Divaina - නැවත නැගිටින පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණය

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

pramaasaඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායම ශ‍්‍රී ලංකාවේ සිදු කරන තරග සංචාරයට අදාළ තරග කාලසටහන සහ ඊට සහභාගිවන ක‍්‍රීඩකයන් දැක්වෙන නිල සටහන පෙරේදා ශ‍්‍රී ලංකාව වෙත දැනුම් දී තිබිණි. ඊට පෙර ඒ පිළිබඳව විවිධ ආරංචි පැතිර ගියත් නිල දැනුම් දීම සිදුවූයේ එදිනය. දැන් තරගාවලිය සම්මතය. එමතු නොව තරගය පැවැත්වෙන ක‍්‍රීඩාංගණය ද දැන් ස්ථිරය. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඒ පිළිබඳව කළ නිවේදනයේ දැක්වෙන්නේ එම තරගාවලියට අදාළ සියලූ තරග ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන බවයි.
 
 ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව වෙනුවෙන් ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණය පසුගිය කාලය පුරාම නඩත්තු කටයුතු හේතුවෙන් ක‍්‍රීඩාව සඳහා විවෘත වී නොතිබිණි. අවසන් වරට ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගයක් පැවැත්වූයේ 2019 වසරේ ය. ඒ කියන්නේ මීට වසර දෙකකට පෙර ය. එම වසරේ ජූලි මස 31 වැනිදා බංග්ලාදේශය සහ ශ‍්‍රී ලංකාව අතර පැවැති එක්දින තරගය පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ පැවැති අවසන් ජාත්‍යන්තර තරගය වේ.
 
 ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණය ලෙස හැඳින්වෙන කොළඹ මාලිගාවත්තේ පිහිටි මෙම ක‍්‍රීඩාංගණය 1994 වසරට පෙර හැඳින්වූයේ කොළඹ ඛෙත්තාරාම ක‍්‍රීඩාංගණය ලෙස ය. හිටපු ජනාධිපති ආර්. පේ‍්‍රමදාස මහතා ක‍්‍රීඩාංගණයේ සංවර්ධනය වෙනුවෙන් සිදුකරන ලද දැවැන්ත මෙහෙවර හමුවේ ඉන් පසුව එය ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණය ලෙස නම්කෙරිනි. ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණය ආසන 40,000කට ආසන්න ලෙස පහසුකම් සැපයුනේ ඉන් අනතුරුවය.
 
 ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම වැඩිම ජාත්‍යන්තර තරග ගණනක් ක‍්‍රීඩා කර ඇත්තේ මේ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදීය. 1986 වසරේ ශ‍්‍රී ලංකා ‘බී’ සහ එංගලන්ත ‘බී’ කණ්ඩායම අතර පැවැති නිල නොවන තරගයකින් ආරම්භවුණු ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ පළමු ජාත්‍යන්තර තරගය ද එම වසරේ අපේ‍්‍රල් මාසයේ පැවැත්විණි. ඒ ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක නවසීලන්ත කණ්ඩායම අතරය.
 
 එහෙත් ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයට ටෙස්ට් වරම් හිමිවන්නේ ඊටත් තවත් හය වසරකට පසුවය.
 
 ඒ සඳහා ශ‍්‍රී ලංකාව තරග වදින්නේ සංචාරක ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමගයි. කි‍්‍රකට් පිටියට පසුව එකතු වූ අන්තර්ජාතික 20 - 20 එක්දින තරගයක් සඳහා පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ මුලින්ම ඉඩ හසර විවර වූයේ අසල්වාසී ඉන්දියාවටය. එවර ශ‍්‍රී ලංකාව සහ ඔවුන් ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ විදුලි ආලෝක මධ්‍යයේ තරග වැදුණේ තවත් ජාත්‍යන්තර තරග අංශයක් සඳහා තම දායකත්වය ලබා දෙමිනි.
 
 ඒ අනුව ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී මේ වන විට ටෙස්ට් තරග 9ක්, එක්දින ජාත්‍යන්තර තරග 136ක් සහ පන්දුවාර 20 - 20 තරග 36ක් පවත්වා ඇත. ඉන් ටෙස්ට් තරග 4ක්, එක්දින තරග 71ක්, පන්දුවාර 20 - 20 තරග 4 ක ජය ශ‍්‍රී ලංකාවට හිමි වී ඇත. මෙම ක‍්‍රීඩාංගණයේදී ශ‍්‍රී ලංකාව හැර විදේශීය කණ්ඩායම් ද එක්දින තරග සහ පන්දුවාර 20 - 20 තරගවලට සහභාගි වී ඇති අතර ඔවුන් ක‍්‍රීඩා කළ තරග ද ඉහත දැක්වූ එක්දින පන්දුවාර 20 - 20 තරග අතර දැක්වේ.
 
 කෙසේ වෙතත් පන්දුවාර 20 - 20 තරග සඳහා ද ශ‍්‍රී ලංකාවට පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණය එතරම් වාසනාවන්ත වී නැත. එම ක‍්‍රීඩාංගණයේ පැවැති තරග 20කින් තරග 16 කදීම ශ‍්‍රී ලංකාවට පන්දු වාර 20 - 20 තරගවල පරාජය උරුම වී ඇත.
 
 ඒ කෙසේ වෙතත් පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණය ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිටියේ ස්වර්ණමය සන්ධිස්ථාන රැුසකින් පෝෂණය වූ ක‍්‍රීඩාංගණයකි. ඉන් ඇතැම් ඒවා ශ‍්‍රී ලංකාවට මතු නොව ලෝකයටම වාර්තාවන් ලෙස සටහන් වේ. ලෝක ටෙස්ට් පිටියේ ඉහළම ටෙස්ට් ඉනිම සටහන් වන්නේ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදීය. ඒ 1997 වසරේදී ඉන්දියාවට එරෙහිව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම රැුස්කළ ලකුණු 952 වේ. සනත් ජයසූරිය සහ රොෂාන් මහානාම දෙදෙනා එක්ව එදා ගොඩනැගූ ලකුණු 576ක සම්බන්ධතාවය එදා ටෙස්ට් පිටියේ ලෝක වාර්තාවක් වූ අතර දැනට එය ලොව දෙවැනි ඉහළම ලකුණු සම්බන්ධතාවය වේ.
 
 මුත්තයියා මුරලිදරන් සිය ටෙස්ට් දිවියේ සුවිශේෂී පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 60කට කඩුලූ 9ක් බිඳ දැමුවේ ද මේ ක‍්‍රීඩාංගණයේදීය.
 
 ලෝකයේ එක්දින තරග 100කට වැඩි සංඛ්‍යාවක් කරා ගිය 4 වැනි ක‍්‍රීඩාංගණය ලෙස පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණය ඉතිහාසයට එක්වන අතර ශ‍්‍රී ලංකාවේ එවැනි තරග සංඛ්‍යාවක් පැවැත්වූ පළමු ක‍්‍රීඩාංගණය ලෙසද එය වාර්තා පොත්වලට එක්වේ. එක්දින ජාත්‍යන්තර තරග අංශයෙන් ක‍්‍රීඩකයකු එක් ක‍්‍රීඩාංගණයකදී රැුස් කර ඇති ලකුණුවල වැඩිම එකතුව වාර්තා වන්නේ ද මේ ක‍්‍රීඩාංගණයේදීය. 2018 වසර වන තෙක් එම වාර්තාව ශී‍්‍ර ලංකාවේ සනත් ජයසූරිය සතුව පැවැති අතර ඔහු පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී ලකුණු 2514ක් රැුස් කරගෙන තිබිණි. පසුව බංග්ලාදේශයේ ටමීම් ඉක්බාල් එම වාර්තාව සනත්ගෙන් මෙන්ම පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයෙන් ද උදුරා ගන්නා ලදි.
 
 1996 දී ශ‍්‍රී ලංකාව ලෝක ක‍්‍රිකට් කුසලානය දිනූ තරගාවලියේදී මෙන්ම 2011 දී ලෝක ක‍්‍රිකට් අනුශූරතාවය දිනු එක්දින ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියන්හිදී සත්කාරක ක‍්‍රීඩාංගණයක් ලෙස පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණය වාර්තා පොත්වලට එකතු වේ. 2011 ලෝක ක‍්‍රිකට් කුසලානයේ අර්ධ අවසන් පූර්ව තරග සහ අවසන් පූර්ව තරග සඳහා ද තෝතැන්න වූයේ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයයි. දෙවැනි එක්දින ලෝක ක‍්‍රිකට් ශූරතාවයෙන් ජය ගන්නට ශ‍්‍රී ලංකාවට එදා ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණය එම තරග දෙකේදී ඉඩ ලබා දුන්නද අවසන් මහා තරගයේදී ශ‍්‍රී ලංකාව ඉන්දියාව අතින් ඉන්දියාවේදී පරාජයට පත් විය. එම තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයේදී එංගලන්තයට එරෙහිව කඩුලූ 10ක ජයග‍්‍රහණයක් ලබා ගැනීමට ශ‍්‍රී ලංකාව සමත් වූයේ ප‍්‍රතිවාදීන් රැුස් කළ ලකුණු 229 ආරම්භක පිතිකරුවන් වූ ඩිල්ෂාන් සහ තරංගගේ නොබිඳුණු සබඳතාවයෙන් පසුකර යෑමෙනි.
 
 නවසීලන්තය සමඟ පැවැති අවසන් පූර්ව තරගය ද ශ‍්‍රී ලංකාව කඩුලූ 5 කින් පහසුවෙන් ජය ගත්තේ අවසාන මහ තරගයට ප‍්‍රවේශය උදාකර ගනිමිනි. වැඩිම ලෝක කුසලාන තරග සංඛ්‍යාවක් ක‍්‍රීඩා කර ඇති ක‍්‍රීඩාංගණය මෙන්ම ශූරයන්ගේ කුසලාන තරගාවලියේ වැඩිම තරග සංඛ්‍යාවක් ක‍්‍රීඩා කළ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩාංගණය වන්නේ ද ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයයි. 2012 ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් පූර්ව සහ අවසාන මහා තරගය ද ඇතුළුව තරග 09ක් එම ක‍්‍රීඩාංගණයේ පැවැති අතර අවසන් මහා තරගයට වර්ෂාව කඩාවැටීම හේතුවෙන් ශ‍්‍රී ලංකාවටත් ඉන්දියාවටත් සම ශූරතාවය හිමිවිය. 2002 වසරේ එම තරගාවලිය පැවැති අතර ඉන් වසර 10කට පසුව 2012 වසරේ සැප්තැම්බර් මාසයේදී ශ‍්‍රී ලංකාව පන්දුවාර 20 - 20 ලෝක ක‍්‍රිකට් තරගාවලියට සත්කාරකත්වය ලබා දුන්නේය.
 
 එම තරගාවලියේ පැවැති තරග 27න් තරග 15 කටම දායකත්වය සැපයූ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී ශ‍්‍රී ලංකාව අවසන් පූර්ව තරගයට ද මුහුණ දුන්නේය. එහිදී පකිස්ථානය පරාද කරමින් ලකුණු 16ක ජයක් ලැබූ ශ‍්‍රී ලංකාවට අවසන් මහා තරගයේදී මාලන් සැමුවල්ගේ පිතිහරඹය හේතුවෙන් අනු ශූරතාවයෙන් සෑහීමකට පත්වෙන්නට සිදුවිය.
 
 මේ ආකාරයට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙන ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණය යළි ක‍්‍රිකට් ක‍්‍රීඩාවට විවෘත වීම ආශ්චර්යය දනවන සිද්ධියකි. ශිකර් බවාන්ගේ නායකත්වයෙන් යුතු අසල්වැසි ඉන්දීය ක‍්‍රිකට් පිල ලබන මස 13 වැනිදා කුසල් ජනිත්ගේ නායකත්වයෙන් යුතු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිල සමඟ පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයට නැවත ක‍්‍රිකට් වසන්තය රැුගෙන යන්නේය.
 
කුෂාන් සුබසිංහ

 


 

300 x 250 Pix Sinhala

විශේෂාංග

sikuru

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles