Divaina - මැතිවරණ කොමිසමේ ගැටුමින් ඡන්ද දිනය හා මනාප අංක පමාවේ

top banner


Div Adv

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 රනිල් ධර්මසේන
 
 leadsමැතිවරණ දිනය හා මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කිරීම පිළිබඳව මැතිවරණ කොමිසමේ එකඟතාවයක් නොමැති වීම හේතුවෙන් මැතිවරණ නිලධාරීන් හා දේශපාලන පක්ෂ දැඩි අසීරුතාවට පත්ව ඇතැයි වාර්තා වෙයි.
 
 මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා නිළධාරීන් , ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ සමග සාකච්ඡුා වට කිහිපයක් පවත්වා ඇති නමුත් සමහර සාමාජිකයන් දරන දැඩි මත නිසා කොමිසමේ සාමාජිකයින් සියලූ‍ දෙනාට එකගතාවකට ඒමට නොහැකි වී ඇති බවද වාර්තා වෙයි .
 
 මැතිවරණ දෙපාර්තමේන්තුව පැවැති කාලයේ දී යුද ගැටුම්, කෝලහල, ස්වභාවික විපත් පැවතිය ද අවශ්‍ය තීරණ ගෙන ජාතික මැතිවරණ පැවැත්වු නමුත් මැතිවරණ කොමිසම ඇති කිරීමෙන් පසුව එක් ස්ථාවරයක සිට මැතිවරණ පැවැත්වීම අසීරු වී ඇතැයි නිළධාරීහු පවසති
 
 මැතිවරණ කොමිසමට මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය තීරණ ගැනීමට නීත්‍යානුකූල බලය ඇතත් නිවැරැුදි තීරණ නොගැනීමෙන් කොමිසම කෙරෙහි ජනතාවට ඇති විශ්වාසය ගිලිහෙමින් පවතින බවද ඔවුහු පවසති .

 


විශේෂාංග

sikuru

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles