Divaina - ක‍්‍රිකට් මුට්ටියකින් ගැලවුණු අවිශ්ක රට හැර යෑමේ සූදානමක... අයි.සී.සී. තීන්දුවෙන් පසු ඇස ඇරුණු ක‍්‍රිකට් කෙරුමන් අවිශ්ක ගැන කතා කරයි

newluhundu19

e5

965x87px Web Banner Cvd new

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 

avishka
 
  * 2017 ටී 10 තරගාවලියේ ලැබුණු මුදල් බහිරවයා ගිල්ලාද?
  

 (අවි)
 
බලය සහ ජනප‍්‍රියත්වය මත නැවෙන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නීතියේ බොහෝ හිල් වැසීමට මෙරට බිහිවූ එකදු ක‍්‍රීඩා අමාත්‍යවරයකුට හෝ මෙතෙක් නොහැකිවීම මෙරට ක‍්‍රීඩාවේ පූරුවේ සිට එන කරුමයකි. ඒ කරුමයට හසුව නන්නත්තාර වූ සුපිරි ක‍්‍රිකට් තරු මෙන්ම ක‍්‍රිකට් පාලකයෝද මෙරට ඕනෑ තරම් සිටිති. අවනීතියට හසුව සහජ ක‍්‍රිකට් හැකියාව මෙරට අනාගත පරපුරට දෙන්නට තිබූ අවස්ථාව වසර තුනක් අහිමි වු අවිශ්ක ගුණවර්ධන තනිවම සටන් කරමින් තමා නිර්දෝෂිභව ලෝකයට ඔප්පු කළේ මෙරට කිසිදු ක‍්‍රිකට් කෙරුමකු ඔහු වෙනුවෙන් පෙනී නොසිටි වකවානුවකය.
 
 මේ කතාව වසර තුනක් පුරා දිව එන නීරස සිද්ධියකි. අවිශ්කව දඩුකඳේ ගැසීමට අයි.සී.සී.ය සැරසුණේ ඔහු නොකළ වරදකටය. එනම් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් විසින් ඇටවූ උගුලක ප‍්‍රතිඵලයකි. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වලින් වැටුප් ලබන ඕනෑම අයියා කෙනකු හෝ මල්ලී කෙනෙකු ඒ පරිපාලනයේ පදයට නැටිය යුතුය. පිටරට ගිණුම්වල ඩොලර් කඳු තැන්පත් වන්නේත් ඒක්තරා ක‍්‍රිකට් සුනඛයන් සුඛෝපභෝගී ජීවිත ගත කරන්නේත් ක‍්‍රිකට් පරිපාලනයේ තාලයට පාද තියන නිසාය. නමුත් අවිශ්කලාගේ ප‍්‍රශ්නය ක‍්‍රිකට් ගිවිසුම අනුව ඔවුන් කළ යුතුය. එබැවින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වාගේ අණින් 2017 දී අවිශ්කලාට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති ටී. 10 තරගාවලියකට යෑමට ඕඩරයක් ලැබුණි.
 
 අදාළ තරගාවලියේ ප‍්‍රධාන පුහුණුකරුඅවිශ්ක ගුණවර්ධනය. ඔහු එකල ශ‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු බැවින් මේ තරගාවලියේ ප‍්‍රධාන පුහුණුකරු ධුරයද ලැබුණි. කණ්ඩායමේ නායකයා දිනේෂ් චන්දිමාල්ය. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ලෙසින් ක‍්‍රීඩා කිරීමට ඩුබායි යන මේ කණ්ඩායම එරටදී හඳුන්වන්නේ ටීම් ශ‍්‍රී ලංකා යන නමිනි. තරගාවලිය පෞද්ගලික තරගාවලියකි. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් මැදිහත් නොවිය යුතුම තරගාවලියකි. අයි.පී.එල්., එල්.පී.එල්. හෝ බී.පී.එල්. වැනි ටි. 20 තරගාවලි ආකෘතියෙන් එන මේ ටී. 10 තරගාවලිය ඩුබායි සල්ලි කාරයන්ගේ එක්තරා බුකී සෙල්ලමක් යනුවෙන්ද හැඳින්විය හැකිය.
 
 කෙසේ වෙතත් අවිශ්කලා මේ ගැන දන්නේ ඔවුන්ට තරග පාවාදීම් චෝදනාවක් සම්බන්ධව අයි.සී.යී.ය විසින් දැල එලීමෙන් පසුවය. සාදි අල්මාද් කියන ව්‍යාපාරිකයකු විසින් පවත්වන ලද අදාළ ටී 10 තරගාවලියේදී ශ‍්‍රී ලංකාවට රුපියල් මිලියන
 ගණන් සල්ලි ලැබුණු බවට තොරතුරු තිබෙන බව අවිශ්ක වෙනුවෙන් මුල් කාලයේ කතා කළ නීතිඥ ක‍්‍රිෂ්මාල් මහතා පවසයි. ‘‘ඔය කියන ටී 10 තරගාවලියට ගියේ ශ‍්‍රී ලංකා කණ්ඩායම නෙමෙයි. නමුත් ඒ අයව යැව්වෙ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයයි. ඒගොල්ලන් බැදිලා ඉන්නවා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කියන දේ කරන්න. සාදි අල්මාද් කියන ව්‍යාපාරිකයා ඔය තරගාවලියෙන් මිලියන ගණන් සල්ලි දුන්නා කියලා අපි ළග සාක්කි තියෙනවා. පුහුණුකරුවන්ට ශතයක්වත් දීලා නැහැ. එහෙනම් ඒ සල්ලි කෝ කියලත් හොයන්න ඕන.’’
 
 නීතිඥවරයා වැඩිදුරටත් පවසා සිටියේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට තිබෙන චෝදනා විවිධ බවයි. එහිදී සෙවිය යුත්තේ අබුඩාබිවලට අපේ ක‍්‍රීඩකයන් ව අමාත්‍යාංශයේ අනුමැතියක් නැතිව යන්න අවසර දුන්නේ කවුද? යන්නයි. ඒ තොරතුරු සම්බන්ධව තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉල්ලූම් කළද වසර දෙකකට ආසන්න කාලයක් යනතුරුත් කිසිවක් නොලැබුණු බවයි.
 
 අයි.සී.සී.ය විසින් මැදිහත් වන ඕනෑම තරගාවලියකදී ඔවුන්ගේ නීති සංග‍්‍රහයක් කැඩුවහොත් තරග තහනමකට ලක්වේ. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අයි.සී.සී.ය ට බැදී සිටින බැවින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නීති සංග‍්‍රහයද අයි.සී.සී.යට යටත් වේ. නමුත් 2017 පැවැති සාජා ටී 10 තරගාවලියේදී අයි.සී.සී.ය එම තරගාවලියට කෙසේ හෝ මැදිහත්ව නැත. එය පෞද්ගලික තරගාවලියකි. එක්සත් අරාබි එමීර් රාජ්‍ය පැවැති එම තරගාවලියේදී අයි.සී.සී. වෙනත් ආකාරයකින් පෙනී සිට ඇති බව පවසමින් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන්ව ‘බ්ලැක් ලිස්ට්’ කරන්නට ඉදිරිපත් විය. අදාළ තරගාවලියේදී තරගපාවාදීම් සෑම කණ්ඩායමකින්ම සිදුව ඇතැයි වාර්තාවේ. අපි මේ කතා කරන්නේ අවිශ්ක ගුණවර්ධන ගැන පමණි. අයි.සී.සී.ය විසින් චෝදනාවට ලක්කර තිබූ අවිශ්ක ගුණවර්ධන, නුවන් සොයිසා, දිල්හාර ලොකුහෙට්ටිගේ සහ කාර්යක්ෂම විශ්ලේෂක සනත් ජයසුන්දර අතරින් දැනට නිර්දෝෂි වුයේ අවිශ්ක පමණි. අනිත් චෝදනාලාභින්ගේ චෝදනා සම්බන්ධව අයි.සී.සී. කළ යුතු දෑ දැනටමත් කර තිබේ. වැරැදිකරුවන්ට දඩුවම් ලැබිය යුතුය. නමුත් නිවැරදිකරුවන්ව එසේ කූඩු නොකළ යුතුය. ඒ වෙනුවෙන් අදාළ පාර්ශ්ශව පෙනී සිටිය යුතුය. මෙම සිද්ධියේදී මුනිවත රකිමින් අතපිහදාගත් ක‍්‍රිකට් පරිපාලකයන් වෙනුවෙන් ඊළඟ දුෂ්රාව කරකැවිය යුතුය.
 
 1983 දී බන්දුල වර්ණපුරගේ නායකත්වයෙන් ශ‍්‍රී ලංකා පිල දකුණු අපි‍්‍රකාවේ සංචාරයක් කළේය. දකුණු අප‍්‍රිකාවේ ක‍්‍රිකට් තහනම් කර තිබෙන යුගයක ඔවුන් ඒ සංචාරය යෑම හේතුවෙන් වර්ණපුරලාගේ ක‍්‍රිකට් ජීවිතයට වසර ගණන් තහංචි වැටුණි. නමුත් ඈෂ්ලි ද සිල්වාලා 2017 දී ශ‍්‍රී ලංකා කණ්ඩායම ඩුබායි යැව්වේ කුමන පදනමකින්ද?ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් මැදිහත්ව පෞද්ගලික තරගාවලියකට මෙරට කණ්ඩායම් සහභාගි කළ නොහැකිය. ඒ මුදල් ලැබුණේ කාටද? ක‍්‍රීඩා ඇමැතිගේ අනුමැතිය නැතිව ජාතික කණ්ඩායමක් පිට රට යවන්නේ කුමන විජ්ජුම්බරයක් නිසාද යන්න සෙවීමට වත්මන් ක‍්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂට කොන්දක් තිබිය යුතුයැයි අපි මතක් කර සිටිමු. එකල සිටි ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකරගෙන් ‘දිවයින’ ඒ සම්බන්ධව විමසන ලදුව ඔහු පවසා සිටියේ ‘මම නම් ඔය තරගාවලියට අනුමැතිය දුන්නෙ නැහැ.’ යනුවෙනි.
 
 අවිශ්කට මේ පටලැවිල්ල වැටෙන්නේ එක්තරා කේළමක් නිසාය. අදාළ ටි. 10 තරගාවලියේදී තරග පාවාදීමට සම්බන්ධ කතාවක් සිදුවන ස්ථානයක අවිශ්ක ගුණවර්ධණ සිටි බවට එම තරගාවලිය නියෝජනය කළ රමිත රඹුක්වැල්ල විසින් අයි.සී.සී. දූෂණ විරෝධී ඒකකයට පැමිණිලි කර තිබුණි. නමුත් එම කතිකාව වන ස්ථානයේ අසලකවත් අවිශ්ක සිට නැති බවත් ඔහු එම අවස්ථාවේ වෙනත් ස්ථානයක සිටි බවත් අදාළ පරීක්ෂණ අතරතුර හෙළිවී ඇත. එම චෝදනාව කළ රමිත රඹුක්වැල්ලද සිය සාක්කි විමසීමේදී එම සිද්ධිය හරියාකාරව පවසා ඇතැයි තතු දත් උදවිය මාර්ගයෙන් ‘දිවයින’ කළ විමසීමකදී අනාවරණය විය.
 
 අවිශ්ක ගුණවර්ධන අදාළ තරගාවලියේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවා වශයෙන් සහභාගි විය. නමුත් එම තරගාවලිය පෞද්ගලික තරගාවලියක් බවට ‘දිවයින’ විසින් කිහිප වරක්ම වාර්තා කළද අවිශ්ක වෙනුවෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය හෝ ක‍්‍රීඩා අමාත්‍යාංශය අවධානය යොමු නොකිරීමද කණගාටුවට කරුණකි. කුසල් පෙරේරාට මීට වසර හතරකට පෙර තහනම් උත්තේජන චෝදනාව යටතේ වසර පහක තහනමක් ලැබුවද ඒ වෙනුවෙන් ක‍්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක‍්‍රීඩා බේරුම්කරණ අධිකරණයට ගොස් කුසල් පෙරේරාව බේරා ගත්තේය. ඔහු වත්මන් ශ‍්‍රී ලංකා එක්දින නායකයා වන්නේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් එලෙස ඉදිරිපත් වූ බැවිනි. නමුත් අවිශ්ක ගුණවර්ධනට වෙනත් හැන්දකින් එම ක‍්‍රිකට් ආයතනය සැලකීම වෙනුවෙන් අපරාජිත ගමනකට නියැලී සිටි පුහුණුකරුවකුගේ සේවය මෙරටට වසර තුනකට ආසන්න කාලයක් නැතිවිය.
 
 අයි.සී.සී. දුෂණ විරෝධී නීති සංග‍්‍රහයයේ 2.4.5 වගන්තිය අනූව තොරතුරු නිදි වේලාවට අනාවරණය කිරීමට අපොහොසත් වීම 2.1.4 වගන්තියේ 2.1 යටතේ තරග පාවාදීමට සෘජුව හෝ වක‍්‍රව ඉල්ලීම, පෙළඹවීම, පොළඹවා ගැනීම, උපදෙස් දීම, දිරිගැන්වීම හා හිතාමතා පහසුකම් සැපයීම යටතේ අවිශ්කට චෝදනා ගොනුවී තිබුණි. එම සියලූ චෝදනාවලින් නිදහස්වීමෙන් පසුව තමාට සිදුවූ කීර්තනාමය වෙනුවෙන් අවිශ්ක ඉදිරි වැඩකටයුතු සිදුකිරීමට නියමිත බව විශ්වාසදායී ආරංචි මාර්ග ඔස්සේ අනාවරණය වේ. අවිශ්ක වෙනුවෙන් එංගලන්ත නීතිඥයකු වන මනෝජ් රූපසිංහ මහතා පෙනී සිට තිබේ.
 
 කෙසේ වෙතත් අවිශ්කට නිකරුණේ ගල් ගසන විට ඔහු වෙනුවෙන් කතා නොකළ ක‍්‍රිකට් කෙරුමන් දැන් අවිශ්කට කතා කරන්නට පටන් ගෙන ඇතැයි වාර්තා වේ. ඒ නැවතත් අවිශ්කට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සමග වැඩ කිරීමට අරාධනා කිරීමටය. නමුත් ? වැටුන වළේ දවල් වැටීම නොහැකි මේ දක්ෂ පුහුණුකරුවා ක‍්‍රිකට් රස්සාව කිරීම වෙනුවෙන් වෙනත් දේශයකට යෑමට වැඩි අවස්ථාවක් මේ වන විට උද්ගතව තිබේ. කලකිරුණු බොහෝ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් මෙන් අවිශ්කත් ඒ තීරණය ගතහොත් ටොම් මුඩිලාටම අපේ ක‍්‍රිකට් භාර දී උඩබලන් සිටීමට සිදුවනු ඇත.
  

විශේෂාංග

sikuru

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles