Divaina - ඇමරිකාවේ සිට දකුණු ආසියානු වාර්ථාවක් තැබූ ශී‍්‍ර ලංකාවේ උෂාන්

newluhundu19

e5

965x87px Web Banner Cvd new

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 

ushan

රීමස් ප‍්‍රනාන්දු

පසුගිය සෙනසුරාදා අමෙරිකාවේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ පැවති මළල ක‍්‍රීඩා තරගාවලියකදී නැවත වරක් උස පැනීමේ ජාතික වර්තාව අලූ‍ත් කිරීමට උශාන් තිවංක සමත් වුණේ දකුණු ආසියානූ කලාපීය වාර්තාවද තම නමට ලියා ගනිමින්. එතෙක් මලල ක‍්‍රීඩා ඉතිහාසයේ දකුණු ආසියානු ක‍්‍රීඩකයකු උස පැනීමෙන් දක්වා තිබූ ඉහළම දක්ෂතාවය වූයේ මීටර 2.29ක්. ඒ ඉන්දියානු ක‍්‍රීඩක තේජස්වින් ශංකර් අමෙරිකාවේ ටෙක්සාස් ප‍්‍රන්තයේදීම 2018 වසරේදී.

මීගමුව මාරිස්ටෙලා විද්‍යලයෙන් ජාතික තලයට පිවිසි උෂාන් ක‍්‍රීඩකයා ගේ මෙම නවතම දස්කම සුවිශේෂී වන්නේ එය මේ වසරේ ලොව ඕනෑම ක‍්‍රීඩකයකු විසින් දක්වන ලද තෙවන හොඳම දක්ෂතාවය වීමත් එය ඔලිම්පික් පරිසාදන මට්ටමට සෙන්ටිමීටර තුනක් පමණක් පහලින් තිබීමත් හේතු කොටගෙනය. මළල ක‍්‍රීඩාවෙන් මෙතෙක් කිසිදු ශ‍්‍රී ලාංකීක ක‍්‍රීඩකයකු ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා නොමැති අවස්ථාවක මෙම දස්කම දැක්වීමට තිවංක හට හැකිවන්නේ ටෙක්සාස් ඒ ඇන්ඞ් එම් කොමර්ස් විශ්වවිද්‍යලයේ උසස් අධ්‍යාපනය ලබන අතර පලපුරුදු පුහුණුකරුවකු යටතේ ඉතාමත් විද්‍යාත්මක පුහුණුවක් ලැබීමට හැකිවීමත් නියමිත අවස්ථාවේ තරගවලට සහභාගිවීමට හැකිවීමත් හේතුවෙන්.

තම නව ශ‍්‍රී ලංකා වාර්තාව තැබීමෙන් පසු ‘ඉරිදා දිවයින’ සමග අදහස් දැක්වූ තිවංක පැවසුවේ තමා එදින පැමිණියේ ඔලිම්පික් පරිසාදන මට්ටම තරනය කිරීමට බවත් එය අතහැර දැමුවේ එදින පැවති අධික සුළං තත්වය නිසාත් බවයි. ”මගේ පුහුණුකරු රොක් ලයිට් එක්ක කතාකරල තමයි මම මීටර 2.30 න් පස්සේ පැනීම් නතර කළේ. අද හරිම සැර හුළඟක් තියෙනවා. ඒක නිසයි උත්සහය අතහැරියේ. මේහෙ පුහුණුකරුවා ක‍්‍රීඩකයාගේ පැත්තෙන් ගොඩක් හිතනවා. අපිට හදිසියක් නැහැ. ඊ ළඟ තරගයේදි නැවත උත්සහ කරනවා,” යි එහිදී තිවංක පැවසුවේ දැඩි අධිශ්ඨානයෙන් යුතුවය.

තිවංකගේ වර්තමාන පුහුණුකරු වන්නේ 1996 ඇට්ලන්ටා ඔලිම්පික් උලෙලේ උසපැනීමෙන් රන්පදක්කම දිනූ චාර්ල්ස් ඔස්ටින් ගේද පුහුණුකරු වූ රොක් ලයිට් වන අතර ඔහු යටතේ ක‍්‍රීඩකයින් කිහිපදෙනකුම ඕලිම්පික් පරිසාදන මට්ටමට ලඟාවී තිබීම විශේෂයක්. එලෙසම ඔහු අමෙරිකාවේ සහ ජාත්‍යන්තරයේ වසර 30 ක අත්දැකීම් සහිත පුහුණුකරුවෙක්.

බොහෝ මළල ක‍්‍රීඩා විශ්ලේශකයින් බලාපොරොත්තු වනලෙස ඉදිරි කාලය තුළ උෂාන් විසින් ඔලිම්පික් පරිසාදන මට්ටම ඉක්මවුවහොත් එය ලංකාවේ උස පැනීමේ ඔලිම්පික් ඉතිහාස කතාවේ අමෙරිකානු විශ්වවිද්‍යාල හා තිබෙන සම්බන්ධතාවය නැවත අලූ‍ත්කිරීමක් වේ.

නිදහස ලැබීමෙන් පසු අවුරුදු 70 ක් ඉක්මවන වන ශ‍්‍රී ලංකා ඔලිම්පික් ඉතිහාසයේ උසපැනීමෙන් රට නියෝජනය කර ඇත්තේ මෙතෙක් ක‍්‍රීඩකයින් දෙදෙනකු පමණක් වන අතර ඔවුන් දෙදෙනාම අමෙරිකානු විශ්වවිද්‍යාලවලින් උපාධිධාරීන්වූ අය වීම විශේෂයි.

එම දස්කම දැක්වූ ප‍්‍රථමයා වුයේ පාසල් වයසේදීම ඕලිම්පික් නියෝජනය ලද යාපනයේ නාගලින්ගම් එතිර්වීරසිංහම්. ආසියානු ක‍්‍රීඩා රන් පදක්කම් ලාභී නාගලින්ගම් 1952 ෆින්ලන්තයේ හෙල්සින්කි නුවර පැවති ඕලිම්පික් තරගාවලියට මෙන්ම ඉන් වසර හතරකට පසු ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බෝර්න් නුවර පැවති ඔලිම්පික් තරගාවලියටත් සහභාගි වුණා. පසුකලෙක අධ්‍යාපනය පිලිබඳ මහචාර්‍යවරයකු බවට පත්වන නාගලින්ගම් එතිර්වීරසිංහම් මෙරට නැගී එන ක‍්‍රීඩකයින් සහ විශේෂයෙන් ම උසපැනීමට දස්කම් දක්වන ක‍්‍රීඩකයින් හට වැඩිදුර අධ්‍යාපනය සඳහා අමෙරිකානු විශ්වවිද්‍යාල වලට ඇතුලවීමටත් උපකාර කරමින් ඔවුන්හට විශේෂ අනුග‍්‍රහය දක්වන්නෙක්.

පසුකලෙක ඔහුගේ මගපෙන්වීම යටතේ අමෙරිකාවේ විශ්වවිද්‍යාලයකට ඇතුළත්වන මංජුල කුමාර වසර 20 ක් පමණ කාලයක් ලංකාවේ උසපැනීමේ ආදිපත්‍ය තමන් සතුකර ගත් අතර 2004 වසරේදි ඔලිම්පික් වරම් දිනා ගන්නවා. පසුගියදා උෂාන් තිවන්ක විසින් බිඳදැමුවේ මංජුල කුමර විසින් අවුරුදු 16 ක් ම තමා සන්තකයේ තබාගෙන සිටි ශ‍්‍රී ලංකා උසපැනීමේ ජාතික වාර්තාවයි.

නිදහස ලබාගැනීමට ප‍්‍රථම මෙරට ක‍්‍රීඩකයින් ඔලිම්පික් නියොජනය සිදුකරන ලද්දේ බි‍්‍රතාන්‍ය කිරීටය යටතේය. එසේ 1928 ඔලිම්පික් තරගය සඳහා සහභාගිවූ කාර්ල් වැන්ගේසල් ද උසපැනීමේ ඉසව්වේ සුවිශේෂ ක‍්‍රීඩකයෙක්. ඔහු බි‍්‍රතන්‍යයේ කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයේ විද්‍යර්ථයෙකි. අමෙරිකාවේ බහුතරයක් ඔලිම්පික් ක‍්‍රීඩකයින් එරට විශ්වවිද්‍යාල පද්ධතියෙන් පැමිණෙන්නන් වන අතර ක‍්‍රීඩාවේ රැඳී සිටීමටනම් ඔවුන් වාර විභාගවලදී සාමර්තයන් ලබා ගැනීම අනිවාරයය වේ. උසස් අධ්‍යපනය සාර්ථකව අවසන් කිරීමට මෙම බලපෑම ඉවහල් වන බැවින් ක‍්‍රීඩවෙන් සමුගන්නා විට ඔවුන් අධ්‍යාපන සුදුසුකම් සම්පූර්ණ කරගෙන ඇති අයවලූන් බවට පත්වේ. උසස් අධ්‍යාපනය මෙන්ම ක‍්‍රීඩාවත් සමබරව කරගෙන යැම සඳහා මෙම ලැබෙන රුකුල හේතුවන්ම ලාංකීක මලල ක‍්‍රීඩක ක‍්‍රිඩිකවන් කිහිප දෙනෙකුම මේ වනවිට අමෙරිකානු විශ්වවිද්‍යාල වල එගෙනුම ලබමින් සිටී.

මෙවර ඔලිම්පික් තරගාවලිය සඳහා ලෝක මළල ක‍්‍රීඩා ආයතනය උස පැනීමේ ඉසව්ව සඳහා ඉතාම ඉහළ පරිසාදන මට්ටමක් ලබාදී ඇති අතර එය මීටර 2.33 ක් වේ. මෙම පරිසාදන මට්ටම අනුව ක‍්‍රීඩකයින් 13 දෙනකුද, ලෝක ශේණිගත කිරීම් අනුව ඉහළින් සිටින 19 දෙනෙකුද ඇතුළු‍ ක‍්‍රීඩකයින් 32ක් ඕලිම්පික් තරගාවලියේ පිරිමි උස පැනීම සඳහා තෝරාගැනීමට නියමිතය.

මේ වනවිට ඔලිම්පික් සඳහා තෝරා ගැනීමේ ශේණිගතකිරීම් (Road to Olympic rankings) අනුව තිවංක පසුවන්නේ 47 වන ස්ථානයේය. එලෙසම ලෝක මළල ක‍්‍රීඩා ශේණිගතකිරීම් අනුව ඔහු පසුවන්නේ 48 වන ස්ථානයේය. ආසියානු ශේණිගත කිරීම් වලට අනුව ඔහු දහවන ස්ථානයේ පසුවන නමුත් මේ වසරේ දක්ෂතා අනුව බලනකල ඔහු ඉතාමත් ඉහළින් සිටී. මේ වසරේ ආසියානු කලාපයේ ඉහළින්ම සිටින ක‍්‍රීඩකයින් හතරදෙනාම (තිවන්ක ඇතුළුව) දක්වා ඇති හොඳම දක්ෂතවය වන්නේත් මීටර 2.30කි.

මේ වසරේ ලොව ඕනෑම ක‍්‍රීඩකයකු දක්වා ඇති හොඳම දක්ෂතාවය වන්නේ මිටර 2.33ක උසක්. දෙවන හොඳම දක්ෂතාවය වන්නේ මීටර 2.31ක්. තිවන්ක ඇතුලූ‍ව ක‍්‍රීඩකයින් හත් දෙනෙකු මීටර 2.30ක් දක්ෂතාවය දක්වා ඇති අතර ඔහු පැමිණෙන දුෂ්කර පසුබිමත්, උසස් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා සහ ක‍්‍රීඩවේ ඉහළ දක්ෂතා ලබා ගැනීමට ඔහු කරන කැපකිරීම් දෙස බැලීමේදී මේ වනවිටත් ඔහු සුපිරි ජයග‍්‍රාහකයෙක් වී අවසන්.

 

විශේෂාංග

sikuru

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles