Divaina - අනුන්ට සිරගෙදර ඇඞ්රස් දෙන්නට ගොස් තමන්ට පදිංචියට යන්නට වූ රාජිතගේ කිඹුල් නාඩගම... ඇප කැන්සල්!

top banner


Div Adv

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

 ඔසිත අත්තනායක 

 rajitha500


 රාජපක්ෂලාගේ ඇඞ්රස් එක වැලිකඩ හිරගෙදර යනුවෙන් එදා ප‍්‍රසිද්ධ වේදිකාවේ කටමැත දෙඩවූ රාජිත සේනාරත්නට තව නොබෝ දිනකින්, එම ලිපිනයටම දැන් සනීපද...? යනුවෙන් පොස්ට් කාඞ් තොග ගණනක් ලැබෙනවා ඇත. රාජපක්ෂලා ගැන තමන් දෙඩු කියමන මෙතරම් ඉක්මනින්, තමන්ට කැරකෙනු ඇතැයි දොස්තර රාජිත සේනාරත්නද නොසිතන්නට ඇත.
 
 ජනාධිපතිවරණයට දින කීපයක් තිබියදී එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා වූ දොස්තර රාජිත විසින් මාධ්‍ය හමුවක් කැ`දවා, වේශ නිරූපනයට ලක් කරන ලද පුද්ගලයන් දෙදෙනෙකු හ`දුන්වා දෙමින් චිරප‍්‍රසිද්ධ කිඹුල් මාධ්‍ය හමුව පැවැත්වීය. එහිදී ප‍්‍රකාශ කරන ලද්දේ සුදු වෑන් මගින් සිදුකරන ලද පැහැර ගැනීම් පිළිබ`දවය. මෙම හෙළිදරව් කරන්නන්ගේ සැබෑ ස්වරූපය නොපෙන්වා සිටීමට කටයුතු කරන්නේ ඔවුන්ගේ ජීවිතවල ආරක්ෂාව සඳහා බව පවසමින් ඔවුන් හ`දුන්වා දෙනු ලැබුවේද එවකට අමාත්‍ය රාජිත සේනාරත්න විසිනි..
 
 කළින් සකස් කරන ලද පිටපතකට අනුව මෙම
 
 රැුවුල්කාරයින් දෙදෙනා මාධ්‍ය හමුවේ ගිරවුන් මෙන් මහා බරපතළ අනාවරණයන් කීපයක් කළේය. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝග මත මිනිසුන් පැහැරගෙන ගොස් මොනරාගල ප‍‍්‍රදේශයේ පිහිටි වැවක කිඹුලන්ට කන්නට දැමූ බවට වන හෙළිදරව්ක් එක් රැුවුල්කාරයෙකු විසින් සිදු කළේය.
 
 අනෙක් රැුවුලා කියා සිටියේ ප‍‍්‍රභාකරන්ගෙන් සොරා
 
 ගන්නා ලද රුපියල් කෝටි ගණනක් වටිනා රන් ආභරණ කොළඹට ගෙන එද්දී ඒවා අතරමගදි කොල්ලකාගෙන එම රන් භාණ්ඩ විකුණා ගෝඨාභය රාජපක්ෂ මහතාට මුදල් ලබාදුන් බවය. මේ නවක නළුවන් දෙදෙනා ප‍‍්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ මේ භයානක හෙළිදරව් කිරීම් සිදු කරද්දී රාජිත දත් දොස්තර මහතා නිර්ව්‍යාජ සිනාවකින් මුව සරසාගෙන තම අධ්‍යක්ෂණයේ හැකියාවන් කොයි තරම් දැයි රටට පෙන්වීමට උත්සාහ කළේය.
 
 මෙම මාධ්‍ය සාකච්ඡුාවෙන් පසු ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍‍්‍රමදාස මහතාගේ ඡුන්ද ප‍‍්‍රතිශතය ක්‍ෂණිකව පහළ බැස යන්නට විය. එජාපයට හිතවත් පිරිස් පවා, එම කෙබරය පිළිබදව කනස්සල්ලට පත්ව තිබුණි,
 
 ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති තනතුරට පත්වීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම හෙළිදරව්ව පිළිබදව පරීක්ෂණ පවත්වන්නට විය. විමර්ශන කටයුතු සඳහා රැුවුල්කාර නළුවන් දෙදෙනා සී. අයි. ඞී. ය භාරයට ගත්තේය. රාජිත දත් දොස්තර මහතා තම ටෙලි නාටකයට තෝරා ගෙන සිටි ප‍‍්‍රධාන නළුවන් දෙදෙනා රටේ සුපතල පුද්ගලයන් දෙදෙනකු බව හෙළි වන්නට පටන් ගන්නේ ඔවුන්ගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද ප‍‍්‍රශ්න කිරීම්වලදීය.
 
 මේ ටෙලි නළුවන් දෙදෙනා රාජිත දත් දොස්තර මහතා අධ්‍යක්ෂණය කළ ගෝනිබිල්ලා සහ සුදු වෑන් නාටකයේ රඟපෑමට පෙර තවත් රට හෙල්ලූ නාටක
 
 ගණනාවක රඟපා ඇති බව එහිදී හෙළිවිය.
 
 මින් එක් රැුවුල්කාරයෙකු වන්නේ අතුල සංජීව මදනායකය. ඔහුට සුරතලයට කීවේ උණ්ඩියල් අතුල කියාය. උණ්ඩියල් අතුල, ඊට පෙර ටෙලි නාටක කීපයකම දාමරික චරිත රඟපා තිබුණේය. ඉන් එක් නාටකයක් දිග හැරුණේ 2012 වර්ෂයේ අපේ‍‍්‍රල් මස 05 වැනිදාය උණ්ඩියල් අතුල ඇතුළු පාතාල මැරයන් පිරිසක් කොටහේන පුද්ගලික බැංකුවක් අසල රැුඳී සිටිමින් සිය රංගනය ප‍‍්‍රදර්ශනය කිරීමට සැලසුම් කළේය.
 
 කොටහේන පුද්ගලික බැංකුවකට රුපියල් දසලක්ෂයක මුදල් තැන්පත් කිරීමට පැමිණි පුද්ගලයකුට පහරදී ඔහු සතුව තිබූ මුදල් උණ්ඩියල් අතුල ඇතුළු නළුවන් පිරිස කොල්ල කෑහ. උණ්ඩියල් අතුල 2013 වර්ෂයේ අපේ‍‍්‍රල් මස 05 වැනිදා තවත් නාටකයකට රංගනයෙන් දායක වුණේය. කඳාන ප‍‍්‍රදේශයේ පෞද්ගලික බැංකුවක මුදල් තැන්පත් කිරීමට පැමිණි අඹු සැමි යුවළකට තියුණු ආයුධවලින් පහරදී කපා කොටා තුවාල කර ඔවුන් සතුව තිබූ රුපියල් දස ලක්ෂයක මුදල් උණ්ඩියල් අතුල ඇතුළු පිරිස කොල්ලකෑහ.
 
 2013 වර්ෂයේදීත් ජාඇල ප‍‍්‍රදේශයේ ඇඟලූම් කම්හලක හිමිකරුවකු තම ජීවිත කාලය පුරා දුක් මහන්සියෙන් හරිහම්බ කළ රුපියල් ලක්ෂ 75 ක මුදලක් ජාඇල බැංකුවකින් ලබා ගත්තේ තම දියණියට මංගල උත්සවය වෙනුවෙන් වියදම් කිරීමේ අරමුණෙන්ය. උණ්ඩියල් අතුල ඇතුළු පාතාල මැරයන් මේ ඇඟලූම් කම්හල් හිමියාගේ මුදල් කොල්ලකෑවේ මහ දවල් දෙනෝදාහක් දෙනා බලා සිටියදීය. තම දියණියගේ මංගල්‍යයට වියදම් කිරීමට මුදල් නොමැති ශෝකයෙන් පසු වූ පියා දින ගණනක් තිස්සේ දැඩි සිත්තැවුලෙන් සිට හදිසි හෘදයාබාධයකින් මිය ගියේය.
 
 කොළඹ හෙට්ටිවීදියේ රන් ආභරණ වෙළෙඳසලකට කඩා වැදී එහි හිමිකරුට ගිනිඅවි පෙන්වා රුපියල් කෝටි තුනහමාරක වටිනාකමෙන් යුත් රන් ආභරණ, විදේශ සහ දේශීය මුදල් කොල්ලකෑමේ ටෙලි නාටකයේ ප‍‍්‍රධාන නළුවා වූයේ ද මේ උණ්ඩියල් අතුල බව සී. අයි. ඞී. ය හෙළි කර ගත්තේය. ඉන් නොනැවතුණු උණ්ඩියල් අතුල සිය රංගන කෞශල්‍යයන් විදහා පාමින් බෙල්ලන්විල විහාරස්ථානය අසලදී පුද්ගලයකු ඝාතනය කළේය. ගල්කිස්ස ප‍‍්‍රදේශයේ මත්කුඩු ආරවුලක් සම්බන්ධයෙන් ඇති වූ ගැටුමකදී අතුල නමැති අයකු පැහැරගෙන
 
 ගොස් ඝාතනය කර තිබුණේ ද මේ උණ්ඩියල් අතුල නමැති රංගන ශිල්පියා විසින්ය.
 
 රාජිත දත් දොස්තර මහතා සිය ටෙලි නාටකයට හඳුන්වාදුන් අනෙක් නළුවා වූයේ අම්පාරේ පදිංචි ඩබ්ලිව්. ඒ. සරත් කුමාරය. සරත් කුමාර ද මීට පෙර මේ ආකාරයේම විවිධ ටෙලි නාටකවල අපරාධ කාරයාගේ චරිතයට පණ පෙවූ දක්ෂ නළුවෙකි.
 
 රාජිත දත් දොස්තර මහතා ගෝනිබිල්ලා සහ සුදු වෑන් නාටකය වෙත සම්බන්ධ කර ගෙන තිබුණේ නිකම්ම නිකන් නළුවන් දෙදෙනකු නොව රටම කැළඹූ දක්ෂ රංගන ශිල්පීන් දෙදෙනකු බව සී. අයි. ඞී. ය හෙළි කර ගත්තේය.
 
 මේ නාටකය සඳහා රංගනයෙන් දායක වීමට මේ රංගන ශිල්පීන් දෙදෙනා, එකකු රුපියල් දස ලක්ෂය බැගින් රුපියල් විසි ලක්ෂයක මුදලක් අය කර තිබුණේය. මේ නාටකයේ අධ්‍යක්ෂ රාජිත දත් දොස්තර මහතාගේ උපදෙස් මත ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ආචාර්ය මොහොමඞ් රූමි විසින් රුපියල් විසිලක්ෂයක මුදල් රංගන ශිල්පීන් දෙදෙනා වෙත ප‍‍්‍රදානය කළ බව සී. අයි. ඞී. යේදී හෙළි වුණේය.
 
 මෙම හෙළිදරව් අනුව හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම ස`දහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය. ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීම ස`දහා අධිකරණයේ අවසරය හිමිවිය.
 
 ඒ අනුව දෙසැම්බර් 24 වෙනිදා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම ඔහුගේ නිවාස කිහිපයකටම පොලීසිය ගොස් තිබූ මුත් 26 වෙනිදා රාත‍්‍රියේ දී දොස්තර රාජිත සේනාරත්න කොළඹ ලංකා හොස්පිටල් වෙත ඇතුළත්ව තිබුණේ, තමන්ට තදබල අසනීප තත්ත්වයක් පවතින බව පවසමිනි. අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක්‌ නිකුත් කොට තිබියදී රාත‍්‍රි 8.00 ට පමණ නාරාහේන්පිට ලංකා හොස්‌පිටල් වෙත ඇතුළත්වූ සැකකරු, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පසුදා පස්‌වරු 2.10 ට පමණ අත්අඩංගුවට ගනු ලැබිය.
 
 එසේ වුවත් හිටපු අමාත්‍යවරයාගෙන් කිසිවක් විමසීමට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අවකාශ නොලැබුණේය. අධිකරණය විසින් නිකුත් කරන ලද වරෙන්තු නියෝගය පෙන්වා සැකකරු අත්අඩංගුවට ගත් බවත් ඔහුගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා ප‍්‍රකාශ ලබා නොගන්නා ලෙස රෝහලේ වාට්‌ටු භාර වෛද්‍ය නිලධාරියා දැනුම් දී ඇති බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අංක 3 විශේෂ විමර්ශන ඒකකයේ ස්‌ථානාධිපති ප‍්‍රධාන පොලිස්‌පරීක්‍ෂක රවින්ද්‍ර විමලසිරි ඒ පිළිබ`දව අධිකරණයේදී සදහන් කළේය.
 
 එසේ වෙද්දී සැකකාර හිටපු අමාත්‍යවරයා වෙත ඇප ලබා දෙන ලෙස ඔහුගේ පාර්ශවය විසින් අධිකරණයෙන් ඉල්ලා තිබුණි.
 
 සැකකාර රාජිත සේනාරත්න අමාත්‍යවරයා ඇපමත මුදා හැරීමක්‌ සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් සිදුකරන ඉදිරි විමර්ශනවලට බාධාවක්‌විය හැකි බව ද එහිදී විමර්ශන නිලධාරීහු අධිකරණයට පැවසූහ. ඒ අනුව විමර්ශන නිලධාරීන් සමග රෝහලට පිටත්ව ගිය අතිරේක මහෙස්‌ත‍්‍රාත්වරිය සැකකරු නිරීක්‍ෂණය කොට දෙසැම්බර් 30 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය. සැකකරු රෝහලේ රඳවාගෙන, අවශ්‍ය වැඩිදුර ප‍්‍රතිකාර ලබාදීමට පියවර ගන්නා ලෙසට ද අතිරේක මහෙස්‌ත‍්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරීන්ට එහිදී නියෝග කළාය.
 
 දෙසැම්බර් 30 වෙනිදා හිටපු අමාත්‍යවරයා වෙත ඇප ලබා දෙන්නේ, කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න විසිනි.
 
 මතභේදයට ලක්වූ සුදු වෑන් මාධ්‍ය හමුවට අදාළ නඩුව කැඳ වූ අවස්ථාවේ විවෘත අධිකරණයේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස්, රාජිත සේනාරත්න මන්ත‍්‍රීවරයාට ඇප ලබා දීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කළේය. ඔහු සඳහන් කළේ, ඉකුත් 24 වනදා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමෙන් පසුව, සැකකාර රාජිත සේනාරත්න පැය 46 ට ආසන්න කාලයක් සැඟව සිට පසුව නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලෙන් මතුවූ බවය. මෙසේ සැඟව සිටි කාල සීමාවේ පොලිසිය සැකකරුගේ නිවසට ගොස් ඔහුගේ බිරිඳගෙන් හා දරුවන්ගෙන් විමසීම කළත් ඔහු සිටින තැන නොදන්නා බවට ඔවුන් විසින් ප‍්‍රකාශ කර ඇතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැවසීය. රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, අව් කණ්ණාඩියක් හා හිස්වැසුමක් පැළඳගෙන වෙස් වලාගෙන, සැකකාර රාජිත සේනාරත්න ලංකා රෝහල වෙත ගොස් තිබෙන අතර, ඉන් අනතුරුව ඔහු සෘජුවම හෘද ශල්‍ය ඒකකයේ පවතින දැඩි චිකිත්සක අංශයට ඇතුළත් කර ඇති බවය.
 
 ‘‘ස්වාමීනී, ඉන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ලංකා පෞද්ගලික රෝහල වෙත ගියා. මෙම අවස්ථාවේ එහි සිටි උමාශංකර් නමැති වෛද්‍යවරයෙක් සැකකරු අසළට යාමට එම නිලධාරීන්ට අවසර ලබාදුන්නේ නැහැ. ප‍්‍රකාශයක් ලබා ගැනීමට පවා අවස්ථාවක් දුන්නේ නෑ. කිසිදු රෝගී තත්ත්වයක් නැති පුද්ගලයකු මේ ආකාරයෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඔහුව අත්අඩංගුවට පත්වීම වැළැක්වීමට ලංකා රෝහලේ වෛද්‍යවරු කටයුතු කර තිබෙන බව මා සඳහන් කර සිටිනවා’’ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ පැවසීය.
 
 ‘‘නිසි දිවුරුමක් මත රාජකාරිය කරන වෛද්‍යවරු මේ ආකාරයෙන් අපරාධකරුවන් ආරක්ෂා කිරීම සඳහා සිය වෘත්තිය අවභාවිතයට ලක් කිරීම දැඩි ලෙස හෙළා දකිනවා. කිසිදු රෝගී තත්වයක් නොමැතිවයි සැකකාර රාජිත සේනාරත්න මේ වන විට අදාළ රෝහලේ නේවාසිකව රඳවා සිටින්නේ. මෙම සිද්ධිය හරහා සැකකරු හිතාමතාම නීතිය අපගමනයකට ලක් කිරීමට කටයුතු කර තිබෙනවා’’ යනුවෙන් ද සඳහන් කළ ඔහු සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා මාර්ගයෙන් වාර්තාවක් කැඳවන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
 
 එහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියේ, මෙම ප‍්‍රශ්නගත මාධ්‍ය සාකච්ඡුාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත් කර සිටින සැකකරුවන් දෙදෙනාට මුදල් ලබාදී තිබෙන්නේ මොහොමඞ් රූමි මොහොමඞ් හසීම් නැමැත්තෙකු වන අතර එම පුද්ගලයා ද මේ වන විට අතුරුදන්ව ඇති බවය.
 
 මේ හේතුවෙන් මොහොමඞ් රූමි නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙසත්, ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මෙම තත්වය හමුවේ සැකකාර රාජිත සේනාරත්නට ඇප ලබා දුනහොත් ඉන් පරීක්ෂණ කටයුතුවලට බාධා සිදුවිය හැකි බැවින්, ඔහු ඇප මත මුදා හරින ලෙස කළ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරන ලෙස ද නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
 
 ප‍්‍රශ්නගත මාධ්‍ය සාකච්ඡුාවේදී ඔවුන් විසින් ප‍්‍රකාශ කරන ලද මිනීමැරුම්, පැහැරගෙන යාම් හා කොල්ලකෑම් සම්බන්ධයෙන් විමර්ශන කරන බව මුලින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කර තිබූ බව මහෙස්ත‍්‍රාත්වරිය සිහිපත් කළාය.
 
 එහෙත් ඉකුත් නඩු දිනයේදී මිනීමැරුම් චෝදනා සම්බන්ධයෙන් අදාළ සැකකරුවන් දෙදෙනාට එරෙහිව විමර්ශන සිදු නොකරන බවට රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා විසින් දැනුම් දෙන ලද බවද පෙන්වාදුන් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න, එම තත්වය මත සැකකාර රාජිත සේනාරත්න මෙම නඩු කටයුත්තේ සැකකරුවකු ලෙස නම් කිරීම තුළ පරස්පරතාවක් දක්නට තිබෙන බව සඳහන් කළාය. එමෙන්ම මෙහි සැකකරුවකු ලෙස රාජිත සේනාරත්න නම් කිරීමේ ක‍්‍රියාපටිපාටිය තුළ අවිධිමත් භාවයක් දක්නට තිබෙන බවද මහෙස්ත‍්‍රාත්වරිය පෙන්වා දුන්නාය. එම තත්වය මත සැකකාර රාජිත සේනාරත්න ඇප මත මූදාහරින ලෙස නියෝග කළ මහෙස්ත‍්‍රාත්වරිය, නඩුව නැවත ලබන ජනවාරි මස 6 වනදා කැඳවන ලෙසත්, එදින මෙම පරීක්ෂණවල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
 
 ඊට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් භාරයේ පසුවන සැකකරුවන් දෙදෙනාට අදාළ මාධ්‍ය සාකච්ඡුාව පැවැත්වීම සඳහා මුදල් ලබා දුන් බවට චෝදනා එල්ල වී තිබෙන මොහොමඞ් රූමි මොහොමඞ් හසීම් නමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙස කරන ලද ඉල්ලීමක් ප‍්‍රතික්ෂේප කළ මහෙස්ත‍්‍රාත්වරිය, ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමට නියෝග කරන බවද සඳහන් කළාය.
 
 පසුදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත්වූ රූමි රූබන්, එහිදී අත්අඩංගුවට ගෙන මහේස්ත‍්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුට රක්ෂිත බන්ධානාගාර ගත වන්නට සිදුවිය. ඔහු රක්ෂිත
 
 බන්ධනාගාර ගත කිරීම සදහා තීන්දුව ලබා දුන්නේ, කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න නොව කොළඹ අතිරේක මහෙස්ත‍‍්‍රාත් ශලනි පෙරේරා විසිනි.
 
 එම සැකකරුට ඇප ලබාදීමෙන් ඉදිරි විමර්ශන කටයුතුවලට දැඩි බාධාවක් විය හැකි බව පෙන්වා දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ ඉල්ලීම පිළිගත් අතිරේක මහෙස්ත‍‍්‍රාත්වරිය විත්තිය කළ ඇප ඉල්ලීම ප‍‍්‍රතික්ෂේප කරමින් එම නියෝගය ලබාදුන්නාය. විමර්ශන නිලධාරීන් විසින් මේ වන විට සිදුකර ඇත්තේ එම සැකකරුගෙන් මූලික ප‍‍්‍රකාශ සටහන් කිරීමක් පමණක් බවත් මූලික විමර්ශන අවසන් නොවී තිබියදී සැකකරු ඇප මත මුදාහැරීමෙන් මූලික විමර්ශනවලට බාධා වී යුක්තිය ඉටුකිරීමට බාධාවක් සිදුවන බව දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු අනුව තම අධිකරණයට පෙනී යන්නේ යැයි ද අතිරේක මහෙස්ත‍‍්‍රාත්වරිය එම නියෝගය නිකුත් කරමින් කියා සිටියාය.
 
 රජයේ වගකිවයුතු ආයතනයක සභාපති ධුරය දැරූ උසස් රාජ්‍ය නිලධාරියකු වන සැකකරු දේශපාලන කටයුතුවලට මැදිහත්වීමක් නොකළ යුතුව තිබූ බවත් 2019.11.10 වැනිදා පැවැත්වූ සුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීම සඳහා මේ වන විට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් දෙදෙනා, සැකකාර හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නිවසට පැමිණි අවස්ථාවේදී ද මෙම සැකකරු එහි සිට ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.
 
 එකී මාධ්‍ය හමුවේදී අසත්‍ය ප‍‍්‍රකාශ කර ඇත්තේ ප‍‍්‍රධාන ජනාධිපතිවරණ අපේක්‍ෂකයකු ඉලක්ක කොට බවත්, යම් හෙයකින් එකී අපේක්‍ෂකයා පරාජයට පත්වූයේ නම් ඔවුන් එහිදී අනාවරණය කළ අභූත චෝදනා සැබෑ චෝදනා ලෙස සමාජගතවී අහිතකර හා හානිකර තත්ත්වයක් උද්ගතවීමට ඉඩ තිබූ බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා එහිදී පෙන්වා දුන්නේය.
 
 මේ සියල්ල අතරේ රාජිත සේනාරත්නට යළි රිමාන්ඞ් ගතවන්නට සිදුවන්නේ, ඔහුට ඇප ලබාදෙමින් කොළඹ ප‍‍්‍රධාන මහෙස්ත‍‍්‍රාත් අධිකරණය විසින් පසුගිය දෙසැම්බර් 30 වැනිදා නිකුත් කළ ඇප නියෝගය, කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් වහාම අවලංගු කිරීමත් සමගය. ඒ අනුව එම සැකකරු සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා ලෙසට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍‍්‍රාත්වරියට බදාදා (13 වෙනිදා* මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
 
 කොළඹ ප‍‍්‍රධාන මහෙස්ත‍‍්‍රාත්වරිය විසින් නිකුත් කර තිබූ එම ඇප නියෝගය සම්පූර්ණයෙන්ම දෝෂ සහගත බවට නිගමනය කළ මහාධිකරණ විනිසුරුවරයා, එකී නියෝගයට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබූ ප‍‍්‍රතිශෝධන අයැදුම්පත් ඉල්ලීම පිළිගනිමින් එම නියෝගය කළේය.
 
 සැකකරු අධිකරණය මගහැර සිටි අයකු බව විමර්ශන නිලධාරීන් හා නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා කියා සිටියදී නිකුත් කර ඇති එම ඇප නියෝගයේ පවතින නීතිමය හා සිද්ධිමය දුර්වලතාවයක් සහ දෝෂ සහගත භාවය සිය අධිකරණයේ හෘදසාක්ෂිය කම්පනය වන තරම් ප‍‍්‍රභල වන්නේ යැයි ද විනිසුරුවරයා සිය නියෝගය මගින් පෙන්වා දුන්නේය.
 
 අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළ බව දැනුවත්ව තිබියදීත් දින කිහිපයක් සැඟවී සිටි සැකකාර රාජිත සේනාරත්න මහතා රහසිගතව රෝහල් ගතවීමෙන් පසුව අත්අඩංගුවට ගත් බවට කරුණු ඉදිරිපත්කර තිබියදීත් මේ පිළිබඳව සලකා බැලීමකින් තොරව ඔහු අධිකරණය මගහැරයාහැකි බවට තොරතුරු හෙළිවී නොමැත්තේ යැයි මහෙස්ත‍‍්‍රාත්වරිය තීරණය කිරීම සම්බන්ධව තම අධිකරණය කනගාටුවන්නේ යැයි ද විනිසුරුවරයා එහිදී දැන්වීය.
 
 බන්ධනාගාර භාරයේ සිටියදී පෞද්ගලික රෝහලක නේවාසිකව ප‍‍්‍රතිකාර ලබාදීම බන්ධනාගාර ආඥාපනතට ද පටහැනි ක‍්‍රියාවක් වන්නේ යැයි ද සිය නියෝගය
 
 මගින් පෙන්වා දුන් විනිසුරුවරයා, උගත් මහෙස්ත‍‍්‍රාත්වරිය කළයුතුව තිබුණේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අධිකරණ වෛද්‍ය වාර්තාවක් කැඳවා රෝගී තත්ත්වය නිශ්චිතව පැහැදිලි කරගැනීම යැයි ද වැඩිදුරටත් පැහැදිලි කළේය.
 
 මහාධිකරණයේ එම නියෝගය සියලූම මහෙස්ත‍‍්‍රාත් අධිකරණවලට මාර්ගෝපදේශයක් සපයන පූර්වාදර්ශ නියෝගයක් වන බවට පැවසූ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා එමගින් ඉදිරියේදී හෝ යමෙකු සැකකරුවකු කළ සැනින් රෝහල්ගත වී බන්ධනාගාර ගතවීමෙන් වැළකීමට ගන්නා අනිසි ක‍්‍රියා කලාප වැළැක්වීමට හැකිවන්නේ යැයි ද සඳහන් කළේය.
 
 ඇප කැන්සල් වූ හිටපු අමාත්‍යවරයා සොයා, බදාදා දහවල් සිට අපරාධ පරීඣෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායම් පහක් රාජිත සේනාරත්න මහතාට අයත් බේරුවල හෙට්ටිමුල්ල නිවස, තලාහේන මුත්තෙට්ටුවේගම හා කොළඹ පිහිටි තවත් නිවාස කිහිපයක් දැඩි පරීක්‍ෂාවට ලක් කළද, ඒ මහතා එම නිවාස අතහැර ගොස් සැ`ගව සිටි බව පෙනී ගොස් තිබුණි. එසේ වෙතත් පස්වරු 7.00ට පමණ රාජිත සේනාරත්න මහතා නීතිඥවරයෙකු මාර්ගයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරවී තිබුණි. ඉන් අනතුරුව පැය එකහමාරකට ආසන්න කාලයක් තිස්සේ ඒ මහතාගෙන් ප‍‍්‍රකාශ සටහන් කරගත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රාත‍‍්‍රී 8.30 ට පමණ ඒ මහතා කොළඹ ප‍‍්‍රධාන මහෙස්ත‍‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී. සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ෂන මේ වන විට බොහෝ දුරට අවසන් වී ඇති බැවින් ඔහු ඇප මත මුදා හරින ලෙස රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටි නමුත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා දැක්වූ දැඩි විරෝධතාවය පිළිගත් ප‍‍්‍රධාන මහෙස්ත‍‍්‍රාත්වරිය විත්තියේ ඇප ඉල්ලීම ප‍‍්‍රතික්ෂේප කරමින් එම නියෝගය ලබා දුන්නාය.
 
 ඒ අනුව බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි රැුකවරණ මධ්‍යයේ රාජිත සේනාරත්න මහතා බන්ධනාගාරය වෙත රැුගෙන යෑමට පෙර මීගමුව බන්ධනාගාරය යටතේ පවත්වාගෙන යන පල්ලන්සේන නිරෝධයාතනය වෙත රැුගෙන යන ලදී.
  


විශේෂාංග

sikuru

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles