Divaina - ශ‍්‍රී ලංකාව ඇමෙරිකානු ගැටයට හිරකළ ගිවිසුම්: ගුණරුවන් කමිටුව හෙළිකළ පාවාදීමට වගකිව යුත්තේ පාර්ලිමේන්තුවද ?

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

ඇමෙරිකා එක්සත් ජනපදයේ සහශ‍්‍රක අභියෝගතා සමායතනය සමඟ අත්සන් කිරීමට සකස් කරනු ලැබ තිබෙන සංයුක්ත ගිවිසුම් කෙටුම්පත, යෝජිත ව්‍යපෘති හා ඒවා ක‍්‍රියාත්මක කිරීමට සකසනු ලැබ ඇති ක‍්‍රමවේදය සමාලෝචනය කිරීමේ කමිටුව පසුගියදා පාර්ලිමේන්තු ක‍්‍රමයට ‘මල්ටි බැරල් රොකට්‘ ප‍්‍රහාරයක් එල්ල කළේය.
 
 හතර දෙ
p24 1නෙකුගෙන් සමන්විත එම කමිටුවේ සභාපති කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් විය. කැබිනට් මණ්ඩලය 2019 දෙසැම්බර් මස 18 වැනි දින ගත් තීරණයකට අනුව, 2020 ජනවාරි මස 01 වැනිදා සිට ක‍්‍රියාත්මක කමිටුවට ප‍්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය ඞී.එස්. ජයවීර, ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන සහ වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර කමිටුවට අයත් විය. ජුනි 25 වැනිදා ජනාධිපති කාර්යාලයේදී (පරණ පාර්ලිමේන්තුව) ජනාධිපතිවරයාට භාරදුන් වාර්තාව ඉතිහාස ගතවනු ඇත.
 
 සමස්ත පාර්ලිමේන්තු ක‍්‍රමයම අවභාවිත කරමින් ශ‍්‍රී ලංකාව ඇමෙරිකාව සමඟ ගිවිසුම් ගතවීම ලෝක බලවතාගේ වුවමනාව මත සිදුවී ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සම්පූර්ණ වාර්තාව අන්තර්ජාලයට මුදාහැරීමට නියෝග කළේය. කමිටු වාර්තාව ලැබී පැය 48ක් යෑමට පෙර එම වාර්තාව ජනතාව අතරට පත්විය.
 
 එජාප -ශ‍්‍රීලනිප හවුල 2015 ජනවාරි - 2020 මාර්තු කාලය තුළ ‘යහපාලනය’ ක‍්‍රියාත්මක කළ ආකාරය හෙළිදරව් වී ඇත. යෝජිත ගිවිසුම සමස්ත පාර්ලිමේන්තු ක‍්‍රමයම බලවත් අභියෝගයකට ලක්කර ඇත. මෙවැනි බරපතළ පාවාදීමක් මින් පෙර සිදුකර නැත. පවාදීම් සිදුකර ඇත. නමුන් මේ ආකාරයට ශ‍්‍රී ලංකාව බටහිර දේශපාලනික - ආර්ථික - යුද මෙහෙයුමක කොටස්කරුවකු මින් පෙරකර නැත.
 
 සහශ‍්‍රක අභියෝගතා සමායතනය / සංස්ථාව (Millennium Challenge Corporation) සමඟ ඇති කර ගැනීමට යෝජිත ගිවිසුම, අත්පත් කිරීම් සහ හරස් සේවා ගිවිසුම (Acquisition and Cross Servicing Agreement) සහ හමුදා තත්ත්ව ගිවිසුම (Status of Forces Agreement) එකට සලකා බැලිය යුතුය. එම චිත‍්‍රය බයන්කරය. මෙම තත්ත්වය අවාසනාවන්තය. එජාප-ශ‍්‍රීලනිප හවුල නොව, පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලූම පක්ෂ සහ සන්ධාන මෙම පාවාදීමට වගකිව යුතුය.
 
 ගුණරුවන් කොමිටිය හෙළිකර ඇත්තේ අප පාර්ලිමේන්තු ක‍්‍රමයේ අසාර්ථකභාවය පමණක් නොවේ, දූෂිතභාවයයි. මෙවැනි පාර්ලිමේන්තුවක් මහජන මුදලින් නඩත්තු කිරීමේ අවශ්‍යතාවක් තිබේද? අගෝස්තු 05, 2020 පාර්ලිමේන්තු මැතිවරණයට සති කීපයකට පෙර ජනතාව අතරට පත්කළ ගුණරුවන් කමිටු වාර්තාව පාර්ලිමේන්තු ක‍්‍රමය නිරුවත් කර ඇත. පළමුව 2015 අගෝස්තු -2020 මාර්තු පාර්ලිමේන්තුවේ සංයුතිය මතක් කර දිය යුතුය.
 
 එජාපයෙන් මහජන නියෝජිතයින් 106 ක් ද ශ‍්‍රීලනිප ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් 95 ක් ද ද්‍රවිඩ ජාතික සන්ධානයෙන් 16 ක් ද ජවිපෙන් 6ක් ද ඊ. පී. ඞී.පී. සහ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයෙන් 1 ක් බැගින් ද පාර්ලිමේන්තුව නියෝජනය කළේය. ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ මන්ත‍්‍රීවරයා එජාප පාර්ලිමේන්තු කණ්ඩායම සමඟ කටයුතු කළේය.
 
 ඇමෙරිකාව පාර්ලිමේන්තුව/පාර්ලිමේන්තු ක‍්‍රමය තමන්ගේ අවශ්‍යතාවයන් සඳහා පාවිච්චි කළා ද යන ප‍්‍රශ්නය නිතැතින්ම නැෙඟ්. ඇත්ත වශයෙන්ම සහශ‍්‍රක අභියෝගතා ගිවිසුම, අත්පත් කිරීම් සහ හරස් සේවා ගිවිසුම සහ හමුදා තත්ත්ව ගිවිසුමට අමතරව යහපාලන රජය ක‍්‍රියාත්මක කළ දේශපාලනික-ආර්ථික-ආරක්ෂක ක‍්‍රියාදාමය වඩාත් පුළුල්ව විමසා බැලිය යුතුය. බටහිර බලවේග සහ ඉන්දියාව 2010 සහ 2015 ජනාධිපතිවරණවලදී ගත් ස්ථාවරය රහසක් නොවේ. එම බලවේග 2019 ජනාධිපතිවරණයේදී ද බටහිරට ගැති පාලනයක් පැතීය.
 
 ගුණරුවන් කමිටුව තම වගකීම උපරිම අයුරින් කර ඇත. පාර්ලිමේන්තුවේ වගකීම් විරහිත ක‍්‍රියාදාමය තුළ ශ‍්‍රී ලංකාව පටලවා ඇති උගුලේ තරම එම කමිටුව ජනතාව ඉදිරියේ තබා ඇත. මෙවැනි පාර්ලිමේන්තුවක් ක‍්‍රියාත්මක රටකට විදේශීය හෝ දේශීය හතුරෝ අවශ්‍ය නැත. කරන විනාශය පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂ හරහා කරගත හැකිය. ඇමෙරිකානු ගිවිසුම් තුන සලකා බැලිය යුත්තේ ලෝක බලවතා ගෝලීය සහ කලාපීය වශයෙන් ක‍්‍රියාත්මක කර ඇති ආර්ථික - දේශපාලන - ආරක්ෂක උපාය මාර්ග සැලකිල්ලට ගැනීමෙනි. චීනයට එරෙහිව ක‍්‍රියාත්මක මෙම ක‍්‍රියාදාමයේ පංගුකාරයින් වන්නේ ඉන්දියාව, ජපානය සහ ඔස්ටේ‍්‍රලියාව බව ශ‍්‍රී ලංකාව තේරුම් ගත යුතුය.
 
 එල්. ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය පරාජය කළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව 2010 බලයෙන් ඉවත් කිරීමට එවකට ජෙනරාල් සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් කළේ ද ශ‍්‍රී ලංකා - චීන සම්බන්ධතාවය බිඳ දැමීමට බව රහසක් නොවේ. ඊට පසුව පැවැති ජනපතිවරණ දෙකෙහිදීම බටහිර සහ ඉන්දියානු බලවේග ක‍්‍රියාකළ ආකාරය පිළිබඳව ශ‍්‍රී ලංකාවට අවබෝධයක් තිබිය යුතුය. ඇමෙරිකානු ගිවිසුම් තුන සම්බන්ධයෙන් විමසා බැලිය යුත්තේ ගෝලීය, කලාපීය සහ රට තුළ තත්ත්වය ද සැලකිල්ලට ගැනීමෙනි.
 
 සහශ‍්‍රක අභියෝගතා සමායතනය සහ ශී‍්‍ර ලංකාව 2017 ජූලි සහ 2018 ජූනි අත්සන් කරනා ලද අදාළ ගිවිසුමට පෙර ගිවිසුම් දෙක පිළිබඳව සමාලෝචනය කිරීමේ කමිටුව වැඩි අවධානයක් යොමු කළ යුතුව තිබිණි. එවකට මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය දැරූ ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග ශ‍්‍රී ලංකාව වෙනුවෙන් එම ගිවිසුම් දෙකට ම අත්සන් තැබූ පුද්ගලයා ය. එවකට එම අමාත්‍ය ධුරය දැරුවේ මංගල සමරවීර ය. ඇමෙරිකානු ඩොලර් මිලියන 7.4 (රුපියල් බිලියන 1.1) සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.6 (රුපියල් මිලියන 413) වටිනා ගිවිසුම් දෙක දැඩි අවධානයකට ලක්කළ යුතුය.
 
 මුදල් අමාත්‍යාංශය සහශ‍්‍රක අභියෝගතා සමායතනය සමඟ ඇතිකර ගැනීමට යෝජිත ගිවිසුම සම්බන්ධයෙන් 2019 නොවැම්බර් නිකුත් කළ නිවේදනය අවධානයට ලක් වූවානම් එවකට රජය ක‍්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව වඩාත් හොඳින් තේරුම් ගත හැකිය. මුදල් අමාත්‍යාංශය ප‍්‍රකාශ කළේ අදාළ ගිවිසුමට නීතිපති දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය ලැබුණ බවය. අදවනතුරු එම ප‍්‍රකාශය අභියෝගයට ලක්කර නැත.
 
 එම ප‍්‍රකාශය සැක කිරීමට හේතුවක් ද නැත. එම ප‍්‍රකාශය වගකීමෙන් කර ඇති නිවේදනයක් බවට අපි පිළිගනිමු. කෙසේ වෙතත් සමාලෝචනය කිරීමේ කමිටුව අග‍්‍රාමාත්‍ය කාර්යාලය හරහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් සහශ‍්‍රක අභියෝගතා සමායතනය සමඟ ඇතිකර ගැනීමට යෝජිත ගිවිසුම සම්බන්ධයෙන් කළ විමසීමට ජුනි 25 වැනිදා එම වාර්තාව ලබාදෙන තුරු පිළිතුරු ලැබී තිබුණේ නැත. නීතිපති දෙපාර්තමේන්තුව යෝජිත ගිවිසුමට අනුමැතිය දුන්නාද? සමාලෝචනය කිරීමේ කමිටුව වාර්තාව භාරදුන් පමණින් එම කණ්ඩායමේ වගකීම අවසන් වන්නේ නැත. මුදල් අමාත්‍යාංශය කිවූ පරිදි නීතිපති දෙපාර්තමේන්තුව සහශ‍්‍රක අභියෝගතා සමායතනය සමඟ ඇතිකර ගැනීමට යෝජිත ගිවිසුම අනුමත කළාද? මෙම ප‍්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් අවශ්‍යය. ආචාර්ය සමරතුංග සමාලෝචනය කිරීමේ කමිටුව ඉදිරියට පැමිණියත්, ඇමෙරිකානු ඩොලර් මිලියන 10 ක් වටිනා ගිවිසුම් දෙකකට අත්සන් කළ බව සාකච්ඡුාවට භාජනය වී නැති බව පැහැදිලිය.
 
 ශ‍්‍රී ලංකාව පළමුවරට අත්පත් කිරීම් සහ හරස් සේවා ගිවිසුමට ඇමෙරිකාව සමඟ අත්සන් කළේ 2007 මාර්තු මාසයේදී ය. එම ගිවිසුමේ ආයු කාලය වසර 10 කි. එවකට කොළඹ සිටි ඇමෙරිකානු තානාපති රොබට් ඕ. බ්ලේක් සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එම ගිවිසුමට අත්සන් කළේය. ආරක්ෂක අමාත්‍ය ධුරය දැරුවේ සේනාධිනායක ජනාධිපති මහින්ද රාජපක්ෂය. මහින්ද රාජපක්ෂ රජය එම ගිවිසුමට අත්සන් කිරීම සම්බන්ධයෙන් එවකට රජය පාර්ලිමේන්තුව දැනුවත් කළේ නැත. ශ‍්‍රීලනිපය නායකත්වය දුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට හෝ එජාපයට පාර්ලිමේන්තුවට පිටින් කටයුතු කිරීමේ බලයක් නැත. කවුරු කරත් වැරැුද්ද සාධාරණීකරණය කළ නොහැක.
 
 අත්පත් කිරීම් සහ හරස් සේවා ගිවිසුම 2017 අගෝස්තු මස නැවත දීර්ඝ කළේය. ඒ එවකට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ මැදිහත්වීමෙනි. හමුදා තත්ත්ත්ව ගිවිසුම සම්බන්ධයෙන් ද යහපාලන රජය සහ ඇමෙරිකාව අතර සාකච්ඡුා පැවැත්විණි. ඇමෙරිකාව බලාපොරොත්තු වූ එකඟතාවය ලබාගැනීමට නොහැකි විය. සහශ‍්‍රක අභියෝගතා සමායතනය සමඟ සාකච්ඡුා කෙටි කලකින් අවසන් වූ අතර ගිවිසුම ක‍්‍රියාත්මක කිරීමට තීරණය විය. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන 2018 ඔක්තෝබර් මස එවකට අගමැති රනිල් වික‍්‍රමසිංහ ඉවත් කිරීම නිසා ඇතිවූ අර්බුදය සහශ‍්‍රක අභියෝගතා ගිවිසුමට හරස් විය.
 
 එසේ නොවන්නට වික‍්‍රමසිංහ එම ගිවිසුම අත්සන් කරන බවට සැක නැත. ඇමෙරිකා එක්සත් ජනපදයේ සහශ‍්‍රක අභියෝගතා සමායතනය සමඟ අදාළ ගිවිසුමට 2019 නොවැම්බර් 16 වැනි දින ජනාධිපතිවරණයට පෙර අත්සන් කරනවා දැයි මෙම ලියුම්කරු වික‍්‍රමසිංහ අගමැතිවරයාගෙන් 2019 ඔක්තෝබර් අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී විමසීය. අගමැතිවරයා පැවසුවේ අනිවාර්යෙන්ම අත්සන් කරන බවය.
 
 ගුණරුවන්ගේ සමාලෝචනය කිරීමේ කමිටුව ඉදිරිපත් කළ වාර්තාවට අවදානය යොමු කළ යුත්තේ යහපාලන රජයේ විදේශ ප‍්‍රතිපත්තිය ද සැලකිල්ලට ගනිමිනි. මෙහිදී යහපාලන නායකත්වය ඇතිකළ දේශපාලන වටපිටාව ද ඉතාමත් වැදගත්ය. එජාප -ශ‍්‍රීලනිප හවුල් රජය ස්ථාපිත කළේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අපයෝජනය කරමිනි. එජාප නායක රනිල් වික‍්‍රමසිංහ සහ ශ‍්‍රීලනිප නායක මෛත‍්‍රිපාල සිරිසේනගේ ඒකාබද්ධ මෙහෙයුමක් වූ 19 වැනි ව්‍යවස්ථාව නීතියක් බවට පත්වන්නේ 2015 ජනවාරි සහ 2015 අගෝස්තු මහමැතිවරණය අතරය. එම පක්ෂ දෙකේ එකතුවීම විනාශකාරී විය.
 
 අද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සමස්ත කණ්ඩායම (විශ‍්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර එවකට දිගාමඩුල්ල දිස්ත‍්‍රික්ක මන්ත‍්‍රී හැර) 19 වැනි සංශෝධනයට අත ඉස්සීය. නීති හැදීමේ මූලික වගකීම දරන පාර්ලිමේන්තුව ජනතාවට ද්‍රෝහී ආයතනයක් බවට පත් කළේය. නව පාර්ලිමේන්තුව පිහිටුවීමෙන් පසුව සිරිසේන-වික‍්‍රමසිංහ රජය ජිනීවාහිදී ත‍්‍රස්තවාදය පරාජය කළ ජයග‍්‍රාහී ආරක්ෂක හමුදා බටහිර බලවේගවලට පවා දුන්නේය.
 
 ජිනීවා ගිවිසුමට අත්සන් තැබීම 2015 ඔක්තෝබර් මස 01 වැනි දින සිදුවිය. ප‍්‍රබල විදේශීය මැදිහත්වීමකට මඟ පෑදූ ජිනීවා ගිවිසුම පිළිබඳව කැබිනට් මණ්ඩලයේ හෝ පාර්ලිමේන්තුවේ අවධානය යොමු වූයේ නැත. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ජිනීවා ගිවිසුමට තමන් අනුමැතිය නොදුන් බව කීපවරක් පැවසුවත් තම ජනාධිපති ධුර කාලයේ ජිනීවා උගුල ඉවත් කිරීමට කටයුතු කළේ නැත. අදටත් ජිනීවා ගිවිසුම ඒ ආකාරයෙන්ම තිබේ. සත්‍ය කොපමණ අමිහිරි ද වර්තමාන රජය 2020 පෙබරවාරි - මාර්තු පැවැති ජිනීවා සැසියට දැනුම් දුන්නේ 2015 අත්සන් කළ ජිනීවා ගිවිසුමෙන් ශ‍්‍රී ලංකාව ඉවත් වන බවය. නමුත් ශ‍්‍රී ලංකාවට එරෙහිව නැඟුන පදනමක් නැති යුද අපරාධ චෝදනා අදටත් වලංගුය. යුද හමුදාපති ලූතිනල් ජනරාල් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කර ඇත්තේ වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානියා යුද අපරාධ කරුවකු ලෙස සලකාය.
 
 ජිනීවා ගිවිසුම අත්සන් කර සතියක් යෑමට පෙර එවකට අගමැති වික‍්‍රමසිංහ ජපානය සමඟ පුළුල් සහයෝගිතා ගිවිසුමකට අත්සන් තැබීය. වික‍්‍රමසිංහ සහ ජපාන අගමැති ශින්සෝ අබේ අත්සන් කළ එම ගිවිසුම සලකා බැලිය යුත්තේ සමස්ත ඇමෙරිකානු ව්‍යාපෘතිය අධ්‍යයනය කිරීමෙනි.
 
 ඇමෙරිකානු ඩොලර් මිලියන 480වන සහශ‍්‍රක අභියෝගතා ගිවිසුමට අදාළව ඇමෙරිකානු ඩොලර් මිලියන 10 ප‍්‍රතිපාදන ලබා ගැනීමට ගිවිසුම් අත්සන් කිරීම සුළුවෙන් තැකිය නොහැක. එජාපය සහ ශ‍්‍රීලනිපය මෙම ගිවිසුම සම්බන්ධයෙන් ජනතාවට පැහැදිලි කිරීමක් කළ යුතුමය.
 
 මෙවැනි ගිවිසුමක් පාර්ලිමේන්තු අංශික කාරක සභා ක‍්‍රියාමාර්ගයට ලක්වූයේද? මෙම ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ක‍්‍රියාමාර්ගය පූර්ණ විමර්ශනයකට ලක්කළ යුතුය. මහාචාර්ය ගුණරුවන්ගේ කමිටුවට එම භාරධුර
 
 වගකීම භාර කළ හැකිය. සහශ‍්‍රක අභියෝගතා සමායතනය සමඟ අදාළ ගිවිසුම ඇතිකර ගැනීමට අනුගමනය කළ ක‍්‍රියාමාර්ගය විමසා බැලීය යුතුය. අත්පත් කිරීම් සහ හරස් සේවා ගිවිසුම (අගෝස්තු 2017), ජිනීවා යෝජනාවලිය (ඔක්තෝබර් 2015), සහශ‍්‍රක අභියෝගතා පුරවා ගිවිසුම් දෙක (ජූලි 2017, ජුනි 2018), ශ‍්‍රී ලංකාව - සිංගප්පූරුව අතර නිදහස් වෙළෙඳ ගිවිසුම (ජනවාරි 2018), ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව - ඇමෙරිකාව අතර වසර තුනකට බලපැවැත්වෙන පරිදි අත්සන් කළ රුපියල් බිලියන 1.92 වටිනා සහයෝගිතා
 
 ගිවිසුම (සැප්තැම්බර් 2016) සහ ඇමෙරිකාව එවකට කථානායකවරයා කරු ජයසූරියගේ උපදේශකයකු ලෙස විදේශ අමාත්‍යාංශයේ හිටපු ලේකම් ප‍්‍රසාද් කාරියවසම් පත්කිරීම ද විමසා බැලිය යුතුය.
 
 ඇමෙරිකාව 2015 ශ‍්‍රී ලංකාවේ බලය පෙරළීම සම්බන්ධයෙන් බරපතළ ප‍්‍රකාශයක් කර ඇත. නයිජීරියාවේ, මියන්මාරයේ සහ ශ‍්‍රී ලංකාවේ බල පෙරළිය ඇති කිරීමට ඇමෙරිකාව ඩොලර් මිලියන 585 වියදම් කළ බවට රාජ්‍ය දෙපාර්තමේන්තුව ප‍්‍රකශ කර ඇත. පාර්ලිමේන්තුවේ හැසිරීම සම්බන්ධයෙන් පුර්ණ විමර්ශනයක් කළ යුතු වන්නේ අදාළ සියලූ කරුණු කාරණා සැලකිල්ලට ගනිමිනි. මැතිවරණ කොමිසමට ද මෙම බලපෑම සම්බන්ධයෙන් නිහඬව සිටිය නොහැක. මැතිවරණ කොමිසම ශ‍්‍රී ලංකාවට බලපාන විදේශීය මැදහත් සම්බන්ධයෙන් නිසි පියවර ගත යුතුය. පෝස්ටර් , කටවුට් ඉවත් කිරීමෙන් ජාතික මැතිවරණයක් සාධාරණව පැවැත්විය නොහැක. මැතිවරණ කොමිසම රටේ සමස්ත ඡුන්දදායකයින්ට වග කිව යුතුය.
 
 ගුණරුවන්ගේ සමාලෝචනය කිරීමේ කමිටුව සමස්ත රාජ්‍ය ක‍්‍රියාවලියම අභියෝගයට ලක් කර තිබේ. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය නිසියාකාරව ලැබීමට පෙර සහශ‍්‍රක අභියෝගතා ගිවිසුමට අදාළව සැලසුම් සකස් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක් ලබා ගැනීමට 2017 සහ 2018 ගිවිසුම් දෙකකට අත්සන් කිරීම නිත්‍යානුකූල ද? එලෙස ගිවිසුම්වලට ඇතුළුවීමට හැකිද? අවසන් ගිවිසුමට එකඟනොවන්නේනම් පූර්ව ගිවිසුම් හරහා ලබාගත් මුදල් නැවත ගෙවිය යුතුද?
 
 පාර්ලිමේන්තු ක‍්‍රියාදාමය නිසියාකාරව සිදුවේනම්, මෙවැනි ජාත්‍යන්තර තත්ත්වයේ බරපතළ අර්බුද නිර්මාණය වන්නේ නැත.
 
 පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු පක්ෂයක් තම ප‍්‍රධාන කාර්යභාරය ඉටු නොකරන බව නොකියා බැරිය. මාසයකට පාර්ලිමේන්තුව දින 8ක් පැවැත්වේ. ජනතා නියෝජිතයන්ගේ පැමිණීම ඉතාමත් දුර්වලය. ගණපූර්ණය මන්ත‍්‍රීවරු 20 කි. එම ගණපූර්ණය නොමැතිව පාර්ලිමේන්තුව කල්තැබීම ද ඉදහිට සිදුවේ. පාර්ලිමේන්තුවේ සිටි කීර්තිමත් පරිපාලකයකු වූ ලැසිල් ද සිල්වා මෙම ලියුම්කරුවකු සමඟ පැවැසුවේ ප‍්‍රධාන පක්ෂ ගණපූර්ණය නොමැතිව පාර්ලිමේන්තුව පවත්වාගෙන යෑමට කටයුතු කරන බවය. පසුකාලයකදී දෙපාර්ශ්වය අතර ඇතිවූ ගැටුම් හේතුවෙන් ගණපූර්ණය නොමැති නිසා පාර්ලිමේන්තුව කල් තැබීමට සිදුවිය.
 
 මන්ත‍්‍රීවරුන්ගේ වරප‍්‍රසාද පාර්ලිමේන්තුව ආරක්ෂා කරයි. මන්ත‍්‍රී වරප‍්‍රසාද පිළිබඳව මහජන නියෝජිතයන් බොහෝ ආඩම්බරයෙන් කතා කරයි. මන්ත‍්‍රීවරුන්ට ලබාදෙන වරප‍්‍රසාද නිමක් නැත. ජනතාව ප‍්‍රතික්‍ෂේප කළ අපේක්ෂකයන් හෝ ඉහළ උසාවියකින් වරදකරුවන් ලෙස නිගමනය කළ නිසාවෙන් මන්ත‍්‍රී ධුරය අහිමි වූ පුද්ගලයකු ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට නැවත ගෙන ඒමේ අවස්ථාව ඇත. එවැනි පාර්ලිමේන්තුවක් දෙස් විදෙස් බලවේගවලට නතුවීම පුදුමයක් නොවේ. පසුගිය සතියේ ජාතික ලැයිස්තු අවභාවිතයට අවදානය යොමු කෙරිණි. ලියුම්කරු අතින් සඳහන් කළ යුතු කරුණක් ගිලිහිණි. ඇමෙරිකානු ගිවිසුම් වෙනුවෙන් පෙනී සිටි එවකට විදේශ ඇමති 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඉවත් වූයේ සජිත් පේ‍්‍රමදාසගේ සමගි ජන බලවේගයෙන් නාම යෝජනා දීමෙනුත් පසුවය. ශ‍්‍රී ලංකාවේ දේශපාලනය එහෙමය.
 
 

විශේෂාංග

sikuru

සිනමා කලා

kumar250

නවලිය

nava250

දියග

irma250

මීවිත

sesad250

More Articles