Divaina - ශවේන්ද්‍ර, ජගත් ඩයස්, ප‍්‍රසන්න, චාගි, කමල්, ජගත් ජයසූරිය ආවොත් අත්අඩංගුවට ගන්න; ජිනීවා මානව හිමිකම් කොමසාරිස් රටවල් 17කට කියයි

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner


jiniwaකීර්ති වර්ණකුලසූරිය ජිනීවා නුවර සිට
 
 හිටපු බල සේනාධිපතිවරු හය දෙනෙක් ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 67 ක් අත්අඩංගුවට ගෙන ඔවුන්ට නඩු පැවරීම සඳහා ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් විසින් රටවල් 17 කට අනුමැතිය දී ඇත.
 
 විශ්ව අධිකරණ පද්ධතිය යටතේ මොවුන් එම රටවලට පැමිණියහොත් තම ඉල්ලීම ක‍්‍රියාත්මක කරන ලෙස ඇය සඳහන් කර තිබේ.
 
 ශවේන්ද්‍ර සිල්වා, ජගත් ඩයස්, ප‍්‍රසන්න සිල්වා, චාගි ගාල්ලගේ, කමල් ගුණරත්න සහ ජගත් ජයසූරිය යන බලසේනාධිපතිවරු ඇතුළු 67 කට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා මත ඇය මෙම අනුමැතිය දී ඇත.
 
 මෙයට පෙර කිසිදු මානව හිමිකම් කොමසාරිස්වරියක් ස්වෛරී රටක හමුදා නිලධාරීන්ට එරෙහිව මෙවන් නියෝගයක් දී නැත.
 
 මිචෙලි බැචලට්ගේ මෙම නියෝගය ක‍්‍රියාත්මක කිරීම සඳහා රුසියාව, පාකිස්තානය, ඉන්දියාව සහ චීනය එකඟ වී නොමැත.
 
 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නිලධාරිනියක් වූ යස්මින් සුකා විසින් මානව හිමිකම් කොමසාරිස්වරියට යොමු කළ නාම ලේඛනයක් මත මිචෙලි බැචලට් ශ‍්‍රී ලාංකික හමුදා නිලධාරීන්ට එරෙහිව ක‍්‍රියා කිරීමට තීන්දු කර ඇත.
 
 එහෙත් මෙම හමුදා නිලධාරීන්ට එල්ල වී ඇති යුද අපරාධ චෝදනාවල සාක්‍ෂිකරුවන් කොටි ත‍්‍රස්තවාදීන් බව හෙළි වී ඇත.

විශේෂාංග

sikuru

සිනමා කලා

kumar250

නවලිය

nava250

දියග

irma250

මීවිත

sesad250

More Articles