Divaina - කොවිඞ්-19 සමග කී‍්‍රඩා සංවර්ධනය කරන ම`ග

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

sp2
 

ලලිත් රත්නායක
හිටපු ලේකම්
ජාතික කී‍්‍රඩා සභාව


පසුගිය වකවානුවේ පැවති කොවිඞ් 19 තර්ජනය නිසා කී‍්‍රඩා කටයුතු කෙසේ කළ යුතුද ? පිළිබ`දව විවිධ මතිමතාන්තර පැවතුනි. බහුතර මතය යොමු වූයේ නරඹන්නන් රහිතව හෝ කී‍්‍රඩා තරග පැවැත්වීමට බව පෙනී ගියේය. නරඹන්නන් නොමැති තැන කී‍්‍රඩාවක්ද නැති බව මේ බහුතරයට වැටහුනේ නැත. කෙසේ වෙතත් කි‍්‍රයාත්මක කරන ලද නිරෝධායන නීති නිසා තරග පැවැත්වීම කළ නොහැකි තත්ත්වයකට පත් විය.

මෙම කාලයේදී ඉහත කී සීමාවන්ට යටත්ව කළ හැකි කී‍්‍රඩා සංවර්ධන වැඩ කටයුතු ගැන කී‍්‍රඩා බලධාරීන්ගේ අවධානය යොමු නොවුන බව පෙනේ. 2019 දකුණු ආසියාතික තරග සහභාගිත්වය පිළිබ`ද වාර්තාවේ මෙරට කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ පවතින අඩු පාඩු ගණනාවක් පෙන්වා දී තිබුණි. ඉන් ප‍්‍රමුඛතම එකක් වූයේ පුහුණුකරුවන්ගේ තාක්ෂණික දැනුම පිළිබ‘ද ප‍්‍රශ්ණයයි. එම වාර්තාවේ ඒ සම්බන්ධව මෙසේ ස‘දහන් විය. ”දකුණු ආසියානු කී‍්‍රඩා උළෙල වැනි ජාත්‍යන්තර කී‍්‍රඩා උළෙලකදී නිසි කී‍්‍රඩා විද්‍යා තාක්ෂණය නොදන්නා පුහුණුකරුවන්ගේ අඩුපාඩුව පැහැදිලිව සනාථ විය. පුහුණුකරුවන්ගේ තාක්ෂණික දැනුම හා අදාළ කී‍්‍රඩාවේ නීතිවල කාලීන තොරතුරු නොදැනීම නිසා ශ‍්‍රී ලංකා කණ්ඩායමට පදක්කම් අහිමිවීම ගැන කී‍්‍රඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ විගණක විසින් දෙන ලද වාර්තාවේ ස‘දහන් වී ඇත. ”

2010 ආසියානු පරාජය පිළිබ‘ද කමිටු වාර්තාවේද මෙරට පුහුණුකරුවන්ගේ දැනුම පහත් මට්ටමක තිබෙන බව ස`දහන් කරන ලදී. මෙම නිරෝධායන කාල සීමාවේදී මේ සම්බන්ධව කළහැකිව තිබුණු කාර්යයන් කිහිපයක් විය.

1. එක් එක් ජාතික සංගමයක් මගින් තම පුහුණුකරුවන් උදෙසා මීටරයේ පරතරය ඇතිව සම්මන්ත‍්‍රණ පවත්වා නව දැනුම බෙදාහැරීම

2. ඔන් ලයින් ක‍්‍රමය යටතේ නව තාක්ෂණික දැනුම බෙදා හැරීමට පියවර ගැනීම

3. පොත පත සකසා බෙදා හැරීම

මෙම කාර්යයන් ස`දහන් කරන විට කවර අයෙකුට වුවත් එකවර කියැවෙන්නේ මෙම කාර්යය ජාතික කී‍්‍රඩා විද්‍යායතනයට අයත් බවයි. මෙම ආයතනය මෙම කාර්යයේදී අසාර්ථක බව 2001 වසරේ ශ‍්‍රී ලංකාවට පැමිණි ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩා විශේෂඥයෙකු වු මහාචාර්ය ජෝන් බ්ලූම්ෆීල්ඞ් පෙන්වා දී ඇත. යල් පැන ගිය විෂය නිර්දේශයන් ඔස්සේ ගෙන යන මෙහි ඉගැන්වීම් අසාර්ථක බව විවිධ කමිටු ගණනාවක් විසින්ද පෙන්වා දී ඇත. ඒ නිසා මෙම කාර්යය ඒ අංශයෙන් ඉවත් කර විදේශීය පුහුණුකරුවන්ගේ සහභාගිත්වය ඇතිව ජාතික ඔලිම්පික් කමිටුව විසින් සංවිධානය කිරීම සුදුසු බව පෙනේ. මින් පෙර වසර ගණනාවක් තිස්සේ ඔලිම්පික් සහයෝගිතා වැඩ සටහන යටතේ විදෙස් පුහුණුකරුවන් මෙරටට ගෙන්වා ඇති හෙයින් මෙවරද එම කාර්යය ඔවුන්ටම පැවරීමට හැකිය. මෙරට එක් එක් ජාතික කී‍්‍රඩා සංගම්වලට ආබද්ධව පුහුණුකරුවන්ගේ ජාතික සංගම් පිහිටුවා ඇත්නම් ඔවුන්ටද ජාත්‍යන්තර පුහුණුකරුවන්ගේ සංගම් හා සම්බන්ධව විදෙස් පුහුණුකරුවන් ඉල්ලා සිටිය හැකිය.

2019 දකුණු ආසියාතික තරග පිළිබ`ද වාර්තාවෙනුත්, 2010 ආසියානු තරග පිළිබ`ද වාර්තාවෙනුත් මෙරට කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ බරපතල මට්ටමින් පවතින යටිතල පහසුකම්වල ඌණතා ගැන ස‘දහන් කරන ලදී. මේ අනුව කී‍්‍රඩාගාර, කී‍්‍රඩා පුහුණු මධ්‍යස්ථාන, කී‍්‍රඩා උපකරණ, ශක්තිවර්ධන ශාලා, පිහිනුම් ශාලා. කී‍්‍රඩා නේවාසිකාගාර ආදියේ පවතින අඩුපාඩු ගණනාවක් පෙන්වා දී තිබේ. මේවා ජාත්‍යන්තර තරගවලට යන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට භාවිතයට ගැනීමට සුදුසු මට්ටමකට පත් කිරීම සම්බන්ධව නිර්දේශ මෙම වාර්තා මගින් දී තිබේ.

මෙම කොවිඞ් නිරෝධායන කාල සීමාව තුළ මේ සම්බන්ධව විධිමත් වැඩ පිළිවෙලක් කි‍්‍රයාත්මක කිරීමට බලධාරීන්ගේ අවධානය යොමු නොවීය. මේ ස`දහා අවශ්‍ය කාලය. ශ‍්‍රමය හා මුදල් ද තිබී ඇත. මෙම අඩුපාඩු සකස් කිරීමට කී‍්‍රඩා අමාත්‍යාංශය යටතේ පවතින කිසිදු අංශයකට හැකියාවක් නොමැති හෙයින් මේ වෙනුවෙන් ” කී‍්‍රඩා අමාත්‍ය කාර්ය සාධක බලකායක් ” පිහිටුවා එයට යුද හමුදාවේ සහභාගිත්වය ලබා ගත හැකිව තිබුණි.

2019 දකුණු ආසියාතික තරග වාර්තාවේ ජාතික කී‍්‍රඩා සංගම්, ජාතික ඔලිම්පික් කමිටුව, කී‍්‍රඩා සංවර්ධන දෙපාර්තමේන්තුව අතර පැවති ගැටුම් ගැන ස`දහන් කර තිබේ. මේවා අද ඊයේ සිට නොව කාලාන්තරයක් තිස්සේ පවතින්නකි. මේ නිසා විදේශ තරග සංචාර කටයුතු පිළිබ`දව මේ සියලූ පාර්ශ්වයන් දැනුවත් කරන ”උපදේශක අත්පොතක්” සකස් කිරීමට මෙම කාලය යොදා ගත හැකිව තිබුණි. මෙයාකාරයෙන් මෙම නොනගත කාලය තුළ කිරීමට ඇති වැඩ කටයුතු රාශියක් තිබියදී ඒ ගැන අවධානය යොමු නොවීමෙන් පෙනී යන්නේ කී‍්‍රඩා කළමනාකරණය විෂයය ගැන මේ උදවියට ප‍්‍රමාණවත් දැනුමක් නැති බවයි.
 

විශේෂාංග

sikuru

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles