Divaina - එල්.පී.එල්. සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අනාගතය...

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september



 sp1

අසේල විතාන

ඕනෑම ක‍්‍රීඩාවක අනාගත අභිවෘද්දීය වෙනුවෙන් ගෝලීය ක‍්‍රමයට හැඩගැසිය යුතු සැලැස්මක් තිබිය යුතුය. මෙරට ක‍්‍රීඩා ලෝලීන්ගේ ප‍්‍රධානතම ක‍්‍රීඩා රසය ගැබ්ව ඇති ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අනාතය වෙනුවෙන් ඉකුත් වසර දහයේදී ගෝලීය සැලැස්මකට අනුව ක‍්‍රියාත්මක නොවීමේ ඵල විපාක පසුගිය වසර පහ තුළදී අත්විඳීමට මෙරට ක‍්‍රීඩා ලෝලීන්ට මෙන්ම පරිපාලකයන්ටද සිදුවිය.

ලෝකයේ තරගකාරීත්වයත් සමග ‘මොඞ්’ වන ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ හණ මිටි ක‍්‍රමෝපායන් සමග ගමන් කිරීමට පසුගිය කාලයේදී ශ‍්‍රී ලංකාවට සිදුවිය. එබැවින් විස්සයි විස්ස ලෝක කුසලානද ඉතිහාසයේ පළමු වරට සුදුසුකම් ලැබීමේ තරගාවලියකින් පසුව
සහභාගීවීමේ තත්ත්වයටම වැටුණි. ඇෆ්ගනිස්තානයටද පරාජය විය. සිම්බාබ්වේටද පරාජය විය. නායකයෝ දුසිම් ගණනක් වසර දෙක තුනකදී මාරු විය. පුහුණුකරුවෝද එසේය. කී‍්‍රඩකයන් පනහකට වැඩි සංඛ්‍යාවක් තරග ආකෘති තුනකටම මාරු විය. තේරීම් කමිටුද එසේ මාරුවිය. ක‍්‍රිකට් අච්චාරු විය. ඒ ජයග‍්‍රහණය සෙවීමට නිසි සැලැස්මක් නැතිව දාං ලෑල්ලේ ඉත්තන් මෙන් සියල්ල වෙනස් කිරීමට ගොස් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කබලෙන් ලිපට වැටුණි.

පරාජයේ මාවත දිගේ ඕනෑම කණ්ඩායමක් ගමන් කරන්නේ නිසි සැලැස්මක් කි‍්‍රයාත්මක නොවීමෙනි. ශ‍්‍රී ලංකාව 1996 ලෝක කුසලාන දිනා ගත්තේය. 2007 සහ 2011 පන්දුවාර පනහ ලෝක අනු ශූරයෝය. 2014 විස්සයි විස්ස ලෝක ශූරයෝය. ඒ සියලූ ශූරතා දිනා ගත්තේ එක් කණ්ඩායමක් දිගින් දිගටම ලත් අත්දැකීම් හේතුවෙනි. එදා ක‍්‍රිකට් සැලැස්මද ලෝකයේ වෙනස් නොවුණි. නමුත් දැන් ඕනෑම පන්දුවකට රිදෙන්න පහර දිය හැකි ක‍්‍රිකට් ක‍්‍රීඩාවක් බවට පන්දුවාර විස්සයි විස්ස තරග රටාව ලෝක ක‍්‍රිකට් ආක‍්‍රමණය කර තිබේ. එබැවින් ශ‍්‍රී ලංකාවේ මෙතෙක් නොතිබු විස්සයි විස්ස ප‍්‍රිමියර් ලීග් තරගාවලියක් ආරම්භ කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පමා වී හෝ කටයුතු කිරීම අගය කළ යුතුය. නමුත් එය 2011 වසරේ ප‍්‍රිමියර් ලීගය බවට පත්නොවිය යුතුයැයි අපි අදාළ බළධාරීන්ට මතක් කර සිටිමු.

sp1 22011 වසරේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පළමු වරට ප‍්‍රිමියර් ලීගයක් ආරම්භ කිරීමට කටයුතු කළේය. වසර පහක කොන්ත‍්‍රාත්තුවක් වෙනුවෙන් ආරම්භ කළ එම තරගාවලිය එක වසරකින් නිමා විය. එහිදී කොන්ත‍්‍රාත්තුවට වුණේ කුමක්ද තරගාවලිය නොපවත්වන්නේ ඇයිද යන්න ප‍්‍රශ්න කළද උත්තර දිය හැකි පාර්ශ්ශවයක් හෝ ඒ ගැන සෙවීමට හැකි ක‍්‍රීඩා ලොක්කන් නොසිටීම හේතුවෙන් එම තරගාවලිය අතීතයේ එක් කේදවාචකයක් බවට පත්විය.

නමුත් ලෝකයේ ක‍්‍රිකට් දියුණුවන සෑම රටකම ප‍්‍රිමියර් ලීග් සෙල්ලම ජයටම කෙරීගෙන යයි. ශ‍්‍රී ලංකාවේ හැර අනෙක් සෑම රටක්ම අමාරුවෙන් හෝ මේ ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් ආකෘතිය සෑම වසරකදීම පවත්වනු ලබයි. පේ‍්‍රක්ෂකයන්ද ඒ වෙනුවෙන් එක් රෝක් වී සිටිති. නමුත් කුමක් හෝ දෝෂයකට මෙරටට අඩුවක්ව පැවැති ප‍්‍රිමියර් ලීගයක් පැවැත්වීමට කාලෝචිත උද්දීපනයකි.

පසුගිය කාලයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නට්ටන් වන විට අළු ගසා නැගිටීමට සමත් වූයේ පාකිස්තානය සමග පැවැති විස්සයි විස්ස තරගාවලියේදීය. එහිදි දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා කණ්ඩායම 3 ට 0 කින් පාකිස්තානය පහර දුන්නේය. තරගාවලියේ ජයග‍්‍රහණය අති විශිෂ්ටය. ඒ එදා පාකිස්තානය ලොව අංක එකේ විස්සයි විස්ස කණ්ඩායම වු බැවිනි. ශ‍්‍රී ලංකාව හිටියේ එහි නව වැනි තැනටය. තරගාවලියට පෙර එම සටන ලිලිපුට්ටන් සහ ගලිවර්ලා අතර සටනක් බවට නිර්මාණය වුවද හිටි හැටියේ නැගිට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් යෞවනයන් පාකිස්තානයට හොඳ හැටි පහර දුන්නේය. ඒ ජයග‍්‍රහණයේ වැදගත්ම වන්නේ ජ්‍යෙෂ්ඨයන් නොමැතිව ලද ජයග‍්‍රහණයක් හේතුවෙනි.

අදාළ තරගාවලි ජයග‍්‍රහණයෙන් පසුව නායකත්වය දුන් දසුන් ශානක අපූරු කතාවක් කළේය. ‘‘අපේ ක‍්‍රීඩකයන්ට දක්ෂතාව තියෙනවා ඕනෑම කණ්ඩායමක් පරාජය කරන්න. එකමුතුකම තමයි වැදගත්ම සාධකය. ඒ වගේම අනිත් රටවල්වල ක‍්‍රීඩකයන්ට ලෝකය වටේ ප‍්‍රිමියර් ලීග් ක‍්‍රීඩා කරලා ලොකු අත්දැකීමක් තියෙනවා. නමුත් අපිට එහෙම තරගාවලියක් නැතිවීම ලොකු අඩුවක්. කොහොම හරි ප‍්‍රිමියර් ලීගයක් පටන් ගත්තොත් විදෙස් ක‍්‍රීඩකයන් සමග ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගන්න පුළුවන්. අපේ ක‍්‍රීඩකයන් හැමෝටම පිටරට ප‍්‍රිමියර් ලීග්වලට ආරාධනා නැහැ. එහෙම තියෙන්නෙ ලසිත් මාලිංගටයි තිසර පෙරේරාට සහ ඉසුරු උදානට පමණයි. අපේ රටෙත් පි‍්‍රමියර් ලීගයක් තිබ්බොත් අපේ ක‍්‍රිකට් දක්ෂතාව මීට වැඩිය දියුණු වෙයි. ’’ යනුවෙනි.

ක‍්‍රීඩකයන්ටද ප‍්‍රිමියර් ලීගයක අඩුව හොඳින් වැටහී තිබුණි. නමුත් එවැනි තරගාවලියකදී ලබන අත්දැකීම ජාත්‍යන්තරයේ ඕනෑම කණ්ඩායමක් සමග සටන් කිරීමට හොඳටම ප‍්‍රමාණවත්වය. බංග්ලාදේශය පසුගියදා වයස අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක ශූරතාව දිනා ගත්තේය. එම කණ්ඩායමට අවශ්‍ය උත්තේජනය ලැබුණේ බී. පී. එල්. තරගාවලිය හරහාය. යොවුන් කණ්ඩායමේ සියලූම ක‍්‍රීඩකයන් බී. පී. එල්. වලදී වසර කිහිපයක්ම පදම් වී තිබුණි. එබැවින් ඔවුන්ට අදාළ වයස් මට්ටමේ අභියෝගය ජය ගැනීම අපහසු නොවුණි. ශ‍්‍රී ලංකාවේත් අනාගත ක‍්‍රිකට් හරි පාරේ දක්කාගෙන යෑමට පටන් ගන්නට යන එල්. පී. එල්. කදිම වේදිකාවකි. නමුත් එය 2011 එස්. එල්. පී. එල්. මෙන් නොවීමට අදාළ බළධාරීන් උත්සහ කළ යුතුය.

විශේෂාංග

sikuru

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles