Divaina - වොලිබෝල් සෙල්ලමත් සල්ලන් වෙයිද?

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

UPali


 
 දූෂණය ගැන එහෙන් මෙහෙන් ඉඟි බිඟි
 
 ශී‍්‍ර ලංකාවේ වොලිබෝල් කී‍්‍රඩාව ශත වර්ෂයකටත් වඩා වැඩි ඉතිහාසයකට හිමිකම් කියන කී‍්‍රඩාවකි. එය මෙරට ජාතික කී‍්‍රඩාව ලෙසින් නම් කෙරුණද වොලිබෝල් කී‍්‍රඩාව මෙරටට සංක‍්‍රමණය වෙන්නේ ඇමරිකාව හරහාය. ඇමරිකාවේ කි‍්‍රස්තියානු සංගමයේ කී‍්‍රඩා අධ්‍යක්‍ෂවරයකු වූ විලියම් මොග්ගන් විසින් 1895දී එය මුල්වරට ලොවට හඳුන්වා දී තිබේ. වොලිබෝල් කී‍්‍රඩාව 1916දී කී‍්‍රඩාවක් ලෙසින් මෙරටට සංක‍්‍රමණයවීමෙන් අනතුරුව 1951 සැප්තැම්බර් මාසයේදී මෙරට වොලිබෝල් සම්මේලනයක් පිහිටුවන ලදී. අනතුරුව 1955දී මෙරට ප‍්‍රථම වොලිබෝල් ජතික කණ්ඩායම බිහි විය. එ් අනුව එදා සිට මේ දක්වා ශී‍්‍ර ලංකාව තුළ වොලිබෝල් ජාතික පිරිමි කණ්ඩායම් 42ක් සහ කාන්තා කණ්ඩායම් 26ක් පමණ බිහිවී ඇති බවට ශී‍්‍ර ලංකා වොලිබෝල් මූලාශ‍්‍ර සොයා යෑමේදී පෙනී යයි.
 
 වොලිබෝල් කී‍්‍රඩාව ශී‍්‍ර ලංකාවේ ජාතික කී‍්‍රඩාව ලෙසින් නම් කෙරුණද, කෙතරම් ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කීවද එය කි‍්‍රකට් තරම් ජනපි‍්‍රය කී‍්‍රඩාවක් බවට පත් නොවීය. කී‍්‍රඩාවක් ජනපි‍්‍රය වීමට නම් කී‍්‍රඩකයින් දේශීය මට්ටමින් සහ ජාත්‍යන්තර මට්ටමින් තරග ජයග‍්‍රහණ ලබා ගත යුතුය. උදාහරණයක් ලෙස 1996දී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම ලෝක කුසලානය දිනා ගත්තේය. කණ්ඩායම් කී‍්‍රඩා ගැන කතා කරද්දි වසර 24ක් පැරණි එම ලෝක කුසලාන ඉතිහාසය හරහා අදද ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් ගැන අපි කතා කරන්නෙමු. අවසන් මහා තරගයේදී අරවින්දලා අර්ජුනලා ගැසූ පහරවල් ගැන කතා කරන්නෙමු. එ් 1996න් පසු මෙරට කී‍්‍රඩා ලෝලීන්හට කි‍්‍රකට් කී‍්‍රඩාව රස වැටුණු නිසාය. අනතුරුව නැවත 2014දී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම විස්සයි විස්ස ලෝක ශූරතාව දිනුවේය. එපමණක් නොවේ. ශී‍්‍ර ලංකා දැල්පන්දු කණ්ඩායමද පස් වතාවක් ආසියාවේ ශූරියෝ බවට පත්වූහ. එ් අනුව බලන කල ශත වර්ෂයක ඉතිහාසයක් ඇති ශී‍්‍ර ලංකාවේ ජාතික කී‍්‍රඩාව හරහා අපට ලැබුණු ජයග‍්‍රහණ මොනවාදැයි අප සිතා බැලිය යුතුය. ආසියාවේ වොලිබෝල් කණ්ඩායම් 65ක් තිබේ. එ් අනුව ලෝකයේම ඇති කණ්ඩායම් ගණන 224කි. ප‍්‍රසාද ලකුණු 335ක් සමගින් බ‍්‍රසීලය එහි පළමු
 
 ස්ථානයේ රැුඳෙති. කිසිදු ප‍්‍රසාද ලකුණකට හිමිකම් කීමට මේ දක්වා සමත් වී නොමැති ශී‍්‍ර ලංකාවට හිමිවන්නේ 131 වැනි ස්ථානයයි.
 
 නිමාවට පත් වූ 13 වැනි දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේදී ශී‍්‍ර ලංකාවට වොලිබෝල් ඉසව්වෙන් හිමි වූයේ ලෝකඩ පදක්කම් දෙකකි. කෙසේ වෙතත් දකුණු ආසියානු කී‍්‍රඩා උළෙල නිමා වී මාස දෙකක් ගතවන මේ වකවානුව වෙද්දී ශී‍්‍ර ලංකා වොලිබෝල් පිරිමි කණ්ඩායමට එරෙහිව පැමිණිල්ලක් වාර්තා විය. එ් එම තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී ඉන්දීය කණ්ඩායම සමග පැවැති තරගයේදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් කී‍්‍රඩා කළ අන්දම පිළිබඳ සැක සහිත බවයි. අවසන් පූර්ව තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම ඉන්දියාව හමුවේ තරග වට 3-1ක් වශයෙන් පරාජයට පත් විය. එ් හේතුවෙන් ශී‍්‍ර ලංකාවට අවසන් තරගය සඳහා යෑමේ අවස්ථාව අහිමි විය. අවසානයේ තුන් වැනි ස්ථානය වෙනුවෙන් පැවැති තරගයේදී බංග්ලාදේශය පරාජය කරමින් ලෝකඩ පදක්කමෙන් සැනසීමට ශී‍්‍ර ලංකාවට සිදු විය.
 
 කෙසේ වෙතත් පැමිණිල්ලේ සඳහන් ආකාරයට තරගයේ පළමු වටය ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් හොඳින් තරග කළද දෙවැනි වටයේදී පන්දු පිරිනැමීම් 12ක් අසාර්ථක කරගෙන තිබේ. එ් අනුව ප‍්‍රතිවාදී කණ්ඩායමේ ලකුණු 24න් 12ක්ම ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් ඕනෑකමින් ඔවුන්ට ලබා තිබේ. තවද කී‍්‍රඩකයෙක් පන්දු පිරිනැමීම් 12ක් අසාර්ථකව සිදු කළද එම කී‍්‍රඩකයා ඉවත් නොකොට දිගින් දිගටම තරගයේ ඉදිරි වට සඳහා යොදා ගැනීම කෙරෙහි පුහුණුකරුට විරුද්ධවද චෝදනාවක් එම පැමිණිල්ලේ සඳහන් වේ.
 
 මෙහි සඳහන් ආකාරයට එක් තරග වටයකදී අසාමාන්‍ය ලෙස පන්දු පිරිනැමීම් 12ක්
 
 අසාර්ථක වූවානම් එය ඇත්තටම සෙයා බැලිය යුතුම කාරණාවකි. එහෙත් එක තරගයකදී පිරි නැමීම් 12ක් වරදිනවා යනු එය එක් කී‍්‍රඩකයකු අතින් සිදුවිය හැකි වරදක් වීමට නොහැකිය. වොලිබෝල් නීතිය අනුව එක් පිරිනැමීමක් වැරදුණු පසු ඊළඟ අවස්ථාව (සයිඞ් අවුට්* හිමිවන්නේ අනෙක් කී‍්‍රඩකයාටය. එ් අනුව මෙම පැමිණිල්ලේ සඳහන් ආකාරයට පන්දු පිරි නැමීම් 12ක් එක් තරග වටයකදී වැරදුණානම් එ් සඳහා අවම වශයෙන් කණ්ඩායමේ කී‍්‍රඩකයන් 6 දෙනාම සම්බන්ධ වී තිබිය යුතුය. එ් ආකාරයෙන් බලන කල මෙම තරගය පිළිබ`ද අභව්‍ය ගතියක් අපට දැනීම පුදුම සහගත නොවිය යුතුය. එම හේතුවෙන් මෙම තරග පරාජය පිළිබඳ කරුණු සෙවීමට ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා මේ වන විට කටයුතු කරමින් සිටී.
 
 මේ අතර ශී‍්‍ර ලංකා වොලිබෝල් කණ්ඩායමට සහ සම්මේලනයට එල්ල වී ඇති චෝදනාව පිළිබ`ද වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ. එස්. නාලක මහතාගෙන් අප විමසීමක් කළේය. එහිදී අදාළ පැමිණිල්ල පිළිබ`ද කරුණු දැක්වූ ලේකම්වරයා ‘මේක තරග පාවාදීමක් කියලා කියන්න බැහැ. පළමු වටය හො`දින් කී‍්‍රඩා කරලා දෙවැනි වටය පැරදුණා කියලා චෝදනා කරන්න බැහැ. පළමු වට දෙකම දිනලා ඉතිරි තරග වට තුනම පරාද වෙන තරග ඕනෑ තරම් තියෙනවා. අපි මේ චෝදනාවට පිළිතුරු දෙන්න ඕනෑම වෙලාවක ලෑස්තියි. අනික ඔය පැමිණිල්ල ඉදිරිපත් කළ කෙනා වොලිබෝල් කී‍්‍රඩාව පිළිබඳ දැනුමක්වත් තියෙන කෙනෙක් නෙමෙයි කියලා පැහැදිලියි. ජාත්‍යන්තර තරගයකදී ගමේ වොලිබෝල් ගහනවා වගේ යටින් අත දාලා සාමාන්‍ය පන්දු පිරිනැමීමක් කරන්නේ නැහැ. ලකුණක් ගන්න පුළුවන් විදිහේ පිරිනැමීමක් තමයි කරන්නේ. එතකොට ඒක වරදින්න පුළුවන්. තරගයක ඒක සාමාන්‍ය දෙයක්’ යැයි වැඩිදුරටත් කියා සිටියේය.
 
 ශී‍්‍ර ලංකා වොලිබොල් කණ්ඩායම පිළිබඳ සැක සහිත වූ පළමු අවස්ථාව මෙය නොවේ. 2018 වසරේදී මෙරට පැවැති ආසියානු වොලිබොල් තරගාවලියේදීද මෙවැනිම සිද්ධියක් වාර්තා විය. එම තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම හමුවේ පරාජයට පත් විය. එම පාරාජයට ප‍්‍රධාන හේතුව බවට පත්වූයේ අදාළ තරගයේ මූලික වටවලදී කී‍්‍රඩා කළ ප‍්‍රබල කී‍්‍රඩකයින් කණ්ඩායමෙන් ඉවත් කර පසුපෙළ කී‍්‍රඩකයින් යොදා ගනිමින් අවස්න පූර්ව වටයේ එම තීරණාත්මක තරගය කී‍්‍රඩා කරවීමය. එ් අනුව දීප්ත, මෙත්මාල් සහ වසන්ත යන ප‍්‍රබල කී‍්‍රඩකයන් තිදෙනෙකු කණ්ඩායමෙන් ඉවත් කර තිබිණි. කෙසේ වෙතත් එම සිද්ධිය පිළිබඳ කරුණු සෙවීමට විශේෂ කමිටුවක් වොලිබෝල් සම්මේලනයේ සභාපති රංජිත් සියඹලාපිටිය මහතා පත්කළද එම කමිටුවට සහ අදාළ වාර්තාවට කුමක් සිදුවීද අප මේ දක්වා නොදන්නෙමු. එම සිදුවීමම දකුණු ආසියානු පරාජය පිළිබඳ කරුණු සෙවීමේදී සිදු නොවේවා යන්න අපි ප‍්‍රාර්ථනා කරමු.
 
 කසුන් රණවීර


විශේෂාංග

sikuru

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles