Divaina - තමිල්නාඩුවේ ජෝක්ස් සහ මුරලිගේ විශිෂ්ටත්වය

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 

murali
 
 අසේල විතාන
 

විශිෂ්ටයකුගේ දක්ෂතාව අගය කිරීමට නොදන්නා කුහකයන් පිරිසක් කෝපයෙන් මුසපත් විය. ඒ තමිල්නාඩුවේ දේශපාලන පඹයන් සහ ඔවුන් වටා ඉන්නා ඔළමොට්ටලයන්ය. මුත්තයියා මුරලිදරන් නැමැති ලෝක පූජිත ක‍්‍රිකට් ක‍්‍රීඩකයාගේ චරිතාපදානය වෙනුවෙන් අධ්‍යක්ෂණය කරමින් සිටි ‘800’ චිත‍්‍රපටයට ඔවුන් එසේ විරුද්ධ වූයේ මුරලි දෙමළ ජාතිකයකු වූ නිසාය. චිත‍්‍රපටයේ කතාව ලෝකයටම තේරුණද තමිල්නාඩුවේ විපරීත මනසක් ඇති පිරිස කරන කතාව කිසිවකුට තේරෙන්නේ නැත.
 
 මුරලි යනු දෙමළ ජාතිකයෙකි. තමිල්නාඩු වැසියන්ද දෙමළ වැසියන්ය. ශ‍්‍රී ලංකාවේ තිස් වසරක ශාප ලත් යුද්ධය නිමාවීමෙන් දෙපිරිසේම මිනිසුන් මිය යෑමේ ප‍්‍රචණ්ඩත්වයට තිත වැටුණි. ප‍්‍රාණයන් කෙළෙසෙන කුරිරු යුද්ධය නිමා වූ 2009 වසර තමාගේ ජීවිතයේ හොඳම වසර බවට මුරලි පැවසීම තමිල්නාඩුවේ කුහකයන්ට දරා ගත නොහැකි විය. එබැවින් ඔවුන් මුරලිව ජාති ද්‍රෝහියකු ලෙස හංවඩු ගැසීය. ඔහුගේ චරිතය රඟපෑම ගෞරවයක් ලෙස සලකමින් වැඬේට අත ගැසූ ජනප‍්‍රිය නළු විජේ සේතුපතිටද මරණ තර්ජන එල්ල විය.
 
 ‘800’ චිත‍්‍රපටයට විරුද්ධ වන තමිල්නාඩු වැසියන් මිනී කන මෝරුන් පිරිසක්ද අපි නොදනිමු. මිනිසුන් මැරෙන යුද්ධවලට ගිජු බවක් දක්වන එවැනි මිනිසුන් මිනිස් වෙසින් සිටින පෙරේතයන් යැයි අපි විශ්වාස කරමු. මුරලිගේ චරිතය රඟපාන විජේ සේතුපති අදාළ චිත‍්‍රපටයෙන් ඉවත් නොවුණහොත් ඔහුගේ දියණියවද දූෂණය කරන බවට තර්ජනය කිරීමට තරම් ඒ කුරිරු තිරිසන් මිනිසුන්ට හයියක් ලැබුණේ මොළේ කළඳක් හෝ නැති නිසා බව පැහැදිලිය. නමුත් එවැනි ප‍්‍රකාශ නිකුත් කරන පාපතරයන්ට ඉන්දියානු පොලිසිය ක‍්‍රියාත්මක වන බවට වාර්තා විය. ඔවුන් සොයා මෙහෙයුම්කද දියත් කෙරිණි.
 
 මුරලිගේ චිත‍්‍රපටයට නැගෙන තමිල්නාඩු විරෝධය හමුවේ නිහතමානී වූ මුරලි විජේ සේතුපති ගැන සිතා ඔහුට අදාළ චිත‍්‍රපටයෙන් ඉවත්වන ලෙස දැන්වීය. ඒ විශිෂ්ටයන්ගේ මනුස්සකම පිළිබිඹු වු අවස්ථාවකි. විජේ සේතුපති ඉවත් විය. දැන් 800 ප‍්‍රධාන නළුවා කවුද? යන ප‍්‍රශ්නයට අධ්‍යක්ෂකවරයා පිළිතුරු සොයමින් සිටියි.
 
 අදාළ චිත‍්‍රපටය සම්බන්ධව නිවේදනය නිකුත්වීමත් සමගම පේ‍්‍රක්ෂකයන් එහි ගැඹුර වටහා ගත්තේ ජාති ද්‍රෝහි චේතනාව මුදුන් පත්කරගෙනය. දේශපාලන විපරීත මනස ඒ පේ‍්‍රක්ෂකයන්ට දෙමළ චිත‍්‍රපටවලින්ද ඒත්ත ගන්වා තිබුණි. ‘සුපර් ඩිලක්ස්’ වැනි චිත‍්‍රපට රඟපාමින් ජනාදරයට පත්වු විජේ සේතුපති නම් නළුවාට රස්සාව කිරීමට නොහැකි වූයේ කිසිදු වරදක් නොකරය.
 
 චිත‍්‍රපටය සම්බන්ධයෙන් පැන නැගුණ විවේචන හමුවේ අධ්‍යක්ෂකවරුන් පවසා සිටියේ, ‘‘මෙම චිත‍්‍රපටය කිසිදු ප‍්‍රජාවකට වාසිදායක දේශපාලන ප‍්‍රකාශයක් නොවෙයි. මේ චිත‍්‍රපටය තරුණ පරම්පරාවට ඔවුන්ගේ ජීවන ගමනේදී ඇති වන දුෂ්කරතා නොසලකා ඔවුන්ගේ බාධා ජය ගනිමින් සිහින සැබෑ කර ගැනීමට යම් කිසි උත්තේජනයක් සහ ආශ්වාදයක් ලබාදීමට උත්සහ කරනවා.’’ යනුවෙනි.
 
 කලාකරුවාට තමන් කැමැති භූමිකාව රඟපෑමට අයිතියක් තිබේ. අධ්‍යක්ෂකවරයාට විශිෂ්ටයකුගේ චරිතය චිත‍්‍රපටයක් බවට පත්කිරීමට නිදහස තිබේ. කනගාටුවට කරුණ නම් තමිල්නාඩු වැසියන්ට ‘නිදහස’ යන වචනයේ ගැඹුර නොවැටහීමයි.
 
 කෙසේ වෙතත් විජේ සේතුපති චිත‍්‍රපටයෙන් ඉවත්ව ඇත්තේ තමිල්නාඩු විරෝධය නිසා නොව. මුරලිදරන් ඔහු ගැන සිතා යොමු කළ ලිපිය නිසාය. එසේ නැතිනම් තමන් වරදක් කර නොමැති බවද සේතුපති පවසයි. සේතුපති දෙමළ පේ‍්‍රක්ෂකයන්ට ගරු කරනවාට වඩා මුරලිට ගරු කළේය. ඒ නිසා මුරලි මෙන්ම සේතුපතිද විශිෂ්ටත්වය හඳුනන සැබෑ මනුෂ්‍යයන්ය.
 
 දෙමළ භාෂාවෙන් සේතුපතිට චිත‍්‍රපටයෙන් ඉවත් වන ලෙසට මුරලි ලියු ලිපියේ මෙසේ සඳහන් විය. ‘‘විජේ සේතුපති කිහිප දෙනෙකුගේ විශාල පීඩනයකට මුහුණ දී සිටින බව මට වැටහෙනවා. මාව වරදවා වටහාගත් අය නිසා ඔහු වැනි කීර්තිමත් නළුවෙක් කරදරයකට මුහුණදීමට අවශ්‍යතාවක් නැහැ. විජේ සේතුපතිට අනාගතයේදී කිසිදු ගැටලූවකට මුහුණදීමට අවශ්‍ය නැහැ. ඒ නිසා ඔහුට මේ චරිතය රඟපෑමෙන් ඉවත් වන ලෙසට මම ඉල්ලා සිටිනවා.’’ යනුවෙන් මුරලි මනුෂ්‍යත්වය පිළිබිඹු කරමින් සටහන් කර තිබේ.
 
 මුරලිගේ ප‍්‍රකාශයට මහත්මා ගුණයෙන් යුතුව විජේද පිළිතුරු සපයා තිබේ. ‘‘මගේ ජීවිතයේ යම් ගැටලූවකට මුහුණ දුන් සෑම අවස්ථාවකම මම අධෛර්යයට පත් නොවෙමි. මම ඒවා ජය ගත්තෙමි. ඒ නිසා මම මේ තැන ඉන්නවා. ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ප‍්‍රයෝජනවත් වන දෙයක් නිසා මම ඒ චරිතය රඟපාන්න ඉදිරිපත් වුණා. මට විශ්වාසයි මම මේ බාධක පසුකරමින් ඉදිරියට යන බව. මෙම චරිතාපදානය ඔබ වෙත ළ`ගා වනු ඇතැයි මට විශ්වාසයි. ළඟදීම නිෂ්පාදන ආයතනය 800 චිත‍්‍රපටය යාවත්කාලීන කිරීම නිවේදනය කරනු ඇත. මම ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමි.’’ ඒ විජේ කොන්ද කෙළින් තබා කළ ප‍්‍රකාශයය. නමුත් සහචරයන් ඔහුගේ දියණිය දූෂණය කරන බවටද පැවසීම තවමත් හදවත් ඇති මිනිසුන්ගේ සිත්වල දෝංකාර දෙනු ඇත.
 
 මුරලිගේ වාර්තාවක් බිඳ දැමීමට සමත් ජගතෙක් යළිත් බිහිවෙන ලකුණු පෙනෙන තෙක් මානයක නැත. ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ විස්සයි විස්ස තරග ආකෘතිය සහ ප‍්‍රිමියර් ලීග් වැඩිවීමෙන් ටෙස්ට් කඩුලූ 800 ක් දවා ගැනීමට අනාගතයේදී කිසිවකුටවත් හැකි නොවනු ඇත. එබැවින් මුරලිද දොන් බ‍්‍රැඞ්මන් මෙන් සදාකාලික වාර්තාවක හිමිකරුවකු බව පැහැදිලිව පෙනෙයි. එවැනි විශිෂ්ටයකුගේ චරිතාපදානය අනාගතයේදී බොහෝ තැන්වල රන් අකුරෙන් ලියැවෙනු ඇත. එබැවින් මුරලි අපට පමණක් නොව ලෝකයටම වටිනා චරිතයකි.

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles