Divaina - පස් වැනිදා ඒකාබද්ධය පාර්ලිමේන්තුව වටලයිද? ඉහළ උපදෙසින් කරු පාර්ලිමේන්තුව කල් තබයි

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

pola1

සැප්තැම්බර් මස පස් වැනිදා කොළඹ දී පවත්වන දැවැන්ත මහජන එකතුව සම්බන්ධයෙන් විවිධ සංවිධාන කටයුතු භාර ගෙන ඒවා නොපිරිහෙළා ඉටු කරමින් සිටි නිසා මුළු ඒකාබද්ධ විපක්ෂයටම පසුගිය සතිය වැඩ අධික දින කිහිපයක් විය.

මේ අතරතුර එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ යහපාලන ආණ්ඩුව සිය මුඛ්‍ය අවධානය යොමු කර සිටියේ මෑතක සිට ආරම්භ කර මහත් උනන්දුවෙන් රටේ තැන් තැන්වල පවත්වාගෙන යන වේගවත් සංවර්ධන කටයුතුවලටය. ගම්පෙරළිය ශ‍්‍රී ලංකා වැඩසටහන හා එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා වැඩසටහන ඒ අතර ප‍්‍රමුඛත්වයක් ගත්තේය. පසුගිය සතියේ මොනරාගල ප‍්‍රදේශයෙහි එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා ප‍්‍රදර්ශනය ආරම්භ කිරීම නිසා එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරු ගණනාවක්ම ඒ පිළිබඳ දැඩි උනන්දුවක් දක්වමින් ඊට සහභාගි වී සිටීම විශේෂත්වයක් විය. විශේෂයෙන් ම මංගල සමරවීර මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරමින් මොනරාගල ප‍්‍රදේශය බලා පිටත් ව ගොස් එහි සිට සියලූ වැඩකටයුතූ මෙහෙයවමින් සිටියේ එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා වැඩසටහන මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් සංවිධානය කරන ලද ප‍්‍රමුඛ කාර්යභාරයක් නිසාය.

පසුගිය සතියේ බොහෝ දෙනකුගේ අවධානය දිනාගත් තවත් විශේෂ කාරණයක් තිබිණි. ඒ වූ කලී පළාත් සභා සීමා නිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේ දී පරාජයට පත් වීමයි. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ පනතක් පරාජය වීම ඒ තරම් පුදුමයට කාරණාවක් වන්නේ නැත. එහෙත් මෙම පනත පාර්ලිමේන්තුවේ දී පරාජයට පත් වීම වූ කලී අපේ පාර්ලිමේන්තු ඉතිහාසය පුරාම සිදු වූ පනත් පරාජයට පත්වීම් අතරින් සුවිශේෂී එකක් වන්නේ පනත ගෙන එමින් ඉදිරිපත් කළ පුද්ගලයා පවා පනතට විරුද්ධව ඡුන්දය දෙන්නට තීරණය කර තිබීම ය.

සාමාන්‍යයෙන් නම් පනතක් ඇමැතිවරයකු විසින් ඉදිරිපත් කරන්නේ පාර්ලිමේන්තුවේ වැඩි දෙනකුගේ කතාබහට ලක් වී අඩුපාඩු සකස් වී සියලූ දෙනාම එකඟ වන හෝ වැඩිදෙනකු එකඟ වන ස්ථාවරයකින් එම පනත පාර්ලිමේන්තුවේ දී අනුමත වීම බලාපොරොත්තුවෙනි. එහෙත් මෙම පනතේ විශේෂත්වය වූයේ ඉදිරිපත් කරන ලද ඇමැතිවරයා පවා එම පනත පරාජයට පත් කිරීමට පූර්ව සැලසුමක් සහිතව කටයුතු කිරීමයි. ඊට බලපෑ ලොකු දේශපාලන හේතුවක් ද තිබිණි.

වර්තමාන රජය විසින් රටේ තිබුණු මැතිවරණ සංශෝධන පනත් ඒ සියල්ල වෙනස් කරමින් පළාත් පාලනය සඳහා වෙනම විශේෂ විධිවිධාන පනතක් ගෙන ආවේ එමගින් බලාපොරොත්තු රැසක් ඉටු කර ගැනීමේ අභිලාෂය ඇතිවය. තම විරුද්ධවාදීන්ට අවාසි දායක මට්ටමෙන් මැතිවරණ ක‍්‍රියාදාමයේ විධිවිධාන පවත්වාගෙන යමින් ඉදිරි මැතිවරණ පැවැත්වීමට සැලසුම් කරමින් හා දෙමළ මුස්ලිම් සුළු පක්ෂ හා සුළු කණ්ඩායම්වලට වාසිදායක වන අන්දමින් නීති රීති සකස් කර 2017 දී සම්මත කරනු ලැබූයේ රජය ඉදිරි මැතිවරණවලදී විපක්ෂයට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිට ජයග‍්‍රහණය කිරීමේ බලාපොරොත්තු සහිතව ය.

එහෙත් පසුගිය පෙබරවාරි මාසයේ පැවැත්වුණු පළාත් පාලන ඡුන්දයෙන් අලූත් ඡුන්ද ක‍්‍රමය නිසා කාගෙ කාගේත් බලාපොරොත්තු උඩු යටිකුරු වන අන්දමේ විසඳුමක් ලැබිණි. එවකට ලංකාවේ තිබූ අලූත්ම දේශපාලන පක්ෂය වූ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට මෙම මැතිවරණ ක‍්‍රමය තුළ නොසිතූ විරූ අන්දමට ජයග‍්‍රහණයක් ලැබිණි. අන්තිමේ ආණ්ඩුවට සිදු වූයේ අනුන්ට කපන්නට ගිය වළට තමන්ටම වැටෙන්නට ය. මෙම හේතු සිද්ධීන් නිසා ආණ්ඩුව ඇතුළාන්තයේ අලූත් දේශපාලන කතිකාවක් නිර්මාණය විය. අලූත් මැතිවරණ ක‍්‍රමය තුළ ආසන මට්ටමින් අපේක්ෂකයින් තරඟ වදින විට මහින්ද පාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ඕනෑම අපේක්ෂකයකු මහින්දගේ දැඩි ජනප‍්‍රියත්වය හේතුවෙන් ඉදිරියට පැමිණ ජය ගන්නට ඉඩ ඇති බව මෙහිදී ආණ්ඩුව පැහැදිලිවම තේරුම් ගත්තේය.

තත්ත්වය තේරුම් ගෙන ඊට විසඳුම් සොයන්නට ද රජය නොයෙකුත් පිළියම් යොදන්නට කල්පනා කළේය. එහිදී එක්සත් ජාතික පක්ෂයේ අදහස වූයේ පරණ සමානුපාතික ක‍්‍රමය තුළ මැතිවරණ පැවැත්වීමේ දී මෙම ගැටලූවෙන් යම් තාක් දුරකට මිදී අත් වන්නට නියමිත අන්ත පරාජයෙන් ගැලවී ගෞරවනීය අන්දමේ පරාජයක් මැතිවරණයේ දී ලබාගත හැකි වනු ඇති බවය. අලූත් ක‍්‍රමය අවලංගු කර පරණ ක‍්‍රමය නැවත බලගැන්වීමට ක‍්‍රියාත්මක කළ යුතු එකම උපක‍්‍රමය වන්නේ අලූත් ක‍්‍රමය ඉදිරියට එන්නට තිබෙන ඉඩකඩ අසුරා තැබීමය. විශේෂයෙන්ම ආණ්ඩුවේ මෛත‍්‍රී පාර්ශ්වය පළාත් සභා සීමා නිර්ණ වාර්තාව දුටු දුටුවේ එම කාරණය සඳහා තමන්ට ලැබෙන අවසාන හා එකම අවස්ථාව මෙය බවය. යම් ක‍්‍රමයකින් මෙය පරාජයට පත් කළහොත් ඉදිරියේදී එන පළාත් සභා මැතිවරණ සියල්ල පරණ ක‍්‍රමය යටතේ පවත්වා සමානුපාතික ක‍්‍රමය තුළ පරාජයේ භයංකාර බව අඩුකර ගන්නට තමන්ට හැකි වනු ඇතැයි ආණ්ඩුව විශ්වාස කළේය. ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ ආශිර්වාදය ඇතිව එම පළාත් පාලන පනතට ස්වාභාවික පරාජයක් අත්කර දෙන්නට මුළුමහත් ආණ්ඩුව ම ඇතුළාන්තයෙන් තීරණය කරන්නේ ඒ අනුව ය.

පළාත් සභා සීමා නිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ පසුගිය 24 වැනි දාය. 23 වැනි දා පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේ දී තීන්දු කෙරුණේ එම වාර්තාවට විරුද්ධව ඡුන්දය ප‍්‍රකාශ කිරීමටය. ඔවුන් ඊට විරැද්ධ වන්නට කල්පනා කළේ වෙනත් අඩුපාඩු රැසක් හඳුනාගත් නිසාය. ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම අවසන් වූ වහාම එහි පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට පණිවිඩ ලැබුණේ පසුදා උදෑසන 10 සිට පාර්ලිමේන්තුවේ රැඳී සිටින ලෙසටය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායමට ද එම පණිවිඩය ලැබුණි.

සීමා නිර්ණ වාර්තාව සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමත්ව සිටියේ නැත. කෙසේ වෙතත් සීමා නිර්ණ වාර්තාව පිළිබඳව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය තරමක් ආකූල ව්‍යාකූල එකක් විය. ඇතැම් අය පෙන්වා දුන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මූලිකත්වය ගෙන මෙම පනත සාදා නිම කළ බැවින් මෙහි අවසානය දක්වා ම නිවැරදි කරගෙන ක‍්‍රියාත්මක කිරීමේ බලය හා වගකීම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දැරිය යුතු බවයි. විශේෂයෙන් මෙම සීමා නිර්ණය වාර්තාව සකසනු ලැබුවේ ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කමිටුවක් තුළින් බැවින් එය එකවර පරාජයට පත් කරන්නට ඉඩදීම ජනාධිපතිවරයාට කරන අගෞරවයක් බව කල්පනා කළ පිරිසක් ද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ වූහ. එබඳු පුද්ගලයින් අතර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ද සිටියේය. තමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව, තමන් විසින් අගය කරන ලද යෝජනාව කෙසේ පරාජයට පත් කරන්නට දී බලා සිටිනුද යන උභතෝකෝටික ප‍්‍රශ්නයේ ඔහු සිටියේ ය.

එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ පළාත් පාලන සහ පළාත් සභා ඇමැතිවරයා ලෙස ෆයිසර් මුස්තාපාය. වාර්තාව ඉදිරිපත් කරමින් පනතේ ගුණ ගැයූ ෆයිසර්ට අවසානයේ දී සිදු වූයේ පනතට විරුද්ධව ඡුන්දය ප‍්‍රකාශ කිරීමටය. එසේම ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රීවරුන් හයදෙනාද ඡුන්දය විමසන විට පාර්ලිමේන්තුවේ සිටියේ නැත.

එක්සත් ජාතික පක්ෂය ද වාර්තාවට විරුද්ධව ඡුන්දය ප‍්‍රකාශ කළේය. දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග‍්‍රසය ඇතුළු සුළු ජාතික පක්ෂ නියෝජිතයෝ ද පනතට විරුද්ධව ඡුන්දය ප‍්‍රකාශ කළහ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඡුන්දය ප‍්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය. ඒ අනුව ආණ්ඩුව විසින්ම ඉදිරිපත් කරන ලද සීමා නිර්ණ වාර්තාව ආණ්ඩුවේ අයම පරාජයට පත් කළේ කවුරුත් නොසිතූ ලෙසය.

සීමා නිර්ණ වාර්තාව සම්බන්ධ ඡුන්ද විමසීම අවසන් වූ වහාම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් සටන් පාඨ රැගත් පුවරු ඔසවාගෙන විරෝධතාවක නිරත වූහ. මැතිවරණය පැවැත්වීම, ආණ්ඩුව ගෙදර යැවීම, මහ බැංකු හොරුන් අත්අඩංගුවට ගැනීම යනාදී සටන් පාඨ රැගත් පුවරු ඔසවාගෙන සිටිනු දක්නට ලැබුණි. මෙම උද්ඝෝෂණය සංවිධාන කෙරුණේ මහින්දගේ සොයුරුගේ අවමඟුලට සහභාගි වෙමින් සිටින අතරතුරය.

කථානායකට ලැබුණු
ජනාධිපතිගේ උපදේශය....


පසුගිය සතිය ආරම්භයේ කථානායකවරයා විශේෂ පක්ෂ රැස්වීමක් කැඳවනු ලැබුවේය. එතැනදී සාකච්ඡා වූයේ ඉදිරි දිනවල පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යෑම සම්බන්ධයෙනි. මෙම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් දිනේෂ් සහභාගී වී සිටියේය. එහිදී කථානායකවරයා කීවේ සැප්තැම්බර් මස 05 සහ 06 දිනවල පාර්ලිමේන්තුව රැස් නොවිය යුතු බවට තමන්ට ඉහළින් උපදෙස් ලැබී ඇති බවය.

‘මට ඉහළින් උපදෙසක් ලැබිලා තියෙනවා සැප්තැම්බර් 05, 06 පාර්ලිමේන්තුව කල්දාන්න කියලා’ කථානායක කීවේය.

‘ඒ මොකද? දිනේෂ් ඇසුවේය.

‘ඒකාබද්ධ විපක්ෂයේ කට්ටිය 05 වෙනිදා පාර්ලිමේන්තුව වටලන්න එනවා කියලා දැනගන්න ලැබිලා තියෙනවා. ඒ හින්දා පාර්ලිමේන්තුව කල්දාන්න කියලයි මට උපදෙස් දුන්නේ’ කථානායක පිළිතුරු දුන්නේය.

‘අපි එන්නේ කොළඹට. තවම අපි එන තැනක්වත් තීන්දු කරලා නැහැ. ආණ්ඩුව අපේ උද්ඝෝෂණයට දැන්ම බයවෙලා. පාර්ලිමේන්තුව කල්දාන එකට නම් අපි සම්පූර්ණයෙන් විරුද්ධයි’ දිනේෂ් කීවේය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුව කල්දැමීම සම්බන්ධයෙන් එදින පක්ෂ නායක රැස්වීමේ දී තීන්දුවක් ගත්තේ නැත. පසුව පාර්ලිමේන්තු ලොබියේ දී මන්ත‍්‍රීවරුන් කතා කරමින් සිටින අතරතුර කියැවුණේ පාර්ලිමේන්තුව කල්දැමීමට උපදෙස් දී ඇත්තේ ජනාධිපතිවරයා බවය. ‘ජේ. ඕ කාරයෝ ටික පාර්ලිමේන්තුව වටලයි. ඒ හින්දා පාර්ලිමේන්තුව තියන්න එපා’ ජනාධිපතිවරයා කියා ඇති බවත් එහිදී හෙළිදරව් විය.

වසර හතරකට පසු
මෛත‍්‍රි මැදමුලනේ...


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සොහොයුරු චන්ද්‍රා රාජපක්ෂ ගේ දේහය පිළිබඳ අවසාන කටයුතු පසුගිය සඳුදා මැදමුලන ගමේ දී සිදු කෙරුණේ අති විශාල ජනකායකගේ හා ප‍්‍රභූන් පිරිසකගේ සහභාගිත්වය සහිත අවමංගල්‍ය උත්සවයකදී ය. මේ සඳහා සහභාගි වන්නට 25 වන සෙනසුරාදා කොළඹින් පිටත් ව ගිය අමුත්තන්ගේ යාන වාහන නිසා කොළඹ මාතර අධිවේගී මාර්ගයේ ද වාහන තදබදයක් දක්නට ලැබුණි. එදින කලකට පසු අධිවේගී මාර්ගය ද වාර්තාගත ආදායමක් ලැබූ බව වාර්තා විය .

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනට ද මෙම අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගි වන්නට අවශ්‍ය විය. ඒ සඳහා ගමනට පැය කිහිපයක් ගත වන බැවින් ඒ සඳහා ඉඩකඩ සාදාගත් ජනාධිපතිවරයා ඉන්පසුව උපදෙස් දුන්නේ අධිවේගී මාර්ගයේ ගමනාගමන කටයුතු පිළිබඳ විමසා බලන ලෙසයි. එහෙත් ඒ පිළිබඳ සොයා බැලූ ආරක්ෂක අංශ උපදෙස් දුන්නේ ජනාධිපතිවරයාගේ සංචාරය සඳහා අධිවේගී මාර්ගය භාවිත නොකර ගුවන් මග භාවිතා කරන ලෙසයි. ඒ අනුව හෙලිකොප්ටර් යානා දෙකක් සූදානම් කරන්නට ජනාධිපති කාර්යාලයෙන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව වෙත උපදෙස් ලැබී තිබිණි.

චන්ද්‍රා රාජපක්ෂ මහතාගේ අභාවයට සතියකට පෙර ඇමරිකාව බලා ගොස් සිටි ගෝඨාභය රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ තම සහෝදරයාගේ වියෝව නිසා බරපතළ ශෝකයකට මෙන්ම අපහසුතාවයකට ද පත් වූහ. ගෝඨාභය රාජපක්ෂ ඇමරිකාවට ගොස් සිටියේ සිය පුද්ගලික කටයුතු මෙන්ම තවත් අත්‍යවශ්‍ය සමාජ දේශපාලන කටයුතු කිහිපයක් ඉටු කරගෙන පැමිණීමට බලාගෙනය. ගෝඨාභයට එම කටයුතුවල යම්තාක් ප‍්‍රගතියක් ලබාගත හැකි විය. එහෙත් බැසිල් රාජපක්ෂ එහිදී මහත් අපහසුතාවයට පත් විය. වසර දෙකහමාරක් පමණ කාලයකට පසු බැසිල් රාජපක්ෂ ඇමෙරිකාවට යනු ලැබුවේ මහත් අපහසුවෙන් උසාවියෙන් ද අවසර ලබාගෙන ය. එක් පැත්තකින් ඔහුට ද අමෙරිකානු රජයෙන් ඉටු කරගන්නට විශේෂ සාමාජික වැඩකටයුතු කිහිපයක් තිබිණි. අනිත් පැත්තෙන් ඔහුගේ පුද්ගලික රාජකාරි ද ගණනාවක් විය. සියල්ලටම වඩා අසනීප තත්ත්වයන් කිහිපයකට ප‍්‍රතිකාර හා වෛද්‍ය උපදෙස් ගැනීමට ද මෙම සංචාරය යොදාගෙන තිබිණි. කරන්නට ගිය වැඩ රාජකාරිවලින් ඔහුගේ සැලකිය යුතු වැඩ රාජකාරි කොටසක් ඒ වනවිටත් ඉටු වී තිබුණේ නැත. මෙම නිසා සියල්ල අතහැර දමා අතරමග නැවත ලංකාවට පැමිණීම ඔහුට දුෂ්කර කටයුත්තක් විය.

කවදත් මෙවන් කටයුතුවලදී මැදිහත්ව අවශ්‍ය නිවැරදිම උපදේශය ලබාදෙන මහින්ද රාජපක්ෂ ගේ අදහස වූයේ බැසිල් ඇමරිකාවේ නතර වී සියලූ වැඩ කටයුතු නිමවා පැමිණෙන ලෙසයි. ඒ වෙනුවට ගෝඨාභය රාජපක්ෂට පැමිණීමට අවහිරතාවයක් නොතිබූ බැවින් ඔහුගේ පැමිණීම මහින්ද අපේක්ෂා කළේය. ඒ අයුරින් ගෝඨාභය රාජපක්ෂ ද ඇමරිකාවේ සිට ලංකාවට පැමිණ යළි මැදමුලන ගෙදරට ළඟා වන්නට නියමිතව තිබුණේ ද සෙනසුරාදා උදයේ ය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ඇතුළු ආණ්ඩුවේ මැති ඇමැතිවරු කණ්ඩායමක් විශේෂ හෙලිකොප්ටර් යානාවකින් මැදමුලනට යන විට සෙනසුරාදා උදේ 9.15 පමණ වී තිබිණි. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සමගම අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ලසන්ත අලගියවන්න, සාරතී දුෂ්මන්ත, මහඇමැති ඉසුර දේවප‍්‍රිය ඇතුළු පිරිසක් පැමිණ සිටියහ. හිටපු ජනාධිපතිවරයා විසින් මේ පැමිණි රාජ්‍ය අමුත්තන් ඉමහත් ගෞරවයෙන් යුතු ව පිළිගනිමින් ආගිය තොරතුරු කතා බහ කළේ ය.

මැදමුලන නිවසේ ඉදිරි කාමරයේ ජනාධිපතිවරයා ඇතුළු පිරිසට අසුන් ගන්නට විශේෂ ප‍්‍රභූ ආසන කිහිපයක් පනවා තිබිණි. හිටපු ජනාධිපතිවරයා අමාත්‍ය විජයදාස රාජපක්ෂ සමග ලොකු පුටුවක වාඩි වී සිටි අතර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන වෙනම පුටුවක වාඩි වී සිටියේය. එතනට ආ ඉසුර දේවප‍්‍රිය දෙස බලා හිටපු ජනාධිපතිවරයා විහිළුවක් කළේ.... අපේ මහ ඇමැතිතුමාට නම් ගැලපෙන විශේෂ පුටු අපේ ගෙදර නැති වෙන්න පුළුවන්. ඒත් ඉතිං මේ තියෙන එකක වාඩි වෙලා ඉමු.... කියමින් ජනාධිපතිවරයා සිනාසුනේය.

ඒ අතර චමල් රාජපක්ෂ හිටපු කථානායකවරයා එතැනට පැමිණියේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තම වැඩිහිටියා ආසන්නයට එන විට නැගිට තම අසුන ඔහුට පිළිගැන්වනු ලැබූයේ රාජපක්ෂ පවුලට ම ආවේණික වැඩිහිටියන්ට ගරු කිරීමේ උතුම් ගුණාංගය සෙසු අයට ද ආදර්ශවත් වන අන්දමිනි.

චමල් පැමිණි පසු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා උනන්දුවෙන් ඔහු හා කතා බහ කරන්නට පටන් ගත්තේ තම දීර්ඝ දේශපාලන ඉතිහාසය ද මෙනෙහි කරමිනි.

‘මං මේ ගෙදරට මේ ආවේ අවුරුදු හතරකට විතර පස්සේ කියලයි මට මතක. ඉස්සර ඉතිං මේ පැත්තෙ මොන උවමනාවකට ආවත් මෙහාට ගොඩ වෙලා යන එක වරද්දන් නෑනේ චමල් අයියේ. ඔබතුමාට මතකයි නේද... කියමින් ජනාධිපතිවරයා ලොකු ඉතිහාසයක් කාට කාටත් මතක් කළේය.

එකපාරක් මතක ද අපි මැතිවරණයකට ඇවිල්ලා වැඩ කරලා ආපහු එද්දි ගාමිණී ලොකුගේගේ කට්ටියකුයි අතුකෝරාලගේ කට්ටියකුයි වට කරල අපිට ගහන්න හැදුවා... අපි අනූනවයෙන් එදා බේරුණේ කියමින් ජනාධිපතිවරයා මුල්කිරිගල අතුරු මැතිවරණයේදී සිදු වූ සිද්ධියක් ගැන මතක් කරද්දී මහින්ද රාජපක්ෂ ද හයියෙන් සිනහ වී එය අනුමත කළේ ඔහුට ද එම සිද්ධිය හොඳින් මතකයේ තිබූ බැවිනි.

මේ අතර පැමිණ සිටින ප‍්‍රභූන් වෙනුවෙන් තේ පැන් සූදානම් කිරීමක් ද මැදමුලන නිවස ඇතුලේ සිදු වෙමින් තිබිණි. ප‍්‍රභූන් වෙනුවෙන් රාජපක්ෂ පවුලේ සොහොයුරිය ප‍්‍රීති, ඇයම මැදිහත් වී තේ සාදමින් සිටියාය. ඒ අතරතුර ජනාධිපති ආරක්ෂක සේවයේ නිලධාරීන් පිරිසක් ද මෛත‍්‍රීපාල ජනාධිපතිවරයා වෙත ලබා දෙන්නට වෙනම තේ කෝප්පයක් සාදමින් සිටියේ විශේෂ ආරක්ෂක විධිවිධාන අනුගමනය කරමිනි.

ජනාධිපති ආරක්ෂක සේවයේ නිලධාරීන් ජනාධිපතිවරයා වෙනුවෙන් සාදන ලද තේ ඇතුළත් විශේෂ පෝච්චිය හා කෝප්ප කට්ටලය බන්දේසියක තබා නිවසේ සිටි රාජපක්ෂ පවුලේ යුවතියකට බාරදෙනු ලැබීය. මේක අපි ගිහින් දෙන එක හරි නෑ... ඔබතුමියලාගේ නිවසනේ... ඒක නිසා ඔබතුමිය මේක අරගෙන ගිහිල්ල ජනාධිපතිතුමාට පිළිගන්වන්න....

ආරක්ෂක අංශ ඉතා කාරුණිකව එම ඉල්ලීම කළත් එහි අගක් මුලක් එම යුවතියට වැටහුණේ නැත. ඒ තරුණිය තේ කෝප්ප රැගත් බන්දේසිය ගෙනැවිත් ගොස් අල්ලනු ලැබූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ය. ඊට හේතුව රාජපක්ෂ පවුලේ පමණක් නොව, මුළු මැදමුලන පළාතේම සියලූම දෙනා ජනාධිපති කියා අමතන එකම පුද්ගලයා මහින්ද රාජපක්ෂ පමණක් වීමය. ඇය උපදේශය තේරුම් ගත්තේ ඒ ආකාරයටය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට මොකක්දෝ අමුත්තක් දැනිණි. වෙනදත් රැගෙන එන සුපුරුදු කෝප්පය වෙනුවට ඔහු වෙනත් ආලවට්ටම් සහිත යමක් දුටු ඔහු ඇයට සංඥා කළේ තේ බඳුන බන්දේසිය පිටින්ම අසල තිබෙන කනප්පුව මත තබන ලෙසය.

මේ සිදුවීම් කිසිවක් නොදැන සිටි ප‍්‍රීති රාජපක්ෂ මැතිනිය ප‍්‍රභූන් වෙනුවෙන් තැනූ තේ ඇතුළත් බන්දේසිය ගෙනවිත් අමුත්තන් වෙත අල්ලන්නට පටන් ගත්තා ය. කරන්නට කිසිවක් නොවූයෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ද ඉන් තේ කෝප්පයක් අතට ගත්තේය. අනෙකුත් රාජපක්ෂ සහෝදරු ද විශේෂ ප‍්‍රභූන්ද සිදුවී ඇති කිසිවක් නොදැන සංග‍්‍රහය භුක්ති වින්දේ ආගිය තොරතුරු කතාබහ කරමිනි.

ජනාධිපතිවරයා ඇතුළු පිරිස පැයක පමණ කාලයකින් පසු නැවත ආපසු එන්නට සූදානම් වූහ.

ගෝඨාභයත් දැන් ඇමරිකාවේ ඉඳලා එනවා... එයා දැන් මේ වෙලාවෙ හයිවේ එකෙන් එළියට ඇවිල්ලා ඉවරයි... තව ටික මොහොතකින් මෙහාටත් ළඟා වේවි. ඔබතුමා එයා හමුවෙලා ගියොත් තමයි හොඳ... මහින්ද රාජපක්ෂ කීවේ ය. ආපු එකේ ඉතිං තව ටික වෙලාවක් ඉඳලා ගෝඨාභයත් හමුවෙලා ගියානං හොඳයි තමයි කියමින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන නැවතත් අසුනේම වාඩි වුණේ ය... ගෝඨාභය නිවසට පැමිණියේ මේ අතරතුරයි. සියල්ලට පළමුව දේහයට ආචාර සමාචාර කොට දෙවනුව ජනාධිපතිවරයා සිටින තැනට ආවේය...

‘අපි මේ ඔබතුමා
එනකම් බලාගෙන හිටියේ...’


‘කොච්චර දෙයක්ද ඔබතුමා එහෙම බලාගෙන හිටපු එක... ඔබතුමාට බොහොම ස්තූතියි’. ඉතා ගෞරවනීයව හිටපු ආරක්ෂක ලේකම්වරයා ද ජනාධිපතිවරයාට ආචාර කළේය. තවත් ටික වෙලාවක් එසේ කතාබහ කරමින් සිට නැවත පිටත්ව යන්නට ජනාධිපතිවරයා නැගිටින වෙලාවේ තවත් විශේෂ පුද්ගලයෙක් එතැනට පැමිණියේය... ඔහු බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී උපාලි කොඩිකාරයි. ඔහු අත් දෙක එකතු කරමින් ජනාධිපතිවරයාට ආචාර කර එක්තරා ඉල්ලීමක් කරන්නට පටන් ගැනීම කාටත් විමතියට කරුණක් විය...

අනේ ජනාධිපතිතුමා... ඔබතුමා තමයි මේ රටේ නායකයා. ඔබතුමා දන්නවද මේ අපේ ගෝඨාභය මහත්තයව අත්අඩංගුවට අරගෙන හිරේට දාන්න විශේෂ සැලැස්මක් ආණ්ඩුව ඇතුළේ තියෙනවා කියලා. මේක මහා විශාල කුමන්ත‍්‍රණයක්... ජනාධිපතිතුමා කරුණාකරලා මේක නම් සිද්ධ වෙන්න හරින්න එපා. එහෙම වුණොත් ඒක බරපතළ අපරාධයක්. අපේ ගෝඨාභය මහත්තයා හොරකම් කරලා නැහැ. ඔබතුමාට පුළුවන් යන ගමන් බලාගෙන යන්න... ඞී. ඒ. රාජපක්ෂ මැතිතුමන්ගේ පිළිරුවක් සහිත කෞතුකාගාරයක් තංගල්ලේ හැදුවා කියලයි මෙතුමන්ලා හිර කරන්න හදන්නේ. ඔබතුමා ඒකනම් සිද්ධ වෙන්න දෙන්න එපා....

මෙසේ කියමින් උපාලි කොඩිකාර කරන ලද අඳෝනාව බොහෝ දෙනෙකුට විහිළුවක් වුවත් ජනාධිපතිවරයාට නම් කිසිසේත්ම එය විහිළුවක් නොවී ය. එහෙත් ඔහු වචනයක්වත් ඒ පිළිබඳව කීවේ නැත. සිනාසෙමින් නැගිට නිවැසියන්ගෙන් සමුගෙන පිටත් වුණා මිස උපාලි ගේ කතාව පිළිබඳ විමතියක් වෙනසක් පෑවේ ද නැත....

ඇමැති රාජිතගෙන්
ජනපතිට නඩුවක්...


පසුගිය සතියේත් සුපුරුදු පරිදි ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩල රැස්වීම පැවැතුණත් ඒ සඳහා මැති ඇමැතිවරු බොහෝ දෙනෙක් පැමිණ සිටියේ නැත. ඊට හේතුව වූයේ ඒ වනවිට මැති ඇමැතිවරු ගණනාවක් ම එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා වැඩසටහන සඳහා සහභාගී වීමට මොණරාගල ප‍්‍රදේශයට ගොස් තිබීමයි. එහෙත් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩල රැස්වීම පවත්වනු ලැබූ අතර එය පැයක පමණ කාලයකට සීමා වී තිබිණි.

කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හමු වන්නට ගියේ ය.

ජනාධිපතිතුමනි....ශ‍්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ලියාපදිංචිය ලැබූ රන් හා මැණික් භාණ්ඩ අලෙවිකරුවන් පසුගිය දිනවල මා සමඟ සාකච්ඡා කළා. ඒගොල්ලො පෙන්වලා දුන්නා මැණික් හා ස්වර්ණාභරණවලට බදු අය කිරීම තුළ ලංකාවේ මැණික් කර්මාන්තය පිරිහිලා තියෙන අන්දම ගැන. ඇන්. ඇම්. පෙරේරා මහත්තයා ඒ කාලේ මුදල් ඇමැතිවරයා හැටියට කටයුතු කරන සමයේ මැණික් කර්මාන්තය සඳහා බදු සහන ලබා දුන්නලූ... එමගින් විශාල වශයෙන් විදේශ විනිමය අපේ රටට ලැබුණා කියලයි මැණික් කර්මාන්තයේ ඉන්න ප‍්‍රවීණයෝ අපට පෙන්නලා දෙන්නේ. ඒ උනාට මැණික් කර්මාන්තය මත අපේ රජය බදු අය කරන්න පටන් ගත්ත දවසේ ඉඳලා මේ මැණික් කර්මාන්තයේ ඉන්න ව්‍යාපාරිකයෝ හා කම්කරුවෝ මෙන්ම පතල්කරුවෝ ලොකු අමාරුවක වැටිලා ඉන්නෙ. ඒ ගැන ඔබතුමාගේ අවධානය යොමු කරවන්න කියලා ඔවුන් මට කියනවා.

රාජිත මෙහිදී පෙන්වා දුන්නේ මැණික් ව්‍යාපාරිකයන් තම තමන්ගේ කර්මාන්ත අත්හැර දමා වෙන වෙන කර්මාන්ත කරන්නට පටන් ගෙන ඇති බවයි. සමහර ව්‍යාපාරිකයින් මැඩගස්කරය වැනි රටවලට ගොස් එහි මැණික් කර්මාන්තයේ නිරත වී සිටින බැවින් ලංකාවට ලැබෙන්නට තිබෙන විදේශ විනිමය විශාල වශයෙන් පිටරටවලට ඇදී යන බව රාජිත ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

කොහේ කට්ටියට ද ඔය ප‍්‍රශ්නේ බලපාලා තියෙන්නේ.... ජනාධිපතිවරයා ඇසීය.

මැණික් කර්මාන්තයේ ඉන්න කාටත් මේ ප‍්‍රශ්නය පොදුයි. බේරුවල මගේ පළාතේ ඉන්න මැණික් ව්‍යාපාරිකයෝ මේ නිසා විශාල වශයෙන් අසරණ වෙලා ඉන්නවා... සෞඛ්‍ය ඇමැති රාජිත පෙන්වා දුන්නේය.

මම මේ වගේ ප‍්‍රශ්න කීපයක් මුදල් අමාත්‍යාංශයේ අය සමග සාකච්ඡා කරලයි තියෙන්නේ. මේ වගේ දැඩි බදු ප‍්‍රතිපත්ති රටවල්වලට ගැලපෙන්නේ නැහැ. විශේෂයෙන් අපි වගේ අමාරුවෙන් නැගිටින දියුණු වෙමින් පවතින රටවල කර්මාන්තවලට පුළුවන් තරම් බදු සහන දීලා නැගිට්ටවන්න ඕන. අමාත්‍යාංශයේ නිලධාරීන් මට පොරොන්දු වුණා මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කරලා ඉක්මන් පියවරක් ගන්නා බවට. හැබැයි ඒ ගොල්ලන්ගෙ ඉක්මන් පියවර තවමත් පරක්කුයි කියලයි මට හිතෙන්නේ... ජනාධිපතිවරයා කීවේ ය.

හරි... අපි මේ පිළිබඳව ජාතික ආර්ථික සභාවේ දී කතා බහ කරමු. මම එම සභාවේ මහ ලේකම් ආචාර්ය ලලිත් සමරකෝන් ට කියන්නම්... ජනාධිපති මෛත‍්‍රි කීවේය.

ඔව්... ඔබතුමා එතනදී කතා කරන එක තමයි හොඳ.... මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් එහෙමත් ඉන්න තැනක ඕන ඔය වගේ දේවල් කතා කරන්න.

හරි රාජිත... ඔය තියෙන ගැටලූ ටික සකස් කරලා ජාතික ආර්ථික සභාවට ඉදිරිපත් කරන්න. ඒ ටික මම බලාගන්නම්, ජනාධිපති කීවේය. ඉන්පසුව අමාත්‍යවරයා තවත් ප‍්‍රශ්නයක් මතු කළේය.

විශ්වවිද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරුන්ගේ හිඟයක් මතුව ඇති ආකාරය රාජිත මතක් කළේය. විදේශීය රටවල ආචාර්ය මහාචාර්යවරු තම තමන්ගේ විෂයන්ට අදාළ පර්යේෂණ කටයුතු හා අධ්‍යයන කටයුතු වියපත් වුවත් දිගටම කරගෙන යනවා. අපේ රටේ ආචාර්ය මහාචාර්යවරුන්ගේ හිඟය නැති කරන තුරු විශ්වවිද්‍යාලවලින් විශ‍්‍රාම යෑමේ වයස් සීමාව 60 සිට 70 දක්වා වැඩි කළ යුතුයි කියලත් මතයක් තියෙනවා... රාජිත අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ තිබෙන ගැටලූවක් මෙසේ ජනාධිපතිවරයාට පැහැදිලි කළේය.

හරි ඔබතුමා ඔය ප‍්‍රශ්නයත් ජාතික ආර්ථික සභාවේ දී කතා කරන්නකෝ. මමත් ඒ ගැන උනන්දුවෙන් බලන්නම්. එසේ කියමින් ජනාධිපතිවරයා පිටව ගියේය. ඉන්පසුව ජාතික ආර්ථික සභාවේ මහ ලේකම් ආචාර්ය ලලිත් සමරකෝන්ට දුරකථනය ඔස්සේ කතා කරමින් අමාත්‍ය රාජිත ජනාධිපතිවරයා සමග කරන ලද සාකච්ඡාවේ ප‍්‍රගතිය සමාලෝචනය කළේය.

තේ මාරුවීම ගැනත්
පරීක්ෂන යනවලූ...


ඉරිදා නාමල් සිටියේ ගම්පහය. ඒ ප‍්‍රසන්න විසින් සංවිධාන කර තිබූ රැස්වීම් කිහිපයක් අමතන්නට තිබුණු නිසාය. ප‍්‍රසන්න එම රැස්වීම් සංවිධාන කර තිබුණේ සැප්තැම්බර් 05 වැනි දා පැවැත්වෙන ජනබලය කොළඹට උද්ඝෝෂණය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන්නටය. එදින දිවා ආහාර සකස් කර තිබුණේ මරඳගහමුල ප‍්‍රසිද්ධ සහල් ව්‍යාපාරිකයකු වන කැකුළු රංජිගේ නිවසේය. රණවීර, ඉන්දික, ඩුලිප්, ලන්සා යන මන්ත‍්‍රීවරු ද එහි වූහ. දිවා ආහාරය ගන්නා අතරතුර පිරිස කතා කළේ මෛත‍්‍රි අවමඟුලට සහභාගී වන්නට ආ එකය.

‘තමන්ගේ සහෝදරයාගේ මළ ගෙදරටවත් ගිය නැති ජනාධිපතිවරයා මහින්ද මහත්තයාගේ සහෝදරයාගේ මළ ගෙදරට ආපු එක තමයි පුදුම’ රණවීර පැවසීය.

‘සිරිසේන මහත්තයට ඕනෑකමක් තිබුණා නම් මහින්ද මහත්තයාගේ නංගි නැති වුණ වෙලාවේ මිරිහානේ මළ ගෙදරට එන්න තිබ්බනේ’ ඩුලිප් කීවේය.

‘ඒක ඇත්ත. මිනිස්සු කතා වෙන්නේත් ඕක ගැනම තමයි’ ලන්සා කීවේය.

‘මළ ගෙදර දී මොකක්ද තේ එකක ප‍්‍රශ්නයකුත් වුණාලූ නේද? ප‍්‍රසන්න ඇසුවේය.

‘ඔව්නේ. ජනාධිපතිතුමාට දෙන්න කියලා දීපු තේක අපේ කෙනෙක් ගිහින් අපේ ජනාධිපතිතුමාට දීලනේ. පස්සේ ඇහුවම කිව්වලූ අපිට ජනාධිපතිවරු තුන් හතර දෙනෙක් නැහැ කියලා’ නාමල් කීවේය.

මිනිස්සු ඉතින් විශ්වාස කරන විදිය තමයි. අපේ මිනිස්සුනට මහින්ද මහත්තයා හැර වෙන ජනාධිපති කෙනෙක් නැහැ’ ප‍්‍රසන්න පැවසීය.

මෛත‍්‍රිපාල ජනාධිපතිතුමාට හදපු තේ එක මහින්ද රාජපක්ෂ මහත්තයාට ගියේ කොහොමද කියන එක ගැන පරීක්ෂණයක් පවත්වන්නත් ජනාධිපති ආරක්ෂක සේවයේ නිලධාරීන්ට ඉහළින් උපදෙස් ලැබුණයි කියලත් ආරංචියි. තේ එක හදාගෙන ගිහිල්ලා තමන්ම ඒක මෛත‍්‍රී ජනාධිපතිතුමාට භාර දෙන්නෙ නැතුව ගෙදර කෙනෙකුට දුන්නේ මොකද කියලාත් ප‍්‍රශ්න කරලාලූ....

මැදමුලනේ බණට
මංගලත් ඇවිත්ලූ...


ඉරිදා රාත‍්‍රියේ මහින්දගේ සොහොයුරාගේ සත් දින බණ පැවැත්වුණේ ද මැදමුලනේමය. එම අවස්ථාවට සහභාගී විමට මංගල සමරවීර ද පැමිණ සිටියේය. මංගල පැමිණෙන විට බණ අවසන්ව තිබුණත් මහින්ද ඔහුව සාදරයෙන් පිළිගත්තේය...

‘මළ ගෙදරට එන්න බැරි වුණ නිසා ආවා...’ මංගල මහින්දට පැවසීය. දෙදෙනා බොහෝ වේලාවක් කතා බහ කරමින් සිටීම විශේෂත්වයකි.

‘ඔයාලගේ ගම්පෙරළිය වැඩසටහනට මිනිස්සු නඩු දාන්න යනවලූ නේද? ගම්පෙරළිය කියන වටිනා නම අවභාවිතා කිරීම ගැන...’ මහින්ද පැවසීය.

‘චෝදනා නම් තියෙනවා. අපි දැන් ඒවා හරිගස්සාගෙන යනවා... නමුත් නඩු කතාව විහිළුවක්... මම ඒ නමින් වෙනත් පොතක් ලියලාවත් නම් අදාළයි.. නමුත් මේ ප‍්‍රදර්ශනයක් කොහොමද අදාළ වෙන්නේ...’ මංගල උත්තර දුන්නේය.

අනතුරුව මංගල සහ මහින්ද පමණක් වෙනම තැනක සිට කතාබහක නියැළුණහ. එම කාරණා කිසිවකුටත් දැනගන්නට ලැබුණේ නැත. මංගල පැය දෙකක පමණ කාලයක් මැදමුලන නිවසේ රැඳී සිටියේය.

මංගල මහින්දත් සාකච්ඡා කරමින් කතා බහ කරමින් සිටින තැනට ගාමිණී රාසපුත‍්‍ර නම් පුද්ගලයකු පැමිණියේ ඔහුගේ පුතණුවන් වන ඇසළ රාසපුත‍්‍ර ද සමඟය. ඇසළ තරමක් හයියෙන් තම පියාගෙන් හරි අපූරු ප‍්‍රශ්නයක් විමසුවේ මහින්ද හා මංගල කතාබහ කරමින් සිටින දෙස බලමිනි...

අර අංකල් දැන් අපේ මහින්ද අංකල් එක්ක යාළු යාළුවෙලා ද තාත්තේ....

පුංචි දරුවා අසන්නේ කුමක් දැයි ගාමිණී දැන සිටියේය... එහෙත් ඒ ගැන උත්තරයක් දෙන්නට ඔහු උත්සාහ කළේ නැත... උත්තරයක් නැති නිසාම දරුවා තරමක් හයියෙන් එය තාත්තා ගෙන් ඇසීය.

මෙහිදී එම දෙබස් මංගල සමරවීරගේ කනටද වැටුණි... මොකක්ද ඔය පුතා අහන කතාව... මංගල ඇසීය.

‘එයා එහෙම තමයි... ප‍්‍රශ්න අහනවා ඉවරයක් නෑ... ගාමිණී උත්තර දුන්නේය...

මහින්ද රාජපක්ෂ ඒ දරුවා එසේ කීවේ ඇයි දැයි කියා ගාමිණි රාසපුත‍්‍රගෙන් හරියාකාරව විමසුවේ මංගල ගිය පසුවය.

ඇයි ඉතින් හැමදාම අපේ දරුවෝ දකින්නේ මංගල උදේ ඉඳලා ? වෙනකන් ටීවී චැනල්වලින් ජනාධිපතිතුමාට බණින එකමනේ්... දැන් මෙහාට ඇවිල්ලා යාළුවෝ දෙන්නෙක් වගේ කතා කර කර ඉන්නකොට පුංචි දරුවෙකුට උනත් ඔය ප‍්‍රශ්නය මතු වෙන්න ඇති... ඒකයි දරුවා එහෙම ඇහුවේ... ගාමිණි එසේ පැහැදිලි කරන විට මහින්ද ට එය හොඳින් වැටහිණි.

මහින්දගේ සොහොයුරාට පින් පමුණුවමින් පසුදින හීල් දානය පිරිනැමුණි. ඒ වන විට දින පහක් පමණ නිදිවරා සිටි යෝෂිත මෝටර් රථයක අසුනක නිදාගනිමින් සිටියේය. ඒ බව දුටු එක් හිමි නමක් මහින්ද කීවේ ‘යෝෂිත පුතා මේ ටිකේම නිදි මරලා හින්දද කොහෙද හොඳටම නිදි’ කියාය.

ජනබලය කොළඹට
සියල්ලම සූදානම්...


නාමල් සඳුදා කොළඹ බලා පිටත්ව ආවේ නාමල්ගේ කොළඹ කාර්යාලයේ පැවැති සාකච්ඡාවකට සහභාගී වීම සඳහාය. සාකච්ඡාව පැවැත්වුණේ ජනබලය කොළඹට උද්ඝෝෂණය සම්බන්ධයෙනි. ජොන්ස්ටන්, කාංචන ජයරත්න සහ පළාත් සභා, පළාත් පාලන මන්ත‍්‍රීවරුන් පිරිසක් එම අවස්ථාවට සහභාගි වී සිටියහ. ජනබලය උද්ඝෝෂණයේ අවසන් සැලසුම් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

‘අස්ගිරි, මල්වතු නාහිමිවරුන් දැනුවත් කිරීම මේ සතියේ කරනවා’ ජොන්ස්ටන් දැනුම් දුන්නේය.

‘ආණ්ඩුව අපේ විරෝධතාවට හොඳටම බයවෙලා ඉන්නේ. පොලිසිය යොදවලා මේක මර්දනය කරන්නයි ආණ්ඩුව උත්සාහ කරන්නේ. අපි ඕවට බය නැහැ’ නාමල් පැවසීය.

ඒකාබද්ධ විපක්ෂ පක්ෂ නායකයන්ගේ රැස්වීම පැවැත්වුණේ මහින්දගේ ප‍්‍රධානත්වයෙනි. නාමල් පක්ෂ නායකයන්ට හට ජනබලය කොළඹට උද්ඝෝෂණයේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළේය. ජනබලය පැවැත්වෙන ස්ථානය සම්බන්ධයෙන් ද මෙහිදී දැනුවත් කෙරුණු නමුත් පක්ෂ නායකයන් තීන්දු කළේ නියමිත දිනය වන තුරු එය රහසක්ව තබාගැනීමටය.

‘පසුගිය සතියේ එස්. බී. මන්ත‍්‍රීවරයා විශ්වවිද්‍යාල අරගල ගැන කියපු කතාව නම් අපිට ලොකු හානියක්’ ඩලස් පැවසීය.

‘ඒක ඇත්ත. ඒ වගේ කතා කිව්වම මිනිස්සු අපි දිහාත් වැරැදියට බලනවා. අනෙක් එක 16 කණ්ඩායම ආවෙම ඒකාබද්ධ විපක්ෂය විනාශ කරන්න කියලා අපේ මිනිස්සු හිතාගෙන ඉන්නවා. මේ වගේ කතා කිව්වම වෙන්නේ ඒක තවත් තහවුරු වෙන එකයි. අපි කණ්ඩායමක් විදියට ඉන්නවා නම් ප‍්‍රකාශ නිකුත් කරන්නත් ඕනේ කණ්ඩායමේ මතයක් විදියටයි. එහෙම නැතුව තනියෙන් ප‍්‍රකාශ නිකුත් කරන්න ගියාම වෙන්නේ හානියක් විතරයි’ ප‍්‍රසන්න ද පැවසීය.

මත් උවදුර මඬින්න
කාදිනල්තුමාගේ සහාය...


අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යවරයාට ආරාධනාවක් කළේය. ඒ රාගම තේවත්ත ශ‍්‍රී ලංකා අප ස්වාමිදුවගේ ජාතික බැසිලිකා සිද්ධස්ථානයේ දී පැවැත්වෙන රෝගීන් සඳහා වූ යාඥා මෙහෙයේ සමාරම්භක අවස්ථාවට සහභාගි වීම සඳහායි. එම යාඥා මෙහෙය ආරම්භ කිරීමට ප‍්‍රථම කාදිනල් හිමිපාණන් සෞඛ්‍ය අමාත්‍යවරයා සමග විනාඩි 20 ක පමණ කාලයක් සුහද පිළිසඳරක යෙදුනි. එහිදී කාදිනල් හිමිපාණන් මෙසේ පැවැසීය.

”සෞඛ්‍ය සේවාව අභියෝගාත්මක සේවාවක්. හෘද රෝගීන් සඳහා ස්ටෙන්ස් මිල අඩු කිරීම, අක්ෂි කාච මිල අඩු කිරීම, අත්‍යවශ්‍ය ඖෂධ මිල අඩු කිරීම, පිළිකා රෝගීන් සඳහා සහන ලබාදීම ඇතුළු රෝගී සත්කාරක සේවාවන් මම අගය කරනවා. ඒවා ක‍්‍රියාත්මක කළේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස ඔබතුමා බලයට පැමිණීමෙන් පසුවයි. අසරණ රෝගීන්ට විශාල සහනයක්. රෝගයක් වැළඳුන පසු ඕනෑම පුද්ගලයකු අසරණ වෙනවා. අපි භාවිතා කරන ඖෂධත් මෙමගින් අඩු වී තිබෙනවා. එය ඉතාම හොඳ දෙයක්. වර්තමානයේ රජයේ රෝහල්වල සේවා හරිම හොඳයි. ඇතැම් රෝහල් පෞද්ගලික රෝහල් වගෙයි. පාසල් දරුවන් අන්තරායකර ඖෂධ භාවිතයට ගොදුරුවීම නතර කළ යුතුයි. ඒ සඳහා පියවර ගන්න. ඇතැම් ඖෂධ අලෙවිහල් වලිනුත් එවැනි ඖෂධ ලබාදෙනවා. පාසල් උපකරණ අස්සෙත් දාලා විකුණනවා.’

”මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මම මරණීය දණ්ඩනය ලබාදිය යුතු බවට යෝජනා කළ අවස්ථාවේ දී ලොකු විරෝධතාවයක් එල්ල වුණා. එහිදී මම බලාපොරොත්තු වුණේ මත්ද්‍රව්‍ය භාවිතයෙන් දරුවන් බේරා ගැනීමයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මරන්න බැරි නම් ¥පතක හරි රඳවා තැබිය යුතුයි. බන්ධනාගාර ආරක්ෂිත වුවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහයෝගය ලැබෙන බැවින් පාලනය කිරීම අමාරුයි. මරණීය දණ්ඩනය ක‍්‍රියාත්මක කිරීම කෙරෙහි ජනාධිපතිවරයා ලොකු උනන්දුවක් තිබෙන බව දක්නට ලැබෙනවා. මත්ද්‍රව්‍ය පාලනය කිරීමේ වැඩපිළිවෙළ අපි කළුතර දිස්ත‍්‍රික්කයෙන් ආරම්භ කරමු. මහා සංඝරත්නයේ සහයෝගයත් ලබාගන්න. කතෝලික සභාවේ සහයෝගය අපි ලබාදෙන්නම්. මත්ද්‍රව්‍ය නිවාරණය කිරීමේ වැඩපිළිවෙල සඳහා මම පෙරමුණ ගන්නම්. මට වෙඩි තිබ්බත් මත්ද්‍රව්‍ය උවදුරෙන් දරුවන් ආරක්ෂා කර ගත යුතුයි. එය ව්‍යසනයක්. ශ‍්‍රී ලංකාව මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් බවට පත්වෙලා. නිවාරණය කිරීමේ වැඩපිළිවෙළ කළුතර දිස්ත‍්‍රික්කයෙන් ආරම්භ කරන්න. ඔබතුමාට අපි පූර්ණ සහයෝගය ලබාදෙනවා.’

නාවික ගිවිසුම්වල
ප‍්‍රගතිය පෙනෙයිලූ...


ඉන්දීය සාගර සමුළුවේ ප‍්‍රධාන දේශනය කිරීම සඳහා වියට්නාමයට ගිය අගමැතිවරයා එහිදී කළ දේශනය සම්බන්ධයෙන් රට රටවල්වලින් යහපත් ප‍්‍රතිචාර ලැබෙන්නට පටන් ගත්තේ ය. බොහෝ දෙනෙකු පෙන්වාදුන්නේ අගමැතිවරයාගේ එම දේශනය කලාපීය වශයෙන් අපේ රටට ආර්ථික ප‍්‍රතිලාභ රාශියක් ලබා දෙන කාරණාවක් වී ඇති බව ය.

එම අවස්ථාව පිළිබඳව අගමැතිවරයා විශේෂ ප‍්‍රකාශයක දී මෙසේ ද කීවේය.

මේ ඔක්තෝබර්වල ඉන්දීය සාගරයේ නිදහස් නාවික සම්මුතිය ලංකාව, ඉන්දියාව හා සිංගප්පූරුව අතර ඇති වෙනවා. ඒ අනුව ලංකාව නාවික කේන්ද්‍රයක් බවට පත් කිරීමේ පදනම වැටෙනවා... ඒකෙන් අපේ රටට හුඟක් වාසි අත්පත් වේවි....

අග‍්‍රාමාත්‍යවරයාගේ වැඩ කටයුතු එසේ පවතින අතරවාරයේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන බිම්ස්ටෙක් සමුළුවට එක්වීම සඳහා නේපාලයට ගොස් සිටියේ ය. අග‍්‍රාමාත්‍යවරයාට ද එම සමුළුවට සහභාගි වීමට ආරාධනා ලැබ තිබිණි. එහෙත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් මොනරාගල පැවැත්වෙන එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා තෙදින ප‍්‍රදර්ශනය විවෘත කිරීමට කල්තියා කටයුතු යොදාගෙන තිබූ නිසා අගමැතිවරයා වියට්නාමයේ සිට යළිත් දිවයිනට පැමිණියේය.

ඔහු ඉතා ඉක්මනින් පැයක් ඇතුළත කොළඹ සිට මොණරාගල බලා පිටත්ව ගියේ ඒ අනුවය. අති විශාල ජනතා සහභාගිත්වයකින් යුතුව මංගල සමරවීර ඇමැතිවරයා හා රංජිත් මද්දුමබණ්ඩාර එකතුවී සංවිධානය කළ එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා වැඩසටහනට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ ද සහභාගි විය. ආරම්භක අවස්ථාව සඳහා මලික් සමරවික‍්‍රම ඇමැතිවරයා ද පැමිණ සිටීම විශේෂත්වයක් විය. සංවිධානාත්මකව මැනවින් ඉදිකරන ලද ප‍්‍රදර්ශන කුටි 500 කින් සමන්විත එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා වැඩසටහන අග‍්‍රාමාත්‍යවරයාගේ සිත් ගත් විශේෂ වැඩසටහනක් විය.

‘අර නාමල් තරුණයා කියලා තියෙනවා අපේ ගම්පෙරළිය එන්ටර්ප‍්‍රයිස් ලංකා වැඩසටහන කියන්නේ ඒගොල්ලන්ගෙ කාලේ කරපු දැයට කිරුළ, දිවිනැගුම වගේ වැඩසටහන් කොපි කරලා හදාගත්ත එකක් කියලා... ඔබතුමාට ආරංචිද’ මංගල අගමැති රනිල්ගෙන් ඇසුවේය.

‘ඒගොල්ලෝ රටේ දැයට කිරුළ වගේ දැවැන්ත ප‍්‍රදර්ශන කරන්න අවුරුදු දහ පහළොවකට කලින් තමයි අපි යොවුන්පුරය, ගම් උදාව, මහපොළ වගේ දැවැන්ත ප‍්‍රදර්ශන ලංකාව පුරාම පැවැත්තුවේ. ඒව ගැන ඔය පොඩි ළමයි දන්නෙත් නැහැ... රනිල් කීවේ නාමල්ගේ කතාව ගැන උපහාසාත්මකව සිනාසෙමිනි.

අපි ඒගොල්ලන්ගෙන් ඉගෙන ගත්තා නෙවෙයි.... ඒගොල්ලෝ තමයි මහපොළ ගම්උදාව වගේ වැඩසටහන් කොපි කළ එයාලගෙ වැඩ පිළිවෙළවල් හදාගත්තේ... රංජිත් මද්දුමබණ්ඩාර ද කීවේය.

රාජපක්ෂලාගේ කාලේ මේ වගේ ප‍්‍රදර්ශන තිබ්බෙ හෙංචයියලාට හම්බ කරන්නයි, බොරු සෝබන කාරයන්ගේ ප‍්‍රතිරූප පුම්බන්නයි විතරයි. ඔය දැයට කිරුළ ප‍්‍රදර්ශනය නිසා රටක් වටින වෛද්‍ය ශිෂ්‍යාවක් සදාකාලික ආබාධිත වුණා. ඒ තරම් අනාරක්ෂිතවයි එයාලා වැඩ කළේ. ඒගොල්ලන්ට මහජනයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිම වැඩපිළිවෙළක් තිබුණෙ නෑ.... රංජිත් මද්දුමබණ්ඩාර තවදුරටත් පැහැදිලි කළේය.

මොණරාගල එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා වැඩසටහනේ සාර්ථකත්වයට හිත ගිය අගමැති රනිල් එදා දවස මොණරාගල ගත කරන්නට තීරණය කළේය. ඉන්පසු යළි පසුවදා බ‍්‍රහස්පතින්දා උදේ කොළඹ බලා පිටත්ව ආවේ බ‍්‍රහස්පතින්දා උදේ වරුවේ විශේෂ රාජකාරි කටයුතු කිහිපයක් කොළඹ සූදානම් කර තිබූ නිසාය.

අගමැතිවරයා තමන්ට හිතවත් කුලූපග මාධ්‍යවේදීන් දෙදෙනකුව ද ගෙන්වා ගත්තේය. ඔවුන් සමග රනිල් කෙළින්ම ගියේ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ සූදානම් කර තිබූ ආරක්ෂක අංශ සමුළුවට සහභාගි වීමටය. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන වෙනුවෙන් එම ආරක්ෂක සමුළුවේ සියලූ වගකීම් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන විසින් මෙහෙයවනු ලැබ තිබිණි.

අරලියගහ මැඳුරේ
ලොකුම මඟුල් ගේ...


ආරක්ෂක සමුළුව නිම කළ අගමැතිවරයා යළි අරලියගහ මැදුරට ආවේ ඇමැති රාජිතගේ පුත් මන්ත‍්‍රී චතුරගේ විවාහයට එක්වීමටය.

” අද වැඩ අධිකයි. ඉක්මනට අරලියගහ මැදුරට එන්න. චතුර මන්ත‍්‍රිතුමාගේ වෙඩින් එක අරලියගහ මැදුරේ ලොකු හෝල් එකේ තිබෙන්නේ’ අගමැති කීවේ බිරිඳ මෛත‍්‍රීට ඇමතුමක් ලබා දෙමිනි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතාගේ විවාහ මංගල්‍යය පසුගිය බ‍්‍රහස්පතින්දා අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. මන්ත‍්‍රීවරයා අතිනත ගනු ලැබුයේ වෛද්‍ය ශිෂ්‍යාවක වන සරූපා මනතුංග මෙනවියයි. ඔවුන් දෙදෙනාගේ විවාහයට අත්සන් කිරීම මීට මසකට පෙර අනුරාධපුර රුවන්වැලි මහා සෑය අභියස දී සිදු කෙරුණි. සාක්ෂිකරුවන් ලෙස අත්සන් කරනු ලැබුයේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ සෞඛ්‍ය අමාත්‍යවරයායි. අරලියගහ මන්දිරයේ පැවැති විවාහ මංගල්‍යය සඳහා ඉතා අලංකාර ඇරයුම් පතක් ආරාධිතයින් 1500 කට පමණ ලබා දී තිබුණි. මන්ත‍්‍රීවරයාගේ මැතිවරණ දිස්ත‍්‍රික්කය වන ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් ඇරයුම්පත් ලැබූ පිරිස් පැමිණියේ ඉතාම සතුටු සිතිනි. මංගල උත්සවයට පැමිණි සෑම අයෙකුටම අලංකාර කේක් සහිත පෙට්ටියක් පිරිනැමුනි. විශාල කේක් ගෙඩියක් ද ශාලාවේ සකස් කර තිබුණි. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා දහවල් 11.30 ට පමණ උත්සව ශාලාවට පැමිණෙන විට පිළිගනු ලැබුයේ සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සුජාතා සේනාරත්න මහත්මිය විසිනි. ඔවුන් මේසයක වාඩි වී සුහද පිළිසඳරක යෙදුනි. ජනාධිපතිවරයා විදේශගත වී ඇති බැවින් දියණිය වන චතුරිකා සිරිසේන මහත්මිය සහභාගි වූවාය. සෞඛ්‍ය අමාත්‍යවරයා පැමිණ සිටි සියලූම ආරාධිතයින් සමග සුහද පිළිසඳරක යෙදුනි. දේශපාලනඥයින් වන මහින්ද සමරසිංහ, ජෝන් අමරතුංග, රංජන් රාමනායක, ගයන්ත කරුණාතිලක, රවී කරුණානායක, ඩිලාන් පෙරේරා, සුමේදා ජී. ජයසේන, ආර්.සම්බන්ධන්, හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර වැනි මැති ඇමැතිවරුන් මෙන්ම තවත් මන්ත‍්‍රීවරුන් ද, පළාත් සභා, ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් ද එක්ව සිටියහ. ආරක්ෂක අංශ ප‍්‍රධානීන්, කලාකරුවන්, මාධ්‍යවේදීන්, වෙළෙඳ ව්‍යාපාරිකයින් මෙම අවස්ථාවට එක්ව සිටි අතර ඇතැම් තරුණ තරුණියන් ඔවුන් සමග සෙල්ෆි ඡායාරූප ගැනීමට දැඩි උනන්දුවක් දක්වන ලදී.

”අරලිය ගහ මැදුරේ ලොකු හෝල් එක වැඩිපුර දිනවල වහලා තියෙන්නේ. ඒක විශ්වාසය තහවුරු කළ හැකි අයගේ උත්සවවලට දීලා ආදායම් ගන්න තීන්දු කළා. එතකොට ඒ සල්ලි එකේ එදිනෙදා වියදම් පුරවා ගන්න පාවිච්චි කළ හැකියි’ ඉහල නිලධාරියෙක් කීවේ අරලියගහ මැදුර විවාහ මංගල්‍යයන් සඳහා දෙන්නේ කවර පදනමකින්දැයි එහි සිටි ඇමැතිවරයෙක් විමසූ විටය.

”මටයි අද එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා ප‍්‍රදර්ශනය විවෘත කරන්න තියෙන්නේ. මම දැන් එහේ යනවා. පළාත් සභා සීමා නිර්ණය පනත පාර්ලිමේන්තුවේ පරාද කිරීම අපේ ගේම් එකක් බව විපක්ෂය රටට කියාගෙන යනවා’ සභානායක කිරිඇල්ල කීය.

පළාත් සභා පනත පරදවන
ගේම් එකේ අයිතිකරැ කවුද?...


”පනත සම්මත වෙන්නම ඕනේ නෑ. ඒ වාර්තාව ගැන පක්ෂ එකඟ නෑ. පාර්ලිමේන්තුවේදී ප‍්‍රතික්ෂේප වුණේ ඒකයි. දැන් මගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා. කමිටුවත් පක්ෂ නායක මතය විමසනවා. දැනට පවතින නීතිය යටතේ ඡුන්ද තියන්නත් බෑ. උපලේඛන හදලා නෑ. සංශෝධන 02 ක් එන්න ඕනෑ. කල් දදා ඉන්නවට වඩා පවතින නීතියට සංශෝධිත ගෙනැත් ඡුන්දය තියමු කියලයි අපි කියන්නේ.’ අගමැතිගේ විග‍්‍රහය එය විය.

”ඡුන්ද කල්යෑම හා නොපැවැත්වීම ආණ්ඩුවට හොඳ නැහැ. ඒ නිසා හැකි ඉක්මනින් ඡුන්ද තියන්න අපි ක‍්‍රියා කරමු’ නවීන් දිසානායක කීය.

”පනත පාර්ලිමේන්තුවේදී හිරවූ නිසා ජනපති නෙවෙයි අගමැතිට අස්වෙන්න කියලා මහින්ද කිව්වා’ දයා ගමගේ කීවේය.

”පක්ෂ නායකයෝ කතා කරල මේක පාර්ලිමේන්තුවට ගෙනාවේ ශ‍්‍රීලනිප ඇමැති කෙනෙක්. බහු ආසන ගැන ප‍්‍රශ්න තිබුණා. ජවිපෙ හා ශ‍්‍රීලනිපයයි එකඟ වුණේ මේ පනතට. පස්සෙ ශ‍්‍රීලනිපයත් බෑ කීවා. ජවිපෙ ඡුන්ද වෙලාවෙ ගියා’ ලක්ෂ්මන් කිරිඇල්ල කීය.

සීමා නීර්ණ ගැටලූ
හොයන්න කමිටුවක්...


පළාත් සභා මැතිවරණයට අදාළ සීමා නීර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේ ප‍්‍රතික්ෂේප වීම හේතුවෙන් පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් යෑමට ඇති ඉඩකඩ පිළිබඳව දේශපාලන ලෝකයේ අනාවැකි පළ වෙමින් තිබිය දී පාර්ලිමේන්තුව පැත්තෙන් පළාත් සභා මැතිවරණය නොපමාව පැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීමට කථානායකවරයා කටයුතු කරමින් සිටී. මේ බව වඩාත් ප‍්‍රකට වූයේ උතුරු කොරියාවේ විදෙස් ¥ත මෙහෙවරකට නායකත්වය දෙමින් සිටිය දී වුවද පළාත් සභා මැතිවරණයට අදාළව සීමා නීර්ණ ගැටලූ සලකා බැලීම සඳහා පළාත් සභා මැතිවරණ පනතේ 4(12) වගන්තිය අනුව පත් කළ යුතු පංච පුද්ගල කමිටුව පත් කිරීමට හෙතෙම කටයුතු කිරීමය. ආපසු දිවයිනට පැමිණීමට ගතවන දින කිහිපය හෝ ප‍්‍රමාද නොකර අගමැතිවරයාගේ සභාපතිත්වයෙන් යුතුව ආර්.එම්.ඒ.එල්. රත්නායක, පෙරියසාමි මුතුලිංගම්, මහාචාර්ය බාලසුන්දරම් පිල්ලේ, ආචාර්ය ඒ.එස්.එම්. නවුෆල් යන සාමාජිකයන් ඇතුළත්ව එම කමිටුව පත් කිරීමට කථානායකවරයා කටයුතු කළේය.

මේ අතර, පොලිස් කොමිසමේ නියෝග සහ පොලිස්පතිවරයාගේ ක‍්‍රියා කලාපයන් අතර පැන නැගී ඇතැයි වාර්තා වන පරස්පරතා පිළිබඳව ද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස වහාම සිය අවධානය යොමු කළ කථානායකවරයා එතෙර සිටම පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට උපදෙස් දුන්නේ එළඹෙන සතියේ පැවැත්වීමට නියමිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමට දෙපාර්ශ්වයම කැඳවීමට කටයුතු කරන ලෙසයි. කිසියම් හෝ ස්වාධීන කොමිෂන් සභාවක් පිළිබඳව ගැටලූ සහගත තත්ත්වයක් පැන නැගීම හෝ ජනතා විශ්වාසය පළුඳුවීමට ඉඩ නොතැබිය යුතු බවට හෙතෙම අවධාරණය කළේය.


බුලිත ප‍්‍රදීප් කුමාර

විශේෂාංග

sikuru

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles