Divaina - 30 සීමාව කඩාදෙන ඇමැතිකම් ගන්න මම නිවටයෙක් නෙවෙයි... ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කියන්නේ අවමංගල්‍ය සමිති ව්‍යවස්ථාව නොවේ... තවත් මහේන්ද්‍රන් කෙනෙක් රටට අවශ්‍ය නෑ...

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ


wijedasa


* 19 අත්වැරැද්දක් නොවෙයි...
 

සාකච්ඡා කළේ - බුලිත ප‍්‍රදීප් කුමාර


ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය පිළිබඳ මේ දිනවල අපේ දේශපාලන කතිකාවේ බරපතළ සාකච්ඡාවක් පවතී. ඒ සම්බන්ධයෙන් දේශපාලන කරලියේ නැගෙන විවේචන බොහෝය. විශේෂත්වය වන්නේ විපක්ෂයටත් වඩා ප‍්‍රබල ලෙස ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයන් අතර 20 කතා බහට ලක් වීමයි.

20 විවේචනයට ලක් කරමින් එහි අඩුපාඩු පෙන්වා දෙමින් දේශපාලන සංවාදයේ යෙදෙන ආණ්ඩු පක්ෂයේ දේශපාලඥයන් අතර ආචාර්ය විජයදාස රාජපක්ෂ ප‍්‍රමුඛයාය. මේ ඔහු සමග ‘‘දිවයින’’ කරන ලද විවෘත සංවාදයකි.

ප‍්‍රශ්නය - ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ නිර්මාතෘවරයාත් ඔබ. හැබැයි ඔබ එහි දෝෂ දැක්කා. එහි දෝෂ මඟ හරින්න ගෙනාපු 20 වන සංශෝධනයේත් දැන් ඔබ දෝෂ දකිනවා. මොකක්ද මේ විරෝධයේ පදනම..?

පිළිතුර - දහනමයේ නිර්මාතෘ මම නෙවෙයි. ඒ ජයම්පති වික‍්‍රමරත්න. එදා අධිකරණ ඇමැති මම වුණාට ව්‍යවස්ථා සම්පාදන කටයුතු මගෙන් ගලවලා අගමැතිවරයා යටතේ ගැසට් කර ගෙනයි තිබුණේ. ඒ නිසා ඕක හදන්න මුල් වුණේ රනිල්.

ජනාධිපතිවරයාගෙත් අගමැති වරයාගේත් ඉල්ලීම පරිදි මම කරේ ඕක පාර්ලිමේන්තුවට ගේන එක විතරයි. එතෙන්දි රටට අවශ්‍ය සංශෝධන ටික මම කළා. 19 රටට අවශ්‍ය විදිහට ඉදිරිපත් කළා වගේම එය සම්මත කර ගැනීම සඳහා විශේෂ වැඩ කොටසක් කළෙත් මම. ඒක නිසාම මම කියන්නේ 19 අත්වැරැද්දක් නෙවෙයි. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරපු ප‍්‍රශස්ත සංශෝධනයක්.

ප‍්‍රශ්නය - නමුත් එය ක‍්‍රියාත්මක වීමේදී ලොකු ලොකු අඩු පාඩු රැසක් සිදුවුණු බව ඔබ පිළිගත්තා..?

පිළිතුර - මම තමයි මුලින්ම මෙහි යම් යම් අඩු පාඩු හා මෙයට විරෝධතා ඉදිරිපත් කළේ. හොඳයි ගන්නකෝ මේ 20 වැනි සංශෝධනය. තොරතුරු දැනගැනීමේ අයිතිය අපේ මූලික නීතියේ තිබිය යුතුයි කියලා 20 නුත් පිළිඅරන් තියෙනවා නේ. පාර්ලිමේන්තුවේ ආයු කාලය වගේම ජනාධිපති ධුරයේ ආයු කාලය අවුරුදු 5 කට සීමා කරපු එක හොඳයි කියලා මේකෙත් කියනවා නේ. ඒ වගේම ජනාධිපතිට වාර දෙකකට වඩා ධුරය දරන්න බෑ කියන එකත් පිළිඅරන් තියෙනවා නේ. හැබැයි එදා මට තේරුණු ලොකු අඩුපාඩු හතරක් තිබුණා. ඒවා 19වැනි සංශෝධනයේ වැරදි නෙවෙයි. සංශෝධනයේ භාවිත කරපු අයගේ දේශපාලන අපරිණතභාවය හා සද්භාවය නොමැතිකම නිසා ඇතිවුණු ගැටලූ.

ප‍්‍රශ්නය - මොනවද ඒ කාරණා හතර.?

පිළිතුර - ඉන්න මම කියන්නම්... පළවෙනි එක තමයි ව්‍යවස්ථා දායක සභාව ස්වාධීන නොවීම. ඒ ගොල්ලෝ එක එක න්‍යාය පත‍්‍ර වලට වැඩ කරපු පක්ෂපාත මිනිස්සු නිසා ස්වාධීන කොමිෂන් වලට පත් කරපු නියෝජිතයො ස්වාධීන වුණේ නෑ. බරපතළ අඩුපාඩුවක්නේ. හැබැයි ඒක 19යේ වැරැද්දක් නෙවෙයි. දෙවැනි කාරණාව තමයි ජනාධිපතිවරයාට අමාත්‍ය ධුර දැරීම තහනම් කරලා ගෙනාපු යෝජනාව. විහිළුවක් නේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණයක් පවා තියෙනවා සේනාධිනායකවරයායි ආරක්ෂක අමාත්‍යවරයායි දෙන්නෙක් නොවිය යුතුයි කියලා. තුන්වැනි එක තමයි ඇමැති මණ්ඩලය පත් කරන්නේ අගමැති, විෂය පවරන්නේ ජනාධිපති වීම. රටේ එකිනෙකට සතුරු දේශපාලන පක්ෂ දෙකක නායකයෝ දෙන්න අගමැති හා ජනාධිපති වුණාම කොහොමද මේක කරන්නේ. මුළුමනින්ම ප‍්‍රශ්න ගොඩක්. හැබැයි එක අම්මගේ කුසින් ආපු සහෝදරයෝ දෙන්නෙක් එහෙම වුණොත් ගැටලූවක් නැති වෙයි කියලා අපි එදා හිතුවා.

ප‍්‍රශ්නය - ඇයි... දැන් එහෙම වෙලා ද..?

පිළිතුර - ඒක මම දන්නේ නෑ. හැබැයි එහෙම නොවෙයි කියලා අපි එදා උපකල්පනය කළා. හතර වෙනි එක තමයි කමිෂන් සභා වල නුසුදුස්සන් ඉන්නවනම් ඉවත් කිරීමට තිබුණු ක‍්‍රමවේදයේ දුර්වලතා. මෙන්න මේ හතර තමයි මම දකින ප‍්‍රධාන දුර්වලතා ටික. මේ ටික අපිට සරලව පිටු දෙකක පොඩි සංශෝධනයකින් හදා ගන්න තිබුණා. ඔබ දන්නවා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් කියන්නේ මරණාධාර සමිතියක ව්‍යවස්ථාවක් නෙවෙයි. පුද්ගලයන්ට අනුව ගළපන්න ඕන ව්‍යවස්ථාවක් නෙවෙයි. ක‍්‍රමවේදයක් අනුව හදන්න ඕන අතිශයින් විද්‍යාත්මක එකක්. ඒකට කාගේත් සහයෝගය ලැබෙන විදිහටයි හදා ගන්න ඕන. ඒකට හොඳ පරිණතභාවයක් වගේම දැනුමක් තියෙන්නත් ඕනේ. මම මෙතන මම ගැන වර්ණනා කරනවා නෙමෙයි. හැබැයි ලංකාවේ ආණ්ඩුක‍්‍රම නීතිය පිළිබඳව ආචාර්ය උපාධියක් තියෙන එකම කෙනා මම. ඒ දැනුම හා අත්දැකීම් හරහා තමයි මම 19 යහපත් පැත්තට හරවාගත්තේ.

ප‍්‍රශ්නය - එහෙම නම් ඔබතුමා අපිට කියන්නකො 20 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් ඔබතුමාගේ විරෝධතා මතු වුණේ මොන මොන කාරණා වලදී ද කියලා..?

පිළිතුර - දහනමයේ තිබුණු දුර්වලතා ඉවත් කරන්න 20 ගේනවානම් ඒ අදාළ කරුණු වලට එපාය සංශෝධන ගේන්න. මේ වෙන වෙන කරුණුනේ ඉදිරිපත් කරල තියෙන්නේ. බලන්න මේ යෝජනා...  විගණන සේවා කොමිෂන් සභාව අහෝසි කරනවා. ජාතික ප‍්‍රසම්පාදන කොමිෂන් සභාව අහෝසි කරනවා. පාර්ලිමේන්තුවට තියෙන ප‍්‍රධාන වගකීම් මොනවාද. නීති සම්පාදනය සහ මූල්‍ය පාලනය නේ ප‍්‍රධාන. රටෙහි ආර්ථිකය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ විනිවිදභාවය මතයි. අර ආයතන දෙක අහෝසි කරාම කොහෙද විනිවිදභාවයක්. අමාත්‍යවරු 30 සීමාව හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 40 සීමාව ඉවත් කරලා ඕනෑතරම් ඇමැතිකම් පත් කරන්න පසුබිම හදනවා. ඇමැති මණ්ඩලය සීමා කරන්න කියන එක කලක පටන් මේ රටේ ජනතාවගේ ප‍්‍රධාන ඉල්ලීමක්නේ. ජනතාව කොච්චර සටන් කළාද ඒකට. අනිත් එක තමයි මන්ත‍්‍රීවරුන්ට සහ නිලධාරීන්ට දිවුරුමක් තියනවනේ රට දෙකඩ කරන්නේ සහ ඊට අනුබල දෙන්නේ නැහැ කියලා. අන්න ඒ දිවුරුමත් ඉවත් කරලා තියෙනවා. පාර්ලිමේන්තුව වසරකින් පස්සේ ඕනම අවස්ථාවක ජනාධිපතිගෙ අභිමතය පරිදි විසිරුවා හරින්න පුළුවන් කියලා යෝජනා කරලා තියෙනවා.

අනිත් එක තමයි මේ රටේ ජනතාව කවුරු හරි ඉල්ලලා තියෙනවද අවුරුදු තිහක කොල්ලෙක්ට හෝ කෙල්ලෙක්ට ජනාධිපති වෙන්න පුළුවන් විදිහට විදිහට වයස් සීමාව අඩු කරන්න කියලා. ඕනම කෙනෙක් දන්නවා ඒ වයසට ජනාධිපති වෙන්න තරම් මුහුකුරා
ගිය පරිනත බවක් දේශපාලඥයන්ට නෑ කියලා. එතකොට අධිකරණ සේවා කොමිසමට මුල් අවස්ථා අධිකරණයක සේවය කරපු එක් විනිශ්චයකාරවරයෙක් අනිවාර්යෙන් ඇතුල් විය යුතුයි කියලා 19යේ තිබුණු විධිවිධානය ඉවත් කරනවා. ඒක යහපත් තත්ත්වයක් නෙවෙයි. අපි 19න් හදිසි කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ ක‍්‍රමවේදය අහෝසි කළා. අන්න ඒක නැවත ගේනවා..

ප‍්‍රශ්නය - සමාවෙන්න හිටපු ඇමැතුමා.. ඇත්තටම මොකද්ද එකෙන් කලින් සිදු වුණේ..?

පිළිතුර - අන්න ඒක පාවිච්චි කරලා තමයි ඉතිහාසයේ සඳහන් වන නරකම දේශපාලන කප්පම ආර්. පේ‍්‍රමදාස ජනාධිපතිවරයා විසින් අෂ්රොෆ් ඇමැතිවරයාට ලබා දුන්නේ. ජනාධිපතිවරණයට මුස්ලිම් දේශපාලනඥයන්ගේ සහයෝගය ලබා ලබා ගන්න පේ‍්‍රමදාසට අවශ්‍ය වුණා. ඒ දවස්වල මන්ත‍්‍රීවරයෙක් පාර්ලිමේන්තුවට පත් වන්න ඡන්ද වලින් 12.5% අපේක්ෂකයෙක් ලබා ගන්න ඕන. අශ්රෆ් ඉල්ලූවා මේක 5% කරන්න කියලා. පේ‍්‍රමදාස ජනාධිපතිවරණයට දවස් දෙකක් තිබියදී හදිසි පනතක් ගෙනල්ලා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට 15 වන සංශෝධනය ඇති කරලා මේ අවස්ථාව සුළු පක්ෂවලට දුන්නා. ඔය නිසා තමයි එදා ඉඳලා දෙමළ මුස්ලිම් සුළු පක්ෂ විසින් බහුතර මහා ආණ්ඩු පාලනය කරන තත්ත්වයකට රට පත් පත්වුණේ. හදිසි පනත් ගේන්න ඕනේ නෑ රටට. ඒක භයානකයි. ඒ වගේම රටට අහිතකරයි. රටට හදිසි වැඩ කරන හදිසි නීතිය තියෙනවා. ඕක ඇවිල්ලා මෝඩ පාලකයෙකුට භයානක ආයුධයක්.

අනිත් භයානක යෝජනාව තමයි ජනාධිපති කාර්යාලයයි අගමැති කාර්යාලයයි විගණකාධිපතිගේ විගණන කටයුතු වලින් ඉවත් කිරීම. හොරකං කරන්නෙ නැත්නම් ජනාධිපති කාර්යාලය සහ අගමැති කාර්යාලය විගණනය කරාම මොකෝ වෙන්නේ. මේක 1978 ඉඳලම විගණකාධිපති යටතේ තිබුණේ. ඊළඟට 50% වඩා ආණ්ඩුවේ කොටස් තියෙන ආයතන සියල්ල විගණකාධිපති විගණනය කරන්න ඕන. අන්න ඒ යෝජනාවත් 20න් ඉවත් කරලා. ඒ වගේම තමයි අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට පැවරී ඇති බලතල ඉවත් කිරීම සහ එක්සත් ජාතීන්ගේ සම්මුතියට සහ දූෂණ වැළැක්වීමට අදාළ ජාත්‍යන්තර සම්මුතීන් ක‍්‍රියාත්මක කිරීමට ඇති බලය ඉවත් කිරීම. මේවා අපේ රටේ මූල්‍ය පාලනය පිළිබඳ විනිවිදභාවය සම්බන්ධයෙන් තිබෙන විශ්වාසය පළුදු වන යෝජනා. මේව මේ ආණ්ඩුවට ඡන්දෙ දීපු 69 ලක්ෂයක් ජනතාව ඉල්ලපු දේවල්ද... එතකොට මේ ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධ යෝජනාව. කාටද බලන්න මේක අවශ්‍ය.

ප‍්‍රශ්නය - මේ ආණ්ඩුව ජනතාව ඉදිරියේ තබපු පොරොන්දුව තමයි, 19 වන සංශෝධනය නිසා රටේ පරිපාලන අවුල් වියවුල් ගොඩක් ඇති වුණා. ඒක විසඳගන්න 20 වන සංශෝධනය ගෙනෙනවයි කියන එක..?

පිළිතුර - ඔව් ඉතින් ඒක කරනවා නම් කරන්න මේ වගේ මේ පිටු 41 ක දීර්ඝ ලේඛනයක් සහ ඒක නැවත වතාවක් සංශෝධනය කරන්න පිටු 13ක ලේඛනයක් ඉදිරිපත් කරන්න අවශ්‍ය නෑ. දැන් මේ 20 වන සංශෝධනයම අච්චාරුවක් මැල්ලූමක් කරලම ඉවරනේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නීතිය ගැන දන්න කෙනෙකුට 19 තුළ තිබුණු අඩුපාඩු ටික සකස් කරලා රටට අවශ්‍ය සංශෝධන ටික කරන්න කොළ දෙකක යෝජනාවක් ඇති. සරල සංශෝධනයක් නේ කරන්න තිබුණේ.

ප‍්‍රශ්නය - ඔබතුමා මේ විදිහට කතා කරන්නේ කැබිනට් ඇමැති ධුරයක් ඔබට නොලැබීමේ වේදනාවෙන්ද කියලත් කෙනෙකුට හිතෙන්න පුළුවන්... ඔබ වැනි අයට අමාත්‍යාංශ ලබා දීම සඳහා 30 සීමාව ඉවත් කිරීමට යෝජනාවකුත් මේ අතර තියෙනවා..?

පිළිතුර - රටට බරක් වෙන විදිහට, තිහේ සීමාව ඉක්මවලා දෙන ඇමැතිකම් භාරගන්න තරම් නිවටයෙක් නොවෙයි මම. ඇමැතිකමක් දුන්නේ නෑ කියලා මට කනගාටුවක් නෑ. හැබැයි මට පොඩි ප‍්‍රශ්නයක් තියෙනවා. කොළඹ දිස්ත‍්‍රික්කයේ පොහොට්ටුවේ ආසන සංවිධායකවරු 16 දෙනෙක් ඉල්ලූවා. මමත් එක්කයි 17 වුණේ. ඉතිරි පස් දෙනා අනෙක් පක්ෂවල. මේ 17 දෙනා අතරින් කිසිම ආසනයක්, බල මණ්ඩලයක් කිසිත් නැතිව ඡන්දෙ ඉල්ලූවෙ මම විතරයි. හැබැයි අනිත් 16 දෙනාටම වඩා මට ඡන්ද තිබුණා. මට ඡන්දෙ දීපු 1,20,626 ම මේ රටේ දේශපාලනය ගැන අවබෝධයක් තියෙන රටට ආදරය කරන අය. ඒගොල්ලො බලාපොරොත්තු වුණා මගෙන්, මගේ උගත්කමෙන් රටට වැඩක් ගන්න පුළුවන් හොඳ ඇමැතිකමක් මට දෙයි කියලා.

සමහරු හිතනවා මට ඇමැතිකමක් නොදීමෙන් මාව කැපුවාය කියලා. නමුත් මාව නෙවෙයි කැපුවේ. කැපුවේ මට ඡන්දය දීපු 1,20,626ක් වන කොළඹ දිස්ත‍්‍රික්කයේ ජනතාව. මට ඒ ගැන නම් පුංචි කනගාටුවක් තිබුණා.

ප‍්‍රශ්නය - ඔබ කියන්නේ 20 වන සංශෝධනය පාර්ලිමේන්තුව තුළ අනුමත වීම රටට ලොකු ගැටලූවක්. මෙතනදි මොකක්ද ඔබේ ස්ථාවරය. මොකක්ද එහි නීතිමය තත්ත්වය..?

පිළිතුර - රටේ අනාගතය සම්බන්ධයෙන් සුබවාදී පිළිතුරක් අධිකරණ ක්ෂේත‍්‍රයෙන් ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. 19 දීත් ඒක වුණා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 76 වැනි වගන්තිය අනුව පාර්ලිමේන්තුවට බලයක් නැහැ, පාර්ලිමේන්තුවේ තිබෙන ව්‍යස්ථාදායක බලය අහිමි වන විදිහට නීති පනවන්න. ජනාධිපති අගමැති ලේකම් කාර්යාල දෙක ඇතුළු ආයතන සිය ගණනක් විගණකාධිපතිගේ නිරීක්ෂණ වලින් ඉවත් කිරීමෙන් වෙන්නේ පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලය ඉවත් කිරීම.

මන්ත‍්‍රීවරු දිවුරුම් දෙනවා ව්‍යවස්ථාව ආරක්ෂා කරනවා කියලා. ව්‍යවස්ථාවේ තියෙනවා රටේ මූල්‍ය පාලනයේ බලය පාර්ලිමේන්තුව සතුයි කියලා. 20 වෙනි සංශෝධනයට අත උස්සනවා කියන්නේ පාර්ලිමේන්තුව සතු මූල්‍ය පාලන බලය ඉවත් කිරීමට මන්ත‍්‍රීවරු කැමැත්ත පළ කිරීම. ඒකේදි උල්ලංඝනය වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව. අනිත් එක දළදා මාලිගාව වගේ ශුද්ධ ස්ථානයක, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරනවා කියලා දිවුරුම් දීපු ඇමැතිවරු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට හෘද සාක්ෂියට එකඟව අත ඔසවයි කියලා මම හිතන්නේ නෑ. මගේ මතය දිවුරුම් දීම කියන එක කතෝලික සංස්කෘතියට අදාළ දෙයක්. දිවුරුම් දීම සඳහා දළදා මාලිගාව වගේ තැනක් තෝරා ගැනීම සුදුසු නෑ කියලා මම හිතනවා.

ප‍්‍රශ්නය - 20වන සංශෝධනය සඳහා ජනමත විචාරණයකටත් යන්නට වෙයි කියලා සමහරු මත පළ කරලා තියෙනවා. ඔබ මොනවද හිතන්නේ..?

පිළිතුර - මමත් හිතනවා යන්න වෙයි. මොකද මේ මූල්‍යමය කාරණා වගේ දේවල් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට තනි තීන්දුවක් දෙන්න බෑ. ද්විත්ව පුරවැසි භාවය, සමාගම් විගණනයෙන් බැහැර කිරීම වගේ ඒව... ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකි කාලය... බලමු අපි අධිකරණයෙන් මොන වගේ තීන්දුවක් දෙයිද කියලා.

ප‍්‍රශ්නය - නමුත් අපි කතා කරපු බොහෝ දේවල් වලට සංශෝධන ගෙනත් තියෙනවා නේද..?

පිළිතුර - අධිකරණය මූලිකව සලකා බලන්නේ පනත. සංශෝධන දෙවනුව. සංශෝධන ආවා කියලා අර්ථකථන වල වෙනසක් නෑ. මූලික ලියවිල්ල සලකා තමයි අර්ථකථන දෙන්නේ. 19ය ගෙනාපු වෙලාවේ එහි වගන්ති 5ක් සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි කියල අධිකරණය තීන්දු කළා. මමත් කල්තියාම ඒ යෝජනා 5ට විරුද්ධ වෙලයි තිබුණේ. අන්තිමේ එම යෝජනා 5 සංශෝධනයෙන් ඉවත් කළා. හැබැයි රනිල් වික‍්‍රමසිංහලා ඒ වෙනුවට සංශෝධන 144 ක් ගෙනාවා. මම පාර්ලිමේන්තුව හමුවේ මේ පිළිබඳ පැහැදිලි කිරීමක් කරලා ඒ අතරින් 3යි ව්‍යවස්ථාවට ගත්තේ. අනෙක් යෝජනා 141 ම විසි කළා. බලමු මේ පාර. අහවල් වගන්තිවලට ජනමත විචාරණයක් ඕනද නැද්ද කියලා අධිකරණය කියාවි...

ප‍්‍රශ්නය - ඔබ ආණ්ඩුව සම්බන්ධයෙන් බරපතළ විවේචනයක නිරත වන බව පෙනෙනවා. දැන් අපට සැකයි ඔබ තවදුරටත් ආණ්ඩුවේ ඉඳීවිද කියල..?

පිළිතුර - මම අවස්ථා කීපයක්ම පක්ෂ මාරු කරලා තියෙනවානේ. මම මේ සමහර ඒව අද ඔබට අද කියන්නේ පළමු වතාවට. මම මුල්වරට විපක්ෂයට ගියේ 2007 දි. කෝප් එකේ සභාපති හැටියට ඉඳිද්දි මගේ පරීක්ෂණ අනුව රුපියල් කෝටි 30 000 ක් රජයට වංචා කරපු මන්ත‍්‍රීවරුන්ට ඇමැතිකම් දෙන එකට විරුද්ධ වෙලයි මම ගියේ. යූඑන්පී එකට ගිහින් එතනත් ආණ්ඩුවක් හදලා නායකයා රැකගෙන හිටියා. එතනදි මුස්ලිම් අන්තවාදය ගැන කතා කරමින් මාස 30ට කලින් පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන මමයි මුලින් කිව්වේ. මට

ගැහුවා වට කරගෙන. හම්බන්තොට චීනෙට දෙන්න එපා කියලා මම කිව්වා. එහෙම වුණොත් ඇමරිකන්කාරයා කුපිත වෙලා මේ රට ලේ විලක් බවට පත් කරයි කියලා කිව්වා. ඒව තමයි පහුගිය දවස්වල වුණේ. ඒක කිව්වා කියල මගේ ඇමැතිකම ගැලෙව්වා.
 

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles