Divaina - රු. කෝටියකට වැඩි වෛද්‍ය උපකරණවලට මොකද වුණේ?... මෙන්න අපරාජිත බොරුවක ඇත්ත කතාව

 Udaya Gammanpila new

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

rajitha
 
 එම්. ශ‍්‍රී ලාල් ඞී. පෙරේරා
 මෙල්බර්න්, ඔස්ටේ‍්‍රලියාව
 
අමූලික අසත්‍ය තොගයක්, දරුණු අපරාධකරුවන් දෙදෙනකුට මුදල් ගෙවා, මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා පතුරුවා හළ වරදට දත් දොස්තර රාජිත දැන් සිටින්නේ රිමාන්ඞ් භාරයේය. එසේ වුවත් ඒ තාත්තාගේ සුජාත පුතණුවන් සහ සමගි ජන බලවේගයේ නායකයන් දැන් කියා සිටින්නේ සත්‍ය අපරාජිත බවය. සත්‍ය අපරාජිත නම් එදා අධිකරණය දුන් තීන්දුව අති සාධාරණය. බොරු මල්ලක් අතිශය සැලසුම්සහගත ලෙස සමාජයට මුදාහැරීම සඳහා කටයුතු කරන ලද රාජිතට එරෙහිව මේ පිරිස මෙසේ සත්‍ය අපරාජිතයි යනුවෙන් මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම දෛවයේ සරදමකි.
 
 සත්‍ය අපරාජිත නම් ඊට එරෙහිව මුහුණදීම සත්‍යවාදියාගේ වගකීමය. එසේ නොමැතිව හතර ගාතේ දමාගෙන අඬ අඬා මාව බේරලා දෙන්න යනුවෙන් තමන්ගේ දේශපාලන සතුරන්ට දුක කිය කියා දොස්තර රාජිත ගියේ ඇයි දැයි රාජිත වෙනුවෙන් මාධ්‍ය සාකච්ඡා පවත්වන පිරිස ඊළඟ මාධ්‍ය හමුවේදී පැහැදිලි කළ යුතුය. එසේ නැතිනම් ඒ පිළිබඳව සියලූ විස්තර අපට කිව හැකිය.
 
 දැන් මේ පිරිස කියන්නේ මැතිවරණ අවස්ථාවකදී එවැනි දේවල් කියූ නිසා ඒවා ගණන් ගත යුතු නැති බවය. එසේ නම් මේ පිරිස මැතිවරණ අවස්ථාවලදී නිරන්තරයෙන් ප‍්‍රකාශ කරන්නේ මෙවැනි බයිලාද...?
 
යහපාලන ආණ්ඩුව විසින් බලයට පැමිණි විගස අත්අඩංගුවට ගනු ලැබුවේ තිස්ස අත්තනායකය. ඔහුට තිබූ චෝදනාව වූයේ මැතිවරණ අවස්ථාවකදී බොරු ගිවිසුමක් එළියට දැමීමය. නඩුවෙන් තිස්ස අත්තනායක නිදහස් වූ අතර ඔහු විසින් හෙළි කරන ලද ගිවිසුමේ තිබූ ජනාධිපති ලේකම් තනතුර සඳහා චරිත රත්වත්තේ පත් කරන්නේය යන වගන්තිය හැර අන් සියලූ කාරණා සත්‍ය විය. එසේ තිබියදී තිස්ස අත්තනායකට එරෙහිව නඩු දමා ඔහු රිමාන්ඞ් බන්ධනාගාරගත කරන ලද පිරිසම අද පවසන්නේ මැතිවරණ අවස්ථාවක් ආසන්නයේ තබන මාධ්‍ය හමුවක් හේතුවෙන් රාජිත අත්අඩංගුවට ගැනීම වැරදි බවය.
 
 රාජිත සිරගත කිරීමෙන් පසු ඔහුගේ පුත් චතුර සේනාරත්න ප‍්‍රකාශ කර තිබුණේ තම පියා සොරෙක් නොවන බැවින් මෙවැනි සුළු වරදකට අත්අඩංගුවට ගත් බවය.
 
 අද අප හෙළි කරන්නේ සහ චතුරට අභියෝග කරන්නේ එසේ නම් මේවා යුතුකම් ද කියා පැහැදිලි කරන නැව්පති සහ තවත් නම් ගණනාවක් සතු අයකු මේ රටේ අහිංසක මිනිසුන්ගේ බෙහෙත් පෙත්තෙන් පවා ගසා කෑ හැටි තව දිනකින් ජනතාවට හෙළිවනු ඇත.
 
 මේ ඊට පෙර අප විසින් කියන කතාවකි.

 

ratab
 
 ඔස්ටේ‍්‍රලියාවෙන් පරිත්‍යාග කළ රුපියල් කෝටියකට වඩා වටිනා වෛද්‍ය උපකරණවලට මොකද වුණේ? ජනාධිපති සහ සෞඛ්‍ය ඇමැතිනියගේ අවධානය පිණිසයි.
 
 ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවර පිහිටුවා ඇති සංවිධානයක් වන ''AUSLMAT' (Australia Sri Lanka Medical Aid Team) සංවිධානය මගින් 2018 වසරේ අග භාගයේදී රුපියල් කෝටියකට වඩා වටිනාකමින් යුත් වෛද්‍ය උපකරණ තොගයක් අඩි 40 :40 HC‍) කන්ටේනරයක දමා නැව් මගින් ශ‍්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලදී. මෙම පරිත්‍යාගය කරන ලද්දේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඌව පළාත් සභාවට අයත් බණ්ඩාරවෙල රෝහලේ වෛද්‍යවරුන්ගේ කාරුණික ඉල්ලීම මතයි.
 
 බණ්ඩාරවෙල රෝහලේ වෛද්‍යවරුන් විසින් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ලැයිස්තුවක් සකස් කර බණ්ඩාරවෙල රෝහලට පරිත්‍යාග කරන මෙන් ඔස්ටේ‍්‍රලියාවේ 'AUSLMAT' සංවිධානය වෙත 2017 වසරේදී ඉල්ලීමක් කරන ලදී. ඊට ප‍්‍රතිචාරයක් වශයෙන් AUSLMAT සංවිධානය මගින් ඉතා වටිනා පාවිච්චි කළ හැකි අනර්ඝ තත්ත්වයේ පවතින උපකරණවලට අමතරව රෝහල් ඇඳන් නවීනතම (Brand New) වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කරන ලදී. මෙම කන්ටේනරය තුළ අඩංගු වූ භාණ්ඩ පිළිබඳව සම්පූර්ණ ලැයිස්තුවක් (Inventory) මේ ලිපිය සමග අමුණා ඇත.
 
 සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඌව පළාත් භාරව එවකට ලේකම්ව සිටි අනිල් විජේසිරි මහතාගේ නමට මෙම කන්ටේනරය යවන ලද්දේ Bill of Ladding අංක 500006375 යටතේය. කන්ටේනරය වරායෙන් මුදාගැනීමට 2018 ජූලි 19 වැනි දින අනිල් විජේසිරි මහතාගේ අනුමැතිය ඇතිව රුපියල් 33,744.76 ක මුදලක් නැව් බඩු ඒජන්ත සමාගම වන Worldgate Express Lines Lanka Pvt Ltd සමාගමට ගෙවා ඇත.
 
 AUSLMAT සංවිධානය විසින් මෙම වෛද්‍ය උපකරණ තොගය ලැබුණා දැයි ඌව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නැවත විමසීමේදී දැනගන්නට ලැබී ඇත්තේ එවකට සෞඛ්‍ය ඇමැතිව සිටි රාජිත සේනාරත්න විසින් එම කන්ටේනරයේ ඇති සියලූ වෛද්‍ය උපකරණ විනාශ කිරීමට උපදෙස් දී ඇති බවයි.
 
 එයට හේතු වශයෙන් රාජිත සේනාරත්නට සමීපව වැඩ කළ අමාත්‍යාංශ වෛද්‍යවරයකු විසින් දන්වා ඇත්තේ ඔස්ටේ‍්‍රලියාවේ 'AUSLMAT' සංවිධානය ගෝඨාභය රාජපක්‍ෂ සහ මහින්ද රාජපක්‍ෂ මහත්වරුන්ට පක්‍ෂපාත බැවින්' AUSLMAT'සංවිධානයේ ආධාර ලංකාවට අනවශ්‍ය බවයි. මෙය 'AUSLMAT' සංවිධානයට අදහාගත නොහැකි විස්මිතජනක හේතුවක් වන අතර එය විශ්වාස කළ නොහැකි හේතුවකි. මොහොතකට අප 'AUSLMAT' සංවිධානය රාජපක්‍ෂවරුන්ට පක්‍ෂපාත යැයි උපකල්පනය කරමු. නමුත් මෙම වෛද්‍ය උපකරණ තොගය 'AUSLMAT' සංවිධානය මඟින් ශ‍්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද්දේ රාජපක්‍ෂ රජයක් නොතිබුණු වකවානුවකයි. එම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය නිලධාරියා විසින් ඉදිරිපත් කළ හේතුව කිසිසේත්ම පිළිගත නොහැකි අඳබාල ප‍්‍රකාශයකි.
 
 රටේ අහිංසක ජනතාවගේ ශුභ සිද්ධිය සඳහා ඔස්ටේ‍්‍රලියාවේ'AUSLMAT'සංවිධානය විසින් පරිත්‍යාග කරන ලද රුපියල් කෝටි
 ගණන් වටිනා ඉතා ඉහළ තත්ත්වයේ තිබූ වෛද්‍ය උපකරණ විනාශ කිරීමට එදා හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න නියෝග කළා නම් එය මානව සංහතියටම කළ ජාතික අපරාධයකි. මෙම වෛද්‍ය උපකරණ විනාශ කළාද? එසේ නැතිනම් එම උපකරණ පෞද්ගලික ආයතනයකට හෝ රෝහලකට විකුණා යම්කිසි පිරිසක් විසින් වංචනික ලෙස මුදල් උපයාගත්තා ද යන්න වහාම පරීක්‍ෂණයක් පවත්වා සොයා බලා වරදකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම වර්තමාන රජයේ වගකීම බව තරයේ කියා සිටිමු. එසේ නොවුණහොත් ශ‍්‍රී ලංකාවට හිතවත් සංවිධාන තවදුරටත් ආධාර කිරීමට පසුබට වනු ඇත.
 
 2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයේ පටන් ශ‍්‍රී ලංකාවට නොනවත්වා සෑම අවුරුද්දක් පාසාම ආධාර උපකාර කරන'AUSLMAT'සංවිධානය කිසිම දේශපාලන පක්‍ෂයකට සම්බන්ධ නැති සංවිධානයකි.
 
 ඔස්ටේ‍්‍රලියාවේ ජීවත්වන ශ‍්‍රී ලාංකික වෛද්‍යවරුන්ට අමතරව ඔස්ටේ‍්‍රලියානු වෛද්‍යවරුන්ගෙන් ද සමන්විත'AUSLMAT' සංවිධානය ඔස්ටේ‍්‍රලියාවේ නොයෙකුත් පාර්ශ්වයන්ගෙන් ආධාර එකතු කර වෛද්‍ය සායන පවත්වමින් ශ‍්‍රී ලංකාවට නොමිලේ උපකාර කරති. නමුත් මෑතකදී පරිත්‍යාග කළ රුපියල් කෝටියකටත් වඩා වටිනා වෛද්‍ය උපකරණවලට කුමක් සිදුවූයේ දැයි ගැන ශ‍්‍රී ලංකා රජය මගින් නිසි පරීක්‍ෂණයක් පවත්වා ඔවුන්ට වාර්තා කරන තුරු තවදුරටත් ශ‍්‍රී ලංකාවට ආධාර කිරීම නතර කර ඇත.
 
 AUSLMAT සංවිධානය සහ ශ‍්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සමග සාකච්ඡා කළ සියලූ කරුණු ඇතුළත් ලියකියැවිලි'AUSLMAT'සංවිධානය සතුව පවතින අතර වත්මන් රජය නිසි පරීක්‍ෂණයක් පවත්වන්නේ නම් එම ලියකියැවිලි ඉදිරිපත් කළ හැක.
  

විශේෂාංග

sikuru

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles