ලලිත් ගුණවර්ධන
හිටපු ලේකම්
ජාතික කී‍්‍රඩා සභාව
මෙරටේ සෑම පුරවැසියෙකුටම උපතේ පටන් මිය යන තෙක් බාධාවකින් තොරව කී‍්‍රඩා කටයුතුවල යෙදීමේ මූලික අයිතිවාසිකම් තිබිය යුතුය. තමන් කැමති කී‍්‍රඩාවක. ශරීර සුවතා ක්රමයක. විනෝද කී‍්‍රඩාවක යෙදීමේ අයිතිය. පුහුණුවීමේ අයිතිය. දේශීය විදේශීය තරගවලට සහභාගි වීමේ අයිතිය වශයෙන් මෙම අයිතිවාසිකම් එකිනෙකට පෙළ ගැසේ.
අ. 1978 නොවැම්බර් මස 21 වන දින නිකුත් කරන ලද ශාරීරික අධ්‍යාපනය හා කී‍්‍රඩා පිළිබ`ද ජාත්‍යන්තර ප්රඥප්තියේ 1 වන ජේදයෙන් ශාරීරික අධ්‍යාපනය හා කී‍්‍රඩා කටයුතුවල යෙදීම මුලික අයිතිවාසිකමක් හැටියට පිළිගෙන ඇත.
ආ. ජර්මන් ප්රජාතන්ත්රවාදී ජනරජයේ (නැගෙනහිර ජර්මනිය) ව්‍යවස්ථාවේ මේ සම්බන්ධව මෙසේ ස`දහන් කර ඇත. ” සෑම පුරවැසියෙක්ම ශාරීරික සංවර්ධනය පිළිබ`ද කටයුතුවල යෙදීමේ අයිතිය ලබයි. තාක්ෂණික දියුණුව හා බුද්ධිමය අවශ්‍යතාව අනුව මෙම ඉල්ලූම වර්ධනය කෙරෙනු ඇත. රජය සහ සමාජය පුරවැසියන් සංස්කෘතික. ශාරීරික සංවර්ධන සහ කී‍්‍රඩා ආදී සමාජවාදී පුද්ගලභාවය වර්ධනය කිරීමට ඉවහල්වන දිරිගැන්වීම් කළ යුතුය. (35 වන පරිච්ජේදය)
ඇ. මේ හා සමාන වගන්ති ඕස්ටේ්රලියාව ඇතුලූ රටවල් ගණනාවක ව්‍යවස්ථාවන්හි දක්නට ඇත.
ඈ. මෙරට කී‍්‍රඩා කටයුතු දියුණු කරන අන්දම සොයා බැලීමට දොස්තර එච්.එස්.ආර්.ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් පත් කරන ලද කී‍්‍රඩා කමිටුව 1971 මාර්තු 8 වන දින පාර්ලිමේන්තු කටයුතු හා කී‍්‍රඩා අමාත්‍ය කේ. බී. රත්නායක මහතාට අතුරු වාර්තාවක් යවමින් ඒ දිනවල ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළියෙළ කරමින් පවතින හෙයින් එම ව්‍යවස්ථාවට මෙරට පුරවැසියන්ට නිදහසේ කී‍්‍රඩා හා ශාරීරික අධ්‍යාපන කටයුතුවල යෙදීම මුලික අයිතිවාසිකමක් හැටියට ඇතුළත් කරන මෙන් ඉල්ලා සිටියේය. මෙම ලිපිය කී‍්‍රඩා අමාත්‍යවරයාට ඉදිරිපත් නොකිරීමට බලධාරීහු කි්රයාකළහ.
1948න් පසු මෙරට කී‍්‍රඩා ක්ෂේත්රයේ මුලික අයිතිවාසිකම් ගණනාවක් කැඞී ඇත.
1 . 2012/ෑෘරැුෑරැ47-2013ග1ග22 දින දරණ කැබිනට් තීන්දුවෙන් මෙරට පැවැත්වෙන 9.11 හා 13න් පහළ සියලූම තරග තහනම් කර ඇත. මෙය ඉහතින් ස`දහන් කළ ශාරීරික අධ්‍යාපනය පිළිබ`ද යුනෙස්කෝ ප්රඥප්තියටත් එරෙහිව යාමකි. මෙම කැබිනට් තහනම ගෙන ආ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන. උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක හා කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේට හා එයට මුල්වු නිලධාරීන්ට එරෙහිව මුලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නොවීය.
2. 1948 දී ලංකාවට ඔලිම්පික් රිදී පදක්කමක් දිනා දී ලංකාවට පැමිණි ඩන්කන් වයිට් කී‍්‍රඩකයාට ජීවත්වීමට සරිලන වැටුපක්. නිවාසයක් සපයා දීමට මෙරට රාජ්‍ය බලධාරීහු අපොහොසත් වීම නිසා ඔහුගේ මුලික අයිතිවාසිකම් කඩවිය. ඔහු මෙරට හැර යෑමේ වරද කළ රාජ්‍ය බලධාරීන්ට එරෙහිව ගත හැකි පියවරක් නොවීය.
3. 1958 දී ටෝකියෝවේ පවත්වන ලද ආසියාතික තරගයේ දී උස පැනීමේ ඉසව්ව නව ආසියාතික වාර්තාවක් තබමින් ජයගත් නාගලිංගම් එදිරිවීරසිංහම් කී‍්‍රඩකයාට රැකියාවක් සපයා දිමට මෙරට බලධාරීහු අපොහොසත් වුහ. ඔහු කෘෂිකර්මය පිළිබ`ද ශාස්ත්‍රපති හා ආචාර්ය උපාධි ලැබුවත් මෙම කාර්යය ඉටු නොවීය.
4. 1976 මොන්ටි්රයල් ඔලිම්පික් උළෙල ඉලක්ක කර පුරා වසරක් ඇමෙරිකාවේ පුහුණුව ලැබු ශ්‍රී ලාංකික කී‍්‍රඩක ලූෂන් රෝසා එම තරගය ස`දහා අවශ්‍ය පරිසාධක මට්ටම් සපුරා. ජාතික ඔලිම්පික් කමිටුව විසින් නිල වශයෙන් තරගයට ඉදිරිපත් කර සිටිය දී මෙම තරගයට සහභාගි වීමට මොන්ටි්රයල් නගරයට ගොස් සිටිය දී කී‍්‍රඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඔහු හදිසියේම තරගයෙන් ඉවත් කිරීමෙන් සිදුවු මුලික අයිතිවාසිකම් කඩවීමට එරෙහිව නඩුවක් පැවරීමට ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නොවීය. ජාතික ඔලිම්පික් කමිටුවට පවා මෙම තීරණයට එරෙහිව කටයුතු කිරීමට නෛතික බලයක් නොවීය.
(මතූ සම්බන්ධයි)