Divaina - ශ‍්‍රීලනිප - පොහොට්ටුව එක් නොවෙයි; මෛත‍්‍රීට දැනුම් දෙයි

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

mainප‍්‍රියදර්ශන ලියනගේ
 
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) සමඟ පවත්වන සාකච්ඡා ප‍්‍රතිඵල රහිත බවත් ඒ අනුව ඉදිරි මැතිවරණ සඳහා වෙනම තරග කළ යුතු බවත් ශ‍්‍රී ල. නි. ප. යේ ජ්‍යෙෂ්ඨයෝ පක්‍ෂයේ සභාපති ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට දැනුම් දී ඇත.
 
 
පොහොට්ටුව පක්‍ෂය සමඟ පැවති සාකච්ඡාවලදී දෙපාර්ශ්වය එකඟතාවට පැමිණි යෝජනා අතර ඉදිරි ජනාධිපතිවරණයේදී හෝ මහ මැතිවරණයේදී ශ‍්‍රී ල. නි. ප. ය. කටයුතු කරන ආකාරය පිළිබඳව කිසිදු යෝජනාවක් නොමැති බවත් මින් සිදුවන්නේ ශ‍්‍රී ල. නි. පයේ අනන්‍යතාවට හානි සිදු වී පක්‍ෂය විනාශයට පත්වීමක් බවත් ඔවුහු ජනාධිපතිවරයාට පැහැදිලි කර තිබේ.
 
 
මේ අතර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමඟ පැවති සාකච්ඡාවලදී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ අදහස වී ඇත්තේ ද තමාගේ සහාය අවශ්‍ය නම් ශ‍්‍රී ල.නි.පයේ අනන්‍යතාව ආරක්‍ෂා කළ යුතු බවත් බණ්ඩාරනායක ප‍්‍රතිපත්ති අනුව පක්‍ෂය ඉදිරියට යා යුතු බවත්ය.

විශේෂාංග

sikuru

සිනමා කලා

kumar250

නවලිය

nava250

දියග

irma250

මීවිත

sesad250

More Articles