Divaina - ක‍්‍රීඩකයන්ව පිටරට උසාවි ගෙන යෑමේ අයි.සී.සී. සෙල්ලම... ඇමැතිට යැවූ ‘වට්ස්ඇප්’ පණිවුඩයේ තිබුණේ මොනවාද?

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

sp


* එක් එක් කී‍්‍රඩකයන්ට ඇත්තේ විවිධ චෝදනා...

අසේල විතාන
ඡායාරූපය - සමන් රණවීර

දේශීය අනන්‍යතාව සහ නීති රාමුවට මැදිහත්ව හරි වැරැද්ද තේරුම් කර ගත හැකි නීති පද්ධති මෙරට ඕනෑ තරම් තිබේ. එසේ තිබියදී කාලයෙන් කාලයට එන දේශපාලූවන් එක්තරා වකවානුවකදී මෙරට සොල්දාදුවන්ව පිටරට අධිකරණවලට ගෙන යෑමට උත්සාහ කළේය. දැන් ඒ කතාව පරණය. මේ අලූත් කතාව ක‍්‍රීඩකයන්ව පිටරට උසාවි ගෙනි යෑමේ විහිළු න්‍යාය ගැනය.

කී‍්‍රඩකයන්ට තිබෙන්නේ රට වෙනුවෙන් සෙල්ලම් කිරීමටය. ඔවුන් රටේ නම්බුව බම්බුවට දමන ඕනෑම ජමර වැඩක් කළේ නම් මහ උළු ගෙදර යැව්වාට කමක් නැත. එසේ කළ හැකි ක‍්‍රීඩා නීතියක් ආසියාවේ ඇත්නම් ඒ ශ‍්‍රී ලංකාවේ පමණි. 2019 වසරේ සිට එම නීතිය ක‍්‍රියාත්මක කිරීමට බලය ඇත. නමුත් එසේ ස්ථාපිත ක‍්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් විමර්ෂන ඒකකයට යා යුතු කතන්දර තෝරා බේරාගැනීම ක‍්‍රීඩා අමාත්‍යාංශය විසින් සිදුකරනු ලබයි.

ක‍්‍රීඩකයන්ව පිටරට උසාවි ගෙන යෑමේ විහිළු කතාව කරළියට එන්නේ ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ති‍්‍රපුද්ගල කමිටුව හමුවේ අවිශ්ක ගුණවර්ධනලාගේ ප‍්‍රශ්නය කතා කිරීමට ගිය අවස්ථාවේදීය. නමුත් අවිශ්ක යනු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකි. හිටපු පුහුණුකරුවෙකි. ඔහුට චෝදනාව ඇත්තේ අයි.සී.සී.යෙනි. දැන් අවිශ්ක ඇතුළු පිරිසට රස්සාවද නැත. වැරැද්ද මොකද්ද යන්න බේරුම් කර ගැනීමට පිටරට තියා උඩරට යෑමටද ඔවුන්ට අවශ්‍යතාවක් නැත. ඊට හේතුව ඔවුන් රැකියාව කළ ක‍්‍රිකට් ආයතනය ඒ සඳහා මැදිහත් විය යුතු බැවිනි. නමුත් ක‍්‍රිකට් ආයතනය උඩ බලන් සිටියදී ක‍්‍රීඩා අමාත්‍යාංශය වසර දෙකකට පමණ පසුව මේ ගැන ඇත්ත සෙවීමට ඉදිරිපත් විය. එහි ගෞරවය වත්මන් ක‍්‍රීඩා ඇමැති ඩලස් අලහප්පෙරුම ඇතුළු නිලධාරීන්ට හිමිවිය යුතුය.

2017 වසරේ සාජා හී පැවැති ටී 10 තරගාවලියකට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් වූ අවිශ්ක ගුණවර්ධන සහ නුවන් සොයිසාද ක‍්‍රීඩකයකු වු දිල්හාර ලොකුහෙට්ටිගේ සහ කාර්යක්ෂම විශ්ලේෂක වූ සනත් ජයසුන්දරට අයි.සී.සී.ය. විසින් තහනමක් පනවා දැන් වසර දෙකකටත් ආසන්නය. ඔවුන්ගේ තහනමට විරුද්ධව කළ පැමිණිල්ලේ නඩුව ලබන සැප්තැම්බර් මාසයේදී ඩුබායි හිදී පැවැත්වීමට නියමිත බව අදාළ ක‍්‍රීඩකයන්ගේ නීතිඥයා වන ක‍්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා සඳහන් කරයි. මේ හතර බීරි කතාව මෙරට ක‍්‍රීඩාවේ ප‍්‍රධාන කොඳුනාරටිය හෙවත් ක‍්‍රීඩා අමාත්‍යාංශයට හොඳ නැත. එබැවින් අවිශ්කලාගේ ප‍්‍රශ්නයට ක‍්‍රීඩා අමාත්‍යාංශය විසින් ත‍්‍රිපුද්ගල කමිටුවක් හරහා සාධාරණය සෙවීමට කළ මෙහෙයුම අගය කළ යුත්තේ ක‍්‍රීඩකයන් රස්සාව නැතිව නන්නත්තාර වී සිටින මොහොතක ඒ වෙනුවෙන් ක‍්‍රියාත්මක වීමට උත්සහ කිරීමයි.

‘‘ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවට සම්බන්ධ මොවුන්ව පිටරටවලට ගෙනියන්න අධිකරණ බලයක් නැහැ. ඔය කියන 2017 ටී 10 තරගාවලිය සම්බන්ධව ගිවිසුමක අයිතියක්වත් නැහැ. උදාහරණයක් විදිහට අපේ සොල්දාදුවන්ව පිටරට අධිකරණයට ගෙනියන්න බැහැ. අපේ වැරැද්ද නිවැරැද්ද බලන්න කොහෙවත් ඉන්න සුදු මහත්වරුන්ට බැහැ. මේ සම්බන්ධව අපි ක‍්‍රීඩා පනත යටතේ ඇපෑලක් ඉදිරිපත් කළා. මේ පරීක්ෂණය තියන තෙක් අපිට කිසිම අවස්ථාවක් දුන්නෙ නැහැ අපේ දේ කතා කරන්න. හිටපු ක‍්‍රීඩා අමාත්‍යවරයා අපිට ලිපියක් ලියලා තිබ්බා ඒක අහන්නෙ නැහැ කියලා. අපි අද ස්තුති වන්ත වෙන්ත ඕන අවුරුදු දෙකක් ගිහිල්ලා හරි මේ සිද්ධිය හොයා බලන්න ක‍්‍රීඩා අමාත්‍යාංශය මැදිහත්වීම ගැන.’’ යනුවෙන් චෝදනාවට ලක්වූ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි අධිනීතිඥ ක‍්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා ත‍්‍රිපුද්ගල කමිටුව හමුවේ පැවැති පළමු සාකච්ඡාව සහ පරීක්ෂණයෙන් පසුව පැවසීය.

ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ පරිපාලනය සිදුවන්නේ ඉන්දියාවේ පුරවැසි භාවය ඇති අඩකින් සහ සුදු හම ඇති අඩකින් සමන්විත නිලධාරීන් විසිනි. එහිදී යම් කිසි බුකී කරුවකු යැයි සඳහන් පුද්ගලයකු සමග කතා කළේ නම් ඒ සිද්ධියට අදාළ සාක්කි සමග තරග පාවාදීම් හෙවත් ‘මැච් ෆික්ෂින්’ නීතිය යටතේ ඕනෑම ජගතකුට තහංචි දැම්මාට පව් නැත. බුකී කරුවන්ගේ රස්සාව අනූව ඔවුන් ක‍්‍රීඩකයන්ව දැලේ දා ගැනීමට පියවරෙන් පියවර සැලසුම් සකස් කරයි. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සහ අයි.සී.සී. නීති අනුව එසේ යම් කිසි ක‍්‍රීඩකයකුට බුකී කරුවෙක් යැයි සඳහන් පුද්ගලයකු අනිසි යෝජනාවක් කළේ නම් කළමණාකරු හෝ වගකිව යුතු පුද්ගලයන්ව දැනුවත් කළ යුතුය. එවිට ප‍්‍රශ්නයක් නොමැත.

නමුත් අවිශ්කලාව සාජා හි පැවැති ටී 10 තරගාවලිය යැව්වේ මෙරට ක‍්‍රීඩා අමාත්‍යාංශයෙන් හෝ ක‍්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතියකින් තොරවය. ඒ තරගාවලිය අයි.සී.සී.යේ හෝ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්වල තරගාවලියක් නොවන බව පැහැදිලිය. නමුත් ප‍්‍රශ්නය ඇත්තේ සල්ලි කාර ධන කුවේරයකු වන සාදි අල් මාද් විසින් සංවිධානය කරන ලද මේ තරගාවලියට කණ්ඩායම යැවිමේ ‘ඞීල්’ එක ගැහුව්වේ කවුද? ඒ තරගාවලියට ගිය ක‍්‍රීඩකයන් බුරුවා ගැසුවේනම් ඒ ගැන වගකිව යුතු කළමණාකරු කවුද? නැතිනම් ඔවුන්ගේ වගකීම ගන්නේ කවුද? නමුත් පැහැදිිලිවම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පවසන පරිදි අදාළ තරගාවලියට ගොස් ඇත්තේ මෙරට පළාත් ශූරතාව දිනු කොළඹ කණ්ඩායමයි. ඒ වගකීම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් භාර ගන්නේ නම් අවිශ්කලාට තහනමක් නැත. නමුත් විශ්ලේෂකයකු වන සනත් ජයසුන්දරට ඇති චෝදනාව වන්නේ ක‍්‍රීඩා ඇමැතිවරයාට 10 එම් ඕකේ යනුවෙන් යැවූ වට්ස්ඇප් පණිවුඩය. නුවන් සොයිසාට තවත් චෝදනා දෙකක් තිබේ.

ඒ අනූවට අවිශ්කට, සොයිසාට, ජයසුන්දරට සහ ලොකුහෙට්ටිගේට ඇති චෝදනා එකින් එක වෙනස්ය. මේ චෝදනා සියල්ලම චෝදනා ලෙස තිබියදී වරදකරුවන් බවට අයි.සී.සී.ය අදාළ පුද්ගලයන්ව ‘බ්ලැක් ලිස්ට්’ කර ඇත්තේ අපුරු ක‍්‍රමයට බව නිල නොලත් වාර්තා මගින් සඳහන් වේ.

අයි.සී.සී.යේ දූෂණ විමර්ෂණ නිලධාරී ඒකකයේ නිලධාරීන් ඉකුත් වසරේදී ශ‍්‍රී ලංකාවට පැමිණ මාස කිහිපයක් ගත කළේය. ඔවුන් සචිත‍්‍ර සේනානායකව කුදලාගෙන යන්නාක් මෙන් වාහනයට දමාගෙන ප‍්‍රශ්න කරන්නට පටන්ගෙන තිබේ. දුරකතනය හිටි හැටියේ ඉල්ලා ඇතැයි වාර්තා වේ. එහිදී සුද්දන් සමග කතා කිරීමට චතුර ඉංග‍්‍රීසි කථිකයකු හෝ නීතිඥයකු සිටිය යුතුය. නමුත් සචිත‍්‍ර එම අයි.සී.සී. විමර්ෂණ ඒකකයට පවසා ඇත්තේ තමන් කිසි විටෙකත් අවිශ්කලා සම්බන්ධව චෝදනාවක් කර නොමැති බවයි. ඔහු ඒ පිළිබඳව අධිකරණයේදීද සාක්කියක් ලබාදී තිබේ. ඒ අනුව අවිශ්කලාට තහනම පනවා ඇත්තේ කණ්ඩායමේම ක‍්‍රීඩකයන් වු සේනානායක සහ රඹුක්වැල්ල පැවසු සාක්කියක් පදනම්ව යැයි වැඩිදුරටත් සඳහන් වේ. නමුත් සේනානායක ඒ සම්බන්ධව අධිකරණයේදී අදහස් දක්වද්දී රඹුක්වැල්ල කිසිවක් ඒ පිළිබඳව සඳහන් කළ බවක් වාර්තා නොවේ. රඹුල්වැල්ල යම්කිසි දෙයක් පවසා ඇත්නම් එය තමන්ට ස්ථානය නොදීමේ වේදනාව නිසා කළ මුසාවක් බවට චෝදනා ලාභී පාර්ශ්වය සඳහන් කරයි.

හරි වැරැද්ද සෙවීම අදාළ බලධාරීන්ගේ යුතුකමකි. ඒ ගැන හොයන්නේ නැතිව උඩ බලන් සිටීම උඩබලන් කෙළ ගැසීමක් වැනිය. මීට වසර කිහිපයකට පෙර කුසල් පෙරේරා තහනම් උත්තේජක ගත් බව කටාර් හී පරීක්ෂණාගාර වාර්තාවක් අනූව අයි.සී.සී.ය විසින් වසර පහකට තහනම් පනවනු ලැබීය. එදා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කුසල් පෙරේරා ගැන විශ්වාස තිබ්බේය. පරීක්ෂණය නැවත කිරීමට මැදිහත් විය. පසුව කුසල් පෙරේරා මාස හයකින් නිදොස් කොට නිදහස් විය. ඔහුට සිදුවූ අවනම්බුවට වන්දි වශයෙන් කෝටි ගණනක් ලැබුණි. නමුත් අද මේ ක‍්‍රීඩකයන් ගැන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් හරි වැරැද්ද සෙවීමට උත්සාහ නොකරන අවදියක මෙරට කී‍්‍රඩාවේ මහ ගෙදර හෙවත් ක‍්‍රීඩා අමාත්‍යාංශය හෝ මැදිහත්ව එය සිදුකිරීමෙන් ක‍්‍රීඩකයන් තනි නොවන බවට ලැබෙන සහතිකයකි. අදාළ පරීක්ෂණයේ තීන්දුව එන තුරු අපි බලා සිටිමු.
 

විශේෂාංග

sikuru

සිනමා කලා

kumar250

නවලිය

nava250

දියග

irma250

මීවිත

sesad250

More Articles