ද්‍රව්‍ය වගේම අපද්‍රව්‍ය ලෙස ඉවතලන අපවැලි තියෙන්නේ මුහුදුබඩ කොටසේයි. ඒ ප‍්‍රදේශවල ජනශූන්‍යයයි. මේවා පිරිසිදු කිරීම පිරිපහදු කිරීම කියන කාරණා මුහුද ආශ‍්‍රිතවම සිදුවූ විට ඒවායින් ඉතිරි වන අපද්‍රව්‍ය මුහුදටම දාන්න හැකියාව තිබෙනවා. මොකද මේ අප වැලි මුහුදේදී නැවත නැවත ප‍්‍රතිචක‍්‍රීකරණය වන නිසා තව දුරටත් ඒ සම්පත්වලින් අපට ප‍්‍රයෝජනයක් ගත හැකියි.
 
 ඛනිජ පිරිපහදු කිරීමේදී අනිවාර්යයෙන්ම, අත්‍යාවශ්‍ය සංඝටක ලබා ගැනීමෙන් පසුව ඉතිරිවන අපවැලි සියයට සියයක්ම පිරිසිදු නැහැ. ඒ අපවැලිවල විකිරණශීලීබවින් යුතු ද්‍රව්‍ය රැුස්වී තිබෙනවා. මේවා ආරක්ෂිත ක‍්‍රමවේද අනුව බැහැර කළ යුතුයි. එසේ නොවන සෑම අවස්ථාවකම පොදු ජනතාවට අහිතකර බලපෑම් ඇති වන්න පුළුවන්.
 
 මෙම කර්මාන්තයේ සත්‍ය සොයා අවසන් වරට විගණන වාර්තාවක් එළිදක්වා තිබෙන්නේ දෙදහස් දහසය වසරේදීය. එහි ස`දහන් පරිදි ඛනිජ සම්පත් නිදියක් යනු සොබාදහමේ විශිෂ්ට ත්‍යාගයකි. ශ‍්‍රී ලංකාව අතිශයින් දුර්ලභ වූ ¥පතක් බවට වාර්තාවේ දැක්වෙන්නේ වටිනාකමින් වැඩි ඛනිජ
 
 ශී‍්‍ර ලංකාවවට හිමිව තිබෙන නිසාය. ලෝකයේ සම්පත් භාවිතා කරන අමුද්‍රව්‍යවලින් පොහොසත්ම මිල කළ නොහැකි ඛනිජ වැලි නිධි ඇති රටක් ලෙසද ලංකාව ලොවපුරා ප‍්‍රචලිතය. ඛනිජ වැලිවල සංයුතිය පර්යේෂකයන් විසින් අනාවරණය කරගෙන ඇති පරිදි කළු රන් ලෙසද හැඳින්වේ. මෙම ඛනිජ වැලි සංයුතියේ අඩංගු ඉල්මනයිට් සහ රූටයිල් ප‍්‍රධාන වශයෙන් භාවිතා කරනුයේ ටයිටේනියම් ඩයොක්සයිඞ් නිෂ්පාදනයටය. එය තීන්ත, ප්ලාස්ටික් නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යයකි. මෙම ඛනිජ වැලිවලින් ලබා ගන්නා තවත් වාසියක් වන්නේ නිෂ්පාදනය කිරීමයි.
 
 ටයිටේනියම් ලෝහය ගුවන් යානා නිෂ්පාදනය කිරීමේදී අමුද්‍රව්‍යයක් ලෙස භාවිතා කරයි. එපමණක් නොව, මෙම ද්‍රව්‍ය විඛාදනයට ප‍්‍රතිරෝධී වන බැවින්, මෙය වෙල්ඩින් නිෂ්පාදනය සඳහා යොදා ගනී. පිඟන් මැටි සහ සනීපාරක්ෂක භාණ්ඩ සෑදී ඇත්තේ සර්කෝන් නම් වූ ඛනිජය මතය. මෙම ඛනිජ වැලි කැණීම, සැකසීම සහ අපනයනය කිරීමේ අරමුණින් ශ‍්‍රී ලංකා ඛනිජ වැලි සංස්ථාව 1957 අංක 49 දරන කාර්මික සංස්ථා පනත යටතේ පිහිටුවන ලදී. පුල්මුඬේ කොස්ටල් බෙල්ට් අසල බලාගාරය ඉදිකිරීම 1958 දී ආරම්භ කර ඇත.
 
 1992 දී ලංකා ඛනිජ වැලි සමාගම නමින් පූර්ණ හිමිකාරීත්වය දරන සමාගමක් ලෙස ස්ථාපිත කොට තිබූ අතර එම සේවකයන් 700 ක් පමණ දැනට සේවය කරන මෙම රජයේ සමාගම වාර්ෂික ලාභාංශ ගෙවීමට තරම් ලාභ උපයන ආයතනයක් බවට පත්ව ඇත.රු .500,000,000, රු .1,700,000,000, රු .43,000,000, රු .14,000,000 සහ රු .158,000,000 භාණ්ඩාගාරය පිළිවෙළින් 2011,2012,2013,2014 සහ 2015 යන වර්ෂවලදී උපයා ඇත. පෙර කාලයේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දායකත්වය ලබා දුන් මෙම රජයේ සමාගමේ වර්තමාන මෙහෙයුම් ඇගයීම සඳහා රටට විදේශ විනිමය හා ලාභාංශ උත්පාදනය කරයි. රජයට අයත් සම්පතක් ලෙස පුල්මුඬේ ඛනිජ වැලි සංස්ථාව ස්ථාපිත කොට තිබුණද අහිතකර ක‍්‍රියාකාරකම් සිදුව තිබෙන බව ගම්‍යව ඇත. වරින් වර සමාගමේ රේඛීය අමාත්‍යාංශය වෙනස් කිරීම වැනි කටයුතු සමාගමේ අවධානයට ලක්ව ඇත. සමාගමේ මූල්‍ය සම්පත් අදාළ නොවන ක‍්‍රියාකාරකම් සඳහා යොදා ගැනීම සහ බඳවා ගැනීම, බඳවා ගැනීමේ යෝජනා ක‍්‍රමයට පටහැනි සේවකයන් රේඛීය අමාත්‍යාංශය විසින් ක‍්‍රියාත්මක කර ඇත. තව දුරටත් ඛනිජ වැලි කැණීම්, යටිතල පහසුකම් සංවර්ධනය, ගැනුම්කරුවන් සෙවීම සඳහා බලපත‍්‍ර ලබා ගැනීම විදේශ තානාපති කාර්යාලවල සබඳතා තුළින්, මුහුණ දී ඇති බාධක ජය ගැනීමට අපොහොසත් වීම නව ඛනිජ වැලි නිධි වෙත යොමු කිරීම සහ බලාගාරයේ කාර්යක්ෂමතාවයේ අවම මට්ටම ආදිය ප‍්‍රධාන වශයෙන් පිළිගත් විගණන නිරීක්ෂණ විය.
 
 තවද, මිල ප‍්‍රතිපත්තීන් පිරිවැය නොසැලකීම වැනි විවිධ තත්ත්වයන් යටතේ වුවද, දුර්වල මූල්‍ය කළමනාකරණය, සේවකයන්ගේ සේවා නියුක්තිය, දුර්වල ප‍්‍රසම්පාදන ක‍්‍රම, කර්මාන්තශාලාව තුළ පැවති ගැටලූ නිසියාකාරව හඳුනාගැනීම සහ ඒ සඳහා කාලෝචිත විසඳුම් ලබාදීමට අපොහොසත් වීම සහ දේශපාලන ඇඟිලි ගැසීම්, සමාගම ආරක්ෂා කරමින් දීර්ඝ ගමනක නිරත විය. එහි නිෂ්පාදන ක‍්‍රියාවලිය රජයේ භාණ්ඩාගාරයට බරක් නොවී කටයුතු කළ හැකි විය. කෙසේ වෙතත් නිසි අලෙවිකරණ සැලැස්මක් නොමැතිකම, මිල තීරණය කිරීම වැනි හේතු නිසා පිරිවැය මත පදනම්ව, විකුණුම්වල නිසි ප‍්‍රමිතීන් ක‍්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම සහ අපේක්ෂා නොකිරීම සෘජු ගැනුම්කරුවන්, නිෂ්පාදනය සඳහා නිසි වෙළඳපොළක් නොමැතිකම කැපී පෙනුණ බව විගණන වාර්තා පෙන්වා දෙයි. ජාතික ආර්ථිකයට කරන ලද දායකත්වය තව දුරටත් ශක්තිමත් නොවූ බව මෙම වාර්තාව පෙන්වා දෙන අතර, දැනටත් ඛනිජ වැලි සංස්ථාවෙන් රටට සැලකිය යුතු ලාභයක් නොලැබෙන බව කිව හැකිය. අදිසි දේශපාලන හස්තයන් මගින් සිදුවන බලපෑම් මත පෞද්ගලික අංශයන් ඉදිරියට ගෙන රජයේ ආයතන පසුබෑමකට ලක්කරන්නට දරණ විරිය ජනතාව විසින් හෝ නතර කර දැමිය යුතුය.  

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles