Divaina - මෙන්ඩිස්ගේ බිංදුව

Divaina 365 x 90 Banner

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

කසුන් රණවීර

kuslasmed222 
දකුණු අපි‍්‍රකානු සංචාරයේදී ලද නීරස පරාජයකින් පසු නව වසරේ අලූත් බලපොරොත්තු ඇතිව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම එංගලන්තය සමගින් ගාල්ලේදී ටෙස්ට් සටන ඇරැඹුවේය. ඒ දකුණු අපි‍්‍රකාවේදී සිදු වූ වැරදි නිවැරදි කර ගනිමින් සහ සිදු වූ අවනම්බුව ශී‍්‍ර ලංකාවට වාසිදායක ගාලූ තණතීරුවේදී මකා ගැනීමේ අරමුණින්ය. එහෙත් මේ සටහන තබන මොහොත වනවිටදී පළමු තරගයේ දෙවැනි දිනයේදී එංගලන්ත පිතිකරුවෝ ගාලූ කී‍්‍රඩාංගණයේ නැංගුරම්ලා ශී‍්‍ර ලංකා පන්දු යවන්නන්හට හොඳ හැටි පහරදෙමින් සිටිති.
 
 ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයෙත් පරණ තැනට තල්ලූ වෙමින් ශී‍්‍ර ලංකා කණ්ඩායම දකුණු අපි‍්‍රකානු සංචාරයේදී අමිහිරි අත්දැකීම් රැසකට මුහුණ දුන්නේය. එහි ප‍්‍රධානතම කාරණා ලෙසින් මාස ගණනක් කී‍්‍රඩාවෙන් ඉවත්ව සිටි කී‍්‍රඩකයෝ රැසක් පළමු ටෙස්ට් තරගයේදීම අබාධිත තත්ත්වයන්ට පත්වීමය. ඊට අමරතව එක් තරගයක් හෝ ජය ගැනීමට තියා දින පහම කී‍්‍රඩා කිරීමටවත් නොහැකි වූ ශී‍්‍ර ලංකා කණ්ඩායම තරගාවලියේ එක් තරගයක් ඉනිමකින් පරාජයට පත්වෙමින් තරගාවලිය 2-0කින් පරාජයට පත්වීමය.
 
 ඕනෑම කණ්ඩායමක් හෝ ඕනෑම කී‍්‍රඩකයකු එක් තරගයකදී හෝ දෙකකදී අසාර්ථක වීම කි‍්‍රකට් කී‍්‍රඩාවේදී මහ ලොකු දෙයක් ලෙස දකින්නට හැකි කාරණාවක් නොවේ. එහෙත් එකම කණ්ඩායමක් හෝ එකම කී‍්‍රඩකයකු සෑම තරගයකින්ම ආසාර්ථක වී නම් ඒ පිළිබඳව විශේෂයෙන් අවදානයක් යොමුවිය යුතුය. ශී‍්‍ර ලංකා කණ්ඩායම දිගින් දිගට ම තරග පරාජයට පත් වෙද්දී වැඩිපුරම ඇඟිල්ල දිගු වූයේ දිගින් දිගටම ලකුණු නොලබා දැවී ගිය කුසල් මෙන්ඩිස් වෙතටය. ඊට බල පෑ ප‍්‍රධානතම කරුණක් තිබේ. නවක පිතකරුවෝ රැසක් බංකුවේ සිටියදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විසින් හැමදාම බින්දුවට ම දැවී යන මෙන්ඩිස් වෙනුවෙන් වැඩි වැඩියෙන් අවස්ථාව ලබා දීමය. මෙම කාරණය මේ වනවිට සමාජ මාධ්‍යජාලා වල පවා දැඩි හාස්‍යයකට සහ කතා බහකට ලක්ව ඇති කාරණයක් වේ.
 
kusal2කුසල් මෙන්ඩිස් පළමුවරට ශී‍්‍ර ලංකා ජාතික ටෙස්ට් කණ්ඩායම නියෝජනය කළේ 2015 ඔක්තෝබර් 22 වැනිදාය. ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවය. එම තරගයේදී පළමු ඉනිමේදී ලකුණු 13ක් රැස් කළ කුසල් මෙන්ඩිස් දෙවැනි ඉනිමේදී ලකුණු 39ක් රැස් කළේය. එතැන් පටන් මේ දක්වා ටෙස්ට් තරග 46කදී ඔහු ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ඉනිම 89ක් කී‍්‍රඩා කර තිබේ. එහිදී ජාත්‍යන්තර ටෙස්ට් ලකුණු 3007ක් වාර්තා කිරමින් පන්දුවට පහරදීමේ සාමන්‍ය 35.4ක් ලෙස සටහන් වේ. එය ටෙස්ට් පිතිකරුවකුගේ දුර්වල ලකුණු ලබා ගැනීමේ සාමන්‍යයකි. දක්ෂ ටෙස්ට් පිතිකරුවකුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලකුණු 50ට ඉහළින් වාර්තා වේ. මෙන්ඩිස් ටෙස්ට් ඉනිම් 24කදී ලකුණු නොලබා දැවී ගොස් තිබේ. ඒ අනුව අඩුම තරග සංඛ්‍යාවකින් වැඩිම වාර ගණනක් බින්දුවට දැවී ගිය කී‍්‍රඩකයා ලෙසින් වාර්තා පොතට එක් වන්නට ඔහුට අවශ්‍ය වන්නේ තව එක් බින්දුවක් පමණි. ඒ සඳහා ඔහුට තවත් ඉනිම් 15ක් ඉතිරිව තිබේ.
 
 මෙම සටහන තබන මොහෝතේදී කි‍්‍රයාත්මක වෙන එංගලන්තය - ශී‍්‍ර ලංකා පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ද මෙන්ඩිස් බින්දුවට දැවී ගොස් හමාරය. ඒ අනුව මෙන්ඩිස් කී‍්‍රඩා කළ අවසන් ටෙස්ට් ඉනිම් හතරේදීම ඔහු බින්දුවට දැවී ගොස් තිබේ. ඒ අනුව කණ්ඩායමක පළමු පෙළ පිතිකරුවකු පිට පිටම ඉනිම් හතරකදී බින්දුවට දැවී ගොස් ඇත්තේ වසර විස්සකට පසුවය.
 
 මාවන් අතපත්තු සිය ටෙස්ට් දිවිය ආරම්භ කළේ ලකුණු නොලබා දැවී යෑම් වැලක් සමගය. එහෙත් මාවන් සිය කි‍්‍රකට් දිවිය නිමා කළේ ශී‍්‍ර ලංකාවේ වැඩිම ද්විත්ව ශතකලාභියා ලෙසින් වාර්තා පොතට යමින්ය. ආරම්භය කෙසේ වුවත් මාවන් හොඳ අවසානයක් සටහන් කළේය. විය යුත්තේද එය වේ. කී‍්‍රඩකයන්ට අත්දැකීම් ලබා ගැනීමට නම් තරග කී‍්‍රඩා කිරීමට අවස්ථාව සලසා දිය යුතුය. වැරදි හදා ගැනීමට අවස්ථාව ලබා දිය යුතුය. එහි ගැටලූවක් නොවේ. එහෙත් වැරදි හදා ගන්නවා වෙනුවට එම වරදම නැවත නැවත කරනවා නම් එය හෝද හෝද මඬේ දැමීමකි.
 
 කි‍්‍රකට් සම්ප‍්‍රදායට අනුව ඕනෑම කී‍්‍රඩකයකු එක දිගට ම අසාර්ථක වෙද්දී කණ්ඩායමෙන් ඉවත් කර තැබීම සාමාන්‍ය කරුණකි. මහේල ජයවර්ධන පවා කලෙක කණ්ඩායමෙන් ඉවත් කර තැබුවේය. එය කී‍්‍රඩකයාට යම් අයුරකින් දඬුවමකි. තවත් අයුරකින් කී‍්‍රඩකයාට විවේකය සහ පුහුණුව නිසි අයුරින් ලබා දීමකි. එහෙත් එම සම්ප‍්‍රදාය මෙන්ඩිස්ට පමණක් වලංගු නොවීම පුදුම සහගත කරුණක් වී තිබේ. කුසල් මෙන්ඩිස් දිගින් දිගට ම ආසාර්ථක වෙද්දී ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් අනාගතය මේ යැයි කිය කියා අසන්ත ද මෙල් ප‍්‍රමුඛ තේරීම් කමිටුව මෙන්ඩිස්ට ඉහටත් උඩින් අවස්ථාව ලබා දී තිබේ. එයින් වෙන්නේ ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් තව තවත් අගාධයකට යෑම පමණක් යැයි තේරීම් කමිටුවට නොතේරීම පුදුම සහගතය. මෙන්ඩිස් දිගින් දිගට ම ආසාර්ථක වෙද්දී ඔහු දිගින් දිගට ම සංචිතයට ඇතුළු කිරීමෙන් සිදුවෙන්නේ තවත් නවක කී‍්‍රඩකයකුට කණ්ඩායමේ අවස්ථාවක් ලැබීම අහිමි වීමකි. තවත් පැත්තකින් පෙනී පෙනී තරග පරාජයට පත් වීමකි.
 
 කුසල් මෙන්ඩිස් ගෙන් කණ්ඩායම බලාපොරෝත්තු වන්නේ පිතිකරණ භූමිකාව පමණකි. මෙන්ඩිස් අදක්ෂ පිතිකරුවකු නොවන වග අප මෙහි ලියා තබමු. පළමු පෙළ තරගවලදී ඔහු නොදැවී ද්විත්ව ශතකයක් වාර්තා කර තිබේ. බංගලාදේශයට එරෙහිව ජාත්‍යන්තර ටේස්ට් තරගයකදී ලකුණු 196ක් වාර්තා කිරීමට ඔහු සමත්ව තිබේ. එහෙත් වත්මන් තත්ත්වය මෙන්ඩිස්ට එතරම් යහපත් නොවේ. ලෝක කුසලාන ටෙස්ට් ශූරතාවලිය යටතේ ශ්‍රේණිගත පිතිකරු ලැයිස්තුවේ ඔහු සිටින්නේ අඩියේය. එම තරගාවලියේදී ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය පවතින්නේ 13.5ක වැනි අගයකය. දැන් දැන් මෙන්ඩිස්ගේ පන්දු රැකීම ද පවතින්නේ දුර්වල ස්ථානයකය. එක්කෝ මෙන්ඩිස් සිය කැමැත්තෙන් කණ්ඩායමෙන් ඉවත්වී පුහුණුවීම් කළ යුතුය. එය පුහුණු වීම් වෙනුවෙන් වැය කළ යුතු අවස්ථාවක් මිස විවේක ගැනීමක් නොවිය යුතු බව තරයේ මතක තබා ගත යුතු කරුණකි. කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ශී‍්‍ර‍්‍ර ලංකා සියලූම කී‍්‍රඩකයෝ මාස 10කට ආසන්න කාලයක් විවේක ගත්හ. ඒ අනුව දැන් ඔවුන්ට තවත් විවේක අවශ්‍ය වන්නේ නැත. අවශ්‍ය වන්නේ නැවත නැවත පුහුණුව පමණි.
  

විශේෂාංග

sikuru

සිනමා කලා

udari250

නවලිය

umariya250

දියග

vidulibala250

මීවිත

sakura250

More Articles