Divaina - කතුවැකිය
07/26/2020 වන දින කලාපය
බුවනෙකබා හෝටලය සහ බේකරිය
කුරුණෑගල බුවනෙකබා රාජ සභා මණ්ඩපය නමැති ගොඩනැඟිල්ල කඩා බිඳ දැමීමේ සිද්ධිය සාධාරණ බව කියන්නට කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව නමැති පුද්ගලයා ඉදිරිපත්වීමත් ඔහුගේ ඇඟට අතක්වත් තැබීමට ඉඩ නොදෙමැයි කියමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු කරණම් ගැසීමත් මේ මෝඩ චූන් එකේ එක අවස්ථාවකි. බුවනෙකබා රාජ සභා මණ්ඩපය හෝටලයක්, බේකරියක්, ගණිකා මඩමක්, ගබ්සා මධ්‍යස්ථානයක් යනාදී වශයෙන් පවත්වාගෙන ගිය බව තුෂාර සංජීව කියයි. එවිට ඔහු රැකීමට ජොන්ස්ටන් ප්‍රනාන්දු නටයි. මේ දෙදෙනා විසින් ඉදිරි ඡන්දයේදී පොහොට්ටුවේ ඡන්දවලට කරන්නට යන හානිය ඉතාම ඉහළය. එය තම මුඛය ශ්‍රී මුඛයක් බව කීමෙන් ජනාධිපතිවරණයේදී සජිත් පේ‍්‍රමදාස කරගත් ඩැමේජ් එක ඉක්මවන්නක් බව මේ අවස්ථාවේ අප සඳහන් කරන්නේ හද පිරි ශෝකයෙනි.
රජ වාසලට වෙදකම් කරලා තෑගි ලැබුණු ගම ආණ්ඩුවට සින්න කරගත් හැටි
වර්ෂ 1788 දී පිළිමතලව්වේ මහ නිලමේ තුමා විසින් අපේ මුත්තා ගබඩා රාජකාරියෙන් නිදහස් කරලා තිබෙනවා. එ් දක්ෂ වෙදකමක් කළ නිසා. ඊට පස්සෙ මේ කාරණය තල්පතක ලියලා අත්සන් කරලා කෝරලේට අයිති ඇඳුම් ආයිත්තම් දීලා නුවරකලාවිය පැත්තෙන් කපුගොල්ලෑව කියන නින්දගම දීලා එහි ආදායම පඬුරු වශයෙන් රජ වාසලට...
ගෙවත්ත අයිනේ පුංචි ඉඩක සල්ලි වැල්... කෑමට නිර්දේශ නැති ආර්ථික බෝගයක්!
හොඳට නඩත්තු කරන පාත්තියකින් කොළ 1000ක් කඩන්න පුළුවන් සති දෙකකට වරක්. බුලත් කොලයක් රුපියල් 2 ගන්නේ විකුණුවත් වර්ග අඩි 40ක පාත්තියකින් වුණත් ලැබෙන ආදායම නරක නෑ නේද?... වර්තමානයේ දේශීය නිෂ්පාදනය 50% ක් පමණ අපනයනය කරන බවද 85%-90% ක් පමණම යන්නේ පාකිස්තානයටය. මීට අමතරව තවත් කොටසක් යුරෝපය...
අවුරුදු 120 කට පෙර බාල් නටලා විවෘත කළ කටුගස්තොට පාලම කඩාවැටෙන්න ළඟයි
1904 වසරේ එක්දිනක කටුගස්තොට පාලම මතින් ගිය සතුන් හා වාහන සංඛ්‍යා ලේඛනයක් මෙසේය... අශ්ව ජෝඩුවක් බැඳි කරත්ත 01යි. එක් අශ්වයෙකු බැඳි කරත්ත 18යි.රෝද හතරක් සහිත අශ්ව කරත්ත 34යි. අශ්වයන් 01යි. රික්ෂෝ 12යි. බයිසිකල් 05යි. මගී කරත්ත 09යි. බඩු කරත්ත 48යි. හරක් 34යි. මීහරක් 01යි. පයින් යන්නෝ 6535යි.
රාම යනු විෂ්ණු දෙවියන්ගේ අවතාරයක්ද? රාමායනයේ කියෑවෙන ලංකාව කුමක්ද...
වර්තමානයේ ජීවත්වන සමහර බෞද්ධ උගතුන්, විශාරදයන් ලංකාවේ ඉතිහාසය නැවත ගොඩනැඟීමට උත්සාහ දරන්නේ රාවණා මිථ්‍යාව මූලික කරගෙනය. නමුත් එය ශ්‍රී ලංකාවේ පහල වූ ශ්‍රේෂ්ඨතම හා සම්භාව්‍ය විශාරද ඥානයෙන් යුතු වූ සාහිත්‍යදරයන් කවියන් ප්රතික්ෂේපකර තිබේ. ඒ අතර 15වන ශතවර්ෂයේ වැඩ විසූ වීදාගම, ශ්‍රී රාහුල යන සම්භාව්‍ය සාහිත්‍යදරයන්...
වෙඩිතලතිවු රක්ෂිත තෙත්බිම සුද්දකරන වනාමී ඉස්සන් ව්‍යාපෘතිය
වෙඩිතලතිවු නම අපට හුරු පුරුදු කළේ හිටපු මුහුදු කොටි නායක සුසෙයි විසිනි. ඔහුගේ පාලනය යටතේ පැවති වෙඩිතලතිවු මුහුදු කොටි කඳවුර ගුවන් මගින් විනාශ කරන්නට ඉතා අපහසුව පැවති කඳවුරක් වූවා සේම, විටින් විට මන්නාරම් මුහුදේ ප්‍රබල ප්‍රහාර දියත් කරන්නට ඔහු භාවිත කරන ලද්දේ මෙම කඳවුරයි. ඊට...
සරා සළෙළු දන රහසේ... තානායම්පල්ලාගේ සටහන...
‘‘.... පැමිණිලිකාරිය වී කියන වචනයත් එක්ක කෙටි අසාර්ථක විවාහයකින් වෙන්වූ කියලා මංගල දැන්වීම දානවා නම් තමයි වඩාත් හො`ද. මොකද එතකොට තමයි දික්කසාදෙට අපේ තියෙන නිර්දෝෂී බව එළිවෙන්නේ. වචන ගාණ වැඩි වෙනවය කියලා දැන්වීමට මුදලම බලන්න එපා.’’