Divaina - පීසීආර් කඩිනම් නොකළොත් කොරෝනා රටම ගිලගනී!

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 cor
 
 
 හේමන්ත රන්දුණු
 
කොවිඞ් 19 වෛරසය වැලඳී ඇති රෝගීන් හඳුනාගැනීම සඳහා සිදු කරන පීසීආර් පරීක්ෂණවල වාර්තා පැය 24කින් හෝ ලබාගැනීමේ කඩිනම් ක‍්‍රමවේදයකට නොගියහොත් ඉදිරියේදී ඉතාම බරපතළ තත්ත්වයකට මුහුණදීමට සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.
 
 දැනට පවතින තත්ත්වය යටතේ කොවිඞ් වෛරස ව්‍යාප්තිය රට තුළ පැතිරයෑම පාලනය කිරීමේ හැකියාව වෛද්‍ය අංශය සතුව ඇතත් යම්කිසි ආකාරයකින් එය ගිලිහී ගියහොත් ඉන් රට අනතුරුදායක තත්ත්වයකට පත්වීම වැළැක්විය නොහැකි බවත් ඒ මහතා අනතුරු ඇඟවීය.
 
 කොවිඞ් රෝගීන් හඳුනාගැනීම සඳහා පීසීආර් පරීක්ෂණ තව තවත් වැඩිකර ඊට අදාළ පරීක්ෂණ වාර්තා කඩිනමින් ලබාගැනීම ඉදිරියේදී අත්‍යවශ්‍ය බවද පැවසූ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා, රෝගකාරක වෛරසය ව්‍යාප්ත වන ප‍්‍රදේශ හඳුනාගැනීම සඳහා සිදුකරන සිතියම් ගතකිරීම තවමත් ප‍්‍රාථමික මට්ටමේ පවතින බව සඳහන් කළේය.
 
 එම සිතියම් ගතකිරීම සඳහා දත්ත ලබාදීම ක‍්‍රමවත්ව සිදුනොවීම මෙම තත්ත්වයට හේතුවී ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles