Divaina - ඩෝසර් කළේ බුවනෙකබා රාජ සභා මණ්ඩපයමද?... පුරාවස්තු විනාශය වළක්වා නොගැනීමේ සැඟවුණු කථාව

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

 

buwanak309500
මතුගම සෙනෙවිරුවන්


කුරුණෑගල නගර මධ්‍යයේ පවතින පැරණි ස්මාරකයක් කඩා බිඳ දැමීමට නගරාධිපතිවරයා කටයුතු කිරීම නිසා වත්මන් දේශපාලන තලයේ මහත් ආන්දෝලනයක් ඇති ව තිබේ. වර්ෂ 1890 දී පමණ ඉදි කරනු ලැබී යැයි සඳහන් වන මෙම ගොඩනැගිල්ල දහතුන් වන සියවසේ කුරුණෑගල රාජධානි සමයේ පැවති යම් ඉදිකිරීමක පාදමක් මත ඉංග‍්‍රීසීන් විසින් ප‍්‍රතිනිර්මාණය කරන ලද්දක් ලෙසටද සැලකේ.

මෙවැනිම පන්නයේ එක් ගොඩනැගිල්ලක් මහනුවර මුලාදෑනි මන්දරය ලෙසට දැක්විය හැකිය. එසේම කෑගල්ලේ සහ රුවන්වැල්ලේ ජුබිලි අම්බලම් දේශීය ගෘහ නිර්මාණ ශිල්පය අනුව ඉංග‍්‍රීසීන් විසින් සාදවන ලද්දේය. එහෙත් මෙම ගොඩනැගිල්ල බුවනෙකබා රජුගේ රාජසභා මණ්ඩපය යයි දක්වමින් එයට මහත් ප‍්‍රසිද්ධියක් ලබා දීමට කටයුතු කරන ලද්දේ සජිත් පේ‍්‍රමදාස, චම්පික රණවන ඇතුළු සමගි ජන බලවේගයේ අපේක්ෂක කණ්ඩායමයි. යම් පුරාවස්තුවක් විනාශ මුඛයට යන විට හෝ හිතාමතා විනාශ කරන විට එයට එරෙහිව මහජනතාවගේ නැගී සිටීමක් වීම යහපත් දෙයක් වුවත් මැතිවරණයක් අභිමුව මේ හඬ නගනුයේ තමන්ගේ පක්ෂයේ දේශපාලන වුවමනාවන් ශක්තිමත් කර ගැනීමේ අභිලාශය බව අප තේරුම් ගත යුතුය.

buwanak222වර්ෂ 1815 දී ඉංග‍්‍රීසීන්ට රට භාර දීමට පෙරාතුව මෙරට රාජධානි සමයන්හි ඉදි කරන ලද ස්මාරක රාශියකි. එ්වායින් බහුතරය සිංහල නරපතියන් විසින් බුද්ධ ශාසනයට පූජා කරන ලද සිද්ධස්ථානයන්හි නටබුන්ය. වාරිමාර්ග පිළිබඳ නටබුන් වැව්, බලකොටු, උමං පද්ධති මේ ඓතිහාසික යුගයට අයත් වැදගත් පුරාවස්තු ලෙසට සැලකේ. 1815 න් පසු යටත් විජිත සමයේ ඉදි කළ ඉදිකිරීම් අතර පාලම්, දේවස්ථාන, බංගලා සහ දුම්රිය මාර්ගයන් එක් වන්නේ එ්වායේ තිබෙන සුවිශේෂි නිර්මාණ හැඩතලයන් නිසාවෙනි. ආසියාතික රටවල පැරණි නගර සහ එ්වායේ වාස්තු නිර්මාණ වර්තමාන නරඹන්නන්ට බලා කියා අධ්‍යනය කිරීමට අවස්ථාව ඇතදු ලංකාවේ මෙම නිර්මාණයන් නටබුන් ලෙසම පවතී. එ්වා මත නව ගොඩනැගිලි සෑදවීමෙන් සහ පාරවල් දැමීමෙන් එහි මුල් අගයන් විකෘති වී තිබේ. ලංකාවේ රජවරුන්ගේ රාජ්‍ය සංකේතය වන දළදා වහන්සේ වැඩ සිටින දළදා මාලිගය සහ එ් අවට සෙංකඩගල මහනුවර නගරය උදාහරණයක් ලෙසට ගතහොත් එය නටබුන් මතින් නැගි නව නගරයක් ලෙසට දැක්විය හැකිය. පැරණි මහනුවර නගරයේ සැලැස්ම දෙස බලන කල්හි අපට මෙම කරුණු වටහා ගත හැකිය. ඉංග‍්‍රීසීන් මහනුවර නගරය අත්පත් කරගත් පසු එහි තිබූ ගොඩනැගිලි රාශියක් වෙනස්කම්වලට භාජනය වන්නට යෙදුණු අතර නිලමේවරුන්ගේ වලව් විශේෂ ආරක්ෂක ස්ථාන ආදිය වෙළෙඳ පළවල් බවට පත් කර තිබේ. මේ නිසා සිංහල රාජධානි සමයේ නිර්මාණය කළ ප්‍රෞඪ නගරයක ජීවමාන ස්වරූපය අද අපට දකින්නට නැත.

යටත් විජිත සමයේ දී සිදු වූ අනෙක් විනාශය නම් වල් බිහිව පැවති බෞද්ධ සිද්ධස්ථාන තිබෙන භූමිකඩවල් ඉංග‍්‍රීසි රජය විසින් වෙන්දෙසියේ විකිණීමයි. මේ ඉඩම් මුස්ලිම් සහ දෙමළ ජනයා විසින්ද බහුතර ව්‍යාපාරිකයන් විසින්ද මිලදී ගැනීම නිසා එ්වායේ පවතින පුරාවස්තු මත ගොඩනැගිලි ඉදි වීම සිදු විය. නැගෙනහිර සහ උතුරේ සිද්ධාස්ථාන වැඩි ප‍්‍රමාණයක් විනාශ මුඛයට ගොස් තිබෙන්නේ පැරණි ඉඩම් අන්‍ය ජාතිකයන් සතු කිරීමෙනි. දීඝවාපී ස්ථූපයට අයත් ගල් කණු කරත්තවල පටවා ගෙන පාලම් බෝක්කු නිර්මාණයට ගෙන ගිය ආකාරය පිළිබඳ සටහනක් එම විහාරයේ ආරම්භක විහාරාධිපතීන් වහන්සේ විසින් තබා තිබේ. නැගෙනහිර පළාතේ සහ උතුරේ බොහෝ බෞද්ධ නටබුන් මස්තකයේ කෝවිල් ඉදිවන්නේ මේ අන්සතු කිරීම් හේතුවෙනි. ත‍්‍රිකුණාමලේ පැරණි ගෝකණ්ණ විහාරයේ නටබුන් මුහුදු පතුලට ඇද දමා කෝණේශ්වරම් කෝවිල ගොඩනංවා තිබෙන බව දැක්විය හැකිය.

එසේම පන්සල් සතු ඉඩකඩම් අස්වද්දමින් එ්වායේ ගොවිතැන් කරන අන්‍ය ජන වර්ගවල ඇත්තන් අදටත් මේ තත්ත්වය වැඩි දියුණු කරමින් කිසිම වගවිභාගයක් නොමැතිව හැසිරෙන බව කවුරුත් දනී.

ඉංගී‍්‍රසීහු වැව්, වාරිමාර්ග විනාශ කරමින් මහ පාරවල් තනන ලද අතර සිංහලයන් සතු පාරම්පරික ගම්බිම් රාජසන්තක කරන ලදහ. එ්වා පසුකාලයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තිබෙන අතර විල්පත්තුව සහ යාල ඝන වනාන්තරයට යටව විශාල පුරාවස්තු ප‍්‍රමාණයක් දක්නට ඇත. මේවා පසුගිය කාලයේ දී නිධන් හොරුන්ගේ ග‍්‍රහණයට අසු විය. එසේම නවීන සංවර්ධන ව්‍යාපාරවල අනුහසින් කිසිම අගැයීම් වාර්තාවක් පසුබිම් නොකොට විශාල පුරාවස්තු සංඛ්‍යාවක් ජලයට යට කර ඇත. මෑත කාලයේ මුහුදු මහා විහාරය කූරගල වැනි ස්ථානවල දක්නට ලැබුණු අර්බුදයන් නිර්මාණ වන්නේ ඉංග‍්‍රීසීන්ගේ ඉඩම් ප‍්‍රතිපත්තිය සහ එම ප‍්‍රතිපත්තිය නොකඩවා අනුගමනය කළ දේශීය පාලකයන්ගේ අනුවණකම් හේතු කොට ගෙනයි.

ඉංග‍්‍රීසීන් විසින් පුරවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවා මෙරට පුරාවස්තු සංරක්ෂණයට පියවර ගැනීම නිසා පැරණි වස්තූන් කෙරෙහි උනන්දුවක් රට තුළ ඇති විය. මේ කටයුතු විද්‍යාත්මකව හැදෑරීමටත් එ් ඉතිහාසය විවරණය කර ගැනීමටත් අවස්ථාව උදාවිය. නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු ඉලක්කයන් මෙරට ජීවමාන සිංහල බෞද්ධ සංස්කෘතිය රැකීමට ප‍්‍රමාණවත් නොවීය. පැරණි ස්මාරක පුරාවස්තුවක් ලෙසටම පමණක් සැලකීම එයට එක් හේතුවක් විය. ඒ නිසා මේ ජීවමාන වස්තූන් නැවත ප‍්‍රතිසංස්කරණයේදී ගැටලූ මතු විය. ස්ථූප වහන්සේලා සුණු පිරියම් කිරීම වෙනුවට ගොඩ නැන්වූ ගඩොල් ගොඩ එ්ලෙසම තිබෙන්නට හැරීම එහි සම්ප‍්‍රදාය විය. එ් අතර ගොඩගත් පුරාවස්තු කැණීමෙන් හා තහවුරු කිරීමෙන් පසු නරඹන්නන්ගේ පුරාවිද්‍යා භූමි බවට පත් විය. එහි ජීවමාන බව තුරන් වී ගියේය. කෙසේ වෙතත් ලංකාව පුරාවටම පැවති බොහෝ සිද්ධස්ථාන නිදහස ලැබීමෙන් පසු යළි පිළිසකර විය. උතුර සහ නැගෙනහිර පමණක් එය ශීඝ‍්‍රව සිදු නොවීය. මේ තැන්වල මහා සංඝරත්නය වැඩසිටීම නිසා යම් කිසි ආකාරයකට එ්වා ආරක්ෂා වී තිබේ. නමුත් ඉන් පරිබාහිරව තිබෙන බොහෝ තැන් පසුගිය ත‍්‍රස්තවාදී සමයෙන් පසු ඉතා වේගයෙන් විනාශ වන්නට විය. එක් පැත්තකින් නිධන් හොරුන්ගෙන් සහ අනෙක් පැත්තෙන් අන්තවාදීන්ගේ ග‍්‍රහණයට හසු වීමෙන් මේ වැදගත් ඓතිහාසික නටබුන් විනාශයට පත් විය. මේ ප‍්‍රශ්න විසඳීමට පවතින ආණ්ඩුවලට නොහැකි වූයේ අන්තවාදීන්ගේ ග‍්‍රහණයන්ට සහ කප්පම්වලට පාලකයන් නොමදව අසුවීමෙනි.

ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තයට ඩෝසර පැමිණීම සිදු වීමෙන් අනතුරුව එ්ක් රැයකින් චෛත්‍යයක් ඩෝසර් කිරීම අරුමයක් නොවිණ. මෙම විනාශයන්ට අදාළ නඩු කටයුතු සඳහා මැදිහත් විය යුතු පොලිසිය ඉතාමත් පක්ෂග‍්‍රාහී ලෙසට ක‍්‍රියා කරන අතර චූදිතයන් ආරක්ෂා කරනු ලබයි. දඹුල්ල කළුදිය පොකුණේ තලයායගල්ගේ තිබූ පැරණි ලෙන් ලිපියක් විනාශ කළ හෝටල් හිමියාට විරුද්ධව සීගිරිය පොලිසිය නඩු කටයුත්තට අවශ්‍ය විමර්ශන වාර්තාවක් අදටත් ලබා දී නොමැත. චූදිතයන් අත්අඩංගුවට ගෙන නොමැත. උතුර සහ නැගෙනහිර පවතින නඩු කටයුතුවලදී දෙමළ බසින් වාර්තා ඉදිරිපත් කිරීමට සිදු වීමත් දෙමළ බසින් නඩු ඇහීම සිදු වීමත් නිසා චූදිතයන්ට වාසි සහගත ලෙසට තීන්දු ප‍්‍රකාශයට පත් වෙයි. ගුරුකන්ද නඩු තීන්දුවේ දී සිදු වූයේ එයයි. එසේම මෙම විනාශය වළක්වාලීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු පිරිස් බලය ප‍්‍රමාණවත් නැත. මේ රටේ පුරාවිද්‍යා රක්ෂිත වශයෙන් ප‍්‍රකාශයට පත් කර තිබෙන්නේ ස්ථාන 167 ක් පමණි. එසේම ස්මාරක වශයෙන් ලියාපදිංචි කර තිබෙන්නේද ස්ථාන 2646 කි. දැනට උතුර නැගෙනහිර පමණක් පැරණී තැන් 1200 කට වඩා හඳුනා ගෙන තිබේ.

එ්වා පසුගිය යහපාලන කාලවකවානුවේ ගැසට් කිරීම නවතාලනු ලැබිණ. හිටපු අගමැතිවරයා විසින් දෙනු ලැබූ තීරණයකට අධ්‍යක්ෂක ජනරාල්වරයාට යටත් වීමට සිදු විය. එසේම රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නියෝගයෙන් රජරට කළුදිය පොකුණේ නටබුන් හෝටලයකට බදු දිය යුතු යැයි බල කරනු ලැබිණ. එය සිදු නොවීම නිසා කෝපයට පත් හිටපු සංස්කෘතික ඇමැති අකිල විරාජ් මහතා විසින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් බලයෙන් පහකරන ලදහ.

මෙවැනි පසුබිමක වරින් වර මෙරට පැරණි දේ වැනසී යෑම අරුමයක් නොවේ. එ්වා නැවත තහවුරු කොට වන්දනාමානයට සහ නැරඹීමට සැලැස්වීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. එ් සඳහා කාලයත්, ධනයත් අවශ්‍ය වේ. නමුත් සංස්කෘතික කටයුතුවලට ඉතා සුළු මුදලක් වෙන් කරනු ලබන රජයයන් තුළින් පුරාවිද්‍යා කටයුතු ඉදිරියට නොයයි. මේ නිසා මේ පැරණි වස්තූන් සංරක්ෂණයට සහ කළමනාකරණයට අවශ්‍ය වන නව නීති රීති මාලාවක් ගොඩ නගා ගැනීම සිදු කළ යුතුය. පවත්නා පුරාවස්තු ආඥා පනත වර්තමානයට ගැලපෙන්නේ නැත. බාහිර පුද්ගලයකු දෙන ආධාරයක් මගින් පුරාවස්තුවක් සංරක්ෂණය කිරීමට පවා මේ පනතෙන් ඉඩකඩක් නැත. එසේම රජයේ මූල්‍ය රෙගුලාසි යටතේ එවැනි ප‍්‍රතිපාදනයක් කළමනාකරණයට තිබෙන බාධා අපමණය. එම නිසා ජාතික උරුමය නිවැරදිව කළමනාකරණයට නව පනතක් අවශ්‍යතාවය මතු වී තිබේ. පවතින පනතට සංශෝධන ගෙන එ්මට වඩා නව පනතකින් සියලූ ප‍්‍රශ්නවලට විසඳුම් ආවරණය කරගත හැකිය. මේ පනත සහ රජයේ අනෙකුත් අණ පනත් ගැටෙන අවස්ථාවලදී සහ නීතිය ඉදිරියේ අසරණ වන අවස්ථාවලදී ක‍්‍රියා කරන ආකාරය එහි අර්ථ ගැන්විය යුතුය. ශක්තිමත් පනතක් පැවතීම සහ ග‍්‍රාම නිලධාරි දක්වා මේ පනතෙන් ගැට ගසා ගැනීම කළ හැකි වේ. පුරාවස්තු ආරක්ෂා කර ගැනීමට නම් ජනාධිපති කාර්ය සාධක බළකායන් අවශ්‍ය වන්නේ නැත.

 

විශේෂාංග

sikuru

සිනමා කලා

kumar250

නවලිය

nava250

දියග

irma250

මීවිත

sesad250

More Articles