Divaina - ඕමි සෙල්ලම් ගෑනු සෙල්ලම් දෝස්මුර කුරුස යුද්ධ මැද්දේ පරාජයේ ඉනිමේ දිගටම... ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මෙතෙක් හෙළි නොවූ කෙළි

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


sp



ගයාන් සමරසිංහ

එක්දින තරඟ දොළහකට සහ විස්සයි විස්ස තරග දහඅටකට සහභාගි වී ඇති තුන් ඉරියව් ක‍්‍රීඩක ෂෙහාන් ජයසූරිය දේශීය සහ ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියට සමුදී ඇතැයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සඳහන් කරයි. ඒ අනුව වයස අවුරුදු 29ක් වන ඔහු තවදුරටත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් දේශීය හෝ ජාත්‍යන්තර තරගාවලිවලට සහභාගි නොවනු ඇති. සිය පවුලේ උදවිය සමග ඇමෙරිකා එක්සත් ජනපදයේ පදිංචිවීම සඳහා තමන් මෙම තීරණය ගත් බව පෞද්ගලික හේතු කාරණා වශයෙන් ඔහු දන්වා ඇත.

ඇමරිකා එක්සත් ජනපදයේ ස්ථිර පදිංචිට ගිය ෂෙහාන් ජයසූරිය, එම රටේ කැලිෆෝනියා ප‍්‍රාන්තය නියෝජනය කරමින් තවදුරටත් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ නිරත වන බව පවසයි. එහෙත් ගැටලූව එය නොවේ. ඇමෙරිකාව බලා ගිය ෂෙහාන් ජයසූරිය මෙරට පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් චෝදනා කර තිබුණේ තමාගේ ශ‍්‍රී ලාංකික ක‍්‍රිකට් අනාගතය අඳුරු කළේ තිසර පෙරේරා බවයි. එතනින් නොනැවතුණු ඔහු තිසර පෙරේරාගේ බිරිඳ ද එයට සම්බන්ධ බව පවසා තිබුණි.

ෂෙහාන් ජයසූරියගේ එම ප‍්‍රකාශය මෙරට ආන්දෝලනාත්මක කරුණක් බවට පත්විය. ක‍්‍රිකට් ලෝලීන්ගේ ප‍්‍රධාන මාතෘකා බවට පත්වී තිබුණේ එයයි. එයට අමතරව සමාජ වෙබ් අඩවි ජාල ඔස්සේ ද එයට පුළුල් ප‍්‍රචාරයක් ලබාදී තිබුණි. මෙම සිද්ධිය දැන ගැනීමත් සමග තිසර පෙරේරා ද නිහඬව සිටියේ නැත. ඔහු තම නිල ෆේස් බුක් ගිණුම හරහා ෂෙහාන් ජයසූරියගේ නොමනා හැසිරීම් පිළිබඳ මෙලෙස සටහනක් තබා තිබුණි.

”මාගේ සහෝදර ක‍්‍රීඩකයෙක් මා පිළිබඳව පුවත්පතකට කර ඇති ප‍්‍රකාශයක් හේතුවෙන් මා පිළිබඳ වැරදි වැටහීමක් ඇති විය හැකි බව පෙනීයන නිසා ඒ කාරණය පිළිබඳව සත්‍ය තත්ත්වය පැහැදිලි කිරීම සුදුසු බවට මා තීරණයට කළා.”

sp2”ඔහු සඳහන් කළ කාරණය තරගාවලියක් අතරතුර සිදු වූ කාරණයක් නිසා එවැනි දේ පිළිබඳව ජනමාධ්‍ය ඉදිරියේ කතා කිරීම පිළිගත් සම්ප‍්‍රදාය නොවුණත් මාගේ සහෝදර ක‍්‍රීඩකයා සම්පූර්ණ වැරදි ප‍්‍රකාශයක් සිදුකිරීමෙන් පසුව ඒ පිළිබඳව සත්‍ය ප‍්‍රකාශ කිරීම හැර මට කිසිදු විකල්පයක් නොමැත.”

”2017 ඩුබායි හී දී මා නායකත්වය දැරූ සංචාරයකදී මාගේ සහෝදර කී‍්‍රඩකයා යම් කාන්තාවක් (අද ඔහුගේ දෙවෙනි බිරිය) සංචාරයට රැගෙන විත් ඇයව ඔහුගේ කාමරයේ තියාගැනීමට එවකට සිටි කළමනාකරුගෙන් අවසර ඉල්ලා තිබිණ.”

”එවිටත් ඔහු විවාහක එක්දරු පියෙක් බැවින් කණ්ඩායම් නායකයා ලෙස මම ඒ යෝජනාව තරයේ ප‍්‍රතික්ෂේප කළෙමි. එයට හේතුව කණ්ඩායමක් තුළ ආරක්ෂා කළ යුතු විනයයි.”

”කණ්ඩායම සමග සදාචාරයක යෙදී සිටියදී විනයගරුකව හා ගෞරවනීය ලෙස හැසිරීමට අප සැම බැඳී සිටී. මා එදා එයට එකඟ වූවේ නම් අද මා ඔවුන් දෙදෙනාගේ වීරයා වන්නට ඉඩ තිබිණ. නමුත් විවාහකයකු බව දැන දැනම වෙනත් කාන්තාවක් තම හෝටල් කාමරය තුළ තබා ගැනීමට ඉඩ දීම ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයෙක් ලෙස මා විසින් නවකයින්ට ලබා දෙන වැරදි ආදර්ශයක් මෙන්ම දැඩි විනය විරෝධී ක‍්‍රියාවකි. මේ කතාවේ සත්‍ය මෙපමණයි.”

sp3”කිසිවකු සමග පෞද්ගලික තරහක් මා හට කිසිසේත්ම නැත. විනය යනු කණ්ඩායමක් තුළ තිබිය යුතුම දෙයකි. වගකිව යුතු ක‍්‍රීඩකයකු ලෙස විනය රැකීම ඉතා වැදගත් මෙන්ම එය ඕනෑම කණ්ඩායමකට හෝ ක‍්‍රීඩකයෙක්ට සාර්ථකත්වය කරා යෑම පහසු කරයි.”

”හැමදේම දක්ෂතාවය මත පමණක්ම තීරණය නොවේ. මා එදා ඉටු කළේ මාගේ යුතුකම හා වගකීමයි.”

”අපගේ ජ්‍යෙෂ්ඨයින්ගෙන් අප ආදර්ශයට ගත් දේ වගේම; බිරිඳ, දරුවන් හැර වෙනත් පිටස්තරයින් සදාචාරයක් තුළ හෝටල් කාමරයේ තියාගැනීම ද අපගේ නීති සහ රෙගුලාසිවලට මෙන්ම සදාචාරයට ද පටහැනිය.”

”ඒ වගේම කිසිම පිටස්තරයෙකුට පමණක් නොව පවුලේ සාමාජිකයකුට වුවද ක‍්‍රීඩා විවේකාගරයට  ඇතුල්වීමට කිසිම අවසරයක් නැත. එය වෙන්වන්නේ ක‍්‍රීඩකයින්ට හා කණ්ඩායමේ කළමනාකාරිත්වයට පමණයි. අප හැම දන්නා හා ගරුකරන නීතිය එයයි. මේ තීරණ මා හා කණ්ඩායම් කළමනාකාරිත්වය එක්ව ගත් තීරණ මිසක කිසිසේත්ම මාගේ බිරිඳ විසින් ගත් තීරණ නොවේ. ඔහු විසින් නම් කර ඇති ක‍්‍රීඩකයින් ගෙන් මාගේ බිරිඳ එවැන්නක් ඔවුන් හට පැවසුවාද නැද්ද යන්න හොඳම පිළිතුර ඇත්තේ ඒ ක‍්‍රීඩකයින් ළඟයි.”

”ක‍්‍රීඩාව හා පෞද්ගලිකත්වය මිශ‍්‍ර කර නොගන්නේ නම් කිසි දින අනවබෝධයක් ඇති නොවනු ඇත.”

”එසේම පුද්ගලික කාරණාවක් පිළිබඳව අදහස් ප‍්‍රකාශ කිරීමට අකමැත්තෙන් පෙලඹීමට සිදුවීම ගැන මා සමාව ඉල්ලා සිටිමි.”

”මොහු පවසන පරිදි, මාගේ මේ සහෝදර ක‍්‍රීඩකයා අප නිසා රට හැර ගියේ නම් එය බලවත් කනගාටුවට කරුණකි. නමුත් එය කිසිසේත් එලෙස සිදු නොවූවකි.”

”කෙසේ වෙතත් මා ඔහුට සුබ අනාගතයක් ප‍්‍රාර්ථනා කරමි.”



* තිසර පෙරේරා

තිසර පෙරේරාගේ එම ප‍්‍රකාශය දුටු ෂෙහාන් ජයසූරිය ද නිහඬව සිටියේ නැත. ඔහු ද තම නිල ෆේස්බුක් ගිණුමේ තිසර පෙරේරාගේ ප‍්‍රකාශයට පිළිතුරු ලබාදී තිබුණේ මෙලෙසින්ය.

sp4”තිසර පෙරේරා කියන එක්කෙනා මං ටුවර් යද්දී කැප්ටන් වෙලා ඉඳලා නැහැ. මේ කියන ටුවර් එකේ කැප්ටන් කළේ ඇන්ජලෝ අයියා. ඒක නිසා තමයි මාවයි අන්ජි අයියාවයි කොටවන්න බැලූවේ. ඉතිං ඇන්ජි අයියා හොඳ නිසා හොඳයි. එයා මට සහෝදරයෙක් වගේ අද වෙනකම් උදව් කරනවා.”

”මෙයාට අමතකයි මෙයා කියන ටුවර් එකේ ඔහු කැප්ටන් නෙවෙයි කියලා. එතැනින්ම මොහු කියන්නේ බොරුවක් කියලා ඔබලාට හිතාගන්න පුළුවන්.”

”අවුරුද්දත් 2018, 2017 නෙවෙයි. ඒෂියන් කප් 2018. කමක් නැහැ ඉතිං කැප්ටන් කරන්න මෙයා හුඟාක් ආස නිසා, මං කණ්ඩායමේ කළමනාකරුගෙන් ඇහුවාලූ රූම් එකට ගේන්න. හිහිහි... මේගොල්ලෝ තමයි කළමනාකරුට බොරුවට කියලා තිබුණේ මගේ ගර්ල් මගේ රූම් එකේ ඉන්නවා කියලා.”

”ඒ වගේ චීත්ත වැඩ තමයි මේ සීනියර් කියන එක්කෙනයි, එයාගේ වයිෆුයි කරන්නේ... ඊට පස්සේ මේ දෙන්නාම මීඩියා එකට කියලා තිබ්බා මගේ ගර්ල් මගේ රූම් එකේ හිටියා කියලා... අනිත් කාරණාව තමයි ඩෙ‍්‍රසිං රූම් එකක් ගැන මං කොයි වෙලාවේවත් සටහනක් දාලා නොමැති බවත් අපි උදේ කෑම ගන්න තැන එනම් හෝටලයේදී තමා එහෙම සිද්ධියක් වුණේ.”

”තව ද මොහු සඳහන් කරලා තියෙනවා විනය තමා අංක එක කියලා. මම ද එය පිළිගන්නවා මම ක‍්‍රිකට් ගහපු අවුරුදු 5ට මට කිසිම විනය කඩකිරීමේ වරදක් දැනුම්දී නොමැති බවත් මට මෙතැනදී කියන්න ඕනේ.”

”මොහු කියනවා දක්ෂතාවය මතලූ සේරම රැඳි සිටින්නේ. මා මෙපමණ දුරක් පැමිණියේ මගේ දක්ෂතාවයෙන් වන අතර නැතුව මා කාගෙන්වත් පස්සේ ගිහින් මිනිස්ටර්ලාට කේක් ගෙනින් දීලා නොවන බව කරුණාවෙන් මතක් කර දෙන්න ඕනේ.”

”සහෝදරයා කියලා කිහිප වතාවක් කියලා තිබ්බා, මගේ මුහුණ බලලා හිනා වෙලාවත්, කතා කරලාත් නෑ මේ අවුරුදු 5ටම. මං කියන දේ බොරුවක් නම් අනිත් ක‍්‍රීඩකයින්ගෙන් අහලා දැන ගන්න පුළුවන්.”

”මා මෙම දේවල් කියන්නේ මිනිසුන්ට දැන ගන්න මිසක් වෙන කිසි හේතුවක් නොවන බවත්, මා මේ පෝස්ට් එක දාන්නේ මොහු වැරදි දේවල් මීඩියා එකට කියා තිබෙන නිසාත් බව කරුණාවෙන් සලකන්න.”

ස්තූතියි

  * ෂෙහාන් ජයසූරිය...

sp5ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් වන තිසර පෙරේරා සහ ෂෙහාන් ජයසූරිය අතර හටගෙන ඇති සීතල යුද්ධය මේ වනවිට තියුණු මුහුණුවරක් ගෙන තිබෙනවා. ඒ මෙම ක‍්‍රීඩකයින් දෙදෙනා සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ එකිනෙනාට එල්ල කරගන්නා චෝදනා හේතුවෙනි. මොවුන් දෙදෙනා තවත් මෙලෙස චෝදනා එල්ල කර ගත හොත් ජාත්‍යන්තරයේ පවා අපකීර්තියට පත් වීමට සිදු වනු ඇත. තිසර සහ ෂෙහාන් ගැටුම එලෙස පවතිද්දී දැනට පවතින එංගලන්ත - ශ‍්‍රී ලංකා සංචාරයේ පළමු ටෙස්ට් තරගයේදී මෙරට නියෝජනය කරන තවත් තුන් ඉරියව් ක‍්‍රීඩකයකු කාන්තාවක් හෝටල් කාමරය තුළට ගෙන්වාගෙන ඇතැයි චෝදනා එල්ල වී තිබේ. එම සිද්ධිය ද සැකවින් මෙසේය.

එම කාන්තාව එංගලන්ත කණ්ඩායම සමඟ ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගය අතරතුරදී කොවිඞ් 19 වෛරසය පිළිබඳ සොයා බැලීමට පත් කර තිබූ වෛද්‍යවරියයි. එම වෛද්‍යවරිය ඒ කාලය අතරතුර දකුණු පළාතෙන් බිහිවූ තරුණ තුන්ඉරියව් ක‍්‍රීඩකයකු සමග අනියම් සම්බන්ධතාවක් ඇති කර ගෙන තිබේ. මෙම තුන් ඉරියව් ක‍්‍රීඩකයා මෑත කාලයේ දී ටෙස් වරම් ලැබූ ක‍්‍රීඩකයෙකි. ඉතා දක්ෂ ක‍්‍රීඩකයෙකු වන මොහු එංගලන්තය සමග පැවති පළමු තරගයේදී මෙම වෛද්‍යවරිය තම හෝටල් කාමරය තුළට කැඳවාගෙන ගොස් තිබේ. කළමනාකාරීත්වය මේ පිළිබඳව දැන ගත්තත් ඔහු සම්බන්ධයෙන් කිසිදු විනය පියවරක් ගත්තේ නැත.

මෙම වෛද්‍යවරිය මීට පෙර එංගලන්තයේ පැවති දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියකට සහභාගි වූ තැනැත්තියකි. ඉකුත් දකුණු අප‍්‍රිකානු සංචාරයේදී එරට කොරෝනා වසංගත තත්ත්වය සම්බන්ධව සොයා බැලීමට ද ගොස් තිබුණේ මෙම වෛද්‍යවරියයි. එහිදී ද ක‍්‍රීඩකයන් කිහිප දෙනකු සහ වෛද්‍යවරිය අතර අනියම් සම්බන්ධතාවන් ගොඩ නැඟී ඇත. ඒ පිළිබඳවද කළමනාකාරීත්වය වෙතට වාර්තා වී තිබුණි. මෑත කාලීනව දිගින් දිගටම අසාර්ථක වූ පිතිකරුවෙක්ද මෙම වෛද්‍යවරිය සමග සම්බන්ධතාවක් ගොඩනගාගෙන තිබුණි. මෙම වෛද්‍යවරිය සමග අනියම් සම්බන්ධතාවක් පැවැත්වූ ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවටද වාර්තා වේ.

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් සහ වෛද්‍යවරිය අතර ඇතිවූ මෙම සියලූ නීති විරෝධී ක‍්‍රියා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට වාර්තා වී තිබුණි.
එහෙත් එම ක‍්‍රීඩකයන් සම්බන්ධයෙන් කිසිදු විනය ක‍්‍රියාමාර්ගයක් ගැනීමට ඔවුහු අපොහොසත් වූහ. තවද ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගයේදී ක‍්‍රීඩකයන් කිහිපදෙනෙක් විසින් කාඞ් සෙල්ලම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය දිනවල විවිධ චෝදනා එල්ල විය.

දැනට වසර කිහිපයක සිට ගත් කල අපගේ තරුණ ක‍්‍රීඩකයන් දේශීය සහ විදේශීය සංචාර වලදී විනය කඩකිරීම් සිද්ධි රැසකට මුහුණ දී තිබේ. ඒ රාත‍්‍රී සමාජ ශාලා වෙත ගොස් බීමතින් හැසිරීම, කාන්තාවන් කාමර තුළට ගෙන්වා ගැනීම, සමගියෙන් කටයුතු නොකිරීම ආදියයි.

නිසි ලෙස පුහුණුවීම් නොකර ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් මෙලෙස පිස්සු කෙලින නිසා ක‍්‍රිකට් මෙන්ම ඔවුන්ගේ ශරීර යෝගයතාව ද අඩුවී ඇත. එයට හොඳම උදාහරණ ලෙස හැඳින්විය හැක්කේ ඉකුත් දකුණු අප‍්‍රිකා සංචාරයේදී අපගේ ක‍්‍රීඩකයන් හත් දෙනකුම විවිධ ආබාධවලට ලක් වීමයි.

එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා කෙටි ලැයිස්තුගත ක‍්‍රීඩකයන් 20 දෙනකුගෙන් යුත් සංචිතයක් කොළඹදී ශරීර යෝග්‍යතා පරීක්ෂණවලට භාජන වූ අතර ඔවුන්ගෙන් අට දෙනකු එම පරීක්ෂණ අසමත් වී ඇත. එලෙස අසමත් වූ ක‍්‍රීඩකයින් අතර කණ්ඩායමේ ස්ථිර සාමාජිකයන් කිහිප දෙනකු සහ ඇතැම් ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් ද ඇතුළත් වන බවයි.

මේ සියල්ලට මුල මෙම ක‍්‍රීඩකයන් ක‍්‍රිකට් වලට වඩා මුල් තැන දෙන්නේ වෙනත් ක‍්‍රියාවන් වලට නිසාය. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නැත්තටම නැතිවී ඇති අවස්ථාවක ක‍්‍රීඩකයන් මෙලෙස ගැටුම් ඇති කර ගැනීම සහ විනය නීති කඩකිරීම ඉතාම බරපතළ වරදකි. ඔවුන්ගේ පරම යුතුකම විය යුත්තේ කඩා වැටී ඇති ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් යළි ගොඩ නැංවීමයි. එසේ නොකළහොත් තවත් වසර කිහිපයකින් පසු ක‍්‍රිකට් ක‍්‍රීඩාව මෙරටින් නැත්තටම නැති වී යනු ඇත.

විශේෂාංග

sikuru

සිනමා කලා

bs250

නවලිය

ksugewa250

දියග

karunaratne250

මීවිත

janith250

More Articles