Divaina - පාපන්දුවේ මැජික් ගෝලයේ හිමිකරුවා ලොවම හඬවමින් යන්නට යයි...

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 sp1
 
 * මැරඩෝනා කොකේන්වලට ඇබ්බැහි වුයේ ඉතාලියේ නැපෝලි කණ්ඩායමට ක‍්‍රීඩා කරන කාලයේ බවට චෝදනා
 
 * වසර 17 කට පසුව මැරඩෝනාගේ පුතෙක් හමුවෙයි
 
 * ‘මට සීතලයි... මට අසනීපයක් දැනෙනවා...’ ඩියාගෝ මැරඩෝනා අවසන් වරට කියයි

 
 
 අසේල විතාන
 
ලෝක පාපන්දුවේ නොමියන සලකුණ ඔහුය. කකුලෙන් බැරිනම් අතින් හෝ ගෝල ලබා ගනිමින් ඔහු විටෙක ශූරයකු විය. නමුත් ලක්ෂ සංඛ්‍යාත පාපන්දු ලෝලීන්ගේ නෙතට කඳුළක් එක් කරමින් ඒ නොමියන සලකුණ සතුව ඇති අතීත මතක පමණක් ඉතිරි කළ ඩියාගෝ මැරඩෝනා ආයෙත් නොයෙන ගමනක් ගියේය.
 
 ජීවිතයේ විඳින්නට ඕන උපරිම සැප සම්පත්ද, උපරිම නම්බු නාමද, ජනප‍්‍රියත්වයද පෙරදැරිව ජීවත් වූ ඩියාගෝ මැරඩෝනා ලෝක පාපන්දු ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම ක‍්‍රීඩකයා වෙයි. මීට දින කිහිපයකට පෙර ඔහුගේ ශරීර සෞඛ්‍ය එන්න එන්නම පිරිහෙමින් තිබුණි. ඊට හේතුව ඔහුගේ මොළයේ තිබූ ලේ කැටියක් වෙනුවෙන් කරන ලද සැත්කම අහවර වී මාසයක්වත් ගත නොවූ බැවිනි.
 
 මැරඩෝනා ඉකුත් බදාදා උදෑසන ආහාරය ගැනීමට පැමිණෙන විට මුහුණ සුදුමැලි වී තිබූ බව ඔහුගේ බෑනා සඳහන් කරයි. ‘‘මට සීතලක් දැනෙනවා.’’ යි තම බෑනාට මැරඩෝනා පැවසීමෙන් පසුව ඔහු වෛද්‍යවරුන්ට ඇමතුමක් ලබාදී ප‍්‍රතිකාර සැපයීමට ක‍්‍රියා කර තිබේ. නමුත් වෛද්‍ය කණ්ඩායම පැමිණීමට සුළු මොහොතකට පෙර ‘මට අසනීපයක් දැනෙනවා යි. පැවසූ මැරඩෝනා සිය අවසන් වචනය පිට කරමින් යන්නට ගියේය. වෛද්‍යවරුන්ට ඒ වන විට මැරඩෝනාට බෙහෙත් කරන්නට කාලයක් ඉතිරිව නොතිබුණි.
 
sp2‘දෙවියන්ගේ හස්තය’ ලෙස නමක් පටබැඳි ගෝලයේ මැවුම්කරුවාද මැරඩෝනාය. එය අදටත් පාපන්දුවේ මැජික් ගෝලයයි. 1986 දී ආර්ජන්ටිනාවට ලෝක ශූරතාව දිනා දීමේ නායකයා වූ මැරඩෝනා එංගලන්තය සමග පැවැති තීරණාත්මක තරගයේදී අතින් ලබාගත් ගෝලයට එම නම පටබැඳී තිබේ. මැරඩෝනාගේ පාපන්දු ශ‍්‍රමය වැය කරනු ලැබුවේ ආර්ජන්ටිනාවට පමණක් නොව. ඉතාලියේ නැපෝලියන් සහ බාසිලෝනා ක‍්‍රීඩා සමාජයද ඔහුගේ පාපන්දු නිවහන බඳුවිය. එම ක‍්‍රීඩා සමාජයට ශූරතා කිහිපයක්ම දිනා දීමට මැරඩෝනා සමත් වූ අතර ඒ අතරින් සෙරී ‘ඒ’ ලීගය සහ යූෆා කුසලාන ප‍්‍රධාන තැනක් ගනී. නමුත් කොකේන් නැමැති මත්ද්‍රව්‍යට ඔහු ඇබ්බැහි වූයේද අදාළ ක‍්‍රීඩා සමාජයට ක‍්‍රීඩා කිරීමෙන් පසුව බව ඇතැමුන් චෝදනා කරති.
 
 මැරඩෝනාගේ පාපන්දු ඉතිහාසයේ වැඩිම ගෝල සංඛ්‍යාවක් ඔහු ලබා දී ඇත්තේ ආර්ජන්ටිනා ජූනියර්ස් කණ්ඩායමටය. එම කණ්ඩායම වෙනුවෙන් තරග 167 කදී ගෝල 116 ක් ලබාදීමට මැරඩෝනාට හැකිවිය. ඒ 1976 සිට 1981 දක්වා කාලය අතරතුරදීය. අනතුරුව 1981 සිට වසරක කාලයක් බොකා ජූනියර්ස් කණ්ඩායම නියෝජනය කළ මැරඩෝනා එහිදී තරග 40 කදී ගෝල 28 ක් ලබා තිබේ. 1982 සිට වසර දෙකක් බාර්සිලෝනා කණ්ඩායම නියෝජනය කළ මැරඩෝනා තරග 36 කදී ලබා ඇති ගෝල සංඛ්‍යාව
 
 22 කි. තම පාපන්දු දිවියේදී මැරඩෝනා වැඩිම දායකත්වය ලබාදුනේ ඉතාලියේ නැපෝලි කණ්ඩායමටය. එබැවින් සමස්ත ඉතාලි වැසියන් මැරඩෝනාගේ අභාවයෙන් පසුව වීථි දිගේ ගමන් කරමින් ශෝකය පළ කර සිටියේය. මැරඩෝනා නැපෝලියන් කණ්ඩායමට ක‍්‍රීඩා කළ තරග 188 කදී ගෝල 81 ක් ලබා ඇත. ඔහු වසර 7 කට පසුව එම ක‍්‍රීඩා සමාජයට සමුදුන් අතර අනතුරුව සිවිලා කණ්ඩායමට තරග 26 කදී ගෝල පහක්ද, බොකා ජූනියර්ස් කණ්ඩායමට තරග 30 කදී ගෝල 7 ක්ද ලබාදුන් මැරඩෝනා සමස්ත පළමු පෙළ පාපන්දු තරග 491 කදී ලබා ඇති ගෝල සංඛ්‍යාව 259 කි.
 
1977 වසරේදී ආර්ජන්ටිනා වයස අවුරුදු 20 න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් තරග 15 කදී ගෝල 8 ක් ලබාගත් මැරඩෝනා අනතුරුව ජාතික කණ්ඩායමට පැමිණ වසර 14 ක් තුළදී තරග 91 ක් ක‍්‍රීඩා කරමින් ගෝල 34 ක් ලබා ගැනීමට සමත් වූවේය. ඒ අතර ආර්ජන්ටිනාවට 1986 ලෝක කුසලානය දිනා දුන් නියමුවාද ඔහු විය. එබැවින් ආර්ජන්ටිනාවට දින තුනක ශෝක කාලයක් ප‍්‍රකාශ කළ එරට ජනාධිපති ඇල්බර්ටෝ ෆර්නැන්ඩස්, ‘‘ඔබ අපව ලෝකයේ මුදුනට ගෙන ගියා. ඔබ අපව ඉමහත් සතුටට පත් කළා. ඔබ සියල්ලටම වඩා ශ්‍රේෂ්ඨයි. ’’ යනුවෙන් ට්විටර් පණිවුඩයක සටහන් කර තිබේ.
 
sp3මැරඩෝනාගේ පාපන්දු ජීවිතය සුපිරි වෙද්දී ඔහුගේ පෞද්ගලික ජීවිතය අයාලේ ගිය බවක් දක්නට ලැබේ. ඔහුට බිරින්දෑවරුන් හය දෙනෙක් සිට ඇති බව වාර්තා වේ. මීට අමතරව පෙම්වතියන් කොතෙක්ද යන්න සඳහනක් නැත. නමුත් ඔහු 60 හැවිරිදි වියේ සිටියදී පෙම්වතිය වශයෙන් ඔහු ඇසුරු කළ 30 හැවිරිදි ඔලීවාට මැරඩෝනාගේ දේහය බැලීමට නීත්‍යානුකූල බිරිඳ ඉඩ දී නොමැත. ඇය විසින් තමාට අවශ්‍යනම් මහජනතාවගේ පෝළිමේ සිට පැමිණ අවසන් ගෞරව දක්වන ලෙසට අවවාද කළ බව මාධ්‍යට සඳහන් කළාය. 
 
 ‘‘අවසන් ගෞරව දක්වන්නේ කවුරුන්ද යන්න තීරණය කරන්නේ ක්ලෝඩියා. නමුත් ඔවුන් මට මෙහෙම කරන්නේ ඇයිදැයි මම නොදනිමි. මට අවශ්‍ය වන්නේ ඩියාගෝට සමුදීම පමණි. මම ඔහුගේ අවසාන සහකාරිය. වෙන අයටත් වඩා ඔහුට සමුදීමේ අයිතිය මට තියෙනවා. ඔවුන් මියගිය ඩියාගෝ ගැන ටිකක් සිතා බැලිය යුතුයි. දෙවියන් වහන්සේ සියල්ල බලා සිටිනවා. ඔවුන්ට වන්දි ගෙවන්න වෙයි. ‘’ යනුවෙන් මැරඩෝනාගේ පෙම්වතිය පැවසුවාය.
 
 කෙසේ වෙතත් මැරඩෝනාට දරුවන් 11 දෙනකු සිටින බව වාර්තා වේ. නමුත් වසර ගණනාවක් මැරඩෝනා ළ`ගින් සිට ඇත්තේ ඇයගේ දෙවැනි බිරිඳ වන ක්ලෝඩියා සහ දියණියන් දෙදෙනා පමණි. මීට අමතරව ඉතාලියේ නේපල්ස් කණ්ඩායමට ක‍්‍රීඩා කිරීමට ගිය මැරඩෝනාට ඉතාලි නිරූපිකාවක වන ක‍්‍රිස්ටිනා සිනාග‍්‍රා හමුවී තිබේ. එහිදී මැරඩෝනාගෙන් ගැබ් ගත් සිනාග‍්‍රාට උපන් දරුවා වසර 17 කට පසුව තම පියාව දැක ඇත්තේ පාපන්දු තරගයකදීය.
 
 මීට අමතරව මැරඩෝනාට තාත්තා යැයි කියන තවත් දියණියක් මීට වසර හයකට පෙර හමුවී තිබේ. එවිට ඇයගේ වයස අවුරුදු 23 කි. තම පියාගේ වියෝවෙන් පසුව ඇය මෙසේ සඳහන් කළාය. ‘‘ඔබ පාපන්දු ක‍්‍රීඩාවේ ශ්‍රේෂ්ඨයා බව සැකයක් නැහැ. නමුත් මට ඔබ ලෝකයේ හොඳම තාත්තා. ඔබගේ බොහෝ අවස්ථාවන්හි මම නොසිටි බව ඇත්ත. නමුත් පළමු වරට අපි වැළඳගත් දා සිට ඔබ ළ`ගින් මා ඉන්නවා. ’
 
 මැරඩෝනාගේ නික්ම යෑම පාපන්දු ලෝකයටම දැරිය නොහැකි පාඩුවකි. ඔහුගේ නිසල දේහය ආර්ජන්ටිනාවේ අගනුවර වන බුවනෝස් අයර්ස් හී දින දෙකක් තැබීමෙන් පසුව ඉකුත් බ‍්‍රහස්පතින්දා ඔහුගේම පෞද්ගලික ස්ථානයක භූමදානය කරන අවස්ථාවට සහභාගි වීමට අවසර ලැබී තිබුණේ දුසිම් දෙකකටත් වඩා අඩු පිරිසකි. එම සියලූම පිරිස පවුලේ ඥාතීන් විය.
 
 පාපන්දුවේ විශිෂ්ටයා ඔහුය. ඔහුගේ ජීවිත ගමනේදී ඔහු වැපිරූ අනෙක් අස්වැන්න වශයෙන් මැන්චෙස්ටර් පාපන්දු කළමනාකරු මෙසේ සඳහන් කරයි. ‘‘මීට වසර කිහිපයකට පෙර ආර්ජන්ටිනාවේ බැනරයක් තිබුණා. මම එය කියෙව්වා.
 
 ‘ඔබ ඔබේ ජීවිතය සමග කුමක් කළත්, ඩියාගෝ අපේ ජීවිත වෙනුවෙන් කරන දේ වැදගත්.’’ යනුවෙන් එහි සටහන්ව තිබුණා. ප‍්‍රීතියෙන් සහ සතුටෙන් සිටි ලෝක පාපන්දු ශූරයා යළිත් ඔහුට අයත් දේශයක මෙවැනි මැවුම්කරුවකු වනු ඇත.
  

විශේෂාංග

sikuru

සිනමා කලා

drama250

නවලිය

kuslani250

දියග

kemada250

මීවිත

sulo250

More Articles