Divaina - ඡන්දයට පෙර ගෙවුණු තීරණාත්මක සතියක්.. ඇවිලෙන ගිනි නිවන්න ජනාධිපති මැදිහත් වෙලා... ලන්සාගේ කාන්තා ශක්තියට ඇමැති බිරිය අකමැතියිලූ... හම්බන්තොට ජනතාව සජිත්ට කී සංවේදී කතා...

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


poli
බුලිත ප‍්‍රදීප් කුමාර


2020 මහ මැතිවරණය සඳහා දැන් සියල්ල සූදානම්ය. ඉතිරිව ඇත්තේ තවත් දින දෙකකි. තුන් වන දිනයේ, එනම් අගෝස්තු 05 වැනිදා ශ‍්‍රී ලංකාවේ 16 වන පාර්ලිමේන්තුවට මන්ත‍්‍රීවරු 225 දෙනෙක් තෝරා ගැනීම සඳහා දිස්ත‍්‍රික්ක 24 ක් පුරා ඡන්ද කොට්ඨාස 160 ක මෙම මැතිවරණය පැවැත්වීමට සියලූ කටයුතු සංවිධානය කර අවසන් ය. නිරෝධායන මධ්‍යස්ථාන මට්ටමෙන් ද ඡන්ද විමසීම් සිදුකරන බැවින් ඡන්දය පවත්වන ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව නිශ්චිතව කීමට නොහැකි වුවත් ඒ සියලූ අභියෝග නිසියාකාරව ජය ගැනීම සඳහා සියලූ සංවිධාන කටයුතු අවසන්ව තිබිණි.

ඡන්දය පවත්වන්නට දින දෙකකට පෙර එනම් අද (ඉරිදා) රාත‍්‍රි 12.00 න් පසුව සියලූ ප‍්‍රචාරක වැඩකටයුතු නතර කරන්නට නියමිතව තිබුණි. එම කාරණාව හේතුවෙන් පසුගිය සතිය දේශපාලනඥයන්ට මෙන්ම ජනමාධ්‍යවලට ද තීරණාත්මක ලෙස වැඩ අධික සතියක්ව තිබිණි.

මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවල ප‍්‍රගතිය අනුව බලන විට පසුගිය සතිය වන විට අන් සියලූ දේශපාලන පක්ෂ අභිබවා ඉදිරියට පැමිණීමට සමත්ව සිටියේ සජිත් පේ‍්‍රමදාස ප‍්‍රමුඛ සමගි ජන බලවේගයයි. සජිත් පේ‍්‍රමදාසගේ ඉලක්කය වූයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට වඩා වැඩි රැස්වීම් ප‍්‍රමාණයක් දිස්ත‍්‍රික් හා ආසන මට්ටමින් දීප ව්‍යාප්තව පවත්වා වැඩිම රැස්වීම් ප‍්‍රමාණයක කතා කළ පක්ෂ නායකයා වීමට ය. පසුගිය සතිය වන විට එම ඉලක්කය ඔස්සේ මහන්සි වූ මට්ටමෙහි උපරිමය කරා පැමිණෙන්නට සජිත්ට හැකි විය.

එක්සත් ජාතික පක්ෂය ඒ අතින් පසුගිය සතිය වන විටත් සිටියේ අතිශයින් දුර්වල මට්ටමකය. සටන්කාමීත්වය පැත්තෙන් ඔවුන්ට සජිත්ගේ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය හා සමාන වන්නට කොහෙත්ම නොහැකි විය.

ජනතා විමුක්ති පෙරමුණ ද හැකි සෑම අයුරකින්ම ප‍්‍රචාරක උපක‍්‍රමවල සහයෝගය තම ප‍්‍රචාරක කටයුතුවලට යොදා ගත්තේය. දේශපාලන වේදිකාවේ අතිශයින්ම දක්ෂ කථිකයන් පිරිසක් ජවිපෙට හිමි බව අවිවාදිත ය. එක් අතකින් ඔවුන්ට වාසිදායක දිස්ත‍්‍රික්කවල දිස්ත‍්‍රික් මට්ටමින් පවත්වන ලද කුඩා කුඩා රැලි හා සම්මන්ත‍්‍රණවලට එම කථිකයන් ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට යාම් ඊම් සම්බන්ධ වූහ. ඊට අමතරව ගුවන්විදුලි හා රූපවාහිනි, විද්‍යුත් මාධ්‍යවල මෙන්ම සමාජ මාධ්‍යවල සහයෝගය ද උපරිමයෙන් ලබා ගනිමින් ජවිපෙ ය ජනතාව අතරට ගිය සතියක් ලෙස පසුගිය සතිය අපට හැඳින්විය හැකි විය.

ඒ කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ප‍්‍රචාරක වැඩසටහන් අන් සියල්ලටම වඩා වෙනස් මගක් ගත්තා යැයි කිවහොත් නිවැරදි ය. ඔහු එම කටයුතු ඉතාමත් ප‍්‍රතිපත්තිගරුක මට්ටමකින් හා

විනයගරුක සදාචාර සම්පන්න බවකින් යුතුව ඉටුකරන අයුරු අපට විශේෂයෙන් දැකගත හැකි විය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රචාරක ව්‍යාපාරය තුන් ආකාරයකින් ක‍්‍රියාත්මක වන බව දැන් ඔබ නොදන්නවා නොවේ. සියලූ මෙහෙයුම් ජාලය භාරව සිටියේ බැසිල් රාජපක්ෂ නෙලූම් මාවත කාර්යාලයේ සිටය. රට පුරා විසිර සිටින තම අපේක්ෂකයන්ට සහයෝගය දෙන්නට

අගමැතිවරයා රට පුරා පවතින කුඩා කුඩා රැස්වීම්වලට සහභාගි වෙමින් වෙනම වටයක් ගමන් කළේ ය.

ඇවිලෙන ගිනි නිවන්න  ජනාධිපති මැදිහත් වෙලා...

එහෙත් ජනාධිපතිවරයා රට පුරා ගමන් කළේ ඒ සියල්ලටම වඩා වෙනස් මුහුණුවරකින් යුතුව ය.

මැතිවරණ ප‍්‍රචාරක සටන් ව්‍යාපාරයේ මැද භාගය වන විට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම අතර අභ්‍යන්තර ආරවුල් වර්ධනය වූයේ ශ‍්‍රීලනිප - පොහොට්ටු පරණ කෝන්තර ඉස්මතු වීම නිසාය. එහි ආරම්භය සනිටුහන් වූයේ පොලොන්නරුවෙනි. පොලොන්නරුවේ රොෂාන් රණසිංහ එම ගැටුම ආරම්භ කළේ හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සමග වේදිකාවේ ද්වන්ධ යුද්ධයක් ආරම්භ කරමිනි. පොහොට්ටුවට හතුරුකම් කරමින් රාජපක්ෂ පිලට වධ දුන් මෛත‍්‍රිපාල සිරිසේන පරාජය කර හරින්නැයි යන මතය ඔහු එළිපිටම සමාජගත කරමින් සිටියේය. මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඒවාට ඉතා ඉවසිලිවන්ත පිළිවෙතක් අනුගමනය කරමින් ප‍්‍රතිචාර දක්වන්නට විය.

මෙම සටන වඩාත් දැවැන්ත ලෙස සමාජගත වූයේ මෛත‍්‍රිපාල විරෝධී සටනට ගම්පහ දිස්ත‍්‍රික් නායක ප‍්‍රසන්න රණතුංග අවතීර්ණ වීමත් සමඟ ය. ඔහු පුළුල් ලෙස ජනමාධ්‍ය යොදා ගනිමින් සහ ප‍්‍රසිද්ධ වේදිකාවේ කතා කරමින් හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනට එරෙහිව නිර්දය විවේචන එල්ල කරන්නට පටන් ගත්තේ ය. ඔහු සටන පොදුකර ගත්තේ ය. මෛත‍්‍රිපාල සිරිසේනට පමණක් නොව, එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වී රාජපක්ෂ පිලට හා පොහොට්ටුවට සතුරු කම් කළ සැමටම ඔහුගේ විවේචන අදාළ විය. රාජපක්ෂවරුන්ට එරෙහිව ක‍්‍රියාකළ, යහපාලන ආණ්ඩුවට ගෑවුණු කෙනෙකුටවත් ඡන්දෙ දෙන්නට එපා යන සටන පෙරමුණට ගත්තේ ඔහුය.

ප‍්‍රසන්න මෙසේ සටන්කාමීව මත පළකරන විට ඊට පිළිතුරු දෙන්නට මෛත‍්‍රිපාල සිරිසේනටත් වඩා ඉදිරියෙන් නැ`ගීසිටියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකරයි. අවසානයේ එය ජාතික තලයේ දී දයාසිරි හා ප‍්‍රසන්න අතර ගැටුමක් බවට වර්ධනය විය.

මේ අතර සෑම දිස්ත‍්‍රික්කයකම පාහේ යම් යම් මට්ටමින් මෙම සටන පැන න`ගින්නට පටන් ගත්තේ මනාප පොරය නිසා ය. මෙම ගැටුම සමහර තැන්වල සිරිසේන මහතා සමඟ ගිය අය හා රාජපක්ෂලා සමග නතර වූ අය අතර මනාප පොරය උණුසුම් කරන්නට හේතුවක් විය. සමහර තැන්වලදී එම සටන වඩාත් උණුසුමින් මතුපිටට පැමිණි අතර සමහර තැන්වල එම සටන තිබුණේ අළු යට ගිනි පුළිඟු මෙන් සීතල යුද්ධයක් ලෙස ය.

මොනරාගල දිස්ත‍්‍රික්කයේ දී මෙම සටන මතුපිටට පැමිණියේ තවත් රාජපක්ෂවරයකු වන ශෂීන්ද්‍ර රාජපක්ෂ, ජගත් පුෂ්පකුමාර අතර ගැටුමක් ලෙස ය. මෙම ගැටුම කොතෙක් දුරට වර්ධනය වූයේ ද යත් සමහර තැන්වලදී ජගත් පුෂ්පකුමාරට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ වේදිකාවල්වලට න`ගින්නට වත් ඉඩක් නොලැබිණි. සමහර තැන්වලදී ජගත් පුෂ්පකුමාර කතා කරමින් සිටි මයික‍්‍රෆෝනය පවා උදුරා ගෙන කතා කරන මට්ටමට යම් යම් මට්ටමින් විරෝධතා ව්‍යාපාර සංවිධානය වී තිබීම විශේෂත්වයකි.

කෙසේ වෙතත් මෙම තත්ත්වය අගමැති මහින්ද රාජපක්ෂගේත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේත් හිත සුව පිණිස වූයේ නැත. විශේෂයෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම තත්ත්වය පාලනය කරන්නට විවිධ අවස්ථාවන්හිදී විවිධ පුද්ගලයන් අමතා පුද්ගලිකවම කතාබහක් කර අවවාද කර තිබිණි.

මේ අතර මාතර දිස්ත‍්‍රික්කයේ ද එබඳු සුළු ගැටුමක් ආරම්භ වී ඔඩු දුවමින් පැවැතියේ ය. පසුව එය පොහොට්ටුවේ දිස්ත‍්‍රික් කණ්ඩායම දෙකට බෙදන්නට ද හේතුවක් විය.

මාතර දිස්ත‍්‍රික් නායකයා ඩලස් අලහප්පෙරුමයි. ඩලස් කෙදිනකවත් මහින්ද කඳවුරට පිටුපා තිබුණේ ද නැත. ඔහු එම කඳවුරේ ප‍්‍රබලම නායකයෙක් වූ අතර ප‍්‍රබලම වැඩසටහන් සංවිධායකවරයා ද විය. අදහස් ප‍්‍රකාශනය අතින් ද දේශපාලනමය කරුණු කාරණා පැහැදිලි කිරීමේ කාර්යභාරය අතින් ද ඔහු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු කණ්ඩායමේ අසමසමයකු විය. විශේෂයෙන්ම මාධ්‍ය සාකච්ඡා මෙහෙයවීමේ දී මෙන්ම දේශපාලනම සංවාදවලට සහභාගි වීමේ දී ද සදාචාර සම්පන්න දේශපාලනය පිළිබිඹු කරන පරමාදර්ශී චරිතයක් ලෙස ද ඩලස් අවිවාදිත ය.

එහෙත් මාතර දිස්ත‍්‍රික්කය තුළ ඒ කිසිවක් සැලකිල්ලට නොගෙන ඔහුට විරුද්ධව ද යම් විකල්ප දේශපාලන වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක වන්නට විය. එය සිදුවූයේ රාජපක්ෂ පවුලට සම්බන්ධ තවත් තරුණ අපේක්ෂකයෙක් මාතර දිස්ත‍්‍රික්කයෙන් ඉදිරිපත් වන්නට වීමත්, ඔහුට සහයෝගය දෙන්නට හා ඔහුව දිස්ත‍්‍රික්කයෙන් ප‍්‍රමුඛයා ලෙස දිනවන්නට කොළඹින් මාතරට ගිය යම් යම් සහායක කණ්ඩායම් ක‍්‍රියාත්මක වන්නට පටන් ගැනීමත් සමගය.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මේ සියල්ල දෙස උපේක්ෂාවෙන් බලමින් පෙන්වා දුන්නේ මේ සියල්ල රටට නොගැළපෙන දූෂිත මැතිවරණ ක‍්‍රමයේ අනිවාර්ය ප‍්‍රතිඵලයක් බවය. මනාප පොරය හා මනාප ක‍්‍රමය නිසා එකම පවුලේ සහෝදර සහෝදරියන් අතර පවා මෙබඳු තාවකාලික බේදභින්න වීම් දැකිය හැකි බව ඔහුගේ මතය විය.

කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම තත්ත්වයට විසඳුම් සෙවූයේ තම භාවිතාව තුළ ය. ඔහු දිස්ත‍්‍රික්කයකට යන විට වැඩි අවධානයක් යොමු කළේ එබ`දු හැලහැප්පීම් හේතුවෙන් අගතියට පත් පාර්ශ්වවල අපේක්ෂකයන් කෙරෙහි ය. යහපාලන ආණ්ඩුව කාලයේ සිදුවූ සියලූ අතීත සිදුවීම් අමතක කරමින් කණ්ඩායමක් ලෙස සැබෑ ප‍්‍රතිවාදීන්ට එරෙහිව දේශපාලනයේ යෙදිය යුතු ආකාරය පිළිබඳව පාඩමක් කියා දෙමින් ඔහු එබඳු දිස්ත‍්‍රික්වල සෑම අපේක්ෂකයකු ළඟටම ගියේ ය. ජනාධිපතිවරයාගේ මෙම හැසිරීම යම් යම් දේශපාලන ගිනි ගොඩවල් ඇවිලෙමින් තිබූ තැන්වල සියලූ ගිනි නිවා දමන්නට බලපාන හේතුවක් විය.

මේ අතර අගමැති මහින්ද රාජපක්ෂ ද මේ සම්බන්ධයෙන් එක් අවස්ථාවක දී අපූරු ප‍්‍රකාශයක් කළේය...

‘‘දැන් මේ සෙල්ලම හොඳටම ඇති... වේදිකාවේ ගහ බැණ ගන්න එක දැන් නතර කරන්න ඕන. අපි ඡන්දෙ ඉල්ලූවෙ එක කණ්ඩායමක් හැටියට. මිනිස්සු කැමැති කෙනෙකුට මනාප දෙයි. මනාප නිසා අමනාප වෙන්නයි නරක... එහෙම බලනවා නම් ඉතින් මමත් සිල් සේද මහත්තයා ළඟට ගිය කෙනෙක් තමයි. ඇයි ඉතින් දින 52 ආණ්ඩුවේ මමත් අගමැති වෙලා එතුමා ළඟට ගියා නේ...”

කෙසේ වෙතත් විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේත් අගමැතිවරයාගේත් ක‍්‍රියාකලාපය නිසා පසුගිය සතිය අවසන් වන විට දී ටිකෙන් ටික ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෝ දිස්ත‍්‍රික්ක ඇතුළේ රණ්ඩු සරුවල් වන මට්ටම අඩු වන්නට පටන් ගෙන තිබිණි.

ලන්සාගේ කාන්තා ශක්තියට
ඇමැති බිරිය අකමැතියිලූ...

මේ අතරතුර පසුගිය සතියේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ද පොහොට්ටුවේ අපේක්ෂකයන්ට සහාය පළ කිරීමට වස් යම් යම් ප‍්‍රදේශවල දේශපාලන කටයුතුවලට සහභාගි වෙමින් සිටියේය. හිටපු අමාත්‍ය නිමල් ලාන්සා කලක පටන් තමන්ගේ දේශපාලන කටයුතුවලට මැදිහත් වන්නට මීගමුවට එන ලෙස බැසිල්ට ආරාධනා කර තිබිණි. ආරාධනාව මග හරින්නට බැරි තරම් තදබල එකක් වූයෙන් දහසකුත් වැඩ අතර පසුගිය සතියේ බැසිල් මීගමුවට ගියේය... දවස සෙනසුරාදාය.

එදා හවස බැසිල්ට ආරාධනය කර තිබුණේ නිමල් ලාන්සා සංවිධානය කර තිබූ කාන්තා සංවිධාන රැස්වීමකටය. රැස්වීම් ශාලව අතුරු සිදුරු නැතිව පිරී තිබුණි. ඒ කාන්තාවන්ගෙන් පමණක් වීම විශේෂත්වයකි. මේ රැස්වීමට ගම්පහ දිස්ත‍්‍රික් නායක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා ද සහභාගි වී සිටියේය.

රැස්වීම ඉදිරියෙන්ම ලාන්සාගේ බිරි`ද ද අසුන්ගෙන සිටියේය.

”ලාන්සා ඇමැතිතුමාගේ කාන්තා ශක්තිය හරිම ප‍්‍රබලයි. මෙච්චර කාන්තා පිරිසක් ලාන්සා වෙනුවෙන් ඉදිරිපත් වෙන එක ගැන එතුමාගේ බිරි`ද නම් එච්චර කැමැති නැතුව ඇති” ප‍්‍රසන්න ලාන්සාගේ බිරි`ද දෙස බලමින් කීවේය.

”ඒක නම් ඇත්ත තමයි” බැසිල් ද කීවේය.

කතාව අතරතුර බැසිල් ප‍්‍රසන්නට ලොකු සහතිකයක් දුන්නේය.

”විදේශගත ශ‍්‍රමිකයන් ලංකාවට ගේන්න ප‍්‍රසන්න රණතුංග ඇමැතිතුමා හරියට මහන්සි වෙනවා. ලෝකෙ හැම ගුවන්තොටුපළක්ම වහද්දී ප‍්‍රසන්න කටුනායකින් විදේශගත ශ‍්‍රමිකයන් ගෙන්නගන්න මැදිහත් වුණා. ඒ වෙනුවෙන් කැපවුණා. අපිට ඕන මේ වගේ ඇමැතිවරු” බැසිල් කීවේය.

රැස්වීමෙන් පසු තේ පානය අතරතුර බැසිල්, ප‍්‍රසන්න හා ලාන්සා අතර කතාබහ වුණේ මැතිවරණ ප‍්‍රතිඵල ගැනය.

”ප‍්‍රතිඵලය ගැන නම් මට කිසිම අවිශ්වාසයක් නෑ. අපි සියයට දෙසීයකින් මේ මැතිවරණය දිනනවා. හැබැයි කොවිඞ් නිසා ඡන්දය දාන්න යන එකේ අඩුවක් වෙන්න පුළුවන්” බැසිල් කීවේය.

”හැබැයි සර් ඡන්දය දාන්න නොයන්නේ යූ.එන්.පී. එක. මොකද දෙගොල්ලන්ගේ රණ්ඩුව නිසා ඒ අය හු`ගක් කළකිරිලා ඉන්නේ. හු`ග දෙනෙක් අපි එක්ක එකතු වෙනවා” ප‍්‍රසන්න කීවේය.

”ඒක ඇත්ත සර්.. මීගමුව, වත්තල එක්සත් ජාතික පක්ෂයේ අය අපිත් එක්ක එකතු වෙන්නේ බුරුතු පිටින්..” ලාන්සා කීවේය.

”ඒ අයව පුළුවන් තරම් එකතු කරගන්න. හැබැයි ඡන්දෙ දාට අපේ අයව පුළුවන් තරම් ඡන්දෙට යවන්න වැඩපිළිවෙළක් හදන්න” බැසිල් ප‍්‍රසන්නට කීවේය.

”අපි නම් දැනටමත් ඒක හදලා තියෙන්නේ සර්..” ප‍්‍රසන්න කීවේය.

”ඔව්... ඔව්.. ප‍්‍රසන්න ඉතිං හැමවෙලාවෙම සූදානම් ශරීරයෙන් ඉන්නේ..” බැසිල් කීවේය.

පනින අයට ඡන්දය දෙන්න එපා යැයි බැසිල් මේ රැස්වීමේ දී කීවේය.

”සර් පනින අයට ඡන්දය දෙන්න එපා කියලා කියපු එක හො`දයි. හැබැයි ඕක මම කියපුවාම තමයි කට්ටියට විස වෙන්නේ” ප‍්‍රසන්න කීවේ නෝක්කාඩුවට මෙනි.

”මම කියන ටෝන් එකයි. ඔයා කියන ටෝන් එකයි වෙනස්.... ඒකයි.... ඒ” බැසිල් සිනාසෙමින් කීවේය.

වැටුන රට ගොඩන`ගන
රනිල්ගේ ආර්ථික තියරිය


poli2හිටපු අගමැති එජාප නායක රනිල් වික‍්‍රමසිංහ කතාවට අති දක්ෂයෙක් බව ප‍්‍රකට ය. පසුගිය සතියේ ඔහු සහභාගි වූ විවිධ අන්දමේ රැස්වීම්වලදී හා වාද විවාද වලදී ඒ බැව් මොනවට තහවුරු විය. රනිල් නිකම් කථිකයකු නොව, තමන් සමග වාද විවාද කරන වුන් නොතකා හැර, මගහැර ගොස් තමන්ට අවශ්‍ය දේ පමණක් ඔවුන් සමග කතාබහ කරන්නට ඔහු උපන් හපනෙකු බව ප‍්‍රකට ය.

පසුගිය සතියෙත් ඔහු දේශපාලන වේදිකාවේ දී ඔවුන්ගේ ප‍්‍රධානතම දේශපාලන හතුරා වන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත දැඩි විවේචන එල්ල කළහ. ඒ අතර එජාපයේ අලූත්ම දේශපාලන සතුරා වන සමගි ජන බලවේගයට ද රනිල් සමාවක් දුන්නේම නැති තරම් ය. සමගි ජන බලවේගයට දැන් ඇත්තේ මහින්ද පරාජය කිරීමට අවශ්‍ය සටනක් නොව, සිරිකොතේ බලය අල්ලා ගැනීමට අවශ්‍ය සටනක් බව පෙන්වා දෙමින් රනිල් සමගි ජන බලවේගයේ දේශපාලන සටන් මහත් හෑල්ලූවට ඇද දමමින් කතා කරන අයුරු අපට දැකගත හැකි විය.

මේ අතර රනිල් කොළඹ දිස්ත‍්‍රික්කයේ යම් යම් ස්ථානවල සූදානම් කර තිබූ එජාප රැලිවලට ද සහභාගි විය. ඊට අමතරව එජාපයේ නායකයා හැටියට රට පුරා තැනින් තැන තිබූ රැස්වීම් කිහිපයකට ද එක් විය. මේ සෑම තැනකදීම ඔහු අවධාරණය කළේ වත්මන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ ආර්ථික නොහැකියාව ගැනය. මේ මාස කිහිපය ඇතුළත දී ඔවුන් තමන්ගේ මූල්‍ය කළමනාකරණය පිළිබඳ නොහැකියාව මුළු රටටම නොව ලොවටම පෙන්නුම් කර දී ඇතැයි රනිල් කීවේය. බිඳ වැටුණු රට සහ ආර්ථිකය ගොඩනංවන ආකාරය ගැන රනිල් මෙහිදී දේශපාලන වේදිකාවේ සාකච්ඡාවට ගත්තේය.

‘‘මේ රටේ රැකියා ලක්ෂ 10 ක් අනතුරට වැටිලා. දෛනික ආදායම් ලබන අයගේ තත්ත්වය ඊටත් අනාථයි. වැඩකරන මිනිස්සුන්ට ලැබෙන්නෙත් පඩි භාගයයි. මේ තත්ත්වය නැති කරන්න ඩොලර් මිලියන 6000 ක් ලංකාවට ඕනෑ. ඒත් ඒක හොයන ක‍්‍රමවේද මේ ආණ්ඩුවට නෑ. ණයට ගත්තත් ආර්ථික හා මුදල් කළමනාකරණය පිළිබ`දව හැකියාවක් නැති බව ඔවුන් ඔප්පුකොට හමාරයි.” එ.ජා.ප. නායකයා කීවේය.

මධ්‍යම සංස්කෘතික අරමුදල යහපාලන යුගයේදී අවභාවිතාවකට ලක්ව ඇති බවට පසුගිය දා විමර්ශන වාර්තාවක් එළිදුටුවේය. ඒ හරහා රු. බිලියන 11 ක ගැටලූ ඇති බව ද ඉන් මිලියන 480 ක් පසුගිය ජනපතිවරණය ස`දහා යොදාගෙන ඇති බවට ද චෝදනා එල්ල වී තිබේ. එම අරමුදල භාරව සිටි සජිත් පේ‍්‍රමදාස මෙන්ම අකිල විරාජ්ට ද ඒ හරහා චෝදනා එල්ල කොට තිබීම විශේෂත්වයකි.

‘‘අරමුදලේ මුදල් පාලක මණ්ඩලයේ අනුමැතියක් නැතිව වැය කිරීමයි ගැටලූව වෙන්නේ. අනුමැතිය ගත් බවට ඉදිරිපත් කරන ලියකියවිලි ද අඩුපාඩු සහිත ඒවා බව කියනවා. ඩොලර් ගිණුම භාණ්ඩාගාරයට දීලා රුපියල් කර ගන්නෙත් නැතුවයි ඇතැම් අවස්ථාවල ක‍්‍රියාකරලා තියෙන්නේ කියලායි නීතිවේදීන් කියන්නේ.” රවි කරුණානායක කීවේය.

‘‘ජනාධිපතිවරණය ඉවර වෙලා දින 4 කින් මම ඔය අරමුදල ඇතුළු ආණ්ඩුවේ සියලූ වගකීම් ජයගත් පිලට පැවරීමේ ක‍්‍රියාවලියක හිටියා. ඒත් සජිත්ගේ ඉල්ලීම මත එවකට අගමැති ලේකම්වරයා පැමිණ විශේෂ රැස්වීමක් තියලා අදාළ ලියකියවිලි නීත්‍යානුකූලව සකස් කරන්න යෝජනා කළාම නීතිය හා සදාචාරයට අනුව ඒක නුසුදුසු ක‍්‍රියාවක් බව මම පෙන්වා දුන්නා. මගේ කකුලෙන් ඇද්දායි සමහරු කියන්නේ ඔය කරුණ මිසක් ජනපතිවරණයේදී සිදුවූ වෙනත් දෙයක් නොවෙයි.” එ.ජා.ප නායකයා පැහැදිලි කළේය. ‘‘දහම් පාසල් ගොඩනැගිලි හදන්න ඉංජිනේරු සංස්ථාවයි භාරගෙන තියෙන්නේ. ඒත් ඒ වැඬේ කරලා තියෙන්නේ පිටස්තර කොන්ත‍්‍රාත්කරුවනුයි. විහාර ගණනාවකට මුදල් ලබාදීම ගැනත් යම් ගැටලූ තිබෙන බව ආරංචියි. රැකියා සඳහා බඳවා ගැනීම ගැන සජිත් වගේම අකිලගේ කාලෙටත් අදාළ යම් චෝදනා තියෙනවා.’’ එ.ජා.ප නයකයා තවදුරටත් කීය.

‘‘රාජ්‍ය දේපොල අවභාවිතා කිරීම ඔප්පු වුණොත් මන්ත‍්‍රීකම අභියෝගයට ලක් වෙන්නත් බැරි නෑ. මේ වාර්තාව හැදුවේ ජනාධිපතිගේ නීති උපදේශක මිසක් ස්වාධීන කෙනෙක් නොවන නිසා එතන යම් ගැටලූවක් තිබුණත් විධිමත් පරීක්ෂණයකින් පසු නීතිපති හමුවට අදාළ ලිපි ගොනුව යොමු කළ හැකි බවත් ආරංචියි. එ.ජා.ප මහනුවර දිස්ත‍්‍රික් අපේක්ෂක මහේස් සේනානායක කීවේය.

මිරිස් කුඩු සෙල්ලමත්
ඕන වෙන වෙලාවල්...


අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පසු ගිය සතියේ ගම්පහ මාවරමන්ඩියේ පැවති රැස්වීමකට ගියේ හිටපු මන්ත‍්‍රී ඩුලිප් විජේසේකරගේ ආරාධනයක් අනුවය. බුඩිස්ට් මෙම රැස්වීමට ප‍්‍රසන්න රණතුංග, සිසිර ජයකොඩි, ප‍්‍රසන්න රණවීර ඇතුළු අපේක්ෂකයන් කිහිප දෙනෙකුටද ආරාධනා කර තිබීම විශේෂත්වයක් විය. මෙහිදී අගමැතිවරයා රැස්වීමක් අමතා ඉතාමත්ම හැඟුම්බර වූත් උණුසුම් වූත් කථාවක් කළේය...

‘‘පහුගිය කාලේ අපිට දිගින් දිගටම දේශපාලනය කරන්න වුණේ ප‍්‍රශ්න මැද. අපි ආණ්ඩු පිහිටෙව්වා. හැබැයි අපිට වැඩ කරන්න බලයක් තිබුණේ නෑ. අපි ජනාධිපතිවරු හැදුවා. හැබැයි වැඩ කරන්න බලයක් නැති වුණා. පහුගිය කාලේ බොහෝම ප‍්‍රශ්නවලට අපිට මුහුණපාන්න සිද්ධ වුණා. විවිධ අසාධාරණකම් වුණා. කිසිම තැනකින් පිළිසරණක් නැති වෙලාවෙ අපි අපිම නැගිටින්න පටන් ගත්තා. අසාධාරණයට විරුද්ධව අපි සටන් කළා. පාර්ලිමේන්තුව ඇතුළෙත් පිටතත් සටන් කළා. අපි පීඩනයට එරෙහිව සටන් කරලා නැගිට්ටා.

ඔය අතරේ අපි එක්ක හිටපු සමහරු මිරිස් කුඩුත් එක්ක නැගිට්ටා.

එසේ කියමින් අගමැතිවරයා වට පිට බලන විට වේදිකාවේ උන් සැවොම බැලූවේ ප‍්‍රසන්න රණවීර දෙසය.

අපේ අය මිරිස් කුඩු අතට ගත්තෙ වුණත් අසාධාරණයට එරෙහිව වෙන කරන්න දෙයක් නැති තැන. මොනව වෙනුවෙන්ද ඒ... පුද්ගලික ඉදිරි වාදි කමක් නිසා ද... නෑ... අපේ අය එහෙම කළා නම් කළේ මේ රට වෙනුවෙන්... රට වෙනුවෙන්...

අගමැතිවරයා එසේ ඉතාමත් ම හැඟුම්බරව කියූ කාරණාව හුදු විහිළුවක් නොවන බව සමහර අයට තේරුම් ගියේ අගමැතිවරයාගේ අවධාරණයෙන් පසුවයි..

ප‍්‍රසන්න රණතුංග ද ප‍්‍රසන්න රණවීර දෙස බලමින් ඉඟියක් කළේය...

අන්න එහෙමයි නායකයෝ ඉන්න ඕන... ඒකට තමයි නායකත්වය කියලා කියන්නේ...

වේදිකාවේ සිටි තවත් හිටපු මන්ත‍්‍රීවරයෙක් එසේ කීවේ අගමැතිවරයාගේ එම අර්ථකථනය ගැන ය...

සජිත් සමග ගිය අයට
රනිල්ගෙන් වැඩ වරදියි..


පසුගිය සඳුදා රැස්වූ එ.ජා.ප කෘත්‍යාධිකාරි මණ්ඩලය සමගි ජන බලවේගය හා එකතුවූවන්ට අදාළව දැඩි තීන්දුවක් ගත්තේය. ඒ අනුව අපේක්ෂකයන් 54 ක හා පළාත් සභා හා පළාත් පාලන සභිකයන් 61 ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කිරීමත් ඔවුන් වෙනුවෙන් අනුප‍්‍රාත්තිකයන් පත් කිරීමටත් තීන්දු කෙරිනි. ඉවත් කෙරුණු ලයිස්තුවේ සජිත් හා සමගි ජන බලවේගයේ නායකයින්ගේ නම් ඇතුළත් නොවුනේ ඇයිද යන්න දයා ගමගේ විසින් නායකයාට යොමු කළ ප‍්‍රශ්නයක් විය.

‘‘ඡන්දයක් අතළඟ තියාගෙන කකුලෙන් අදින්න නරකයි. ඡන්දයෙන් පස්සේ කෘත්‍යාධිකාරිය නිසි තීන්දු ගනිවි. මේ තීන්දුව නිසා එ.ජා.පයෙන් මන්ත‍්‍රීකම් ගත්ත අය කැළඹීමට ලක්වෙලා තියෙනවා. සමගි බලවේගය වෙනත් පක්ෂයක් නිසා එ.ජා.ප ය ඔවුන්ගෙන් රැක ගන්නා ලෙස ලැබුණු උසාවි තීන්දුව අනුවයි කෘත්‍යාධිකාරිය ක‍්‍රියා කළේ.” එ.ජා.ප නායකයාගේ ස්ථාවරය එය විය.

ජනපතිවරණයේදී ජනතාවට ලබා දුන් සහන වෙනුවට තිබුණු සහනත් කපමින් යහපාලන ආණ්ඩුව සිදුකළ පඩි වැඩිවීම් පවා නවතමින් රාජ්‍ය සම්පත් රකින බවට කියමින් මැතිවරණ ජයගෙන ඒවා විකිණීමේ ක‍්‍රියාවලියකට යොමුවීම ඇතුළු මෙම ආණ්ඩුවේ ව්‍යාකූලතා රැසක් හමුවේ තැපැල් ඡන්ද පාවිච්චිය ඉතා අවම වී තිබීම විශේෂත්වයකි.

‘‘පාවිච්චි වූ තැපැල් ඡන්දවලිනුත් ආණ්ඩුවට ලැබුණේ සුළු සංඛ්‍යාවක්. බහුතර ඡන්ද එ.ජා.පය, ජ.වි.පෙ හා විපක්ෂයට ලැබුණු බවයි ආරංචි. ආණ්ඩුව මේ රට යළිත් සෘණ 3.5 ක ආර්ථිකයකට තල්ලූ කරලා තියෙන නිසා මහ මැතිවරණයෙන් මේ වැඩ බැරි පිරිසම දිනුවොත් ජනතාවට ඉතිහාසයේ නොවූ ආර්ථික දුෂ්කරතා සහ විශාල අහේනියකට මුහුණ දීමට සිදුවෙනවා ඒකාන්තයි. 2015 ඉඳලා අධික ණය බරකුත් ගෙවමින් ජනතාවට වැඩි පඩි හා දීමනා දෙමින් ඉන්ධන ගෑස් අඩු කරමින් නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරමින් බඩුමිල පවා ඉතා අවම මට්ටමේ තබා ගනිමින් අප කළ ක‍්‍රියාව ජනතාව මෙවර ඡන්දය පාවිච්චියට පෙර එක් වරක් නොව සිය දහස් වරක් සිතා බැලිය යුතු වෙනවා.” එ.ජා.ප නායකයා කීවේ එවැන්නකි.

බෝධිසත්ව ගුණ ගැන
මහින්ද කියපු කතාව...


අගමැති මහින්ද පසුගිය අඟහරුවාදා මිනුවන්ගොඩට ආවේ හැමදා තමන් සමග හිටි ප‍්‍රසන්නට හයියක් වන්නටය. මිනුවන්ගොඩ සතිපොළේ පැවති මෙම රැස්වීමට ප‍්‍රසන්න සියලූ අපේක්ෂකයන්ට පෞද්ගලිකවම ආරාධනය කර සැමට ආදර්ශයක් වෙමිනි. ප‍්‍රසන්න එදින උදෑසනම පෞද්ගලිකවම සියලූ අපේක්ෂකයන්ට කථා කර සිය මිනුවන්ගොඩ රැස්වීමට එන්න යැයි ආරාධනය කළේය. ඒ අනුව ගම්පහ දිස්ත‍්‍රික්කයේ සියලූ අපේක්ෂකයෝ ප‍්‍රසන්නගේ මේ රැස්වීමට පැමිණ සිටියහ.

ඇමැති ප‍්‍රසන්න මෙහි දී මහින්ද ගැන සංවේදී කථාවක් කළහ. මහින්ද තමන්ගෙන් පළිගත් මිනිස්සුන්ටත් සමාව දෙන බෝධිසත්ව ගුණයෙන් යුතු නායකයෙකු බව ප‍්‍රසන්න කීවේය.

”ඔබතුමාට ඔය බෝධිසත්ව ගුණය තිබුණාට මට නම් නෑ. ඔබතුමාටයි, පවුලේ අයටයි කෙණෙහිලිකම් කරපු අයට සමාව දෙන්න මට නම් බෑ.” ප‍්‍රසන්න කීවේය.

ප‍්‍රසන්නගේ මෙම කථාවට මහින්ද ප‍්‍රතිචාර දැක්වූයේ කථාව අවසන් කළ පැමිණි විට ඔහුගේ පිටට තට්ටුවක් දමමිනි. සිය කථාවේ දී ප‍්‍රසන්න ගැන මහින්ද කීවේ එකම දෙයකි.

”වෙන රැස්වීම් වලට ගියාම අපේක්ෂකයා ගැන කියන්න ඕනේ. මෙහෙ දී එහෙම ඕන නෑ. ප‍්‍රසන්න තමයි මෙහේ ඉන්න ජනප‍්‍රියම නායකයා. 2015 දී අපි පරාද වුණාම හුඟ දෙනෙක් අපිව දාලා යද්දී අපිව අතෑරලා යන්නේ නැතිව මා ළඟම හිටිය කෙනෙක් තමයි ප‍්‍රසන්න. බැසිල් එක්ක පොහොට්ටුව හදන්න මහන්සි වුණෙත් ප‍්‍රසන්න”. මහින්ද කීවේය.

හම්බන්තොට ජනතාව
සජිත්ට කී සංවේදී කතා...


poli3අවුරුදු 20ක් සජිත් පේ‍්‍රමදාස දේශපාලනය කළේ හම්බන්තොට ජනතාව සමඟය. නමුත් පසුගියදා ඔහු හම්බන්තොටින් සමුගෙන කොළඹට ආවේ ය. එසේ පැමිණීමෙන් පසු ඔහු යළි හම්බන්තොට ගියේ නැත. මේ සම්බන්ධයෙන් හම්බන්තොට ජනතාව සිටියේ තරමක කලකිරීමකිනි.

පසුගිය සතියේ සජිත් හම්බන්තොට බලා ගියේ එම ප‍්‍රදේශයේ පැවති රැස්වීම් කීපයකට සම්බන්ධ වන්නට ය. මුලින් ම පැවතියේ තිස්සමහාරාම ප‍්‍රදේශයේ සංවිධානය කර තිබූ ජනහමුවයි. එහිදී ජනතාව ඔහු සමඟ දුක කියන්නට පටන් ගත්තේ මෙසේ ය..

ඔබතුමා අපව දාල ගියා... අපි කරපු වරද මොකක්ද...

සංවේදී වෙමින් ජනතාව මෙසේ විමසද්දී සජිත්ටත් තරමක් සංවේදී වන්නට සිදු විය...

අවුරුදු විස්සක් මම ඕගොල්ලොත් එක්ක හිටියා. ඔගොල්ලන්ගේ දුක සැප බැලූවා. හැබැයි ජාතික දේශපාලනයට සම්බන්ධ වුණාට පස්සේ මට කොළඹ යන්න සිද්ධ උනාට ඕගොල්ලන්ව අමතක කරල ගියේ නෑ...

තිස්සමහාරාමයේ ජනතාව ගෙන් බොහොම අසීරුවෙන් සමු ගන්නට සිදු වූයේ තවත් රැස්වීම් තුන හතරකට ම සහභාගි වන්නට ඔහුට සිදුව තිබූ නිසා ය...

හම්බන්තොට ප‍්‍රදේශයේ රැස්වීම් හමාර වී සජිත් ඊළඟට ගියේ රත්නපුර නිවිතිගල ප‍්‍රදේශයේ පැවැති ජනහමුවකට ය. නිවිතිගල ට ඔහු යන විට මහා විශාල වර්ෂාවකට මැදි වූයේය. සජිත්ට ජීප් රියෙන් වත් බැසගන්නට අවසරයක් නැතුව වැස්සේය...

සර්... ජිප් එක ඇතුළෙම ඉන්න... අපි ජිප් එක වේදිකාව පිටි පස්සටම ගන්නම්... වැස්ස ටිකක් අඩු වුණාම වේදිකාවට නගිමු...

ආරක්ෂක අංශ එසේ කියද්දී සජිත් වැස්සේම ජීප් රියෙන් බැස වේදිකාවට ගොඩ වූයේ.. ‘‘ජනතාව වැස්සෙ තෙමි තෙමී කුඩ අල්ලාගෙන වේදිකාවේ ඉස්සරහ මම එනතුරු බලා ඉන්නකොට මට පුළුවන්ද ජීප් එක ඇතුළට වෙලා ඉන්න...” යැයි කියමිනි...

සජිත් වැස්සේම ජනතාව අමතමින් නිවිතිගලදී ඉතා හොඳ කතාවක් කළේය...

ඉන් පසුව තවත් රැස්වීමකට යන අතරතුරදී ඔහු කොළඹට කතා කරමින් කොළඹ කටයුතු සංවිධානය කළේ තම ලේකම්වරුන්වන තිස්ස අත්තනායක හා රංජිත් මද්දුමබණ්ඩාර හරහාය...

කෘත්‍යාධිකාරි මණ්ඩලයේ කට්ටිය සිරිකොතේ රැස්වෙලා අලූත් තීන්දුවක් අරගෙන... ආරංචි වුණේ නැද්ද...

සජිත් ඒ මොහොතේම ඒ ගැන සොයා බැලූවේ ය. තීන්දුව ගත්තාට විනාඩි කිහිපයකට පසු ඒ පිළිබඳ සියලූ තතු ඇතුළෙන්ම ඔහුට වාර්තා විය. සජිත් ඇතුළු මන්ත‍්‍රීවරුන් 52කගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවමින් තීන්දුවක් ගෙන ඇති බව ඔහුට එහිදී දැන ගන්නට ලැබිණි...

එම ආරංචියෙන් මොහොතකට පසු ඔහුට දුරකථන ඇමතුම් ගලා එන්නට විය...

සියල්ලෝම විමසුවේ ඊළඟට අපි කුමක් කරන්නේද කියාය...

අපි මේකට විරුද්ධව උසාවි යමු... ඒගොල්ලො කොහොමද එහෙම තීන්දුවක් ගන්නේ...

ඇතැම් අය කතා කරමින් සජිත්ට විවිධ යෝජනා ඉදිරිපත් කරන්නට වූහ...

මේ වෙලාවේ අපි උවමනාවට වඩා කලබල වෙන්න අවශ්‍ය නෑ... අපි සල්ලි වියදම් කර ගෙන මහන්සි වෙලා උසාවි ගානේ යන්න උවමනා නෑ. තව වැඩි දවසක් නෑ. අපිට තියෙනවා යන්න පුළුවන් ඉහලම උසාවියට යන්න අවස්ථාවක්. ඒ තමයි ජනතා අධිකරණය. අපි අපේ ප‍්‍රශ්න අරන් එතනට යමු. ලබන පස්වෙනිදාට ජනතා අධිකරණය රැස්වෙලා ජනතාවගේ තීන්දුව අපට ලබා දේවි. ජනතාව වෙනුවෙන් ඒ අස්කරපු පනස් දෙන්නව නැවත පාර්ලිමේන්තුවට යවනවාද නැද්ද කියන තීන්දුව ජනතාව ලබා දේවි...

ඔව් අපි මේ වෙලාවේ කලබල වෙන්න හොඳ නෑ...රංජිත් මද්දුම බණ්ඩාරගේ මතයද එයම විය...

ජනතාව නිවැරදි තීන්දුවක් දේවි... අපිට විරුද්ධව වැරදි තීන්දු දීපු අයටත් ජනතාව තීන්දුවක් දේවි... සජිත් කීවේය...

සමීක්ෂණයෙන් තේරුණු
ආචාරශීලී අපේක්ෂකයා...


කොළඹ විශ්වවිද්‍යාලයේ විශ‍්‍රාමික ජනසන්නිවේදනය පිළිබඳ මහාචාර්ය අජන්තා හපුආරච්චි මහත්මිය විසින් මෙවර මහ මැතිවරණය සම්බන්ධයෙන් සිදුකරන ලද ස්වාධීන ජනමත සමීක්ෂණයට අනුව 58%ක බහුතර බලයක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ද 34%ක ප‍්‍රතිශතයක් සමගි ජන බලවේගය ද 6.7%ක ප‍්‍රතිශතයක් එක්සත් ජාතික පක්ෂයද, 4%ක ප‍්‍රතිශතයක් ජනතා විමුක්ති පෙරමුණද හිමිකර ගනු ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ,

එම වාර්තාව මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වී ඇති අපේක්ෂකයින් සම්බන්ධයෙන් සිදුකරන ලද මත විමසීමේදී ආචාරශීලී අපේක්ෂකයින් කීප දෙනෙක් නම් කොට ඇත. එහි ප‍්‍රමුඛත්වය කෑගල්ල දිස්ත‍්‍රික් අපේක්ෂක රංජිත් සියඹලාපිටිය මහතාට හිමි වී ඇති අතර මීට අමතරව මහින්ද රාජපක්ෂ මහතාද මහින්ද අමරවීර මහතා සහ රනිල් වික‍්‍රමසිංහ යන මහතුන් ජනතා මත විමසුමට අනුව නම් කොට ඇත. අන් අය විවේචනය නොකිරීම, පාර්ලිමේන්තුව තුළ විනීතව හැසිරීම, අධ්‍යාපන මට්ටම ආදී සුවිශේෂී කාරණා කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සැලකිල්ලට ගෙන ඇත.

අගමැති මහින්ද පසුගිය බදාදා (28දා) සිටියේ ද ගම්පහය. ඔහු මුලින්ම ගියේ ගම්පහ කඩවත රැස්වීමට ය. කඩවත රැස්වීමෙන් පසු බියගම මාවරමණ්ඩිය සතිපොළ භූමියේ පැවති රැස්වීමට අගමැති මහින්ද ගියේ ප‍්‍රසන්නව ද සිය වාහනයේ නංවාගෙනය. බියගම රැස්වීම අතරතුර කාටත් නොකියා ප‍්‍රසන්න පිටව ගියේය. ඔහු ගියේ ගම්පහ ලක්ෂ්මන් ගුණවර්ධනගේ ගෙදරය. ලක්ෂ්මන්ගේ නිවසේ විශේෂ වැඩසටහනක් පැවැත්වෙමින් තිබුණි. ප‍්‍රසන්නගේ සහ ලක්ෂ්මන්ගේ මැතිවරණ ව්‍යාපාරයට ආශිර්වාද කිරීම සඳහා ගම්පහ දිස්ත‍්‍රික්කයේ ස්වාමීන් වහන්සේලා සියක් නමක් එහි වැඩම කර සිටියහ. ආශිර්වාද පූජාව අතරතුර එක්වරම අගමැති මහින්ද ලක්ෂ්මන්ගේ නිවසට ආවේය. මහින්ද දුටු ලක්ෂ්මන්ට ඇස් අදහගත නොහැකි විය. ඔහු පුදුමයෙන් මෙන් ප‍්‍රසන්න දෙස බැලූවේය. ප‍්‍රසන්න සිනාසුණා මිස මුකුත් ම කීවේ නැත.

”මට ප‍්‍රසන්න කිව්වා ලක්ෂ්මන්ගේ ගෙදර ජය පිරිතක් තියෙනවා කියලා. මට ඔයාගේ තාත්තා ලයනල්වත් මතක් වුණා. ඒ නිසා මම ඇවිල්ලා යන්න ආවා.” මහින්ද කීවේය. විනාඩි 10 කට ආසන්න කාලයක් මහින්ද ලක්ෂ්මන්ගේ නිවසේ ජය පිරිතට සහභාගී වුවේය. ජය පිරිත අවසානයේ ස්වාමීන් වහන්සේලා අගමැති මහින්දට ආශිර්වාද කළහ.

”මහඇමතිතුමා (ප‍්‍රසන්න) සර් මට මේ ගැන මුකුත් කිව්වෙත් නෑ. ඒත් මං බැලූවා මහින්ද මහත්තයා ගම්පහට ඇවිල්ලා තියෙද්දී ප‍්‍රසන්න මහත්තයා කොහොමද මේ වැඬේට ආවේ කියලා. මට ඒත් හිතුණා මොකක් හරි ඇති කියලා.” ලක්ෂ්මන් ඔය අතර මහින්දට කීවේය.

”මෙයා කොහොමත් එහෙම තමයි කෙරෙන්න ඕන වැඬේ කරලා සද්ද නොකර ඉන්නවා.” මහින්ද සිනාසෙමින් කීවේය.

”ලයනල් ඉන්න කාලේ එයා රෙජිත් එක්ක හරි සමීපව වැඩ කළා. ඒ වගේම අපි එක්කත් හරි කිට්ටුවෙන් වැඩ කළා. ලක්ෂ්මන් ප‍්‍රසන්නත් එක්ක එකතු වෙලා තාත්තලාගේ දේශපාලනය ඉස්සරහට ගෙනියන එක හොඳයි.” කියූ මහින්ද අත්තනගල්ල රැස්වීමට පිටව
ගියේ ය.

අනතුරුව මහින්ද ගියේ මිරීගම මහජන ක‍්‍රීඩාංගණයේ පැවති රැස්වීමටය. රැස්වීම අවසානයේ කෝකිලාගේ නිවසට යාමට නියමිතව තිබුණි. වේදිකාව බහිද්දී අගමැති මහින්දට පණිවිඩයක් ආවේය. පණිවිඩයෙන් කියවුණේ බන්දුල ගුණවර්ධන ඇමැතිතුමාගේ දියණියගේ විවාහ උත්සවයට ප‍්‍රමාද බවය.

”ප‍්‍රසන්න මම යන්නද? මට පරක්කුයි. කොළඹ උත්සවයට යන්න ඕනේ.” මහින්ද ප‍්‍රසන්නට කීවේය. ප‍්‍රසන්න කෝකිලා දෙස බැලූවේ ය.

”සර් කමක් නෑ යන්න.”කෝකිලා ද කීවේය.

”එහෙනම් දිනලා පාර්ලිමේන්තු එන්න. මේ ගොල්ලෝ පොහොට්ටුව හදන්න මහන්සි වෙච්චි උදවිය. මේ වගේ අය තමයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ.” අගමැති මහින්ද කෝකිලා සහ අත්තනගල්ලේ ප‍්‍රාදේශීය සභාවේ සභාපති ප‍්‍රියන්ත පුෂ්පකුමාර දෙස බලමින් මහින්ද කීවේය.

”මම ඒකනේ සර් කියන්නේ පොහොට්ටුවේ ඉන්න පොහොට්ටුවේම අයට විතරක් ඡන්දෙ දෙන්න කියලා.” ප‍්‍රසන්න කීවේය.

”අපරාදේ කියන්න බෑ සර්. ප‍්‍රසන්න ඇමතිතුමා නම් අපි වෙනුවෙන් උපරිමයෙන්ම පෙනී ඉන්නවා.” ප‍්‍රියන්ත කීවේය.

”මුල අමතක කරන්නේ නැති එක හොඳ දේශපාලනඥයෙකුගේ ලක්ෂණයක්. ප‍්‍රසන්නට ඒකනේ හැමෝම ආදරේ.” අගමැති මහින්ද කීවේය.

ආණ්ඩුවයි එජාපයයි
එකතු වෙලා ගහන මඩ ලූ...


පසුගිය සතියේ සජිත්ට විශ්වාසවන්ත තොරතුරු මාර්ග වලින් එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ තොරතුරු කීපයක් වාර්තා විය...ඒ පිළිබඳ වාර්තාවක් ඔහු වෙත ලැබුණු පසු සජිත් ඒ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මාධ්‍ය කමිටුව සමග විශේෂ සාකච්ඡාවක් කළේ ය... මේ සඳහා පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ද සම්බන්ධ විය.

සංස්කෘතික අරමුදලේ පරණ තොරතුරු ටිකක් අරගෙන ආණ්ඩුවයි යූඇන්පී එකයි එකතු වෙලා දැන් අපට විරුද්ධව මඩ ව්‍යාපාරයක් ආරම්භ කරල තියෙනවා කියලා ආරංචි වුණා...

ඒ තොරතුරු මාධ්‍ය කමිටු වලටත් වාර්තා වෙලා තියෙනවා නායකතුමනි...රංජිත් කීවේය...

එහෙම නම් මේ ගැන කතා කරන්න මාධ්‍ය කමිටුවේ කට්ටියත් සම්බන්ධ වෙන එක හොඳයි... සජිත් කීවේය.

අපේම කට්ටිය තමයි ආණ්ඩුවට මේකට උදව් කරන්න පටන් අරන් තියෙන්නේ... පරණ ෆයිල් වගයක් හොයාගෙන එහෙම් මෙහෙන් තොරතුරු ටිකක් අරගෙන ඡන්දෙට කලින් මඩ ප‍්‍රහාරයක් දියත් කරාම ඔක්කොම හරි කියලයි අපේ පරණ කට්ටිය හිතන්නේ...

ආණ්ඩුවේ බංකොලොත් බවත් මේවායින් පැහැදිලි වෙනවා අපේ පරණ ලොක්කාගේ ලණු කන තර මෙන්ම...

කොහොම උනත් මේ වගේ බොරු ප‍්‍රචාර යන්න දෙන්න හොඳ නැහැ... රංජිත් මේකට විරුද්ධව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන්න...

ඔව්... මහ බැංකුව කොල්ල කාපු අයට අද කිසි ප‍්‍රශ්නයක් නෑ... හැබැයි වෙහෙර විහාර හදන්න සල්ලි වෙන් කරපු අය ගැනයි මේ ගොල්ලා මේ විදියට ෆයිල් අවුස්ස අවුස්සා හොයන්න හදන්නේ...

අපි මේ ගැන මාධ්‍ය වලටත් කතා කරමු...

මේ අතර මනූෂ නානායක්කාර මාධ්‍ය කමිටුවට වාර්තා වී ඇති තොරතුරු කිහිපයක් ද එළිදක්වනු ලැබුවේ ය...

මනූෂ කතා කරේ එක්තරා වෙබ් අඩවියක් පිළිබඳව ය. ඒ මගින් ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන කාර්යාලයකින් සාදා දෙන ප‍්‍රවෘත්ති කීපයක් පළ කර ඇති බවට තමන් සොයා ගත් තොරතුරු රාශියක් මනූෂ හෙළිදරව් කළේය...

මම ඒ ගොල්ලත් එක්ක කතා කරලා ඇහුවා ඇයි මෙහෙම වැඩ කරන්නේ කියලා... ඒ ඔෆිස් එකෙන් නිවුස් එවනවා ලූ. ඒගොල්ලො ඒවා ගහනවා කියලයි කිව්වේ...

මම ඇහුවා මට විරුද්ධව නිවුස් ප්ලාන්ට් කරපුවා ගහනකොට ඇයි ඒව ගැන මගෙන් අහන්නෙ නැත්තෙ කියලා...

ආණ්ඩුව ඇතුළෙත් දැන් අර්බුද ගොඩක් තියෙනවා... ඒ අර්බුද කළමනාකරණය කරන්නයි ඒ ගොල්ල විරුද්ධ පක්ෂයේත් අර්බුද තිබෙන බවට තොරතුරු පළ කරන්නේ. ඒ ගොල්ල අවබෝධ අර්බුද කළමනාකරණය කරනවා... ශිරාල් ලක්තිලක කීවේ ය...

මේ අතර හරීන් ප‍්‍රනාන්දු මාතර අර්බුදය කියා දෙයක් ගැන හෙළිදරව්වක් කළේ ය..

එතන ඇති ඇති වෙච්ච මනාප ප‍්‍රශ්නයක් නිසා දැන් රාජපක්ෂ කඳවුර ගැන පොහොට්ටුවේ ප‍්‍රබලයොත් කලකිරිලා.... කීර්ති තෙන්නකෝන් කීවේය. කීර්ති තෙන්නකෝන් තවදුරටත් ගාල්ලේ සල්ලි බෙදන මන්ත‍්‍රීවරයෙක් ගැන ද විස්තර කීවේය.

‘‘අර ගාල්ලේ ඉන්න ඞීල් කාරයා බඩු බෙදනවා. සල්ලි බෙදනවා. ඒකාන්තයෙන්ම පරදින බව දන්න නිසා තමයි මේ විදියට සල්ලි විසි කරන්නේ. එක්සත් ජාතික පක්ෂයේ අයට සල්ලි විසි කළත් දිනන්න බෑ” ශිරාල් කීවේ දැඩි විවේචනයක් කරමිනි.

ඉන් පසුව සජිත් මාධ්‍ය කමිටුව සමඟ කතා කළේ අවසාන සතියේ පක්ෂයේ ප‍්‍රචාරක වැඩ කටයුතු ගැනය...

ඔබතුමා මාධ්‍ය වලට එන්නෑ.. මාධ්‍ය වලට උත්තර දෙන්නෑ කියලාත් චෝදනා තියෙනවා...

මම මාධ්‍ය වලට යන්නේ අවශ්‍ය වෙලාවට විතරයි... හැම වෙලාවෙම මාධ්‍ය පස්සේ ගිහිල්ලා මාධ්‍ය වලට වාත වෙන්න හොඳ නෑ... දැන් ඔන්න වෙලාව ඇවිල්ල තියනවා. මම ආරාධනා කරන හැම මාධ්‍යයකටම යනවා... සජිත් කීවේය... සමහර මාධ්‍ය ආයතනවල දේශපාලනඥයෝ හතර දෙනෙක් පස්දෙනෙක් විතර ගෙන්නලා එක මාධ්‍යවේදියෙක් ප‍්‍රශ්න අහනවා. සමහර ආයතනවල එක දේශපාලනඥයෙක් ගෙන්නලා මාධ්‍යවේදී තුන් හතර දෙනෙක් වට කරගෙන ප‍්‍රශ්න අහනවා. සමහර වෙලාවට අර දේශපාලනඥයාට එක ප‍්‍රශ්නෙකට උත්තර දෙන්න දෙන්නෙත් නෑ. ඊළඟ ප‍්‍රශ්න දෙක තුනක් අහනවා...

ඒවා ගැන නම් ගොඩක් ප‍්‍රශ්න තියෙනවා නායක තුමා...

නෑ නෑ.... මම නම් ඒවට බොහොම කැමතියි... ඒ විදියෙ ඕනම සාකච්ඡාවකට මුහුණ දෙන්න බලාගෙන තමයි මේ සතියේ මම ඉන්නේ... සජිත් මාධ්‍ය පිළිබඳ තමන්ගේ සූදානම එසේ හෙළිදරව් කළේ ය...
 

විශේෂාංග

sikuru

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles