Divaina - කී‍්‍රඩා අමාත්‍යංශය අහක බලද්දී බොක්සිංවලට පණ දුන්නේ මම... ශී‍්‍ර ලංකා බොක්සිං සංගමයේ සභාපති ඩයන් ගෝමස්

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september


 sp
 
 
 * අවුරුදු 40කට පස්සේ බොක්සිං කී‍්‍රඩකයෙක් ඔලිම්පික් යැව්වා
 
 කසුන් රණවීර
 

සිව්වැනි වතාවටත් ශී‍්‍ර ලංකා බොක්සිං සංගමයේ සභාපතිවරයා වශයෙන් ඩයන් ගෝමස් මහතා පසුගියදා තේරීපත් විය. ඒ අනුව වසර ගණනාවක් මෙරට බොක්සිං කී‍්‍රඩාවේ ප‍්‍රගතිය වෙනුවෙන් සිය දහඩිය මහන්සිය කැපකළ ඩයන් ගෝමස් මහතා හිටපු දක්ෂ බොක්සිං කී‍්‍රඩකයෙකු මෙන්ම දක්ෂ ව්‍යාපාරිකයෙකුද වේ. මෙරට බොක්සිං කී‍්‍රඩාවේ අනාගතය සහ ඔහුගේ දැක්ම පිළිබඳ ‘ඉරිදා දිවයින’ සමග කළ සම්මුඛ සාකච්ඡාවකි මේ...
 
 ප‍්‍රශ්නය - ඩයන් ගෝමස් නාමය බොක්සිං හා සම්බන්ධ වන්නේ කෙසේද?
 
 පිළිතුරු - මම රාජකීය විiාලයට අවුරුදු හතරක් බොක්සිං කී‍්‍රඩා කළා. ඒ අවුරුදු හතරෙම රාජකීය විiාලයේ ‘ෆ්ලයි වෙයිට්’ ශූරයා බවට පත්වුණා. ඊට පස්සේ 1975දී ශී‍්‍ර ලංකා ජාතික කනිෂ්ඨ ‘ෆ්ලයි වෙයිට්’ ශූරයා වශයෙන් ජයග‍්‍රහණය කළා. අනතුරුව මම අවුරදු 19දී මෙරට ළා බාලතම බොක්සිං විනිසුරුවරයා වශයෙන් ශී‍්‍ර ලංකා බොක්සිං සංගමයට එක්වුණා. ඒ පාසල් අවධියේදීම. ඊට පස්සේ ගණකාධිකාරවරයෙකු විදිහට වැඩිදුර අධ්‍යාපනයට යද්දී සහ පසුකාලීනව රැකියාව නිසා බොක්සිං කී‍්‍රඩාවෙන් මට ඈත් වෙන්න සිදු වුණා. අනතුරුව මම නැවත 1999දී බොක්සිං කී‍්‍රඩාව සමග එක් වෙනවා. 1999දී අපි නේපාලයේ සාග් ගේම් වලට ගියා. එතනදී තමයි මම නැවත මේ බොක්සිං ක්‍ෂේත‍්‍රයට පිවිසුණේ. එවකට ජාතික ඔලිම්පික් කමිටුවේ හිටපු සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා සහ ජෙනරාල් ජගත් ජයසූරිය මහතාගේ ඉල්ලීම මත.
 
 ප‍්‍රශ්නය - 2002 වසරේදී ශ‍්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපතිවරයා වශයෙන් ඔබ පත්වුණාට පස්සේ මෙරට බොක්සිං කී‍්‍රඩාවේ සංවර්ධනය කෙබ`දුද?
 
 පිළිතුර - මම 2002දී සභාපතිවරයා වශයෙන් පත්වෙලා 2008 වෙනකන් එම ධුරයේ වැඩ කළා. හේමසිරි ප‍්‍රනාන්දු මහතා සහ ජෙනරාල් ජගත් ජයසූරිය මහතා මගෙන් ඉල්ලීමක් කළා බොක්සිං කී‍්‍රඩාවට සම්බන්ධ වුණොත් අපිට අනාගතයේදී පළමුවතාවට ශී‍්‍ර ලංකාවෙන් බොක්සිං කී‍්‍රඩකයෙක් ඔලිම්පික් යවන්න පුළුවන් වෙයි කියලා. ඒ වෙලාවේ මම ඒ අභියෝගය භාර ගත්තා. එතනදී මම කළේ දක්ෂ කී‍්‍රඩකයින් 6 දෙනකු තෝරා ගෙන ස්ලිම් ලයින් ආයතනයට බඳවාගෙන පුහුණුවීම් කිරීම. ඒකේ ප‍්‍රථිපලයක් විදිහට මෙරට බොක්සිං කී‍්‍රඩාව පටන් අරන් අවුරුදු 40කට පස්සේ 2008 දී පළමු වතාවට ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෙකුට ඔලිම්පික් නියෝජනය කරන්න අවස්ථාව උදාවුණා. ඒ තමයි අනුරුද්ධ රත්නායක. ඊට පස්සේ එම ධුරයේ ඞී.අයි.ජී. රොහාන් අබේවර්ධන, උදේනි කිරිදෙන, ඕබි‍්‍ර පීරිස් යන අය කටයුතු කළා. ඔහොම ඉන්න අතරෙදි තමයි 2017 වසරේදී නැවතත් විධායක කමිටුව මට ආරාධනා කළා මේ වෙනකොට බොක්සිංවල විශාල ප‍්‍රගතියක් නැහැ. ඔබ නැවතත් සංගමයේ සභාපති ධුරයට එන්න කියලා. ඒ අනුව මම නැවත ශී‍්‍ර ලංකා බොක්සිං සංගමයේ සභාපති ධුරය භාර ගත්තා. 2018 වසර වෙනකොට අපිට පුළුවන් වුණා පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියේදී කී‍්‍රඩකයින් තිදෙනකු ජයග‍්‍රහණය කරවන්න. එහිදී බොක්සිං කී‍්‍රඩාවෙන් අවුරුදු 68කට පස්සේ ලෝකඩ පදක්කම් 3ක් දිනා ගන්න අපිට හැකි වුණා. අනුරුද්ධ රත්නායකගෙන් පස්සේ ඒක මම ජීවිතයේ ලබපු ලොකුම ජයග‍්‍රහණයක්. ඊට පස්සේ 2020දී නැවතත් සියලූම සංගම් සහ විධායක මණ්ඩලයේ සියලූම දෙනා ආරාධනා කළා මෙම සභාපති ධුරයේ දිගටම ඉන්න කියලා. ඒ අනුව තමයි මම සිව්වැනි වතාවටත් ශී‍්‍ර ලංකා බොක්සිං සංගමයේ සභාපති ධුරය භාර ගත්තේ.
 
 ප‍්‍රශ්නය - ඉදිරි වසර 4 සඳහා ඔබගේ සැළසුම් මොනවාද?
 
පිළිතුර - මෙතනදී බලාපොරොත්තු වෙනවා කාර්යය තුනක්. පළමු කාර්යය තමයි මගෙන් පස්සේ නව නායකත්වයට කාවද සම්බන්ධ කරන්නේ කියලා. ඒ වෙනුවට අපි උප සභාපතිවරයෙක් වශයෙන් වසන්ත කුමාර, උපලේකම් කෙනෙක් විදිහට අබ්දුල්ලා ඉබාන් වැනි තරුණ නායකයින් ගෙනාවා. ජ්‍යෙෂ්ඨ නායකයින් විදිහට කර්නල් හේමන්තා වීරසිංහ, එස්.එස්.පී. සමන් ගුණරත්න වැනි අය අපි සම්බන්ධ කර ගත්තා නව නායකත්වයත් එක්ක කොහොමද අලූත් ටීම් එකක් හදන්නේ කියලා. දෙවැනි කාර්යය තමයි ඊළ`ග අවුරුදු 10 තුළදී අපි කොහොමද තරුණ කී‍්‍රඩකයන්ව, පාසල් කී‍්‍රඩකයන්ව ඔලිම්පික් මට්ටම දක්වා ගෙනියන්නේ කියලා. ඒක දීර්ඝ කාලීන සැළසුමක්. අපි ඒ සැළසුම පටන් අරගත්තේ අවුරුදු 2කට කලින්. ඒ අනුව තරුණ කී‍්‍රඩකයන්ව අපි ඒ හරහා ජාත්‍යන්තර තරගාවලි 3කට විතර සම්බන්ධ කළා. ඒකෙන් අපිට ජයග‍්‍රහණ කිහිපයකුත් ලැබුණා. තුන් වැනි කාර්යය තමයි 2022දී එංගලන්තයේ තිබෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලිය ජයග‍්‍රහණය කරන එක.
 
 ප‍්‍රශ්නය - බොක්සිං කී‍්‍රඩාව පාසල් තුළ ව්‍යාප්ත කිරීමට ඇති සූදානම මොන වගේද?
 
 පිළිතුර - මේ වෙද්දී බොක්සිං කී‍්‍රඩාව පාසල් තළ ව්‍යාප්ත කිරීමට අපි සෑහෙන්න ප‍්‍රයත්නයක් දරනවා. බොක්සිං කියන්නේ ගුටිකන කී‍්‍රඩාවක් නිසා පාසල් දරුවන් මේ කී‍්‍රඩාවට යොමු කිරීමට දෙමාපියන් මැලි කමක් දක්වනවා. කොළඹ රාජකීය විiාලයට අවුරුදු 100ක විතර බොක්සිං ඉතිහාසයක් තියෙනවා. එයාලා තවමත් බොක්සිං කී‍්‍රඩාව කරනවා. සාන්ත තෝමස් විiාලයට මම පෞද්ගලිකව බොක්සිං රිංග් එකක් ප‍්‍රදානය කළා. ඒ හරහා මම බලාපොරොත්තු වෙනවා සාන්ත තෝමස් විiාලයෙත් නැවත බොක්සිං කී‍්‍රඩාව ආරම්භ කරන්න. ඊට අමතර ගොඩක්ම බොක්සිං කී‍්‍රඩකයෝ බිහිවෙලා ඉන්නේ ගම්බද පාසල්වලින්. දකුණු පළාතේ පාසල්වල මේ වෙද්දී බොක්සිං කී‍්‍රඩාවෙන් දියුණුවක් පේන්න තියෙනවා. අපි ඔවුන්ට ආධාර කරනවා. බොක්සිං ග්ලවුස්, බොක්සිං රිංග් වගේ දේවල් ලබා දෙනවා. දැනට පාසල් 80ක විතර මේ කී‍්‍රඩාව කෙරෙනවා. කී‍්‍රඩා සමාජ 25ක් විතර තියෙනවා. හැබැයි මේ කී‍්‍රඩාව වැඩිපුරම ජනපි‍්‍රය තිවිධ හමුදාවල තමයි කියලා කියන්න පුළුවන්.
 
 ප‍්‍රශ්නය - ඔබ විසින් මෙරට බොක්සිං කී‍්‍රඩාව ජාත්‍යන්තර තලයට රැගෙන යද්දී කී‍්‍රඩා අමාත්‍යංශයෙන් ලැබුණු සහයෝගය මොන වගේද?
 
sp2පිළිතුර - කී‍්‍රඩා අමාත්‍යංශය හරහා ලැබුණු සහයෝගය ඉතාම ස්වල්පයි. ගිය අවුරුද්දේ අපිට ජාත්‍යන්තර තරග දෙකකට යන්න උදව් කළා. කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ සහ අනෙකුත් කාණ්ඩ යටතේ ජාත්‍යන්තර තරග 30කට වඩා අපි සහභාගි වුණා. එහිදී පොදු රාජ්‍ය මණ්ඩල කී‍්‍රඩා සහ සාග් ගේම්ස් හැරුණම අනෙකුත් සියලූම ජාත්‍යන්තර තරග වලට සහභාගි වුණේ ස්වෙච්ඡාවෙන් සහ පෞද්ගලික ආයතනවල අනුග‍්‍රහය ඇතිව සහ අපේ හිතමිත‍්‍රයන්ගේ ආධාර ඇතිව. රජයෙන් කිසිම සහයෝගයක් අපිට ලැබුණේ නැහැ. අවුරුදු 10කට විතර ඉස්සරවෙලා අපිට කියුබානු පුහුණුකරුවෙක් හිටියා රජයේ ආධාර ඇතිව. ඒ හැරුණම මේ අවුරුදු 18ක විතර කාලයක් තුළදී රජයෙන් බොක්සිංවලට ලැබුණු අනුග‍්‍රහය ඉතාම අඩුයි. හැබැයි ඒ වුණාට බොක්සිංවලින් ජයග‍්‍රහණ ගොඩක් අපි ලංකාවට ලබා දීලා තියෙනවා. ඒ වගේම පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගවලදී දැනට වැඩියෙන්ම පදක්කම් දිනාගෙන තියෙන්නේ මලල කී‍්‍රඩා, බර ඉසිලීම සහ බොක්සිංවලින්. මේ කී‍්‍රඩාව හරහා අපි ලංකාවට ජයග‍්‍රහණ අරන් දෙනවා නම් ඇයි රජයෙන් අපිට අත දෙන්නේ නැත්තේ කියලා ලොකු පුදුමයක් තියෙනවා. ‘ඔබ වැනි පුද්ගලයෙකුට පෞද්ගලික ආයතනවලින් ආධාර ලබා ගන්න පුලූවන්. ඔබේ ධනය බොක්සිංවලට ඔබ කි‍්‍රයාත්මක කරනවා. ඒ නිසා රජයෙන් මුදල් අවශ්‍ය නැහැ’ කියලා සමහරු කියනවා. ඒත් ඒ වගේ වගකීමක් මම නැවත වතාවක් ලබා ගන්න මෙවර බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම බලාපොරොත්තු වෙනවා නාමල් රාජපක්ෂ කී‍්‍රඩා ඇමැතිවරයා කී‍්‍රඩාවට සම්බන්ධවෙලා හිටිය නිසා ඒ වගේම තරුණ නායකයෙක් නිසා සහ කී‍්‍රඩාවේ වැදගත් කම දන්න නිසා බොක්සිංවලට ලොකු අතදීමක් කරයි කියලා.
 
 ප‍්‍රශ්නය - මෙරට බොක්සිං කී‍්‍රඩාව වෙනුවෙන් අනුග‍්‍රහය දක්වන්නේ වර්තමානයේ ඔබේ ආයතන හරහා පමණක්ද?
 
 පිළිතුර - නැහැ අපිට අවුරුදු 7ක විතර ඉඳලා අනුග‍්‍රහය ලැබුණේ ‘ඒ අන්ඞ් වී’ කියන ඇමරිකානු සමාගමෙන්. ඒ සමාගම එක්ක මගේ ලොකු මිත‍්‍රත්වයත් තියෙනවා. ඒ එක්කම ඊට පෙර බ‍්‍රැන්ඩික්ස් සමාගම, ඵ් වැනි සමාගම් අපිට ලොකු සහයෝගයක් දුන්නා. ඒ වගේම මම දේශන කරලා ඒ දේශනවලින් ලැබෙන ලක්ෂ 30ක විතර මුදලක් සෑම අවුරුද්දකම සම්මේලනයට ලබා දුන්නා. ඊට අමතරව මම පෞද්ගලිකව මිලියන 10ක විතර මුදලක් සම්මේලනයට සහ කී‍්‍රඩකයන්ට ලබා දීලා තියෙනවා. හැබැයි අපේ සංගමයේ පළමුවැනි ප‍්‍රතිපත්තිය කිසිම නිලධාරියෙක්, විනිසුරුවරයෙක්, කමිටු සාමාජිකයෙක් ජාත්‍යන්තර තරගාවලියකට සහභාගි වෙනවානම් ඔවුන්ගෙ ගුවන් ටිකට්පත් සහ අනෙකුත් වියදම් ඔවුන්ම දැරිය යුතුයි. සම්මේලනයෙන් වියදම් කරන්නේ කී‍්‍රඩකයන්ගේ ගුවන් ටිකට්පත් සහ ඔවුනගේ අනෙකුත් පහසුකම් වෙනුවෙන් පමණයි.
 
 ප‍්‍රශ්නය - ඔබ සිතන ආකාරයට බොක්සිං කී‍්‍රඩාව හරහා අපිට තවමත් රන් පදක්කමක් දිනා ගැනීමට නොහැකිව ඇත්තේ ඇයි?
 
 පිළිතුර - පළමු කාරණය තමයි වෙනත් කී‍්‍රඩා වගේ නෙමෙයි බොක්සිං කී‍්‍රඩාව ලෝකයේ රටවල් 200ක විතර කි‍්‍රයාත්මක වෙනවා. ඒ රටවල් දෙසීයෙන් රටවල් 60ක විතර ජාතික කී‍්‍රඩාව බොක්සිං. එතකොට ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමට අර රටවල් 200න් පළමු රටවල් 20 අතරට අපි එන්න ඕනේ. එහෙම ඇවිල්ලත් ඔලිම්පික් තරගාවලියේදී රටවල් 5ක් එක්ක අපි තරග කරන්න ඕනේ. ලෝක ශූරතා තරගාවලියට රටවල් 135ක් තරග කරනවා. පළවැනි රටවල් 8 තමයි තරගාවලියට යන්නේ. ඒ තරගාවලියට සුදුසුකම් ලබන්න එතනින් බැරිවුණොත් ආසියානු මට්ටමින් රටවල් හැට ගණනක් තරග කරනවා. එතනින් 4 දෙනෙක් තෝර ගන්නවා. එතකොට ලෝක ශූරතාවලිය නියෝජනය කරන්න ලෝකයේ අර රටවල් 135න් පළමුවැනි 8 වෙන්න ඔනේ. නැතිනම් මේ රටවල් හැට ගණනින් පළමු 4 අතරට එන්න ඕනේ. පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියට සුදුසුකම් ලබන්න රටවල් 60ක් එක්ක තරග කරන්න ඕනේ. ජයග‍්‍රහණ ලබන්න නම් හොඳ පුහුණුකරුවෙක් යටතේ පුහුණු වෙන්න ඕනේ. විශේෂයෙන් කියුබානු පුහුණුකරුවෙක්. ලෝකයේ දක්ෂතම පුහුණුකරුවන් ඉන්නේ කියුබාවේ. ඒ වගේම කී‍්‍රඩකයන්ට ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබා දෙන්න ඕනේ. උදාහරණයක් විදිහට අනුරුද්ධ රත්නායක ප‍්‍රංශයේ, ඔස්ටේ‍්‍රලියාවේ, කොරියාවේ, කසකස්ථානයේ වගේ රටවල් 20ක් තුළ තරග කළා අවුරුදු 4ක් ඇතුළතදී. ඒකෙන් ලොකු අත්දැකීමක් ලැබුණා. ඉතින් අපි රන් පදක්කමක් බලා යනවා නම් මම කිවුවා වගේ මේ කී‍්‍රඩකයන්ට ජාත්‍යන්තර තරග අත්දැකීම් සහ පුහුණුවීම් ලබා දිය යුතුයි. හැබැයි ඒ වගේ තරග අත්දැකීමක් ගන්න විශාල ධනයක් වැය වෙනවා. එතකොට ඒකේ පළමු කාරණය අපි බොක්සිං සඳහා කොච්චර ආයෝජනයක් කරනවාද කියන එක. පෞද්ගලික ආයතන හරහා ලොකු අනුග‍්‍රහයක් ලබා ගන්න අමාරුයි. මේ වකවානුවේ කොහොමත් බැහැ. එතකොට රජයෙන් අනුග‍්‍රහය ලැබිය යුතුයි. රජයෙන් බලන්න ඕනේ අපිට පදක්කම් දිනා ගන්න පුළුවන් කී‍්‍රඩා මොනවද? ඒ කී‍්‍රඩාවල තත්ත්වය කොහොමද? ඒ කී‍්‍රඩාවල ප‍්‍රතිපත්ති මොනවද කියලා. ඒ වගේ දෙයක් නැතුව රන් පදක්කමක් දිනා ගන්න බැහැ. අපි ඔලිම්පික් රන් පදක්කමකට යනවා නම් අවුරුදු 5ක 6ක ඉඳන් පුහුණු වෙන්න ඕනේ. ඒ දවස්වල අනුරුද්්ධ රත්නායක උදේ 5ට නැගිටලා කිලෝමීටර් 10ක් දුවලා ඇවිල්ලා, උදෑසන ආහාරය අරන්, පුෂප් 200ක් එක සැරේට කරලා, ඊට පස්සේ පැයක විවේකයක් අරන් රස්සාව පැය 3ක් කරලා දවල්ට විශේෂ කෑමක් කාලා සවස 3 ඉඳන් ආයෙත් ? 7 වෙනකන් බොක්සිං ගහනවා. ඉතින් ඒ වගේ පුහුණුවක් නැතිනම් ඔලිම්පික් ගිහින් වැඩක් නැහැ.
 
 ප‍්‍රශ්නය - කී‍්‍රඩකයන් තහනම් උත්තේජක භාවිත කිරීමෙන් කී‍්‍රඩාවට සහ කී‍්‍රඩකයාට සිදුවෙන හානිය මොන වගේද?
 
 පිළිතුර - ඒක ලොකුම හානියක්. 2010දී මංජු වන්නිආරච්ට රන් පදක්කමක් දිනා ගන්න පුළුවන් වුණා. හැබැයි ඔහු නොදැනුවත්ව ඒ අවස්ථාවේ තහනම් උත්තේජකයක් අරන් තිබුණා. ඒකට බොක්සිං සංගමය ඒ අවස්ථාවේ වගකියන්න ඕනේ. පුද්ගලයින් දෙදෙනකු විසින් මංජුට කුරුණෑගල ප‍්‍රදේශයේ වෛද්‍යවරයෙක්ගෙන් ප‍්‍රතිකාර අරන් දීලා තිබුණා. ඒ වෛද්‍යවරයා දුන් බෙහෙතක තහනම් උත්තේජක අන්තර්ගත වෙලා තිබිලා තියෙනවා. ඒකෙන් තමයි අපිට ඒ පදක්කම අහිමිවුණේ. වර්තමානයේදී තහනම් උත්තේජක සම්බන්ධයෙන් අපි දැඩි තීරණ අරන් තියෙනවා. වැරදිකරුවෙකුට අවුරුදු 4ක හෝ ජීවිතාන්තය දක්වා සිර ද`ඩුවමකට යටත් වෙන්න සිදු වෙනවා. මේ සඳහා සම්බන්ධ වෙන ඕනෑම නිලධාරියෙක් ජාත්‍යන්තර තලයෙන් සහ දේශීය මට්ටමින් සියලූම කී‍්‍රඩා කටයුතුවලින් අපි ඉවත් කරනවා. 

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles