Divaina - කී‍්‍රඩා සංවර්ධනය යනු තරග පැවැත්වීම නොවේ

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 

krida


 ලලිත් ගුණවර්ධන
 හිටපු ලේකම්
 ජාතික කී‍්‍රඩා සභාව
 
දෙවන ලෝක යුද්ධයෙන් පසු කී‍්‍රඩා සංවර්ධන ක‍්‍රම ගැන කරන ලද විවිධ විද්‍යාත්මක පර්යේෂණ ක‍්‍රම නිසා කී‍්‍රඩා පුහුණුව යන විෂයය විවිධ පැතිකඩ ඔස්සේ හැඩ ගැසෙන්නට පටන් ගත්තේය. මේ නිසා මේ සම්බන්ධ පැරැණි මත අභාවයට ගොස් නව මත එළියට පැමිණියේය. ලෝ පතල කී‍්‍රඩා විද්‍යාඥයෙකු වූ ජර්මන් ජාතික ඞී. හැරේ කී‍්‍රඩා තරග හැ`දින්වූයේ දක්ෂතා මනින මිනුම් දණ්ඩක් හැටියටය. එය කිසිසේත් කී‍්‍රඩා සංවර්ධන වැඩ පිළිවෙළක් නොවන බවත් කී මේ විශේෂඥයා මෙම අදියරට පෙර කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ක‍්‍රමානුකූල ලෙස කී‍්‍රඩා පුහුණු වැඩ සටහන්වලට යොමු කර තිබිය යුතු බවත්, පුහුණුවේ උපරිමයේ දී තරග පැවැත්විය යුතු බවත් ස`දහන් කළේය. මෙම වැඩ සටහන්වල සාර්ථක අසාර්ථකභාවය මනින මිනුම් දණ්ඩ වන්නේ මෙම තරග බවත් ස`දහන් කළේය.
 
 1970 පැවැත්වූ ප‍්‍රථම ජාතික මහා කී‍්‍රඩා උළෙල අධ්‍යයනය කළ කී‍්‍රඩා අමාත්‍යාංශයේ සිටි පුහුණුකරුවන් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් තරගවලට ඉදිරිපත් කිරීමට පෙර පුහුණුවට යොමු කළ යුතු බව තීරණය කර ඊට අවශ්‍ය පොත පත රෝනියෝ කර බෙදා හැරීමට පියවර ගත්තේය. මේ අනුව ලක්ෂ්මන් ද අල්විස්, ඒ. ජේ. රොඩි‍්‍රගෝ, යෝගානන්ද විජේසුන්දර ආදී මලල කී‍්‍රඩා පුහුණුකරුවෝ ද, ඩබ්. එල්. පියරත්ත (වොලිබෝල්) යසා රාමචන්ද්‍ර (නෙට්බෝල්) ජෝ ආරියපාල (පාපන්දු) යන පුහුණුකරුවෝ ද මෙම උපදෙස් පති‍්‍රකා දිවයින පුරා බෙදා හැර කී‍්‍රඩා පුහුණුව විද්‍යාත්මක පදනමක් උඩ තැබීමට පියවර ගත්හ. මෙම පියවර නිසා ජාතික මහා කී‍්‍රඩා උළෙල දිනෙන් දින වාර්තා තබමින් ඉදිරියට ගියේය. එහෙත් මේ වැඩ පිළිවෙළ දිගින් දිගටම ඉදිරියට ගියේ නැත.
 
 1985 දී අනුරාධපුරයේ පැවති 12 වන ජාතික මහා කී‍්‍රඩා උළෙලට කී‍්‍රඩකයෙක් වශයෙන් සහභාගි වූ මෙම ලියුම්කරු එහි පැවති ජවන හා පිටිය තරගවල තාක්ෂණික කඩා වැටීමක් දැක ඒ පිළිබ`ද සවිස්තරාත්මක ලිපියක් 1985.9.28 වන දින ”කී‍්‍රඩා’ පුවත්පතේ පළ කළේය. මෙහි දී මෙම ලියුම්කරු ස`දහන් කළේ මෙම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට නිසි පුහුණුවක් ලබා දුන් බව පෙනෙන්නට නැති බවය. ඒ පිළිබ`දව බලධාරීන් කිිසිදු සැලකිල්ලක් නොදැක්වීමේ ප‍්‍රතිපලය වූයේ තරග තත්ත්වය පහතට කඩා වැටීමය. එහෙත් මෙම උළෙල නෛකශ‍්‍රීන් විරාජමානව පවත්වා ජනපතිගෙන් අගමැතිගෙන් ලකුණු දමා ගැනීමට තිබෙන එකම මාර්ගය හෙයින් අඛණ්ඩව පවත්වාගෙන එන ලදී.
 
 මෙම අසෝබන තත්ත්වය දිගින් දිගටම යාමේ ප‍්‍රතිපලයක් වශයෙන් ඇතැම් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පැවති කී‍්‍රඩා තරගවලට සහභාගි වූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සංඛ්‍යාව අතේ ඇ`ගිලි ගණනකටත් අඩු විය. මේ නිසා එක් අයෙකුට තරග 7-8ක් දිනීමට හැකි වී සමස්ත උළෙලම විහිලූවක් බවට පත් විය. ග‍්‍රාම සේවා මට්ටමේ තරග, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමේ තරග, දිස්ති‍්‍රක් තරග, පළාත් හා ජාතික තරග කරා දිවෙන අඛණ්ඩ පුහුණුවක් ග‍්‍රාමීය මට්ටමේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට නොලැබීමෙන් ඔව්හු මෙම උළෙලට තරග වැදුණු ති‍්‍රවිධ හමුදා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් අතින් අවාසනාවන්ත ලෙස පරාජයට පත්වූහ. කී‍්‍රඩා පුහුණුවේ දක්නට ඇති තරගවලට සූදානම් වීමේ කාලය, තරගකාරී කාලය හා මාරුවීමේ කාලය යන විද්‍යාත්මක පුහුණුවේ සෙවනැල්ල වත් මොවුන්ට අත්වි`දීමට නොහැකි විය.
 
 2018 වසරේ දී කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල් සමන් බණ්ඩාර මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම උළෙල පිළිබ`ද සාකච්ඡුාවක් පවත්වන ලදී. එහි දී මා ජාතික කී‍්‍රඩා සභාවේ ලේකම් හැටියට මෙහි සැබෑ තත්ත්වය පෙන්වා දුනිමි. මෙම කී‍්‍රඩා උළෙල මියගොස් ඇති බවත් දැන් සිදුවන්නේ මෘත කලේබරය පළාතෙන් පළාතට ඔසවාගෙන සංදර්ශන පවත්වා ඒ ඔස්සේ හොද්ද බොර කර ගැනීම බවත් කියා සිටියෙමි. මෙම කරුණු වලට විරෝධය පෑ කී‍්‍රඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ උම්මත්තකයින් පිරිසක් නිසා නව මගක් ඔස්සේ මෙම කී‍්‍රඩා උළෙල ගෙන යාමට මා ගත් උත්සාහය ව්‍යර්ථ විය.
 
 කී‍්‍රඩා අමාත්‍යාංශයේ දීර්ඝ කාලයක් සේවය කළ ලේකම්වරයෙකු වූ කේ.ඒ.එස්.ගුණසේකර මහතාගේ සභාපතිත්වයෙන් පැවති 2010 ආසියානු පරාජය කමිටුවේ එක් සාමාජිකාවක් වූයේ කී‍්‍රඩා අධ්‍යක්ෂ තනතුරේ දීර්ඝ කාලයක් සිටි නෙලූම් ගුණසේකර මියයි. මේ දෙදෙනා සිය කමිටු වාර්තාවෙන් මෙසේ පවසන ලදී. ”ජාතික කී‍්‍රඩා උළෙලේ අවස්ථා දෙකක් හ`දුනාගත හැකිය. තරගකාරී කී‍්‍රඩා අවස්ථාව හා උත්සව අවස්ථාව වේ. මෙයින් ප‍්‍රමුඛ අවස්ථා සැලසී තිබුණේ තරගකාරී කී‍්‍රඩා අවස්ථාවට ය. පසුකාලීනව තරගකාරි තත්ත්වයට වඩා උත්සව අවස්ථාව ප‍්‍රමුඛත්වයට පත්ව ඇත. ඒ නිසා තරගකාරී තත්ත්වය දෙවෙනි වීම තුළින් කී‍්‍රඩකයින්ට අසාධාරණයක් සිදු වී ඇති බවට ද කරුණු වාර්තා විය. කෙසේ වෙතත් අනවශ්‍ය වියදම්, දූෂණ අක‍්‍රමිකතා පිළිබ`ද දැඩි විවේචන එල්ල විය.’ 91-92 පිටු.
 
 2001 වසරේ ලංකාවට ආ ඕස්ටේ‍්‍රලියන් ජාතික කී‍්‍රඩා විශේෂඥයෙකු වූ මහාචාර්ය ජෝන් බ්ලූම්ෆීල්ඞ් මෙම කී‍්‍රඩා උළෙල කණිෂ්ඨයන්ගේ දක්ෂතා හ`දුනාගන්නා කී‍්‍රඩා උළෙලක් ලෙස පරිවර්තනය කරන ලෙස නිර්දේශ කළේය. මෙම තරගවලට ජ්‍යෙෂ්ඨයන් සහභාගි කර ඔවුන්ගේ දක්ෂතා දැවී යන ලෙස කටයුතු නොකරන්නැයි ද නිර්දේශ කළේය.
 
 කී‍්‍රඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සිටි අඥාණ පිරිස් මෙම නිර්දේශ කුණු බක්කියට දමා තමන් ඔවුන්ට වඩා විශේෂඥයින් වශයෙන් බව කියා සිටිමින් මෙම කී‍්‍රඩා උළෙල තවත් ඇදගෙන ගියහ. ඇදගෙන ගොස් නා ගත්හ. 

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles