Divaina - කොමිටලේ කචල්

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

 

sp2

අවි


යාන්තම් කොරෝනා සෙල්ලම ඕං අහවර වීගෙන යන කොට මෙහෙව් රටේ සෙල්ලමත් ටිකෙන් ටික පණ ගහලා එන්න පටන් ගත්තා. කාලයක් ගෙදරට වෙලා හිටපු තෙවැනි විනිසුරු සෙල්ලම් ගෙදර කොමිටල් ටික බලන්න පාරට බැහැලා ඉන්න කොට නොවෑ මේ විජ්ජුම්බර ටික මාට්ටු වුණේ.

‘අම්මපා ආටා මල්ලියා කොහේ ඉන්නවද මන්දා. . . . ආ. . . . . මේ ඉන්නේ කියනකොටම. . . . ආටා මල්ලි එන්නඩකෝ අප්පා පොඩි රවුමක් දාලා සෙල්ලම් ගෙදර කොමිටල් ටික බලන්න. ’’

‘‘අයියෝ සෑර් කියන්නෙ පහුගිය ටිකේ සෙල්ලම නැතිව පරණ සෙල්ලම් තමා බල බල හිටියේ. ඒත් ඉතින් අලූත් සෙල්ලමක් නැතිව පරණ සෙල්ලමුත් එපා වෙලා. . ඒක නොවෑ සෑර් සෙල්ලම නැති වුණත් දැන් පරණ බයිස්කෝප් සෙල්ලම පටන් අරන් නොවෑ. ’’

‘‘ආටා මල්ලි කියන්නෙ මෙහෙව් රටේ චියර් කරන සැට් එක ක‍්‍රිකට් වලට කොහොමද ලව් කරන්නෙ. . . හදවතින්ම නොවෑ. . ඒත් ඉතින් මේ සෙල්ලම කරන එවුන් එළියට ගිහින් වමාරන්නේ ඇත්තමද කියලත් හිතෙනවා හැමදාම අරයට බනිනවා. නැතිනම් මෙයාට බනිනවා. පොරවල් වෙන්න නොවෑ ඕවා කොරන්නෙ. ’’

‘‘සෑර් කියන්නෙ ඔය කොමිටලේ දැන් ඉන්න සැට් එක ගැනද. ’’ ‘නෑ. . නෑ ආටා මල්ලි දැන් ඉන්න සැට් එකව නාවන්න හැදුවෙ අර බන්දු අංකල් නොවෑ. . පොලිටික් ගේමක් ගහන්න සෙල්ලම් පිට්ටනියක් හදන්න ගොහිං. . වෙලාවට පත්තු වෙලා ඒක නැවතුණා. මම මේ කියන්නෙ ඔය කොමිටලේ හිටපු එවුනුයි ප්ලේ කරපු එවුනුයි සෙල්ලම් ඇමැටිවරු ගැනයි. ’’

‘හරි හරි සෑර් මට තේරුණා. ඒක තමා සෑර් මම කියන්නෙ පරණ බයිස්කෝප් එළියට ආවා කියලා. . . ’ ‘අර කැප්ටන් කූල් කියන පොලිටිකල් මෑන් හැමදාම සුමැටි ලොක්කට ෆික්ෂින් කියනවා. සුමැටි ලොක්කා එයාට මුමුණනවා. . පොලිටික් ඉෂු එකක් එන කාලෙට මේ පරණ කතා ගොත ගොත ඉන්නවා මිසක් අන්තිමට නඩුත් නෑ බඩුත් නෑ. . . බයිස් කෝප් කතා විතරයි. ’

‘මේකනේ ආටා මල්ලි. . . කැප්ටන් කූල් හෝ වේවා සුමැටි හෝ වේවා ඕන එකෙක් ගේම් කාරයෙක් නම් අල්ලන්ඩ බැරි ඇයි කියලා තමා මම හිතන්නෙ. ඕං දැන් ලොකු කුසලානෙත් අල්ලපු රටට දුන්නා කියලා හිටපු සෙල්ලම් ඇමැටි අලූතා කියපු කතාවත් නැගලම යනවා නොවෑ. ’

‘‘අනේ මන්දා සෑර් මේවා ගැන හිතන කොට සෙල්ලම ලෙල්ලම වගේ තමා මට පේන්නේ. මට දවසක් ඇහුණා මළ ගෙදරකදී කැප්ටන් කූල්ට අල්ලපු රටේ කපිල් ලොක්කා ටොස් එක ගැන මැසේජ් එකක් පෙන්නුවා කියලා. මේක ඉතිං පචයක් වෙන්ඩත් බැරි නෑ ඔය කියන පචෝරිස් කතාත් එක්ක. ඒත් ඉතිං දැක්කනම් හංගන් ඉන්නෙ නැතිව ජෙනියුන් විදිහට එදාම පබ්ලිෂ් කොරන්න තිබ්බනෙ. ’’

‘මේකනෙ ආටා මල්ලි ඔය පොලිටික් මෑන්ස්ලා පුරුදු වෙන්නෙ මඩත් එක්ක පැල වෙන්න. මනාප ගහන එවුනුත් පාට පාට වලට ආස විදිහට කතිර ගහනවා. හැබැයි ඉතිං සෙල්ලම නැතිනම් වර්ල්ඞ් එකේ මෙහෙව් රටට මාකට් එකක් නෑ. ඒ විතරක් යෑ ක‍්‍රිකට් කොමිටලේ එවුන්ට මිලියන්ස්ලා වෙන්ඩත් බෑ. ඉතිං මොකෑ හිටියත් සෙල්ලම රැක ගන්ඩ එක තමා හොඳ. ’

‘සෑර් කියන්නෙ මේ පාර අර සෙල්ලමේ වැරදි හොයන කොමිසමේ සැට් එක හරියට වැඬේ කොරයි කියලා තමා මම හිතන්නෙ. එතකොට අලූතා කියන කතාවද අරා ඇතුළු සැට් එක කියන කතාවද කියල එළියට එන්නෙ නැතැයි. ’

‘මේ ඒක නෙමෙයි ආටා මල්ලි දැන් කොමිටලේ ඇතුළේ කොහොමද විජ්ජුම්බර. . . ’ ‘අනේ සෑර් කොමිටලේ ඇතුළේ විජ්ජුම්බර නැති දවසක් කවදද තියෙන්නෙ. නැතිනම් ඕක ඇතුළේ ඉ`දලා එළියට ඇවිල්ලත් විජ්ජුම්බර දාන එකේ ඉන්නකොට විජ්ජුම්බර නැති වෙන්නෙ කොහොමද. ’

‘සෑර් කියන්නෙ ඕං මට ආරංචි වුණා කොමිටලේ මිරිඩියා හෙඞ් වෙලා හිටපු ප‍්‍රසාවා එලවලා දාලා දැන් අලූත් මෑන්ස් කෙනෙක් ගන්ඩ හදනවා කියලා. ඒකට ඉතිං අපි නොදන්න අය එන්ඩ විදිහක් නෑ සෑර්. ඒ විතරක් නෙමෙයි සෑර්ලා වගේ ඇම්පයර්ස්ලගෙත් හුට පට ටිකක් තියෙනවා. ඔය ඔක්කොම අපි පස්සෙ කතා කරමු සෑර්. . මම ගොහිං එන්නම් හයර් එකක් යන්ඩ තියෙනවා. ’’

‘ ඕකේ ආටා මල්ලි සී. . යූ. . . බායි. . . ’
 

විශේෂාංග

sikuru

සිනමා කලා

kumar250

නවලිය

nava250

දියග

irma250

මීවිත

sesad250

More Articles