Divaina - පාපන්දුවේ අලකලංචි...

 Udaya Gammanpila new

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

football499
 
 * වසර පහකදී ස්ථාන 31ක් පහළට යයි
 
 
 ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය යනු වගේ වගක් නොමැතිව පරිපාලනයේ සේවය කරන පවුල් වලට පමණක් සතුටුවිය හැකි සම්මේලනයකි. පසුගිය වසර කිහිපය පුරාම ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණියේ පියවරෙන් පියවර පල්ලම් බැස ඇති ශ‍්‍රී ලංකා පාපන්දුව දැන් නිලධාරීන් අතරට මත ගැටුම්ද මතුවන තත්ත්වයකට තල්ලූවී තිබේ.
 
 පාපන්දු සභාපති අනුර ද සිල්වා විසින් බොහෝ වැඩ කරනා බවට ‘පම්පෝරි’ ගැසුවද මෙරට පාපන්දුව දැන් කබලෙන් ලිපට ඇද වැටී තිබේ. දිගින් දිගටම පාපන්දු ශ්‍රේණියේ පහලටම තල්ලූවන ශ‍්‍රී ලංකාව වසරක් ඇතුළත ස්ථාන තුනක් පහළට තල්ලූවී දැන් 203 වැනි
 
 ස්ථානයට පත්ව තිබේ. අවසන් වසර පහ තුළදී ශ‍්‍රී ලංකාව ස්ථාන 31 ක්ම පහළට ඇද වැටීමෙන් මෙරට පාපන්දුව ගමන් ගන්නා දිශාව හොඳ හැටි පැහැදිලි වනු ඇත.
 
 2015 වසර වන විට ශ‍්‍රී ලංකාව පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 172 වැනි ස්ථානයේ පසුවිය. දැන් ශ‍්‍රී ලංකාව ලෝක පාපන්දුවේ අන්තිමයා වීමට කිට්ටු වෙමින් තිබේ. තවත් ස්ථාන හයක් පසුපසට ශ‍්‍රී ලංකාව ඇද වැටුණහොත් පාපන්දු ලෝකයේ අන්තිමයා වනු ඇත. ශ‍්‍රී ලංකාව ප‍්‍රසාද ලකුණු 867 ක් ලබා 203 වැනි ස්ථානයේ සිටිද්දී අන්තිමයා වන ඇන්ගිල්ලාව ප‍්‍රසාද ලකුණු 231 ක් ලබා තිබේ.
 
 වසරකට ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමට පාපන්දු තරග දහයකට හෝ සහභාගි වීමේ අවස්ථාව හිමිව ඇතිදැයි පරීක්ෂා කර බැලිය යුතුය. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් වාර්ෂිකව ලැබෙන මුදලින් පාපන්දු නිලධාරින් සතුටු වුවද මෙරට පාපන්දු ක‍්‍රීඩකයන් සහ ක‍්‍රීඩා ලෝලීන් ඉතාමත් කළකිරීමෙන් පසුවේ.
 
 ත‍්‍රිරෝද රථයේ කුලී රස්සාව කරන පාපන්දු ක‍්‍රීඩකයන් සිය ක‍්‍රීඩා සමාජවල පාපන්දු ගැසුවද රටේ පාපන්දු ක‍්‍රීඩාවට ඉන් පණක් ලැබෙන්නේ පරිපාලකයන් විසින් නිසි කළමනාකරණයකින් සහ සැලැස්මකින් ඒ තරගාවලි සංවිධානය කළහොත් පමණි. කෙසේ වෙතත් එන්න එන්නම ශ‍්‍රී ලංකාව පල්ලම් බැස්සද ඉන් ගොඩ ඒමට හැකි සැලැස්මක් තවමත් පාපන්දු පරිපාලනය තුළ පෙනෙන්නට නොමැත.
 
 මේ අතර බැද්දගාන පාපන්දු සංකීර්ණයේහී පුහුණුකරුවන්ගේ ලොක්කෙක් සහ වෛද්‍යවරයා අතර  පසුගියදා ගුටි බැට හුවමාරුවක් සිදුව ඇතැයි වාර්තා වේ. එවැනි ගැටුම් ඇතිවන තරමට මෙරට පාපන්දුවේ එකමුතුභාවය බේද බින්න වී යෑමද පාපන්දුවේ පල්ලම් බැසීමට තවත් හේතුවකි.
 
 මෙරට පාපන්දුව පාසල් මට්ටමින් පැවතියද ගමේ ඉන්නා ක‍්‍රීඩයන්ට පාපන්දු ගසන්නට පන්දුවක් ගැනීමට හැකි වාතාවරණයක් නොමැත. පාපන්දු සම්මේලනයට ලැබෙන පාපන්දු ඔවුන්ගේ සම්ප‍්‍රදායක බෙදිල්ලට හසුවන අතර ඉන් ඡුන්ද දායක ක‍්‍රීඩා සමාජ පමණක් සතුටු වෙති. දැනට ශ‍්‍රී ලංකාවේ පාසල් කිහිපයක්ම ආරම්භ කර ඇති පාපන්දු ක‍්‍රීඩාව එක් තැනම ලොප් වී ඇති බවද අනාවරණය වේ. ක‍්‍රීඩා සමාජවලට ක‍්‍රීඩකයන් එන්නේ පාසලෙන්ය. පාසල් පාපන්දුවට සිදුවන කුඩම්මාගේ සැලකිලි මැද ජාත්‍යන්තරයේ අන්තිමයා දක්වා මෙරට පාපන්දු ගමන් කළහොත් වත්මන් පරිපාලනයට එහි ගෞරවය ඉතිහාසය පුරා බුක්ති විඳීමට හැකි වනු ඇත.
 
 
 අසේල විතාන

විශේෂාංග

sikuru

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles