Divaina - සජිත් - ගෝඨාභය පසුපස රෝ ඔත්තුකරුවෝ

 Udaya Gammanpila new

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 paradana
 
 කීර්ති වර්ණකුලසූරිය
 
ජනපතිධුර අපේක්‍ෂකයන් වන ගෝඨාභය රාජපක්‍ෂ සහ සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන්ගේ මැතිවරණ ක‍්‍රියාදාමය ගැන ඉන්දීය බුද්ධි සේවාව වූ රෝ සංවිධානයේ චරපුරුෂයන් පිරිසක් විමර්ශනයේ යෙදෙන බව අනාවරණය වී ඇත. යාපනය සහ හම්බන්තොට ඉන්දීය කොන්සල් කාර්යාල පිහිටුවා තිබීම නිසා රෝ ඔත්තුකරුවන්ට මේ නිරීක්‍ෂණ කටයුතුවල යෙදීම පහසු වී තිබේ.
 
 උතුරේ ආරංචිමාර්ග පැවසුවේ ඉන්දීය ජාතිකයන් යැයි සැකකරන පිරිසක් තමිල්නාඩුවේ සිට සති දෙකකට පෙර යාපනයට පැමිණ ඇති බවයි.
 
 රෝ සංවිධානයට සෘජුව සම්බන්ධව උතුරේ ද්‍රවිඩ දේශපාලන කණ්ඩායම් දෙකක නායකයන්ද මොවුන් හමුවී ඇත.
 
 2015 ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කරන ලද්දේ රෝ සංවිධානය බව ඒ මහතා පසුව හෙළිකර තිබුණි.
 
 මෙම රෝ ඔත්තුකරුවන් සහ ඔවුන්ගේ දේශීය නියෝජිතයන් සෑම මැතිවරණ ප‍්‍රචාරක රැලියකටම ගොස් එහිදී ප‍්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනා සිදුකරන ප‍්‍රකාශ පටිගත කරන බවද ආරංචිමාර්ග කියා සිටියි.
 
 මෙහිදී රෝ සංවිධානය වැඩිපුරම අවධානය යොමුකර ඇත්තේ ජනපති අපේක්‍ෂකයන් දෙදෙනා ඉන්දියාව සම්බන්ධව අනුගමනය කරන පිළිවෙත බව වාර්තා වී ඇත.

sikuru

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles