Divaina - ජීවිත ආශාව පසෙකින් තබන නාවික හමුදා භටයන් ගිනි ගන්නා නැවට ගොඩවෙයි... නැවේ සිරවී සිටි මරණාසන්න තුවාලකරු බේරාගත් නාවික මෙහෙයුම...

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

රුවන් ජයවර්ධන - ඡුායාරූප - කමල් බෝගොඩ

 

* මෙහෙයුම නිමාවීමත් සමග නෞකාව තුළ තවත් පිපිරුමක්
 
 ship3
 
නිව් ඩයමන්ඞ් තෙල් ප‍්‍රවාහන නෞකාවේ හටගත් ගින්න මේ වන විට නිවා දමා අවසන්ය. එම ගින්න නිවා දැමීම පිණිස රටක් ලෙස  ශී‍්‍ර ලංකාව ඉහළ මැදිහත්වීමක් සිදුකළ අතර එම කටයුත්තේදී ශී‍්‍ර ලංකා නාවික හමුදාව විසින් සිදුකළ මෙහෙය ඉමහත්ය. ඉකුත්  03 දා උදෑසන හටගත් එම ගින්න නිවීම පිණිස දින කීපයක් ගතවූ අතර ගින්න  හටගන්නා අවස්ථාවේ 23 දෙනකුගෙන් පමණ යුත් කාර්ය මණ්ඩලයක් එම නැවේ රාජකාරියේ නිරතව සිට ඇත. කෙසේ වෙතත් එම හදිසි තත්ත්වය හේතුවෙන් එම කාර්ය මණ්ඩලයේ 19 දෙනකු නෞකාව අතහැර ජීවිත බේරා ගැනීම පිණිස අසලින් ගමන් ගත් වෙනත් නෞකාවකට ගොඩවීමට තීරණය කරන අතර ඒ වන විටද කාර්ය මණ්ඩලයට අයත් එක් පුද්ගලයෙක් පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා වී නැත. අවසානයේ දී කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනෙක් පමණක් සහිතව මුහුද මැද ගිනි ගන්නා තෙල් නැව පිළිබඳව ශී‍්‍ර ලංකා නාවික හමුදාව වෙත තොරතුරු ලැබෙන අතර ලොව ඉහළම මානුෂීය හමුදාවක් සහිත රටක් ලෙස  ගැනෙන ශී‍්‍ර ලංකාව එම නාවිකයන් තිදෙනා මුදාගැනීමේ මෙහෙයුම ආරම්භ කරනු ලබන්නේ ඉන් අනතුරුවය.

 

ship700
 
 එහිදී ගින්න හටගෙන පැය කීපයක් ගතවීමට මත්තෙන් නාවික හමුදා භටයන් පිරිසක් විසින් සුවිශේෂී මෙහෙයුමක් ආරම්භ කරන අතර ඒ හරහා නිව් ඩයමන්ඞ් නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයකු බේරා ගැනීමට සමත් වී ඇත්තේ මුහුද මැද කළ අසීරු මෙහෙයුමක ප‍්‍රතිඵලයක් ලෙසය. නෞකාව තුළ හටගත් ගින්න හේතුවෙන් ඇතිවූ දරුණු පිපිරුමකින් බරපතළ තුවාල ලද පිලිපීන ජාතිකයකු බේරා ගැනීමට නාවික හමුදාව එලෙස සමත් වන අතර එම මැදිහත්වීම නාවික හමුදාව විසින් සිදුකරනු ලබන්නේ ඔවුන්ගේ ජීවිත පවා බරපතළ අභියෝගයකට ලක්කරමින්ය. එම අසීරු මෙහෙයුමට දායකත්වය සැපයූ නාවික පිරිසගෙන් කීපදෙනකු මුණගැසීමේ අවස්ථාව පසුගිය දිනක උදාවිය. නාවික හමුදා මූලස්ථානයේදී සිදුවූ එම හමුවේදී පළමුව අප හා විස්තර පවසන්නට වූයේ ලූතිනන් සඳුන් විජේරත්නය.
 
 ඔය සිද්ධිය වන අවස්ථාවේ නැගෙනහිර විධානය භාර ආඥාපතිතුමාගේ නියෝගය පරිදි අපි වාකරේ ඉඳල නැගෙනහිර මුහුදු සීමාවෙ මුර සංචාරයේ නිරතවෙලා හිටියෙ. පසුගිය පළමු වැනිද 8.00 ට පැයට තමයි අපි රාජකාරි ආරම්භ කරන්නෙ. ඔය අතරේ පහුගිය තුන්වෙනිද උදේ 8.00 ට පමණ පණිවුඩ හුවමාරු සංඥා මගින් වෙනත් නැවකින් අපට කතා කරල කිව්ව නිව් ඩයමන්ඞ් කියන නැවක් ගිනි ගන්නව කියල. අපේ අණදෙන නිලධාරිතුමා ලෙස කටයුතු කළේ කමාන්ඩර් රෝලන්ඞ් රන්තැන්න. අපේ අණදෙන නිලධාරිතුමා විසින් ඒ බව
 
 නැගෙනහිර ආඥාපතිතුමාට දැනුම් දෙනව. කොහොමහරි විනාඩි පහක් දහයක් අතරතුර අපට අණ කරනව ගිනිගන්න නෞකාවට ළඟාවෙලා අවශ්‍ය කටයුතු කරන්න කියල...”
 
 ඒ වෙද්දි අපි රාජකාරි කළ ශී‍්‍ර ලංකා නාවික නෞකා රණරිසි නෞකාවෙ ඉඳල  ගින්න හටගත් නෞකාවට මුහුදු සැතපුම් 38 ක් පමණ තිබුණ. ඒ පාර අර මුලින් අපට කතා කරල කිව්ව ගුජරාටි නැවට අපි නැවත කතා කරල කිව්ව අපි දැන් ගිනිගන්න නැව දෙසට යාත‍්‍රා කරමින් ඉන්නව කියල. ඒ පාර ගුජරාටි නැව ඒ අයගෙ ගමන නැවත ආරම්භ කරල ඒ ස්ථානයෙන් ඈතට යනවා. ඔය අතරෙ පණිවුඩ හුවමාරු මගින් අපිව දැනුවත් කරනව ‘සයුර’ නෞකාවත් අපේ සහායට පිටත්වෙලා එනව කියල. අපි පැයට සැතපුම් 17.05 ක පමණ වේගයකින් ගින්න හටගත් නැව අසලට යාත‍්‍රා කරද්දී එම්. වී. හෙලන් කියන නෞකාව මගදි මුණගැහෙනව. පණිවුඩ හුවමාරු යන්ත‍්‍ර
මගින් ඒ අය අපට කිව්ව නැවේ කාර්ය මණ්ඩලයේ 19 දෙනෙක් නැව අතහරිනව ඒ අයව ‘එම් වී හෙලන්’ නෞකාවට ගන්න කියල. ඒ කියල වැඩිදුරටත් ඒ අය අපට කියනව නැවේ කපිතාන් ඇතුළු තව දෙන්නෙක් ඉන්නව ඒ අයගෙන් එක් අයකුට බරපතළ තුවාලයක් හේතුවෙන් ගොඩක් අසාධ්‍යයි කියල. ඔය වෙලාව වෙද්දි ‘එම් වී හෙලන්’ නෞකාව ගිනිගන්න නැවට මුහුදු සැතපුම් දෙකක් විතර ඈතින් ගමන් කරමිනුයි තිබුණේ.’’
 
 ‘රණරිසි’ නෞකාවේ මාලිමා නියමු නිලධාරි ලෙස කටයුතු කරන ලූතිනන් සඳුන් විජේරත්න තම අත්දැකීම් විස්තර කරන්නට වූයේ ඉහත සඳහන් ආකාරයෙන්ය. තම අණ දෙන නිලධාරි කමාන්ඩර් රෝලන්ඞ් රන්තැන්න විසින් ඉදිරි කටයුතු කළමනාකරණය කළ ආකාරයත් ලූතිනන් සඳුන් විජේරත්න විසින් එතැන් සිට නැවත විස්තර කරන ලදී.
 
 ‘‘කොහොම හරි තවත් ටික වෙලාවක් යාත‍්‍රා කරද්දී අපට පුළුවන්කම ලැබුණ ගින්න හටගත් නෞකාවේ කපිතාන්වරයා සමග පණිවුඩ හුවමාරු යන්ත‍්‍ර මගින් සම්බන්ධ වෙන්න. ඒ වෙලාවෙ අපේ අණදෙන නිලධාරිතුමා ඩයමන්ඞ් නැවේ කපිතාන්ට කිව්ව අපි ආවෙ තුවාලකරුව බේරගන්න ඒ හින්ද එයාව අපට දෙන්න කියල. ඒකට කපිතාන්වරය කැමැති වුණේ නැහැ. ඔහු කිව්ව දෙන්න බැහැ පුළුවන්නම් නැවට ගොඩවෙලා අරගන්න කියල. ඔය වෙද්දි නැවේ පැත්තක් ගිනිගන්නව. ගිනි ජාලාවක් එළියට මතුවෙලා නොතිබුණත් නැවේ එක පැත්තකින් විශාල දුමක් නිකුත් වෙමින් තිබුණ. නිව් ඩයමන්ඞ් කියන්නේ මීටර් 33 ක් දිග නැවක්. ඒ වගේම තමයි අපේ නෞකාවත් එක්ක අරන් බැලූවොත් අපි ඉන්න මට්ටමේ ඉඳල අඩි 25 ක් විතර උඩට නඟින්න ඕන ඒ නැවට ගොඩවෙන්න. ඒ හැම දේටමත් වඩා භයානකම දෙය තමයි, ඒ වෙද්දි නැව තුළ ඇතිවෙලා තිබුණ ගින්න. අර තුවාල සහිත පුද්ගලයව අපේ නැවට ගන්න නම් අපිට නැවට නඟින්නම වෙනව.’
 
 රණරිසි නෞකාවේ අණදෙන නිලධාරිතුමන් හා නාවිකයන්ගේ කෙටි කතා බහකින් අනතුරුව එම තීරණාත්මක අභියෝගය ජය ගැනීමට තීරණය කරන පිරිස ඒ බව ගින්න හටගත් නෞකාවේ කපිතාන්වරයාට දැනුම් දෙනු ලබන්නේ ඉන් අනතුරුවය. ඒ අනුව ගින්න හටගන්නා නෞකාවට
 
 ගොඩවීම පිණිස නාවික භටයන් දෙදෙනෙක් ස්වෙච්ඡුාවෙන් ඉදිරිපත් වී ඇත. පසුව ඔවුන් දෙදෙනාගේ සහායට ලූතිනන් සඳුන් විජේරත්න ද ගින්න හටගත් නෞකාවට ගොඩවී ඇත. එම ත‍්‍රාසජනක අත්දැකීම පළමුව විස්තර කරන ලද්දේ ගිනිගත් නෞකාව වෙත පළමුව ළඟා වූ නාවික හමුදා සාමාජිකයා විසින්ය. රණරිසි නෞකාවේ මාලිමා නියමු දෙපාර්තමේන්තුවට අනුයුක්තව රාජකාරි සිදු කරන බලනැවි ඩබ්. ජී. ජී. යූ. සේනාරත්න විසින් තම අත්දැකීම විස්තර කරන ලද්දේ මේ අයුරින්ය.
 
 ඩයමන්ඞ් නෞකාවෙන් පහළට දමන ලද ආධාරක කීපයක් පාවිච්චි කරල මම නැවට නැග්ග. ඒ වෙද්දි නැවේ දුම් බටය පුපුරල කෑලි සීසීකඩ විසිරිලා තිබුණෙ. නැව ඇතුළෙන් ලොකු පිපිරුම් සද්ද ඇහෙන්න ගත්ත. මම මුලින්ම ඩයමන්ඞ් නැවේ කැප්ටන් ළඟට ගිහින් ඇහුව තුවාලවෙලා ඉන්න පුද්ගලය ඉන්නෙ කොහෙද කියල. ඒ පාර ගිනිගත්ත පැත්ත පෙන්නල කිව්ව තුන්වෙනි තට්ටුවෙ එයා ඉන්නව කියල. කැප්ටන් ඒ පැත්තටවත් ආවෙ නැහැ. ඔහු ලොකු බයකින් තමයි ඒ වෙලාවෙත් හිටියෙ. මට බල බල ඉන්න කාලයක් තිබුණෙ නෑ. මම ගින්න හටගත් තැනට දුවල යනව. දුමාරය අස්සෙන් පඩිපෙළ පේනව. මම පුළුවන් තරම් වේගයෙන් පඩිපෙළ නගින්න ගත්ත. යට ඇන්ජින් කාමරේ ගිනිගන්න සද්දෙ ඇහෙනව. ලොකු රස්නයක් ඇඟට දැනෙන්න ගන්නව. තුන්වෙනි තට්ටුවට
 
 ගොඩවුණාට පස්සෙ මම දැක්ක ලෑලි තට්ටුවක් උඩ උඩු අතට නිදාගෙන වගේ ඉන්න පුද්ගලයෙක්ව ඔහුගේ බඩවැල් එළියට ඇවිත් තිබුණ පෙනහැල්ල පවා පේන තරමට එක පැත්තක් ලොකුවට තුවාල වෙලා තියෙනව දැක්ක. ඒත් ඔහු සිහි කල්පනාවෙන් හිටිය. ඒ පාර මම කිව්ව මම නාවික හමුදා භටයෙක්. ඔබව බේර ගන්න තමයි ආවෙ කියල.
 
 මේ අතර මෙම මෙහෙයුම පිණිස දෙවනුව නෞකාවට ගොඩවන (ගිනි නිවීම හා ආපදා මර්දන උපදේශක* නායක ඉංජිනේරු කාර්මික ඞී. එල්. කේ. මුදියන්සේ එම ස්ථානයට ළඟා වී ඇති අතර තුවාලකරු පහළට රැුගෙන ඒම සිදුකර ඇත්තේ ඉන් අනතුරුවය. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නායක ඉංජිනේරු කාර්මික ඞී. එල්. කේ. මුදියන්සේ එකවරම ආධාරක දිගේ දෙදෙනෙක් නැවට ගොඩවීමේ අවධානම හින්ද මම නැවට නැග්ගෙ දෙවනුව. ඒ වෙද්දි නැවේ කපිතාන් හිටියෙ ගිනිගන්න තැනට මීටර් 300 ක් විතර ඈතින්. මමත් පඩිපෙළ නැඟල තුවාලකරු ඉන්න තට්ටුවට ළඟා වුණා. ඒ වෙද්දි ගින්න ටික ටික වැඩි වෙමින් පැවතුණා. අපි මුලින්ම කළේ තුවාලකරු ගින්න හටගන්න ස්ථානයෙන් ඉවත් කර ගැනීම මොකද එහෙම නොකළනම් ඒ රස්නය තවදුරටත් ඔහුට ඔරොත්තු දෙන්නෙ නෑ. ඊට පස්සෙ ලී තට්ටුව පිටින් ඔහුව ඔසවන්න බැලූව. ඒක අපි දෙන්නට පමණක් කරන්න බැරිවෙනව. ඒ තරම් උස මහත පුද්ගලයෙක්. ඒ පාර මම නැවත පහළට බැහැල ඒ නැවේ කැප්ටන්ගෙ සෙට් එකෙන් අපේ අණදෙන නිලධාරිතුමාට කතා කරල කිව්ව තව කාව හරි උඩට එවන්න කියල. ඒ පාර තමයි ලූතිනන් සඳුන් විජේරත්න අපේ සහායට එන්නෙ.
 
 ඒ අනුව මරණීය අවධානමද නොතකා මෙම අභීත රණවිරුවන් තිදෙනා විසින් දරන ලද වෙහෙසකර වෑයමකින් අනතුරුව පිලිපීන ජාතික තුවාලකරු රණරිසි නෞකාවට රැුගෙනැවිත් ඇත. ඉතාමත් ආරක්‍ෂාකාරීව එම කටයුත්ත සිදු කරන ඔවුන් ඉන් අනතුරුව තුවාලකරු පිණිස මූලික ප‍්‍රතිකාර අරඹා ඇති අතර මෙම කටයුත්ත පිණිස ඔවුන්ට ගතව යන්නේ පැයක් වැනි කාලයක්ය. එම සිදුවීම නිමාවට පත්ව පැය භාගයක් පමණ ගතවීමත් සමග තුවාල කරු රැුඳී සිටි ඩයමන්ඞ් නෞකාවේ විශාල පිපිරුමක් සිදුවන ආකාරයද මෙම රණවිරුවන් විසින් නිරීක්‍ෂණය කර ඇත. එම දැවැන්ත පිපිරුම සිදුව ඇත්තේ තුවාලකරු රැුඳී සිටි ස්ථානයට පහළින් පිහිටි වෙනත් ස්ථානයකය. ඒ වන විට ගිනිගත් නෞකාවට මුහුදු සැතපුම් භාගයක් පමණ දුරින් ‘රණරිසි’ යාත‍්‍රා කරමින් තිබී ඇති අතර ඔවුන් එලෙස ගොඩබිම කරා යාත‍්‍රා කරමින් සිට ඇත්තේ හැකි ඉක්මනින් තුවාලකරු ගොඩබිම වෙත රැුගෙන ගොස් රෝහල්ගත කිරීම පිණිසය.
 
 මේ අතර ගින්න හටගත් නෞකාව වෙත ළඟාවන ‘සයුර’ නෞකාව විසින් ගිනිගත් නෞකාව තුළ රැුඳී සිටි එහි කපිතාන්වරයා සහ අනෙක් පුද්ගලයාවද ‘සයුර’ වෙත
 
 ගොඩබස්සා ගැනීමට සමත් වී ඇත. මෙය ලියන මොහොත වන විටදී නෞකාව තුළ හටගත් ගින්න හේතුවෙන් ඇතිවූ පිපිරුම හේතුවෙන් බරපතළ තුවාල ලබන ලද පිලිපීන ජාතිකයා කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටින අතර එම බිහිසුණු සිදුවීම සම්බන්ධව අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටින්නේ ශී‍්‍ර ලංකා නාවික හමුදාව නොවන්නට තමන්ට මරණය උරුම වන බවත් තම ජීවිතය බේරා දීම පිණිස කටයුතු කළ ශී‍්‍ර ලංකාවටත් නාවික හමුදාවටත් සිය උත්තමාචාරය පුදකර සිටින බවත්ය.

 

 

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles