Divaina - ඔලිම්පික් යන ම`ග කී‍්‍රඩා සමාජ හරහා වැටී ඇත

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය



 

ලලිත් ගුණවර්ධන
හිටපු ලේකම්
ජාතික කී‍්‍රඩා සභාව

කී‍්‍රඩාවෙන් ලෝකාධිපත්‍යය දිනා සිටි ඇමෙරිකාවට 1952 පටන් සෝවියට් දේශයෙන් තර්ජනයක් එල්ල වන බව දැනගත් ඇමෙරිකානු සෙනෙට් සභිකයින්, කොන්ග‍්‍රස් සභික ෆීහාන් හා හියුබට් හම්ප‍්‍රි යන මහතුන් ද, නිව්යෝක් ටයිම්ස්, ද පැරඬේ, වොෂින්ටන් ඊව්නිං නිව්ස් හා ඇමෙරිකන් වීක්ලි ආදී පුවත්පත් ද ඇමෙරිකානු කී‍්‍රඩා කි‍්‍රයාකාරිත්වයන් වැඩි කළ යුතු බව කියා සිටියහ. මේ අනතුර කලින්ම දුටු ඇමෙරිකානු ජාතික මලල කී‍්‍රඩා සම්මේලනය දැවැන්ත මලල කී‍්‍රඩා සමාජ ජාලයක් බිහි කිරීමට කටයුතු යෙදූ බව ඬේවිඞ්.බී. කනින් සිය Super Power Sport in Cold War and Détente යන ග‍්‍රන්ථයෙන් පෙන්වා දුන්නේය. මේ අනුව යමින් අනෙකුත් ජාතික කී‍්‍රඩා සම්මේලන ද සිය කි‍්‍රයාකාරිත්වයන් වැඩි කරන ලදී.

1967 දී කී‍්‍රඩා අමාත්‍යාංශය පිහිටුවීමට පෙරාතුව ලංකාව ඔලිම්පික් පදක්කමක්, අධිරාජ්‍ය හා ආසියාතික තරග රන්, රිදී හා තඹ පදක්කම් ගණනාවක් දිනා සිටියේය. මේ පදක්කම් දිනීමේ ශක්තිය මෙරට කී‍්‍රඩකයින්ට ලැබුණේ කී‍්‍රඩා සමාජ හරහා බව පෙනී යයි. මෙම වකවානුවේ මෙරට බැඞ්මින්ටන් කී‍්‍රඩා සමාජ 54ක් ද, කි‍්‍රකට් කී‍්‍රඩා සමාජ 37ක් ද, මලල කී‍්‍රඩා සමාජ 16ක් ද, පිහිනුම් කී‍්‍රඩා සමාජ 15ක් ද, බර ඉසිලීමේ කී‍්‍රඩා සමාජ 45ක් ද, බොක්සිං කී‍්‍රඩා සමාජ 19ක් ද, නෙට්බෝල් කී‍්‍රඩා සමාජ 264ක් ද, මේසපන්දු කී‍්‍රඩා සමාජ 47ක් ද, පාපන්දු කී‍්‍රඩා සමාජ 580ක් ද, පැසිපන්දු කී‍්‍රඩා සමාජ 200ක් ද, ටෙනිස් කී‍්‍රඩා සමාජ 135ක් ද වශයෙන් පුළුල් ව්‍යාප්තියක් තිබුණි.

මෙකල මෙම කී‍්‍රඩා සමාජ කී‍්‍රඩා තරග පැවැත්වීමට වඩා කී‍්‍රඩා පුහුණුවට මුල් තැනක් දුන් බව පෙනී යයි. 1967 දී කී‍්‍රඩා අමාත්‍යාංශය විසින් පුහුණුකරුවන් පත් කිරීමට කටයුතු යෙදීම නිසා එම වගකීම එයට නිරායාසයෙන්ම තල්ලූ විය. මේ නිසා කී‍්‍රඩා සමාජ තරග පැවැත්වීම කෙරේ යොමු විය. කී‍්‍රඩා අමාත්‍යාංශය තමන්ගේ විෂය පථයට පුහුණු කටයුතු පවරා ගත්තේ කී‍්‍රඩා පාසල (ජාතික කී‍්‍රඩා විද්‍යායතනය) මගින් සාර්ථක ලෙස පුහුණුකරුවන් පුහුණු කරවා දෙන්නේ යයි විශ්වාසයෙන් යුතුව ය.

එහෙත් ජාතික කී‍්‍රඩා විද්‍යායතනය මෙරටින් ප‍්‍රාථමික මට්ටමින් ඔබ්බට ගිය පුහුණුකරුවන් බිහිකිරීමට සමත් වූයේ නැත. මෙය පුහුණුකරුවන් පුහුණුකරනවාට වඩා පුහුණු සහතික තොග වශයෙන් බෙදා හරින බ්‍රොයිලර් මධ්‍යස්ථානයක් වූ බව විවිධ කමිටු වාර්තා මගින් පෙන්වා දෙන ලදී. 2010 ආසියානු පරාජය කමිටුවේ වාර්තාව ”බොහෝ පුහුණුකරුවන්ගේ තාක්ෂණික දැනුම අන්තර් ජාතික මට්ටමට කී‍්‍රඩකයින් පුහුණු කිරීමට ප‍්‍රමාණවත් නොවේ’ යයි ස`දහන් කළේය.

මෙම තත්ත්වය නිසා ජාත්‍යන්තරයේ මෙන් ප‍්‍රවීණ පුහුණුකරුවන් සභාපතිත්වය ගත් සාමාජික පිරිස 20කට අඩු සීමිත කී‍්‍රඩා සමාජ මෙරට පිහිටුවීම සුදුසු බව මම හිටපු කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කියා සිටියෙමි. මේ අනුව කෙටි දුර, මැදි දුර, දිගු දුර, පැනීම් හා විසිකිරීම් ඉසව්වන් ස`දහා ප‍්‍රවීණ පුහුණුකරුවන් 3 බැගින්ද, බර ඉසිලීම, වෙඩි තැබීම, පිහිනුම් හා දුනු විදීම යන ජාත්‍යන්තර පදක්කම් දිනිය හැකි කී‍්‍රඩා ස`දහා ප‍්‍රවීණ පුහුණුකරුවන් තුන බැගින් ද පත් කරන ලෙසත් මෙයට ඇතුළත් කිරීමට සුදුසු කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් තෝරා ගැනීමේ හා පුහුණු කිරීමේ නිදහස ඔවුන්ට දෙන ලෙසත් මෙම කී‍්‍රඩා සමාජවලට යටිතල පහසුකම් හා නේවාසික පහසුකම් රජය මගින් සලසා දෙන ලෙසත් කියා සිටියෙමි. මෙමගින් ජාත්‍යන්තර මලල කී‍්‍රඩා පුහුණුකරුවෙකු වූ ග්ලේන් මිල්ස් ගිය පාර මෙරටට හ`දුන්වා දීම මගේ අභිප‍්‍රාය විය.

මෙම සැලැස්ම පිළිගත් කී‍්‍රඩා අමාත්‍යවරයා මෙය කි‍්‍රයාත්මක කිරීමේ වගකීම ජාතික කී‍්‍රඩා විද්‍යායතනයේ ප‍්‍රධානියාට පැවරීය. ජාත්‍යන්තර කී‍්‍රඩා පුහුණුව ගැන මෙලෝ හසරක් නොදත් මෙම ප‍්‍රධානියා කිසිවක් කි‍්‍රයාත්මක නොකළේය.

2001 වසරේ ලංකාවට පැමිණි ජාත්‍යන්තර කී‍්‍රඩා විශේෂඥයෙකු වූ මහාචාර්ය ජෝන් බ්ලූම්ෆීල්ඞ් ලංකාවේ කී‍්‍රඩා දියුණුවට ශක්තිමත් කී‍්‍රඩා සමාජ ජාලයක් තිබිය යුතු බව කියා සිටියේය. කී‍්‍රඩාවෙන් ලෝකාධිපත්‍ය පෑ නැගෙනහිර ජර්මනියේ ජනගහණයෙන් සියයට 21 ක් හෙවත් මිලියන 4ක් එහි කී‍්‍රඩා සමාජ සාමාජිකත්වය ලබා ඇති බව ඔහු ස`දහන් කළේය.

කී‍්‍රඩා පුහුණුකරුවකුට තමාගේ කී‍්‍රඩාව කොතරම් දුරට ඉදිරියටගෙන යා හැකිද යන්නට නිදසුනක් පසුගිය ජනාධිපති කුසලාන වොලිබෝල් තරගයේදී වාර්තා විය. මෙහි ශුරතාවය දිනු ගම්පහ ”සියනෑ තරු’ කී‍්‍රඩා සමාජය දශක හතරක් තිස්සේ ඉදිරියට ගියේ එහි පුහුණුකරු වූ විජේදාස සමරවීරගේ මග පෙන්වීම නිසා ය. මෙමගින් ජාතික හා ජාත්‍යන්තර තලයේ වොලිබෝල් ශුරයන් ගණනාවක් බිහිවිය. අභාවප‍්‍රාප්ත ජාතික මලල කී‍්‍රඩා පුහුණුකරුවකු වූ ලක්ෂ්මන් ද අල්විස් මහතා විසින් අරඹන ලද ”ශ‍්‍රී ලක් මලල කී‍්‍රඩා සමාජය’ද තවත් නිදසුනකි.

මෙරට කී‍්‍රඩා ජාත්‍යන්තර තලයට නැංවීමට කී‍්‍රඩා ශක්ති වැඩ සටහනත්, ලොව දිනන කී‍්‍රඩා ශක්ති වැඩ සටහනත් කී‍්‍රඩා පාසල් වැඩ සටහනත් වශයෙන් වැඩ සටහන් ගණනාවක් අතීතයේ දියත් විය. එහෙත් මේ සැම වැඩ සටහනක්ම අසාර්ථක විය. ඒවාට හේතු සාධක සොයා යන විට පුහුණුකරුවන්ගේ අසාර්ථකත්වය හා අසංවිධානාත්මක තත්ත්වය ඉහළින් මතු වී පෙනේ.
 

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles