Divaina - ඇ`ග හදා ගත්තාට කාය වර්ධනය කෙට්ටු වෙන හැටි හිටපු ලේකම් කියයි

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner


 sp2
 කසුන් රණවීර
 
ලබන වසරේ පැවැත්වෙන කායවර්ධන ලෝක ශූරතාවලියේ සත්කාරකත්වය ශී‍්‍ර ලංකාවට හිමිව තිබුණද මේ දක්වා කී‍්‍රඩා අමාත්‍යාංශයේ හෝ අදාළ නිලධාරීන්ගේ අවධානය එ් පිළිබඳව යොමු වී නොමැති අයුරක් දක්නට ලැබේ. මේ දක්වා නිලවරණයක් පැවැත්වීමට හෝ පත් කළ අතුරු කමිටුව හරහා ප‍්‍රයෝජනයක් ගැනීමටද කී‍්‍රඩා අමාත්‍යාංශයට නොහැකි වී තිබේ. මේ සම්බන්ධයෙන් මැදිහත්වීමට හෝ වගකීම් දැරීමට අයෙකු නොමැති කමින් ලෝක ශූරතාවයේ සත්කාරකත්වය අහිමිවීමේ අවදානමක්ද පවතී. වසර දෙකකට අධික කාලයක් පුරා විසුරුවා ඇති සම්මේලනය මේ වන විටත් අයාලේ යන තත්ත්වයක්ද පැන නැ`ගී තිබේ. නිලධාරීන්ගේ කඹ ඇදිල්ලෙන් අහිමිවීමට යන කායවර්ධන ලෝක ශූරතා සත්කාරකත්වය සහ පදක්කම් සිහිනය ගැන කායවර්ධනයේ හිටපු ලේකම් නිහාල් වීරතුංග මහතා සමග ‘ඉරිදා දිවයින’ කළ සාකච්ඡුාවකි මේ.
 
 * පසුගිය සම්මේලනයට අදාළ ලිපි ලේඛන තවමත් භාර නොදීපු බවටද ඔබට චෝදනවක් එල්ල වෙනවා?
 
 මම එ් චෝදනවා සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්‍ෂේප කරනවා. 2016 ජනවාරි 30 වැනිදා මම කායවර්ධන සම්මේලනයේ ලේකම් ධුරයට පත් වෙනකොට මට කිසිම ලිපි ලේඛනයක් භාර දුන්නේ නැහැ. එතැනදී මම ලොකු අපහසුතාවකට පත්වෙනකොට පසුගිය සම්මේලනයෙන් ලිපි ලේඛන ඉල්ලා සිටියත් දුන්නේ නැහැ. එ් නිසා මම ගිහින් පැමිණිල්ලක් දැම්මා කුරුඳුවත්ත පොලිසියේ. කී‍්‍රඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාටත් මම එ්ක ලිපියකින් දන්වා සිටියා. නමුත් මට එහෙම කියලා බලන් ඉන්න බෑ. මම සියලූම ලිපි ලේඛන අලූතින් හැදුවා. එ් හදපු සියලූමු ලිපි ලේඛන 2019 මාර්තු 08 වැනිදා අතුරු පාලක කමිටුව පත් කළාට පස්සේ නිවැරදි ආකාරයට භාර දුන්නා. පිටුත් එක්ක ගණනය කරලා ලිපි ලේඛන, ෆයිල් සියලූම දේවල් මම භාරදීලා තියෙන්නේ. හිටපු ලේකම් විදිහට ව්‍යවස්ථානුකූලව නීතිප‍්‍රකාරව සහ කී‍්‍රඩා අණපනත් වලට අනුකූලව වගකීමෙන් කටයුතු කරලා තියෙනවා.
 
 * මොනවද මේ ලිපි ලේඛන
 
 විධායක කමිටු වාර්තා, මහ සභා වාර්තා, අන්තර් ජාතික මට්ටමේ තරග හා ප‍්‍රවර්ධන වැඩසටහන් සම්බන්ධ ලිපි, කී‍්‍රඩා සමාජ සහ අනුබද්ධ කී‍්‍රඩා සමාජ නාම ලේඛන සහ අනෙකුත් සියලූම ලිපි ලේඛන මම භාරදීල තියෙනවා. එ්් සම්බන්ධව අදාළ ලිපියකුත් මගේ ළඟ තියෙනවා.
 
 * සම්මේලනයේ ලේකම් ලෙසට පත්වීම නීත්‍යානුකූල නොමැති බවට ඔබට චෝදනාවක් එල්ල වෙනවා. මෙහි සත්‍යතාව කුමක්ද?
 
 2016 ජනවාරි 30 වැනිදා හිටපු සභාපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ මහ සභාවක් කැඳවලා තමයි පුරප්පාඩු වූ ලේකම් තනතුරට මාව පත් කළේ. ඊට කලින් මම වසර 4ක් උප සභාපති තනතුරක් දැරුවා. සම්මේලනයේ තනතුරු දරනකොට ව්‍යවස්ථාවට අනුව ජාතික තරග හෝ ජාත්‍යන්තර තරග ජයග‍්‍රහණය කරල තියෙන අයෙක්ට තමයි තනතුරු දරන්න පුළුවන් වෙන්නේ. මම එහෙම සුදුසුකම් සපුරලා ආව කෙනෙක්. ඔය චෝදනවා තනිකරම සාවද්‍ය චෝදනවාක්.
 
 * එහෙනම් ඇයි ඔබට එවැනි චෝදනාවක් එල්ල වෙන්නේ ?
 
 මම මේ තනතුරේ කටයුතු කරද්දි කිසිම වෙලාවක මගේ තනි තීරණවලට කටයුතු කළේ නැහැ. විධායක සභාවෙන් මහ සභාවෙන් ගන්න තීරණවලට අනුව ව්‍යවස්ථානුකූලව කී‍්‍රඩා අණපනත් රැකෙන අයුරින් තමයි මම කටයුතු කළේ. එ් නිසා යම් පිරිසකට උවමනාවක් වුණා මාව මෙතැනින් අයින් කරන්න. එ් අනුව හිටපු ලේකම්වරයෙක් තමයි පැමිණිල්ලක් දාල තිබුණේ මගේ පත්වීම නීත්‍යානුකූල නැහැ කියලා. එ් අනුව තමයි කී‍්‍රඩා අමාත්‍යාංශයෙන් ලියුමක් අත්සන් කරලා පාර්ලිමේන්තු කොමසාරිස්වරයාට යවලා තියෙන්නේ. ඊට පස්සේ එ් ලියුම අන්තර් ජාලයේ පළ කරලා මට විශාල අගතියක් වන ආකාරයට කටයුතු කරලා තිබුණා. මට සිදුවුණ මේ අපහාසය පිළිබඳ පරීක්ෂණයක් ඉල්ලලා හිටපු අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතාට මම ලිපියක් යොමු කළා. එතුමා පරීක්ෂණ කමිටවුක් පත් කරලා මේ ගැන පරික්ෂණයක් සිදු කළා. එ්කෙදි ඔප්පු වුණා මගේ පත්වීම නීත්‍යානුකූල පත්වීමක් කියලා.
 
 * එතකොට මොකක්ද මේ නිලවරණයේ කඹ ඇදිල්ල
 
 සම්මේලනය මගින් තමයි නිලවරණ කමිටුවක් පත් කරලා නිලවරණය පවත්වන්න කටයුතු කරන්න ඕනේ. නමුත් දැන් සම්මේලනයක් හෝ අතුරු පාලක කමිටුවකුත් නැති නිසා කී‍්‍රඩා අමාත්‍යාංශයෙන් තමයි මේ කටයුතු සියල්ලම මෙහෙවූයේ. අතිවිශේෂ මහ සභාවක් කැඳවලා එ්කෙදී නිලවරණ කමිටුවක් පත් කරලා එ් සියල්ල මේ වන විට සූදානම් කරලා තියෙන්නේ. මෙතනින් එහාට නිලවරණ කමිටුවෙන් තමයි ඉදිරි කටයුතු කරන්න ඕනේ.
 
 * ඉදිරියේදී පැවැත්වෙන කායවර්ධන ලෝක ශූරතාවට මේ තත්ත්වය කෙසේ බලපායිද?
 
 ලෝක ශූරතාවලියක සත්කාරකත්වය දරනවා කියන්නේ සෑහෙන්න ලොකු
 
 වගකීමක්. 2014දී කපිල කුමාර මහත්මයා සභාපතිවෙලා ඉන්න කාලේ තමයි අපි ආසියානු ශූරතාවලිය කළේ. එ්කට රටවල් පනස් ගණනක් සහභාගි වුණා. එ් වෙනුවෙන් අපි කොච්චර කැප වුණාද කියලා අපි දන්නවා එ් කාලේ. එතකොට ලෝක ශූරතාවලියක් කියන්නේ ආසියානු ශූරතාවලියට එහා ගිය තරගාවලියක්. ආසියානු ශූරතාවලියට අවුරුදු දෙකකට කලින් ඉඳන් තමයි අපි සූදානම් වුණේ. එතකොට ලෝක ශූරතාව තියෙන්නේ 2021 නොවැම්බර් මාසයේ. මේ අවුරුද්දේ මාස 6ක් ගතවෙලා ඉවරයි. තව අවුරුද්දයි මාස පහක් වගේ තමයි තියෙන්නේ. එතැනදී අපිට ඉදිරි වැඩකටයුතු කරන්න වෙන්නේ ඉදිරි සම්මේලනය පිහිටුවා ගත්තට පස්සේ. ඉතින් මේ පොඩි කාලය තුළ අපිට සෑහෙන්න මහන්සි වෙලා ලොකු වැඩ කොටසක් කරන්න වෙනවා ලෝක ශූරතාවලිය සාර්ථකව කරගන්න නම්. රටවල් එකසිය අනූවකට වැඩිය ගණනක් නියෝජනය කරමින් තරගකරුවන් 1000කට වැඩි පිරිසක් මේ ශූරතාවලියට සහභාගි වෙනවා. නවාතැන් පහසුකම්, කී‍්‍රඩාගාර, ආහාර ඇතුළු සියලූම වියදම් අපිට දරන්න වෙනවා. විශාල මුදලක් වැය වෙනවා. එ් නිසා අනුග‍්‍රාහක ආයතන හොයන්න වෙනවා. කී‍්‍රඩා අමාත්‍යාංශය සමග සාකච්ඡුා කරන්න ඕනේ. මූල්‍යමය පැත්ත ශක්තිමත් නැතුව අපිට මේ වැඬේ සාර්ථක කරගන්න අමාරුයි.
 
 * ලෝක ශූරතා පදක්කමක් දිනා ගැනීමට කී‍්‍රඩකයිනගේ සූදානම මොනවගේද?
 
 2019 ලෝක ශූරතාවලියේදී රන්, රිදී පදක්කම් දෙකක් ගේ්න්න අපේ කී‍්‍රඩකයෝ සමත් වුණා. පදක්කම් දෙකක් දිනා ගන්න ලැබුණේ ඉතිහාසයේ පළමු වතාවට. 2010දී අපි පදක්කම් දිනා ගත්තා. සත්කාරකත්වය දරන රට හැටියට මේ පාර වැඩි පදක්කම් ප‍්‍රමාණයක් දිනා ගැනීමට අපිට හැකියාව තියෙන්න ඕනේ. 2014දී අපි පදක්කම් 14ක් දිනා ගත්තා. එ්කට අපි දැන්ම ඉඳන් පුහුණුවීම් ආරම්භ කරන්න ඕනේ.
 
 * ලෝක ශූරතාවලියේ සත්කාරකත්වය ලබා ගැනීම වෙනුවෙන් පුරෝගාමීව කටයුතු කළ අයෙකු වශයෙන් මොකක්ද ඔබේ බලාපොරොත්තුව?
 
 කී‍්‍රඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ ජනාධිපතිතුමා ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. කායවර්ධනය වෙනුවෙන් දෙයක් කරයි කියලා. ලෝක ශූරතාවලිය සාර්ථක කර ගැනීම ස`දහා සහ සම්මේලනය වෙනුවෙන් ලොකු දායකත්වයක් ලබාදීමට එතුමන්ලා සහයෝගය දෙයි කියල හිතනවා. 

විශේෂාංග

sikuru

සිනමා කලා

kumar250

නවලිය

voice250

දියග

wasant250

මීවිත

sesad250

More Articles