Divaina - වංගු නොගහා පරීක්‍ෂණ කෙරුවොත් ඒක කී‍්‍රඩකයන්ට කරන සාධාරණයක්... වැරදිකරුවන් වුණොත් කෝටියකට වැඩි දඩයකට හෝ වසර 10ක සිරදඬුවමක්...

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner


 sp1
 
 * වැරදිකරුවන් වුණොත් රුපියල් කෝටියකට වැඩි දඩයකට හෝ වසර 10ක සිරදඬුවමකට යටත් වෙන්න වෙයි
  - 2011 ලෝක කුසලානයේ දූෂණය ගැන විමර්ශනය කරන හැටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා කියයි

 
 සාකච්ඡා කළේ - කසුන් රණවීර
 
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් දූෂිතද? නැද්ද? තීන්දු තීරණ ගන්නේ දකුණු ආසියාවේ පළමුවරට පත් කළ කී‍්‍රඩා සම්බන්ධ වැරදි සෙවීමේ පොලිස් විමර්ශන ඒකකය මගිනි. අරවින්ද කතාකරන විට ඔහු නිවැරදිය. චෝදනාව එල්ල කළ මහින්දානන්ද කතාකරන විට ඔහුද නිවැරදිය. කී‍්‍රඩකයෝද නිවැරදිය. නමුත් එහි මූලික පරීක්ෂණ සිදුවන්නේ ඉහත ස`දහන් කළ පොලිස් විමර්ශන ඒකකය මගිනි. එබැවින් අපි කී‍්‍රඩා සම්බන්ධ වැරදි සෙවීමේ පොලිස් විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා මහතාව ඇමතුවෙමි. ඒ අනුව කී‍්‍රඩා සම්බන්ධ වැරදි සෙවීමේ පොලිස් විමර්ශන ඒකකය මගින් මෙම ආනදෝලනාත්මක කි‍්‍රකට් දූෂණ චෝදනාව පිළිබඳ විමර්ශන කෙරෙන අයුරු ඔහු ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට මෙසේ කරුණු දැක්වීය.
 
 ප‍්‍රශ්නය - 2011 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී සිදුවූවා යැයි කියන දූෂණය පිළිබඳ විමර්ශනය වෙන්නේ 2020 අවුරුද්දේ. ඒ අනුව වසර 9කට පසු මේ පිළිබඳ විමර්ශනය කිරීම කෙතරම් අපහසුද?
 
 පිළිතුරු - මේ සිද්ධිය පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුවෙන් අපි උපදෙස් ලබා ගත්තා. එතකොට මේ සම්බන්ධයෙන් නඩු දාන්නේ නීතිපති දෙපාර්තමේන්තුවෙන්. අපි කරන්නේ මෙහෙම දෙයක් වෙලා තියෙනවද කියලා කරුණු එක් රැස් කිරීම පමණයි. ඒක පොලිස් නිලධාරීන් හැටියට අපිට කරන්න පුළුවන් දෙයක්.
 
 ප‍්‍රශ්නය - මේ සිද්ධිය පිළිබඳ මේ වනවිට සිදුකෙරුණු විමර්ශන කටයුතුවලට අනුව ඔබගේ පාර්ශ්වය සෑහීමකට පත් වෙනවද?
 
 පිළිතුර - ඔව්. අදාළ පාර්ශවයට මේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා 14ක් එල්ලවෙලා තියෙනවා. ඒ අනුව ඒ චෝදනා සියල්ලම ආවරණය වන පරිදි අපි කරුණු විමසනවා. ඒ කරුණු මොනවද කියලා අපිට මාධ්‍යයට කියන්න අවසර නැහැ. ඒකෙන් කී‍්‍රඩකයන්ට සහ ඒ අදාළ පාර්ශවයන්ට අගතියක් වෙන්න පුළුවන්.
 
 ප‍්‍රශ්නය - අරවින්ද ද සිල්වාගෙන් පැය 6ක් වැනි කාලයක් ප‍්‍රශ්න කිරීම් සිදු කෙරුණා. එයට හේතුව කුමක්ද?
 
 පිළිතුරු - 2011 ලෝක කුසාලන තරගාවලියේදී ශී‍්‍ර ලංකා තේරීම් කමිටුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළේ අරවින්ද ද සිල්වා. ඒ අනුව එතුමා එහිදී ගත්ත තීන්දු තීරණ ගැන තමයි ඒ තරම් වේලාවක් ප‍්‍රශ්න කිරීමට සිදු වුණේ. ඒ සම්බන්ධයෙන් තිබුණු ගැටලූ අපි නිරාකරණය කර ගත්තා.
 
 ප‍්‍රශ්නය - මෙම විමර්ශන කටයුතු අවසන් කිරීමට කොපමණ කාලයක් ගතවෙයිද?
 
 පිළිතුරු - මේක මහත් ආන්දෝලනාත්මක සිද්ධියක්. ඒ නිසා හැකි ඉක්මනින් අපි මේ විමර්ශන කටයුතු අවසන් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපේ නිලධාරීන්ගේ තියෙන කැපවීම සහ ශක්තිය මත අපිට ඒක කර ගන්න පුළුවන් වෙයි.
 
 ප‍්‍රශ්නය - 2011 ලෝක කුසලාන කී‍්‍රඩා කරපු කණ්ඩායමේ සියලූම කී‍්‍රඩකයන් සහ එහි නිලධාරීන් සියලූ දෙනාගෙන්ම ප‍්‍රකාශ සටහන් කිරීමක් සිදු වෙනවාද?
 
 පිළිතුර- ඒ ගැන අපිට දැන්ම කියන්න බෑ. මේ චෝදනාව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කිරීම මේ කී‍්‍රඩකයන්ටත් සාධාරණයක්. මේකෙදි අපි කෙනෙක්ව ඉලක්ක කරගෙන විමර්ශන කිරීමක් සිදුවන්නේ නැහැ.
 
 ප‍්‍රශ්නය - එදා සිටි පුහුණුකරුවන් දැන් ඉන්නේ විදෙස්ගතව. යම්කිසි හේතුවකින් ඔවුන්ගෙන් ප‍්‍රකාශයක් ගැනීමට උවමනා වුණොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කොහොමද?
 
 පිළිතුරු - ඒක ගැන තීරණය කරන්නේ අපි මේ කරගෙන යන විමර්ශනයේදී ඉදිරිපත්වන කරුණු මත තමයි.
 
 ප‍්‍රශ්නය - මෙම විමර්ශනයේ ප‍්‍රතිඵල අනුව තීරණය ලබා දෙන්නේ අධිකරණය හරහාද?
 
 පිළිතුරු - 2014 අංක 24 දරණ කී‍්‍රඩා වැරදි වැළැක්වීමේ පනත යටතේ ඒ බලතළ අනුව තමයි මේ ඒකකය පිහිටුවලා තියෙන්නේ. ඒ ඒකකයේ තියෙන බලතල අනුව අපි ස්වාධීනයි. නීතිපති දෙපාර්තමේන්තුවට තමයි අපි බැඳිලා ඉන්නේ. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මරත්න මහතා තමයි මේකට නීතිපතිතුමා පත් කරලා තියෙන්නේ මේ ඒකකය අධීක්ෂ`ණය කරන්න. එතකොට ඒ හරහා අපි අපේ ගොනු සකස් කරලා වාර්තාවක් ඉදිරිපත් කරනවා නීතිපති දෙපාර්තමේන්තුවට. නීතිපති දෙපාර්තමේන්තුව ඒක අධ්‍යයනය කරලා එයාලා තමයි ඉදිරිය ගැන තීරණය ගන්නේ. නඩු දානවද එහෙම නැතිනම් වෙන දෙයක් ගැන හරි තීරණය කරන්නේ එයාලා.
 
 ප‍්‍රශ්නය - යම්කිසි හේතුවකින් චෝදනාව එල්ල වී ඇති පාර්ශවය වැරදිකරුවන් බවට පත්වුණොත් ඔවුන්ට ලැබෙන දඬුවම කුමක් වේද?
 
 පිළිතුර - ඔවුන් වැරදි කරුවෝද නිවැරදි කරුවෝද කියලා අපිට තීරණය කරන්න බැහැ. ඒක අධිචෝදනා පත‍්‍රයක් යටතේ රජයේ නීතඥයෙක් තමයි මහ අධිකරණයේ නඩු පවරන්නේ. මේ පනතේ තියෙන නීති රෙගුලාසි අනුව මහ අධිකරණය විසින් නඩු පැවරුවොත් රුපියල් ලක්ෂ 100 සිට රුපියල් ලක්ෂ 1000 දක්වා දඩයකට යටත් වෙන්න හරි වසර 10ක් නොඉක්මන සිර දඬුවමකට යටත්වීමට වැරදිකරුවන්ට සිදුවෙනවා. ඇතැම්විට ඒ දඬුවම් දෙකටම යටත් වෙන්නත් පුළුවන්. ඒ ගැන තීරණය වෙන්නේ මහ අධිකරණයේ විධිමත් නඩු විභාගයකින් පස්සෙ. ඒ නඩු පැවරීමේ බලය තියෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවට. පොලිසියට මහධිකරණයේ නඩු පවරන්න බැහැ.
 
 ප‍්‍රශ්නය - කුමන හෝ හේතුවකට චෝදනාව අනුව මෙහි දූෂණ කි‍්‍රයාවක් සිදු වී නොමැතිනම්?
 
 පිළිතුර - ඒක තීරණය කරන්නෙත් නීතිපති දෙපාර්තමේන්තුවම තමයි. අපිට ඒ ගැන නිගමනයකට එන්න බැහැ. 

විශේෂාංග

sikuru

සිනමා කලා

kumar250

නවලිය

nava250

දියග

irma250

මීවිත

sesad250

More Articles