Divaina - විද්‍යාත්මක පදනම මායිම් නොකරන ජාතික මහා ක‍්‍රීඩා උළෙල...

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner


 

ලලිත් ගුණවර්ධන
හිටපු ලේකම්
ජාතික කී‍්‍රඩා සභාව


කී‍්‍රඩා තරගයක් හෝ තරගාවලියක් යනු අදාළ කී‍්‍රඩාවේ හෝ ඉසව්වේ ප‍්‍රගතිය මනින මිනුම් දණ්ඩක් බවත්, මෙය කී‍්‍රඩා පුහුණුවේ කොටසක් නොවන බවත් නැගෙනහිර ජර්මන් ජාතික කී‍්‍රඩා විද්‍යාඥයෙකු වූ ඞී. හැරේ පෙන්වා දී ඇත. මෙම මතවාදය තවදුරටත් ඉදිරියට ගෙනගිය මෙරට විසූ ජාතික මලල කී‍්‍රඩා පුහුණුකරුවෙකු වූ යෝගානන්ද විජේසූරිය මහතා කී‍්‍රඩා තරගාවලියක් යනු කී‍්‍රඩා සංවර්ධනයක් නොවන බවත් කී‍්‍රඩාව සංවර්ධනය වුණාද යන්නෙන් පරීක්ෂා කරන මිනුම් දණ්ඩක් බවත් ස`දහන් කළේය.

ඒ අනුව මෙරට පැවැත්වෙන කී‍්‍රඩා තරග ඒ ඒ කී‍්‍රඩාවේ හෝ ඉසව්වේ දියුණුව මැනීමට ගන්නා වැඩපිළිවෙළක් ලෙස හැ`දින්විය හැකිය. කී‍්‍රඩකයෙක් හෝ කී‍්‍රඩා කණ්ඩායමක් සිය පුහුණුවීම් ආරම්භ කරන්නේ වාර්ෂික පුහුණු සැලසුම් අනුවය. ඒ අනුව ජනවාරි සිට මැයි දක්වා කාලය තරගවලට සූදානම් වීමේ කාලය හැටියටත්, ජුනි සිට නොවැම්බර් දක්වා කාලය තරග පැවැත්වෙන කාලය හැටියටත් ගෙන පුහුණු සැලසුම් සකසා තිබේ. ජනවාරි සිට මැයි දක්වා කාලය කොටස් තුනකට කඩා ඇත. ඉන් පළමු කොටසින් මූලික සූදානම්වීමත්, දෙවෙනි කොටසින් සූදානම් වීමත්, තුන්වන කොටසින් විශේෂිත සුදානම් වීමත් කරනු ලබයි. ජාතික මට්ටමේ තරග පැවැත්වෙන්නේ කොටස් තුනකට කඩා ඇති තරග පැවැත්වෙන කාලයේ තුන්වන කොටසේදීය. මෙම කොටස තරග පුහුණුවේ අතිශය තීව‍්‍ර අවස්ථාව ලෙස හැ`දින්වේ.

මෙම වසරේ එළඹි කොවිඞ් 19 තර්ජනය හේතුවෙන් සමස්ත රටම වසා දැමීම නිසා මෙහි මුල් කොටසේ පුහුණුව අඩාල විය. මෙම කොටස අඩාල වූ විට තරග පැවැත්වෙන කාලයට නියමිත පුහුණුව නිසි පරිදි ආරම්භ කර පවත්වාගත හැකි නොවේ. අන්තර් සම්බන්ධයක් ඇතිව පැවැත්වෙන මෙම කී‍්‍රඩා පුහුණුව මෙමගින් බි`ද වැටී ඇති බව පැහැදිලිය. මෙමගින් ප‍්‍රධාන කී‍්‍රඩා පුහුණු මූලධර්මයක් වන ” අඛණ්ඩ පුහුණුවේ මූලධර්මය” බි`දවැටී තිබේ. දිනෙන් දින, සතියෙන් සතිය, මාසයෙන් මාසය වශයෙන් ක‍්‍රමිකව ඇදී යන අඛණ්ඩ පුහුණුවක් මෙරට කිසිම කී‍්‍රඩකයෙකුට මෙම කොවිඞ් තර්ජනය නිසා ලබා ගත හැකි වී නැත. මෙම කී‍්‍රඩා පුහුණු සැසි අතර දීර්ඝ කාලීන කී‍්‍රඩා පුහුණු රහිත කාල පරිච්ෙඡ්ද තිබීමෙන් මෙම අඛණ්ඩතා මූලධර්මය බි`දී යයි. ඒ සමගම මෙතෙක් ගොඩනගන ලද ශාරීරික යෝග්‍යතාවයන් හා දක්ෂතාවයන් පහත වැටෙන්නට පටන් ගනී.

ඒ අනුව මෙම තරගවලින් ජාතික මට්ටමේ දක්ෂතාවයන් බලාපොරොත්තු විය නොහැකි බව පැහැදිලිය. තරගයට සූදානම්වීමේ කාලය ක‍්‍රමානුකූලව නිම නොකළවිට කී‍්‍රඩකයෙකුගේ ශාරීරික යෝග්‍යතාවය අඩුවේ. ඒ තුළින් ඔහුට ශාරීරික අනතුරු ඇතිවීමේ ඉඩ ප‍්‍රස්ථාව වැඩි බව බටහිර ජර්මන් කී‍්‍රඩා විශේෂඥ වෛද්‍යවරියක වූ මහාචාර්ය හෙල්ගාස්මිට් ස්වකීය ”කී‍්‍රඩා වෛද්‍ය විද්‍යාව” ග‍්‍රන්ථයේ ස`දහන් කර තිබේ. මෙම ශාරීරික අනතුරු කී‍්‍රඩකයාගේ මුළු කී‍්‍රඩා ජීවිතයම බි`ද වැටෙන තරම් බරපතළ වියහැකි බවත් දක්වා තිබේ.

මෙම විද්‍යාත්මක කරුණු නොසලකා මෙම ජාතික මහා කී‍්‍රඩා උළෙල පැවැත්වීමට දරන උත්සාහයෙන් පෙනී යන්නේ කී‍්‍රඩා බලධාරීන් කී‍්‍රඩා විද්‍යාව ගැන නොදන්නා බවය. සෑම ජනවාරි මාසයකම පාසල් පටන් ගන්නා විටම පාසල් අන්තර් නිවාසීය තරග පැවැත්වීමට නියෝග කර ඇත. දීර්ඝ කාලීන දෙසැම්බර් නිවාඩුවෙන් පසු එකවරම කී‍්‍රඩා තරගවලට යොමුකිරීමේ අවිද්‍යාත්මක පදනම නිසා පාසල් දරු දැරියන් ගණනාවක් පසුගිය කාලයේ මහමග පැවති ධාවන තරගවලදී හදවත පුපුරා මරුදුටුවත් තවමත් ඒ අඥාන ප‍්‍රතිපත්තිය අත්හැර නැත. මේ ප‍්‍රතිපත්තිය කී‍්‍රඩා බලධාරීන් විසින් ද ජාතික මහා කී‍්‍රඩා උළෙල හරහා කි‍්‍රයාත්මක කරන්නට දරන මේ උත්සාහයෙන් පෙනී යන්නේ ඔවුන් ද සිටින්නේ මොන්ටිසෝරි මට්ටමේ බවය.
 

විශේෂාංග

sikuru

සිනමා කලා

kumar250

නවලිය

voice250

දියග

wasant250

මීවිත

sesad250

More Articles