Divaina - පාතලයන්ගේ කුඩු අදින්න පුරුදු කළ උකුස්සෙක් සහ පූසෙක්

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

ukusu

 


රුවන් ජයවර්ධන
 
pusa444තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය මෙතරම් දියුණු නොවූ යුගය තුළ විවිධ පක්‍ෂීන් මාර්ගයෙන් පණිවුඩ හුවමාරු කර ගත් බව සඳහන් ඉතිහාසයක් අප සතුව ඇත. ඒ සඳහා මනාව පුරුදු පුහුණු කරන ලද පක්‍ෂීන් විශේෂ කීපයක් යොදා ගත් බවට ද එහි වැඩිදුරටත් සඳහන් ය. විශේෂයෙන් ම එක් එක් යුගයන් හි රචනා කරන ලද සංදේශ කාව්‍ය ඉතිහාසය ගත් කල ඒ බව සනාථ කළ හැකි උදාහරණ කීපයක් හඳුනාගත හැක. සතුටට කරුණක් බවට පත්වන්නේ එම සිරිමත් අතීතය තුළ අවර ගණයේ කටයුතු පිණිස එම අහිංසක පක්‍ෂීන් යොදා නොගැනීම පිණිස එකල වූ මිනිසුන් ශිෂ්ට සම්පන්න වීමය.
 
 පක්‍ෂීන් මාර්ගයෙන් යම් යම් දේ හුවමාරු කරගත් ඉතිහාසයක් පිළිබඳ කෙටි හැඳින්වීමක් ද සහිතව කරන ලද මෙම සටහනෙහි ඉතිරිය වෙන් කරනු ලබන්නේ කුඞ්ඩන්ගේ කුඩු සික් සංසිඳවීම පිණිස පුරුදු පුහුණු කරන ලද මුහුදු උකුස්සකු පිළිබඳ හෙළිදරව්වක් සිදුකිරීම පිණිසය.
 
ACCIPITRIDAE වංශයට අයත් මෙම පක්‍ෂීන් විශේෂය මනාව පුහුණු කළ පසු විධානයකට අනුව කටයුතු කිරීමේ මනා හැකියාවක් පවතින අතර කුස ඇළි මුහුදු උකුස්සා නමින් හඳුන්වන මෙම පක්‍ෂී විශේෂයෙහි පවතින තවත් විශේෂ හැකියාවක් වන්නේ හොඳින් වැඩුන මෙම වර්ගයේ පක්‍ෂියෙකුට කිලෝග‍්‍රෑම් 15 ක් තරමේ බරක් උසුලාගෙන පියාසර කිරීමේ හැකියාවක් පැවතීමය.
 
 

ukusu2

එම හැකියාව මනාව අවබෝධ කර ගන්නා මෙරට කුඩු ජාවාරමේ මෙන්ම පාතාල අපරාධ අංශයේ කප්පිත්තෙක් වන අංගොඩ ලොක්කා මෙම කුස ඇළි මුහුදු උකුස්සාගේ හිමිකරු බවට මේ වන විට හඳුනාගෙන ඇත. තම කුඩු ජාවාරම සඳහා යොදා ගැනීම පිණිස අංගොඩ ලොක්කා විසින් මීට කලකට ඉහත මෙරටට රැගෙන විත් තිබෙන මෙම ‘කුස ඇළි උකුස්සා’ ඉකුත් 30 දා අතුරුගිරිය පොලිසිය විසින් සිදුකළ වැටලීමකදී පොලිස් අත්අඩංගුවට පත්වන අතර එහිදී උකුස්සාට රැකවරණය දුන් සත්ත්ව ගොවිපළක හිමිකරුවකු ඇතුළු තවත් පුද්ගලයකු පොලිස් අත්අඩංගුවට පත්වූහ.
 
 බස්නාහිර බුද්ධි තොරතුරු කොට්ඨාසයට ලැබුණු තොරතුරක් අනුව මීගොඩ නාවලමුල්ල කනත්ත පාර පිහිටි සත්ත්ව ගොවිපළක කූඩුකර සිටියදී මෙම උකුස්සා සොයා ගැනීමට පොලිසිය සමත් වූහ.
 
 පහළ කරන අතර මෙවැනි සිද්ධියක් මෙරටින් වාර්තා වන්නේ ප‍්‍රථම වතාවටය.
 
 

පොලිසිය වෙත ලැබුණු බුද්ධි තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබෙන අතර සැක කටයුතු සත්ව ගොවිපළ එතෙක් දිනක් පවත්වාගෙන ගොස් ඇත්තේ දැඩි රැකවල් මධ්‍යයේ ය. පුහුණු කරන ලද සුනඛයන්ගේ ආරක්‍ෂාව ඇතුළු තවත් ආරක්‍ෂක විධිවිධාන රැසක් යටතේ ය. ඌරු මස්, කුකුළු මස් අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් තිබෙන මෙම සත්ත්ව ගොවිපළේ හිමිකරු වෙත මෙම කුස ඇළි මුහුදු උකුස්සා භාර දී ඇත්තේ මීට මාස කීපයකට ඉහතදී ය. ඊට පෙර මෙම උකුස්සාගේ භාරකාරත්වය තවත් පුද්ගලයකු සතුව තිබී ඇති අතර වෙනත් චෝදනාවක් මත අත්අඩංගුවට ගන්නා ඔහුව රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව මෙම උකුස්සාව මීගොඩ නාවලමුල්ල කනත්ත පාර පිහිටි මෙම සත්ත්ව ගොවිපළ වෙත රැගෙනවිත් ඇත. මේ වන විට සිදුකර ඇති පොලිස් පරීක්‍ෂණවලින් මෙම කරුණු තහවුරු වී ඇත.
 

ukusu3

අංගොඩ ලොක්කා විසින් මෙම පක්‍ෂියාව මෙරටට රැගෙන එන ලද්දේ මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය කිරීම පුරුදු පුහුණු කිරීම පිණිසය යනුවෙන් යැයි පොලිසිය විසින් සැක මෙරට කුඩු ජාවාරම මර්දනය කිරීම පිණිස රජය විසින් දැඩි ක‍්‍රියාමාර්ග අනුගමනය කරමින් තිබෙන වටපිටාවක් තුළ ඉන් බේරීම පිණිස කුඩු ජාවාරම්කරුවන් විසින් ද විවිධ උපාය උපක‍්‍රම භාවිත කරමින් ඇත. ඉකුත් 30 දා වාර්තා වූ ඉහත සිදුවීමෙන් ඒ බව වඩාත් තහවුරුකර ගත හැක. විධානයක් යටතේ ක‍්‍රියා කළ හැකි සුවිශේෂී හැකියාවක් සහිත පක්‍ෂියකු මෙරට මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවකු විසින් මෙරටට ගෙන්වන්නේත් ඔහුගේ ගෝල බාලයන් විසින් එම පක්‍ෂියා උස්මහත් කරනු ලබන්නේත් ඒ අර්ථයෙන් ය. කෙසේ වෙතත් එම උත්සාහය පොලිසිය මැදිහත්වීම හේතුවෙන් මේ වන විට ව්‍යර්ථව ගොස් අවසන් ය.
 
 මේ වන විට පොලිස් භාරයට ගත් කුස ඇළි මුහුදු උකුස්සා වනජීවී දෙපාර්තමේන්තුවේ භාරයට පත්කර ඇති අතර එම පක්‍ෂී විශේෂය මෙරට ක‍්‍රියාත්මක වනජීවී ආඥා පනතට අනුව ඇති කිරීම, ළඟ තබා ගැනීම නීති විරෝධී කටයුත්තක් ය.
 
ඉකුත් 30 වැනිදා එම පුවත වාර්තා වී දින දෙකක් ගතවීමට මත්තෙන් තවත් එවැනිම පුවතක් වැලිකඩ මැගසින් බන්ධනාගාරය ආසන්නයෙන් වාර්තා විය. එම පුවතින් වාර්තා වූයේ පූසකු මාර්ගයෙන් මැගසින් බන්ධනාගාරය වෙත මත් කුඩු යැවීමට කිසියම් පුද්ගලයෙක් විසින් උත්සාහ ගෙන තිබූ ආකාරයක් පිළිබඳවය. ඉතාමත් සූක්ෂම ලෙස අසුරන ලද මත් කුඩු ග‍්‍රෑම් 1 යි මිලිග‍්‍රෑම් 2 ක් සහ දුරකථන සිම්පත් දෙකක් මෙලෙස බන්ධනාගාරය වෙත යැවීම පිණිස පූසකුගේ බෙල්ලේ ගැටගසා තිබියදී බන්ධනාගාර බුද්ධි නිලධාරියකු විසින් එම පූසාව පරීක්‍ෂා කොට ඇත්තේ පූසාගේ ගෙලෙහි යමක් ගැටගසා තිබෙන ආකාරයක් බුද්ධි නිලධාරියාට දකින්නට ලැබීම හේතුවෙන්ය.
 
 බන්ධනාගාර ආහාර සැකසුම් අංශයෙන් ඉවත දමන ආහාර වැළඳීම පිණිස පැමිණෙන පූසන් මාර්ගයෙන් බන්ධනාගාරය තුළට මත් කුඩු යැවීමට ඒ හරහා කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් උත්සාහ දරන ඇති බව ඒ සම්බන්ධයෙන් සිදුකළ පරීක්‍ෂණවලින් මේ වන විට වාර්තා වී ඇති අතර එය කලක පටන් කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් පවත්වාගෙන යන ලද ජාවාරමක් දැයි සොයා බැලීම පිණිස ඒ සම්බන්ධව පරීක්‍ෂණ කරන පරීක්‍ෂණ කණ්ඩායම් මේ වන විට කටයුතු කරමින් ඇත.

විශේෂාංග

sikuru

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles