Divaina - අයි.පී.එල්. පිටුපස සිටි අපේ වීරයා... මම කරන්නේ මට පහසු පරිසරයකයි..... මුම්බායි ඉන්දියන්ස් මගේ නිදහස් අදහස්වලට සහය දෙනවා....

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 ipl
 
  * විශ‍්‍රාම යෑමෙන් පසුව පුහුණුකරුවකු වෙයි කියලා හිතුවෙ නැහැ...
 
 * අපිට අපේ ක‍්‍රමවේදයක් තිබිය යුතුයි...

 
 
 අසේල විතාන
 
ක‍්‍රිකට් ක‍්‍රීඩාවේදී මහත්වරු ඕනෑ තරම් බිහිවෙති. ඒ මහත්වරුන් අතරින් මහත්මා ගති පවත්වා ගනිමින් ක‍්‍රීඩාවෙන් සමුගත් පසුත් ඒ ක‍්‍රීඩාවෙන් විශිෂ්ටයකු බවට පත්වූ දක්ෂයෝ අතළොස්සක් සිටිති. ඒ අතරින් ශ‍්‍රී ලංකාවේ රන්ජන් මඩුගල්ල සහ රොෂාන් මහානාම යුගල තරග තීරකවරුන් ලෙස ජාත්‍යන්තරයේ කීර්තියට පත්වූහ. කුමාර් ධර්මසේන විනිසුරුවරයෙකු ලෙස ලොව අංක එකට පත්විය. ශ‍්‍රී ලංකාවේ මහේල ජයවර්ධන දැන් පුහුණුකරුවකු වශයෙන් ලොව අංක එකට පත්ව ඇත.
 
 මහේල ජයවර්ධන යනු ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අග සිට මුලටම දත් අයෙකි. එහි හොඳ මෙන්ම නරක තැන්ද අභියෝග ජය ගන්නා ආකාරයද ඔහු හොඳින්ම ප‍්‍රගුණ කළ අයෙකි. මහේල පළමු වරට පළමු පෙළ ක‍්‍රිකට් තරගයකට සහභගි වූයේ එස්.එස්.සී. කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙසය. එදා ඔහු බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු හැත්තෑවක් ලබා දැවී ගියේ රුවන් කල්පගේ යවන පන්දුවකටය. ඔහු දැවී ගිය විට නායක අර්ජුන රණතුංග හොඳ වචන දෙකක් කියා ක‍්‍රීඩාගාරයට නොඑන ලෙසට තරවටු කළේය. අනතුරුව තරගය අවසන් වූ විට මාවන් අතපත්තු ඔහුව ක‍්‍රීඩාගාරයට රැගෙන ගියේය. එවිට මහේල පාසල් ශිෂ්‍යයෙකි. එදා ලද පන්නරය ඔස්සේ මහේල ක‍්‍රිකට්වල වැරදි කිරීම කුමක්ද යන්න හොඳින් අවබෝධ කරගනිමින් ලෝක පූජිත ගමනක නියැළුණි.
 
 මෙවර මහේලගේ කතාව හාත්පසින්ම වෙනස්ය. ඔහු අයි.පී.එල්. තරගාවලියේ වඩාත්ම කතා බහට ලක්වන පුහුණුකරුවාය. කොරෝනා වසංගතය හමුවේ මෙවැනි තරගාවලියක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් මහේල පවසන්නේ මෙවැනි අදහසකි.
 
 ‘කොරෝනා වසංගතය හමුවේ තරගාවලිය සංවිධානය කිරීම සම්බන්ධව සංවිධායකයන්ට සහ කණ්ඩායම් හිමිකරුවන්ට ස්තූතිය පුද කරන්න ඕන. ජෛව ආරක්ෂිත බුබුළක් යටතේ තරගාවලියක් සංවිධානය කිරීම පහසු කටයුත්තක් නෙමෙයි. ඒක ඇත්තටම විශිෂ්ට අත්දැකීමක් වුණා. මේක ඉතාමත් තද තරගාවලියක්. ඒ තරගාවලියේදී මගේ රාජකාරිය සාර්ථකව කිරීම ගැන සතුටුයි.’
 
ipl2කෙසේ වෙතත් මහේල ජයවර්ධනට අනෙක් පුහුණුකරුවන්ට මෙන් ලොකු වැටුපක් හිමි නොවෙන බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර සිටියි. මහේලගේ වැටුප කීයද යන පැනය පසෙක දමා ඔහු සිය රාජකාරිය කිරීමට කැමැති විදිහ සම්බන්ධව මෙසේ සඳහන් කරයි.
 
 ‘‘මම වැඩ කරන්නෙ මට පහසු පරිසරයක පමණයි. මම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඉදිරියට රැගෙන යන්නේ ඔවුන් මට ලබාදී ඇති නිදහස සහ මගේ අදහස්වලට සහයෝගය ලබා දෙන නිසයි. ඒක තමයි වැදගත්ම දෙය. මට පහසු නැති පරිසරයකට සම්බන්ධ වීමට මා කැමැති නැහැ.’’
 
 මහේල ජයවර්ධනට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් හී විවිධ තනතුරු ලබාදීමට නොයෙක් ආරාධනා පැමිණ තිබේ. නමුත් ඔහු පවසන්නේ, ‘‘මම නිතරම කිව්වේ අපට නිසි ක‍්‍රමවේදයක් තිබිය යුතුයි කියලා. නමුත් වසර ගණනාවක් තිස්සෙ මෙය අපි දැක නැහැ. මම ක‍්‍රීඩාවෙන් ලබාගත් දේ ආපසු ලබාදීමට කැමැති වගේම වෘත්තීයමය නොවන දේවල්වලට සම්බන්ධ වෙන්න කැමැති නැහැ.’’
 
 වර්තමානයේ ශ‍්‍රී ලංකාවේ සමස්ත ක‍්‍රීඩාවම උඩ දැමීමට හැකි නායකත්වයේ වගකීම මහේලගේ කරමත පටවා තිබේ. ඒ ජාතික ක‍්‍රීඩා සභාවේ සභාපතිවරයා වශයෙනි. ඒ අනූව ක‍්‍රිකට් පමණක් නොව තවත් ක‍්‍රීඩාවන් ජාත්‍යන්තරයේ ඉහළට ඔසවා තැබීමේ කර්තව්‍යය ඔහුගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම් යටතේ සිදු කළ යුතුය. ඒ වෙනුවෙන් දැනටමත් උපාය මාර්ග කිහිපයක් සකස් කර තිබේ.
 
 ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් විශ‍්‍රාම යෑමෙන් පසුව පුහුණුකරුවකු වන්නට මහේල කිසිම විටෙක බලාපොරොත්තු නොවූ බවද සඳහන් කරයි. ‘‘විශ‍්‍රාම ගැනීමෙන් පසුව මම කවදාවත් පුහුණුකරුවකු වශයෙන් කටයුතු කරයි කියලා හිතුවෙ නැහැ. නමුත් මම දැන් එහි සෑම මොහොතක්ම සතුටින් භුක්ති විඳිනවා. මෙය ඉහළ වෘත්තීයමය වාතාවරණයක් සමග සම්බන්ධ වීමට ඇති හොඳ අවස්ථාවක්.’’
 
 මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ධුරයට පත්වූ මහේල ජයවර්ධන සිය රාජකාරිය දේවකාරිය කරමින් වැටුපට වඩා දක්ෂතාව මුවහත් කිරීමේ කර්තව්‍යය භාර ගත්තේය. එතැන් සිට ඔහුගේ ප‍්‍රධාන පුහුණුකාර ධුරය යටතේ තෙවතාවක්ම ශූරතාව දිනූ මහේලට හිමිවන වැටුපනම් අනෙක් පුහුණුකරුවන්ට වඩා අඩු බව වාර්තා වේ.
 
 ප‍්‍රධාන පුහුණුකරු වශයෙන් දැවැන්ත සාර්ථකත්වයක් ලබා තිබියදී මහේලට හිමිවන්නේ ඇමරිකානු ඩොලර් 280,400 ක් හෙවත් ශ‍්‍රී ලංකා රුපියල් කෝටි පහකට ආසන්න මුදලක් බව වාර්තා වේ. නමුත් අයි.පී.එල්. පරාජිත කණ්ඩායම්වල පුහුණුකරුවන් වන ස්ටීවන් ෆ්ලෙමින් (චෙන්නායි) ඇ.ඩො. 476,680 කටද, සයිමන් කැටිච් (රෝයල් චැලේන්ජ් බැංගලෝර්) ඇ.ඩො. 560,800 කටද, බ්‍රෙන්ටන් මැකලම් (කොල්කටා නයිට් රයිඩර්ස්) ඇ.ඩො. 476,680 කටද, අනිල් කුම්බ්ලේ (පන්ජාබ්) ඇ.ඩො.560,800 කටද, රිකී පොන්ටින් (දිල්ලි කැපිටල්) ඇ.ඩො. 476,680 කටද, ටෙ‍්‍රවර් බේලිස් (සන්රයිසස්) ඇ.ඩො. 280,400 කට සහ ඇන්ඩෘ මැක්ඩොනලඞ් (රාජස්තාන් රෝයල්) ඇ.ඩො.476,680 කට අදාළ කණ්ඩායම් මිලදී ගෙන තිබේ.
 
 ‘‘මට පුහුණුකරුවකු වශයෙන් මුම්බායි කණ්ඩායමේ ගත කළ අවුරුදු හතරේදී ලොකු අභියෝගයක් තිබ්බා. ඒක මම සතුටින් භාර අරගෙන හොඳින් කළා කියලා හිතනවා. මුම්බායි කණ්ඩායමට ඕනෑම වෙලාවක තදින් පහර දිය හැකි පිතිකරුවන් ඉන්නවා. ඕනෑම වෙලාවක විස්සයි විස්ස තරගවල එළියට පහරවල් එල්ල කළ හැකි ක‍්‍රීඩකයන් හතක් ඉන්නවා. ඔවුන්ගේ පුහුණුකරු ලෙස මෙතෙක් අත්කරගෙන ඇති දේ ගැන සතුටු වෙනවා.’’
 
ipl3රිකී පොන්ටින්ව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් ඉවත් කරමින් මහේල ජයවර්ධනට අදාළ රාජකාරිය 2017 දී ලබාදුණි. නමුත් පසුගියදා පැවැති අයි.පී.එල්. අවසන් සටනේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප‍්‍රතිවාදියා වූ දිල්ලි කැපිටල් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරුවා වූයේද රිකී පොන්ටින්ය. මහේල පොන්ටින් සම්බන්ධයෙන් පවසන්නේ මෙවැනි අදහසකි. ‘‘රිකී මගේ හොඳ මිත‍්‍රයෙක්. ඔහු දක්ෂ පුහුණුකරුවෙක් වගේම හොඳ මහත්මයෙක්.’’ යනුවෙනි.
 
 අයි.පී.එල්. තරගාවලිය ක‍්‍රීඩා කරන සෑම කණ්ඩායමක්ම සමබරය. එහි ඉදිරියට යන්නේ සැලසුම් සහ උපාය මාර්ග ඔස්සේය. මහේලගේ කර්වත්‍යය මුම්බායිහිදී මොන වගේද යන්න ඔහුගේ කතාවේ ගැබ්වී තිබේ. ‘‘ක‍්‍රීඩක වෙන්දේසියේ සිට අවසන් මොහොත දක්වා බොහෝ දේ සිදුවී තියෙනවා. අපේ කුසලාන ආරක්ෂා කර ගන්න ක‍්‍රීඩකයන්, සහාය කාර්ය මණ්ඩලය ඇතුළු බොහෝ දෙනා දුන් සහයෝගයට ගෞරවය දැක්විය යුතුයි.’’
 
 ‘‘මෙවැනි මට්ටමක පුහුණු කිරිමේදී සෑම ක‍්‍රීඩකයෙක්ම කළමනාකරණය කරමින් ඔවුන්ට උපරිමය ලබා ගැනීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කළ යුතුයි. සෑම තරගයක් සඳහාම සෑම විරුද්ධ ක‍්‍රීඩකයකුටම එරෙහිව උපාය මාර්ග සකස් කිරීම වැනි බොහෝ දේවල් තිරය පිටුපස තියෙනවා.’’
 
 2019 දී අයි.පී.එල්. ශූරතාව දිනා ගැනීමෙන් පසුව මහේල ජයවර්ධන කණ්ඩායමේ සාමාජිකයන් ගැනත් පැවසුවේ, ‘‘අද දවස වගේම අපි කවදාවත් අත හැරියේ නැහැ. අපි වැරදි කළා. නමුත් අපි නැවත එනවා. ඒක වැදගත්. ඔබ නිර්මාණය කළ සංස්කෘතිය එයයි. තරගාවලියේදී සෑම කෙනෙක්ම අත් ඔසවලා වගකීම අරගෙන තියෙනවා. අපිට දම් පැහැති තොප්පි නැහැ. අපිට තැඹිලි පැහැති තොප්පි නැහැ. නමුත් අපි මේක ගත්තා.’’ යනුවෙන් ශූරතාව පෙන්වමින් පැවසීය. එසේ පැවසූ මහේල 2020 අයි.පී.එල්. ශූරතාව දිනා ගැනීමෙන් පසුව පැවසුවේ. ‘‘ඔබ සියලූ දෙනාට ස්තුතියි තරගය අවසන් පන්දුව තෙක් ගෙන නොගියාට.’’ යනුවෙන් මහේල පෙර මතකයන් සමග ජයග‍්‍රාහී රැස්වීම කෙළවර කළේය.
 
 මහේලගේ පුහුණුකාරීත්වය සම්බන්ධයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ක‍්‍රීඩයන් කිහිපදෙනකුම මෙසේ අදහස් පළකර සිටියේය. ‘හොඳ උපායශීලිවාදියෙක්. මම ඔහු සමග ගත කළ පසුගිය අවුරුදු 3 හෝ 4 ක කාලයේදී ඔහුගේ සැලසුම් සහ උපාය මාර්ග ඉතා හොඳ බව තේරුම් ගත්තා.’ (රෝහිත් ෂර්මා), ‘දුෂ්කර කාර්යයකට අති දක්ෂයා’ (සහීර් ඛාන්), උපායශීලි මිනිසෙක්. ඒ විතරක් නෙමෙයි ගොඩක් සැලසුම් තියෙනවා.’ (ජස්ප‍්‍රිට් බුම්රා), ‘ඔහු සමූහයක්. මම ඔහුගේ පිතිකරණයට ප‍්‍රිය කළා. ඉතින් ඔහු සම්භාව්‍යයි. (අදිත්‍යා ටාරේ), ‘ඔහු නිහතමානියි’ (කෲනල් පාණ්ඩ්‍යා), ‘‘කෝපාවිෂ්ට ගෝල්ෆ් ක‍්‍රීඩකයෙක් (ක‍්‍රිස් ලයින්), ‘උපායශීලියා’ (කිරන්පොලාර්ඞ්), ඔහුට හොඳ බුද්ධිමත් මොළයක් තියෙනවා සහ විශිෂ්ට ලෙස පුද්ගලයන්ව පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා යනුවෙනි. මහේලගේ රාජකාරිය වෙනුවෙන් ඔහු හම්බ කළ ධනය ඒ වදන්වල ගැබ්වී තිබේ. ඒ ඔහුගේ දක්ෂතාවට හරියන මිල කළ නොහැකි සහ ලෙහෙසියෙන් කිසිවකුට ලබාගත හැකි ධනයක් නොවනු ඇතැයි අපි විශ්වාස කරමු.

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles